SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

නිර්මාල් නිර්ප්‍රභූ ද?- උදන් ප්‍රනාන්දු

නිර්මාල් ඊයේ පෙරේදා විදර්ශන වෙතින් පළ කළ 'මර්තේලිස්' පොත, නිර්ප්‍රභූ හෙවත් සබෝල්ටන් ප්‍රවේශය ගැන අලුත් උනන්දුවක් බොහෝ දෙනෙක් අතර ජනිත කර ඇත. ලංකාවෙ මේ ප්‍රවේශය පිළිබඳ ව එක ම නියෝජිතයන් හා බෙදාහරින්නන් (sole agents & distributors) කිහිප පොලක් ඇතත් නිර්මාල් ඒ අතර නැති බව ද ඔහු ප්‍රකට සබෝල්ටන් කතුවරුන්ගේ නම් නිකරුණේ හළන්නේ (name dropping) ද නැත.

 

මා දන්නා තරමට, නිර්මාල් කිසිදු ප්‍රවේශයක දැඩි අනුගාමිකයකු හෝ භක්තිවන්තයෙකු නොවේ. ඒ අතින් නිර්මාල් එක්තරා ආකාරයක ශාස්ත්‍රීය ඇග්නොස්ටිකයෙකි.

 

n5

 

2006 හෝ 2007 නිර්මාල්ගේ ආචාර්ය උපාධි අවසාන පරීක්ශන උළෙල අලළා, මා ලියූ පරණ සටහනක මා ඉහත මතු කළ කාරණය, වෙන ආකාරයකට ස්ථාපිත කෙරුණු හැටි පහත දැක්වේ:

 

උපුටාගැනීම:

[ආචාර්ය උපාධි පර්යේෂණයක විෂය සංකල්පීය වශයෙන් විශ්ලේෂණය වන්නේ කෙලෙස ද යන්න ඉතා වැදගති. මේ සඳහා නිර්මාල් භාවිතා කළ සංකීර්ණ සංකල්ප රාමුව තම ප්‍රතිවාදීන් තරමක වංකගිරි ගමනක යැවී ය. වාද විවාද අවසානයේ නිර්මාල්ට ආචාර්ය උපාධිය පිරිනැමීමෙන් අනතුරු ව අදාළ ශිෂ්‍යාගේ අධීක්ෂකයෙකු විසින් කෙරෙන කෙටි දේශනයේ මෙය අපූරුවට මතු කෙරිණ. එය කළේ ආචාර්ය ලුඩෝවයික් වාහෙනාර් විසිනි. ඔහු ඇම්ස්ටර්ඩෑම් ඓතිහාසික කෞතුකාගාරයේ ප්‍රධාන අභිරක්ෂක ද විය. ශේක්ස්පියර නාටකයක චරිතයක සිහි ගන්වන රුවක හා කතා ශෛලියක ඇති වාහෙනාර් තම දේශනය අවසන් කළේ මෙලෙස ය.] :

 

"නිර්මාල්ගේ න්‍යායාත්මක ප්‍රවේශය අප මහා අවුලක පටලවයි. එය මාක්ස්වාදීත් වන අතර මාක්ස්වදීත් නොවේ. පශ්චාත් මාක්ස්වාදීත් වන අතර එසේත් නොවේ. පශ්චාත් යටත් විජිත ම ත් නොවේ . එය නිර්ප්‍රභූ වන අතර ම නිර්ප්‍රභූ නොවේ..........මට කියන්න තියන්නේ මෙපමණයි. මේ ඒ කිසිවක නොවේ. මෙය තනිකර ම නිර්මාලියානු ප්‍රවේශයකි. අද අප වාද කළ තීසිසයේ සුවිශේෂත්වය එයයි ".

 

උපුටා ගැනීම අවසන්.

 

n4

n3

ඡායාරූප : ඉහත ප්‍රකාශය කළ වාහෙනාර් මහාචාර්යවරයා හා ඒ අවස්ථාවේ නිර්මාල් තම සුපවයිසර්වරිය සමග.

@Udan Fernando ‌fb