SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ප්‍රභූත්වය, ප්‍රභූ දේශපාලනය, එය අභියෝගයට ලක්වීම, ස්ථාපිත වීමට වලි කන නව ප්‍රභූත්වයේ ස්වරූපය පිළිබඳව පසුගිය කාලයේ අප දිගින් දිගටම ලිවීය.

ප්‍රභූ දේශපාලනය සහ ප්‍රභූත්වය පිළිබඳව මේ දිනවල සමහරු උනන්දුවක් දක්වමින් තිබෙන්නේ අප විසින් මතු කල එම සංවාදයෙන් පසුවය.

තුෂාර වන්නිආරච්චි මෙසේ පවසයි:

"සමාජයක පාලක පන්තිය (ප්‍රභූ)බිඳවැටීම පිළිබඳව උදාහරණ විශාල සංඛ්‍යාවක් ඇතත් මෙම ශත වර්ෂයේ හොඳම උදාරණය ඇත්තේ ජර්මනිය තුළ ය. පළමුවන ලෝක යුද්ධයෙන් පසු කයිසර් අධිරාජ්‍යයාගේ බිඳවැටීමත් සමග ජර්මානු ප්‍රභූ තන්ත්‍රය ආණ්ඩුකරණයෙන් එලියට විසි වුණා. එයට බලපාපු ආර්ථික සමාජ දේශපාලන හේතු වලට අමතරව වැදගත්ම සාධකයක් වන්නේ පොදු ජනතාව අතර තිබූ ප්‍රභූ විරෝධයයි. එම නිසා ඇතිවූ අරාජික කාලසීමාව තුළ හිට්ලර් වැනි කූර දුෂ්ඨ පාලකයෙකු ජර්මනිය රාජ්‍ය බලය අත්පත් කරගන්නවා."

ඊට පෙර සහ පසු පැවති කෘරත්වයන් සමග සැසඳීමේදී හිට්ලර් කෙතරම් කෘර ද නැද්ද යන්න විමසා බැලිය නොහැකිය. දෙවනලෝක උද්ධයේදීම පවා මිත්‍ර අක්ෂයේ කෘරත්වය හිට්ලර් හා සම මට්ටමක පැවතුනි. නමුත් ඉතිහාසය ලියවී ඇත්තේ ජයග්‍රාහි පාර්ශවයට අවශ්‍ය පරිදිය.

නාසිවාදය උදාහරණයට ගෙන තුෂාර පවසන පරිදි ප්‍රභූ තන්ත්‍රය දේශපාලනයෙන් විසි වීම භයානක තත්වයකි. ඔහුට අනුව අදටත් මුළු යුරෝපයමටම ක්ෂිතිමය අත්දැකීමක් වී ඇති හිට්ලර් ගේ නාසි පක්ෂය බලයට පැමිණෙන්නේ පැවති ප්‍රභූ තන්ත්‍රය සහමුලින්ම ප්‍රතික්ෂේප වීම නිසාවෙනි. ඇත්තටම හිට්ලර් ඇතුළු නාසි පක්ෂයට අවශ්‍ය වූයේ පැවතී යුරෝපියානු රටාව වෙනුවට නව යුරෝපියානු රටාවක් පිහිටවීමටයි. ජවිපෙට ලංකාව තුල අවශ්‍ය වී ඇත්තේද එයයි. ඒ අවශ්‍යතාවය තුල, ජවිපෙට අදාළ නව ප්‍රභූ තන්ත්‍රයක් බිහිවීම වැලැක්විය නොහැකිය. තුෂාර විසින් සාදෘශ්‍යයක් ඉදිරිපත් කරමින් ගෙනහැර දක්වනුයේ ඒ පිලිබඳවය.

