භාෂණයේ නිදහස,හා ආගමි විවේචනය කිරීමේ නිදහස යනු කරුණු දෙකකි.
තොටවත්ත ලාගේ කෙස් පැලෙන ජෝතිෂ්‍ය විශ්ලේෂණ වල අවසානය වුයේ රාජපක්ෂ වාදය යනුවෙන් හැඳින්විය හැකි "අති ම්ලේච්ච ග්‍රාම්‍ය වාදය" රටේ ස්ථාපිත කිරීම පමණි.
රනිල් වික්‍රමසිංහ පවා මේ ග්‍රාම්‍ය වාදය තෘප්ත කර ඡන්ද දායකයා දිනා ගැනීමට ගත් ඒ අමුතු උත්සාහය (ලෝකයේ බොහෝ දෙනෙක් විවේචනය කරන හා උසුළු විසුළු කරන) තුල රනිල් පන්නයේම ඉංග්‍රීසි කතා කරන උගතුන් පවා කෙතරම් ගිලී ඇත්දැයි වැටහෙන විට තොටවත්තලාගේ කාර්ය භාරය සාර්ථක ව සිදුව ඇති බව කිව යුතුය.එනම් ඒ මිලේච්ඡ අති ග්‍රාම්‍යවාදය, ගෝත්‍රිකවාදය අවුල අවුලා දර සපයමින් ගිනි තැබුවේ නැති නම්..රටේ බොහෝ දෙනෙකුට පැවැත්මක් නැත.
කෙසේ නමුත් තොටවත්ත යනු ඒ ම්ලේච්ච අති ග්‍රාම්‍යවාදය සුරක්ෂිත කරමින් සිටියදී ඒ සෙක්කුවේ බැඳී අයෙකි.කොටින්ම තොටවත්ත ට සිදුව තිබෙන්නේ නතාෂාකරණයකි. තොටවත්තලාට උසුළු විසුළු කල අයත් ඔහුගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටීම යහපත් කරුණකි.
එහෙත්..නතාෂා හේතුවක් නැතුවම අත්අඩංගුවට පත් කිරීමෙන් බෞද්ධ වුයේ කව්ද ? විදේශ මාධ්‍යවේදීන් ට බෝඩර් ලයින් ක්‍රමයෙන් පිළිතුරු දී ජාතික බවට සුජාත වුයේ කව්ද? එසේ නම්..තොටවත්ත තම නිදහසේ දානය දෙන්නේ සුළු ජාතීන්ගේ ඡන්ද ගොඩ වෙනුවෙනි. තොටවත්ත වෙනුවෙන් හා ආගම් විවේචනයේ නිදහස ඉල්ලා සිටින සැවොම සිතා බැලිය යුතු කරුණකි.
එය නැවත ඇවිලීමකට 1982 කලගෙඩි ලාම්පු ඇවිලිමකට, බලය වෙනුවෙන් අපව බෙදා වෙන් කිරීමේ ඇවිලීමකට මෙන්ම අනෙක් පසින් සුදානම් වන රතු ආයුධ සුදානම් වීම්, සමග එකට ගෙන සිතන විට අප සිටින්නේ වෙනත් උපක්‍රම, වෙනත් මැවූ සිද්ධි සමග වෙනත් වටයකින් වසර 40 කට පෙර 1982-1983 වර්ෂවල දේශපාලන පසුබිමේ බව කිව යුතුය.
@Subhashini Wipfler