IMF දෙවන වාරිකය ලැබීම පිළිබඳ මේ වනවිට අවින්ශ්චිතභාවයක් ඇති බව කියවෙනවා. ඊට ප්‍රධාන හේතුවක් තමයි නිසි ලෙස බදු අය කර නොගැනීම.
මේ අතරේ Upul Sannasgala ගේ අළුත් පොත එළිදැක්වීමේ අවස්ථාවේදී උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය Suren Rāghavan කියූ කතාවක් දැක්කා.
උසස් පෙළ ටියුෂන් බිලියන 16 ක වෙළෙඳ පොළක් කියලා. උසස් පෙළ පමණක් උගන්වන ටියුෂන් ගුරුවරුන් ගණන 50,000 ක්. ඉන් 23,000 ක් ෆුල් ටයිම් කරනවා. මේ අතරේ 35-40 කුගේ මාසික අදායම මිලියන 8-10 ක් අතර වන බවත් සුරේන් රාඝවන් ටියුෂන් ගුරුවරුන් ඉදිරියේදිම කියනවා.
අපට මෙහිදී නිවරදිම දත්ත ඉදිරිපත් කළ නොහැකි වුවද පිළිගත හැකි අනුමාන පමණක් ඉදිරිපත් කළ හැකියි. උසස් පෙළ ටියුෂන් දෙස බැලූ විට ඉහත කී 50,000 න් අඩුම 2000 - 3000 ක්වත් මාසෙකට ලක්ෂ 25 ඉක්මවා අදායමක් ලබනවා ඇති. සාමාන්‍යයෙන් ලංකාවේ දැනට පවතින බදු ව්‍යුහය අනුව Individual tax ලෙස ඔවුන් 36% ක බද්ධට හෝ යටත් විය යුතුයි.
සාමාන්‍යයෙන් දියුණු රටකට සාපේක්ෂව ගතහොත් මෙය 40%-50% ක මට්ටමේ බදු අය කිරීමක් විය යුතුයි. ඒත් රාඝවන් කියූ ලක්ෂ 100 ක් මාසිකව උපයන ගුරුවරුන්ගෙන් හෝ ලක්ෂ 40 -50 ක මාසික බද්ධක් අය කරනවා යැයි මා නම් විශ්වාස කරන්නේ නැහැ.
වාර්ෂිකව ඔවුන් පෙන්වන ආදායම මත පමණක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වීමත් ඉතා අඩු විගණන ක්‍රියාකාරීත්වයත් ඊට හේතුවයි. ඒ වගේම උසස් පෙළ වගේම අනෙකුත් ටියුෂන් ගුරුවරුන් බදුවලින් නිදහස් වීමේ අරමුණද ඇතිව දැවැන්ත ප්‍රචාරණ ව්‍යාපෘති කරමින් නිස්කාරනේ සල්ලි වියදම් කර ටියුෂන් තරගයක්ද නිර්මාණය කර ඇති බවයි පේන්න තිබෙන්නේ.
ඇතැම් ටියුෂන් ගුරුවරුන් රටට එන අළුත්ම වාහනය ගෙන තමන්ගේ තරම පෙන්වීමට කරන දේවලින්ම මේ බදු ගැටළුව හඳුනා ගන්න පුළුවන්. රටේ නමක් දිනා සිටින එවැනි එක් ගුරුවරයෙකු තම නිවසේ ගොඩ ගසා ඇති ඉතා නවීන පන්නයේ වාහන ටික Youtube නාලිකාවක සාකච්ඡාවක් අතරතුර පෙන්වන ආකාරයද දුටුවා. ඒවායේ වටිනාකම ලක්ෂ දහස් ගණනක්.
ලංකාවේ බදු ව්‍යුහය සහ අය කර ගැනීම ඉතා දුර්වල තත්ත්වයක පවතින්නේ. ටියුෂන් කියන්නේ අධ්‍යාපනය වුවත් එය ලංකාවේ දැවැන්ත ව්‍යාපාරයක්. සමාජ විෂමතාවක් නිර්මාණය කරන්නක්. සමාජ සුබ සාධනය වෙනුවෙන් රජය කටයුතු කරන්නේ නම් අනිවාර්යයෙන්ම සමාජයෙන් අසීමිත ලෙස මුදල් එක්රැස් කෙරෙන ව්‍යාපාරවලින් නිසි ලෙස බදු අය කරගත යුතුයි.