 

ඔහු තව දුරටත් මෙසේ පවසයි:

"හිට්ලර් විසින් ක්‍රියාත්මක කරන අඳුරු පාලන ව්‍යුහය පරාජය නොකළානම් අද අප ජීවත් වන ලෝකය මීට වඩා අදුරු ලෝකයක් වීමට ඉඩ තිබුණා. 1942 දී නෙදර්ලන්තේ පිටුවහල්ව ජීවත්වෙමින් මියගිය පර්සියානු අධිරාජ්‍යයේ අවසන් අධිරාජයා වන විලියම් කයිසර් හිට්ලර්ගේ ජර්මානු පාලනය දැක තමා ජර්මානු ජාතිකයෙකු වීම පිළිබඳව ලජ්ජාවට පත්වන බව ප්‍රසිද්ධියේ කියා සිටියා.. සමාජයක ඉදිරි ප්‍රගමනයට පාලක පන්තියක් අත්‍යවශ්‍යයි. ඔවුන් නියාමනය කිරීම සඳහා වර්තමාන ශිෂ්ට ලෝකයේ යොදා ගන්නා උපකරණය දේශපාලන පක්ෂ ක්‍රමයයි. රාජ්‍ය පාලනය සඳහා පුරුදු පුහුණු නොකරන ලද අවශේෂ වෘත්තීන් හා සමාජ කණ්ඩායම් හා පුද්ගලයින් පාලනයට සම්බන්ධ වීම වර්තමාන ශ්‍රී ලංකාව මුහුණදෙන ප්‍රධානතම සමාජ විද්‍යාත්මක ඛේදවාචකයයි. ඉරාකයත් ලිබියාවත් වෙනිසුලාවත් වත් මුහුණ දෙන්නෙ පාලක පන්තියක් නොමැති වීම නිසා ඇති වූ දේශපාලන ප්‍රතිඵල මුණ ගැසීමයි."

 

තුෂාරට අනුව හිට්ලර් ඇතුළු අක්ෂ බලවතුන් ජයගත්තේ නම් අද අප ජීවත්වන ලෝකය මීට වඩා දරුණු වනු ඇත. නමුත් එය එසේ තීරණය කල නොහැකිය. එය සමහර විට මීට අඩු හෝ මේ හා සමානම දරුණු තත්වයක් විය හැකිව තිබුණි. කෙසේ වෙතත් තුෂාර හට අවධාරණය කිරීමට අවශ්‍ය කාරණය වී ඇත්තේ සමාජ ප්‍රගමනය දරා සිටිනුයේ උරුමක්කාර පාලක ප්‍රභූ පැලැන්තියක් විසින් බව අවධාරණය කිරීමටයි. එනම් ලංකාවට අදාලව නම් ඒ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ UNPය සහ එය විසින් නිර්මාණය කරන ලද විපක්ෂය ලංකාවට අදාළ ආවේනික ප්‍රභූ උරුමය බවයි. ඒ අනුව මේ වන විට එම ප්‍රභූ උරුමය අභියෝගයට ලක්ව ඇති බවක් ඔහු පිළිගෙන ඇත.

 

නිර්මාල් දෙවසිරිට අනුව ජාතික ජනබලවේගය බලයට පැමිණීම යනු ප්‍රභූත්වය අහෝසි වීමකි. නමුත් අපට අනුව එය එසේ නොවේ. ජා.ජ.බ බලයට පැමිණීම විසින් නව ප්‍රභූත්වයක් සංස්ථාපනය වනු ඇත.

 

ප්‍රභූත්වයට සහ ප්‍රභූ දේශපාලනය පිළිබඳව අපගේ ලිපි:

https://web.facebook.com/permalink.php?story_fbid=pfbid028b7kEc3x9pFRThTh4UbjtRP6hMKiWbbDSW2C3KuGaSLWv87uLBZ8uJoUD1tam8yNl&id=189404577862002

https://web.facebook.com/100070974895380/videos/800893650930309/

https://web.facebook.com/permalink.php?story_fbid=pfbid0eHgvgWPJkrTMFYodwhAHwYFsE16e2Zi6MREEsgAQc8LtUg3wEWBRjsFewA9dTzfql&id=100070974895380

https://web.facebook.com/permalink.php?story_fbid=pfbid02iPYixhJHK89PZM2ErVEehQwnD5R25aqCsFYYWDHuT5wHkM2KZLvBnknWzR4TVHpDl&id=100070974895380

http://www.spartacus.lk/%e0%b6%b4%e0%b7%8a%e0%b6.../2022/...

http://www.spartacus.lk/%e0%b6%b8%e0%b7%99%e0%b6%ad.../2022/

 

@spartacus.lk