SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පහත් තැනින් යයි ගලා ජලේ - ගාමිණී ඒකනායක

ලංකාවේ රාජ්‍ය සේවකයා කෙතරම් නින්දීත තැනකට වැටී ඇත්දැයි පෙන්වන ඉතා හොඳ නිදර්ශනයකි මේ සිද්ධිය.

 

මානව හිමිකම් කඩවීමක් පිළිබඳ විමර්ශනයක් මෙසේ වීඩියෝ කර මුදා හැරීමෙන් ඒ ⁣ගැහැණියගේ මානව හිමිකම් වලට සිදුවන දේ ගැන හිතන්නටවත් අංශු මාත්‍රයක මොළය කළඳක් නැති උන් හමුවේ දුක කියන්නට සිදුවීම,සාධාරණය ඉල්ලා සිටින්නට සිදුවීම තරම් අසරණ කමක් තවත් තිබේද?.

 

එතැන සිදුවීම පැහැදිලිය."මාධ්‍යවේදී" ලේබලය ගසාගත් වැසිකිලි කඩාගෙන කන්නෙකු සමෘද්ධි බැංකුවට ගොස් ⁣දිගින් දිගටම එතැන කාර්යයට බාධා කළේය.එතැන යම් ගැටළුකාරී තත්වයක් තිබුණා වුවත්,නිළධාරින් වෙහෙසවෙමින් සිටියේ එය සමනය කර ගන්නටය.

මාධ්‍යවේදියා යැයි කියා ගන්නා වැසිකිලි කඩාගෙන කන්නාට දිගටම අවශ්‍යව තිබුණේ සිද්ධියක් නිර්මාණය කරගෙන කීයක් හරි හොයා ගැනීමය.ඔහු එතැනින් එළවන ලද්දේ ,එතැන සිටි සමෘද්ධි ප්‍රතිලාභීන් විසිනි.

ඔය මාධ්‍යවේදින් කියා ගන්නා උන්ට ඕනෑ ඊනියා ප්‍රවෘත්ති හෙවත් කුණු කන්දල්ය.

 

බැ ංකු සේවිකාව

 

මේ ගැන මට හොඳ අත්දැකීමක් ලැබුණේ අරණායක සාමසර කන්ද නාය ගිය අවස්ථාවේ ය.

ගමක් නායගොස්ය. දිස්ත්‍රික්කයේ තවත් තැන් නාය යමින් තිබේ. මියගිය අය සොයා ගැනීම, තවත් අයට එසේ වීමේන් බේරා ගැනීම, ආයතන සියගණනක් සම්බන්ධිකරණය ආදී දහසකුත් රාජකාරී සමඟ දිසාපතිවරයා දවස් ගණන් මහමඟය.

ලංකාවේ නම ගිය මාධ්‍යවේදියෙක් කතා කොට "සිටුවේෂන් රිපොට් එකක්" අවශ්‍ය බවත්, දිසාපතිවරයාටම කතා කළ යුතු බවත් කීවේ ය. දුරකථනය ගත්තේ මම ය. දිසාපතිවරයා සිටින රාජකාරිමය තත්වය ගැන කාරුණිකව පැහැදිලි කළ මම, හවස් වද්දී ස්ථීරවම මාධ්‍යයට තොරතුරු නිකුත් කරනු ඇතැයි කීවෙමි.ඔහු ට එය ප්‍රමාණවත් නැත.තමන්⁣ කොයිතරම් ලොකු මාධ්‍යවේදියෙකු ද යන්න කෑගසා කී ඔහු දිසාපතිවරයා දැන් තමාට පිළිතුරු දිය යුතුයැයි කීවේ ය. මට යකා නැංගේ අසු හාරදහට ය.

 

මම මුළින් ම මගේ නමත් තනතුරත් මතක තබා ගන්නා ලෙස ඔහුට කියා, හොඳම භාෂාවෙන් ඇමතුවෙමි (අපි එවැනි ඇමතුම් වලට කියන්නේ හමන්නනවා කියාය). ඔහු නිහඬව දුරකථනය තැබූ අතර,වෙනත් නිළධාරින් කිහිප දෙනෙකු සමඟ මට ෂොට් එක දෙන බව කියා තිබුණා පමණය.

 

"මාධ්‍යවේදීන්" යනු සිද්ධි නිර්මාණය කරන්නන් හා අන්‍ය මිනිසුන්ගේ වෘත්තීන්ගේ ගෞරවය ගැන අංශුමාත්‍රයක තැකීමක් නැති හිකනළුන් බවට පත් වූ පිරිසකි. සමාජ මාධ්‍යයේ ප්‍රවෘත්ති නාලිකා කරන්නන් මේ අතර ප්‍රධානය.