සරල උදාහරණයකට ටියුෂන් ක්ෂේත්‍රයෙන් මාසිකව රුපියල් රුපියල් කෝටි 100 ක් බදු ලෙස උපයා ගන්නේ නම් ලංකාවේ දුෂ්කර පාසල් කීයක් වැඩි දියුණු කළ හැකිවනු ඇත්ද?
මේ වෙලාවේ ලක්ෂ 3-4 ක වැටුපක් ලබන විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පාරට බැසීම සාධාරණයි. ඔවුන්ගෙ වැටුපෙන් නියමාකාරව බදු අයකර ගැනෙනවා. ඔවුන් ටියුෂන් අයට වඩා බුද්ධිමය වෙහෙසක් දරන පිරිසක්.
ඉගැන්වීම උත්තරීතර වගේම සහ විශ්ව විද්‍යාල වරම් ලබාදීම නිසාම ව්‍යාපාරික මට්ටමින් ටියුෂන් කරන කිසිවෙකුට බදු සහන හිමි විය යුතු නැහැ. එසේ නම් වෛද්‍යවරුන් ජීවිත බේරෙන නිසා බදු නොගෙවා ඉන්න ඕන.
විදෙස් රටවල ඉහළ වැටුප් ලබන වෛද්‍ය, ඉන්ජිනේරු ආදි වෘත්තිකයන් සියල්ලන් 40-50% ක ආදායම් බද්ධකට යටත්. ලංකාවේ බහුතරයක් ටියුෂන් ගුරුවරුන් අයිති විය යුත්තේ එවැනි ප්‍රතිශතයකටයි. සිසුන් Online System එකක් යටතේ ගෙවීම් කරන්නේ නම් මෙය ඉතා පැහැදිලිව මොනිටර් කළ හැකි දෙයක්.
තවත් දෙයක් තමයි ධනපති පාලකයන්ට, ධනපති ව්‍යාපාරිකයන්ට බනින කිසිදු දේශපාලකයෙක් හෝ පක්ෂයක් මේ ගැන වැඩිය කතා කරන්නේ නැහැ. ඊට හේතුව වන්නේ ඔවුන්ගේ ඡන්ද පදනම ටිකක් හෙල්ලීමට වුව ටියුෂන් ගුරුවරුන්ට යම් හැකියාවක් ඇති නිසයි. "අපිට කෙල්වන්න ආවොත් අපිත් කෙලවනවා" කියන එක ලංකාවේ සාමාන්‍ය දෙයක් බව අමුතුවෙන් කිව යුතු නැහැ.
ලංකාවේ ටියුෂන් සම්බන්ධයෙන් ගත්තම මේක එකී ගුරුවරුන්ගේම ගැටළුවක් නොවන බවත් කිව යුතුයි. අප දන්නා තරමට බදු එක්රැස් කිරීම සඳහා දේශීය ආදයම් බදු දෙපාර්තමේන්තුවේ තවමත් නිසි වැඩපිළිවෙලක් නැහැ. උදාහරණයක් හැටියට විශ්‍රාම වයසේ ඉන්න ලංකාවේ ප්‍රාධානම රාජ්‍ය නිලධාරියෙක් පවා බදු ෆයිල් එකක් ඇරලා තියෙන්නේ ඊයේ පෙරේදා.
ලංකාවේ අත්‍යවශ්‍යතාවක්වී ඇති ටියුෂන් සඳහා නිසි පිළිගැනීමක් නොලැබෙන්නේද බදු අයකර ගැනීම ඇතුළු රාජ්‍ය මැදිහත්වීම ප්‍රමාණවත් නොවන නිසයි. ඔවුන්ටද මුදලින් පමණක් මැනිය නොහැකි වටිනාකමක් සමාජයෙන් ලැබෙන්න ඕන.
සන්නස්ගල, තමන්ගෙ එවුන් වෙනුවෙන් රජයේ නියෝජිතයා තමන්ගේ තැනටම ගෙනත් සම්මුඛ කරවීමට දක්ෂ වී තිබෙනවා. ඒ ඔවුන් අනාගතයේදී මුහුණ දිය හැකි ඕනෑම ගැටළුවකදි යම් සහනයක් වෙනුවෙන් විය හැකියි.
කෙසේවෙතත් ඉගැන්වීමේ ප්‍රාර්ථනා පාරිශුද්ධ වනවා වගේම බදු ගෙවීමත් පාරිශුද්ධ වෙන්න ඕන.
@Mahinda Rubasinghe fb