රාජ්‍ය ආයතනයන්ට පැමිණෙන මිනිසුන් අතරින් බහුතරය ද එන්නේ නීතී විරෝධීව වැඩේ කරගන්නටය. තමන්ගේ අඩුපාඩු තියාගෙන ගේමක් ගහගන්නටය. තමන්ගේ පැත්තෙන් අඩුපාඩු තියාගෙන පැමිණ වැඩේ නොකෙ⁣රෙන හැම විටම කියන්නේ අල්ලස් නොදුන් නිසා වැඩේ නොකෙරුනු බවය. අකාර්යක්ෂම බවය.

රාජ්‍ය සේවයේ සිටින්නේ මේ රටේ,මේ සමාජයේ ම මිනිසුන්ය.

 

ඔවුන් රැකියාව කරන්නේ බලහත්කාරයෙන් නොවේ. මේ රටේ ඉපදුනු ඔවුන්, රටේ තිබුණු පිළිවෙළට (තරඟ විභාගවලින් මෙන්ම දේශපාලන පත්වීම් ද මේ රටෙ රැකියාවක් ලබා ගන්නා පවතින ක්‍රමවේදයන්ය) රැකියාවට පැමිණ ඇත.රැකියාවක් කිරීම හෝ ආදායම් මාර්ගයක් සකස් තිබීම පුරවැසියන්ගේ අයිතියකි. සමහරුන් කියනවා සේ සියලු දෙනාටම ව්‍යවසායකයන් වන්නට,නිෂ්පාදකයන් වන්නට නොහැකිය.අඩුම තරමේ එහෙම අධ්‍යාපනයක්,පුහුණුවක්,හුරුවක් මේ සමාජයෙන් ලබා දී නැත.

 

ඔය සමෘද්ධි නිළධාරිනිය ඇතුළු අපි සියලු දෙනා රාජ්‍ය සේවයට පැමිණි දිනයේ සිට, අපි දන්නා ආකාරයට රැකියාව කරන අයයි. ඔය නිළධාරිණියට මහජන සම්බන්ධතා තබා කරන විෂයේ තාක්ෂණික කරුණු පිළිබඳවවත් පුහුණුවක් තිබේදැයි සැක සහිතය.

දේශපාලකයන් රාජ්‍ය සේවය විනාශ කිරීම සඳහා කරන ලද එක් ප්‍රධාන දෙයක් වූයේ අනවශ්‍ය බඳවාගැනීම් ය.එහි ප්‍රතිඵලය වූයේ බදවා ගන්නා අත්‍යාවශ්‍ය නිළධාරින්ටවත් පුහුණුවක් ලබා දීමට නොහැකි තත්වයකට පත්වීමය.

 

රාජ්‍ය සේවයේ පුහුණු හා අධ්‍යාපනය සම්බන්ධ දැවැන්ත කුල ක්‍රමයක්ද ක්‍රියාත්මකය.අමාත්‍යාංශවල සිටින අයගේ පුහුණු සඳහා ඇති තරම් මුදල් ඕනෑ වෙලාවක ඇති අතර, එම විෂයයන් ප්‍රායෝගිකව භූමියේ ක්‍රියාත්මක කරන නිළධාරින්ට එපාවනතුරු පුහුණු අවස්ථා දෙන්නේ නැත. මෙය මා පෞද්ගලිකව අත්විඳින තත්වයකි.

 

එසේ හෙයින්,තමන්ගේ රාජකාරියට අදාළ නිසි පුහුණුවක්,මඟ පෙන්වීමක් නැතිව, ඇඟේ හයියෙන් හිතේ හයියෙන් "රස්සාව කරන" මධ්‍ය හා පහළ මට්ටමේ නිළධාරින්, තමන්ගේ රාජකාරියත් ආයතනයත් බේරාගැනීමට තක්කඩියෙකුට එරෙහිව කියන්නට තිබූ දේ කීම, මහා උත්තරීතර මඟුළක් කෙලෙසුවා සේ නාඩගම් නැටීම මෙන්ම ඇය පිළිබඳ පරික්ෂණ වීඩියෝ ගත කර මුදා හැරීම ද තනිකරම ලොක්කන් ගේ සුදු පිරුවට හා අමුඩ ආරක්ෂා කරගැනීමේ නිහීන ක්‍රියාවකි

 
@Gamini Ekanayaka ‌fb

නවතම ලිපි