SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

80 දශකය යනු එක් පසෙකින් යෞවන සමාජ, ක්‍රීඩා සමාජ, තරුණ සේවා සභාව ආශ්‍රිත සංස්කෘතික කටයුතු උපරිමයටම සිද්ධවුනු දශකයක්.

ඒ වගේම 80 දශකයෙ අවසානය ඒ තරුණයාම පීඩනයට, භීෂනයට, මරණයට ගොදුරු වූ දශකයක්.

 

71  දකුණේ සිදුවූ තරුණ නැගිටීම සමග එය මැඩපැවැත්වීමත් සමග ඇරඹි ඊට විකල්පයන් සෙවීමේ, පිළිතුරු සෙවීමේ උත්සාහයන් නිවැරදිව සිදුවූයේ නම් 80 දශකයේ අගභාගයේ එවන් රුදුරු භීෂනයක් ඇති නොවන්නටත් ඉඩ තිබුණු බව දේශපාලන විශලේෂක මතයයි. එහෙත් ඉහේ රුදාවට කොට්ට මාරු කලාසේ 71 තරුණ නැගිටීමේ ප්‍රතිඵලයත් ඊට අනුරූපව සමාජ ආර්ථික දේශපාලන සැකැස්ම ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලියත් සමග ඇරඹී රට අභ්‍යන්තරයේ ආර්ථික අහේනියත් නිසා හටගත් පරිබෝජනවාදී පිපිරුමට විකල්පය වූයේ 1977 ආණ්ඩු පෙරලියත් සමග ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයාගේ විවෘත ආර්ථික වැඩපිළිවෙලයි.

 

එකී ආර්ථික ප්‍රතිපත්තිමය තීරණයත් සමග සමාජ වෙනස තීව්ර වූ අතර නව මූල්‍ය පන්තියක් මෙන්ම වෙළඳ ප්‍රජාවක්ද බිහිවීම අනීවාර්යතාවයක් විය. දේශපාලනයේ නව මානයක් ගොඩනැංවීමට එය ඉවහල් විය. මේ සියල්ල කරණකොටගෙන සමාජයේ තරුණ රැල්ලක බිහිවීම අනිවාර්යතාවයක් බවට පත්වෙද්දී එකී තරුණයින් සමාජ දේශපාලන වැඩපිළිවෙලකට ඒකරාශී කරගැනීමට තරුණ සේවා සභාව හරහා ප්‍රබල උත්සාහයක් ගත් වැඩපිළිවෙලක ප්‍රාරම්භකයෙක් වූයේ  සුදත් චන්ද්‍රසේකරයි.

 

අද උතුරේත් දකුණේත් භීෂන රැල්ල අවසානයි සිතන රටක නිදහස් තරඟකාරී වෙළඳපොල තුළ වමත් දකුණත් ප්‍රතිසංස්කරණ ඉල්ලීම් ලබාගැනීමට අනවරත තරඟයක නියැළුනු මොහොතක්. වම සහ දකුණ යන්න දේශපාලන ප්‍රතිපත්තිමය ලෙස රේඛා බෙදුම් මගින් වෙන්කළ නොහැකි තරම් ලංව සිටින මොහොතක්. එහෙත් ආර්ථික වශයෙන් රටම ගිලී හුදෙකලාව ඇති මොහොතක්. මිනිසුන් එදාවේල සරිකරගැනීමට බැරිතරම් ජීවන බරකින් මිරිකෙන අතරම රටක් ලෙස එදිනෙදා වියදම් දරාගන්නට නොහැකි රාජ්‍ය භාණ්ඩාගාරයක් සහිත දුර්වල රාජ්‍යයක් පවතින මොහොතක්.

 

කරුණු එසේ වුවත් සෑම මොහොතකම, දිනයකම, වසරකම සමස්ත ජනගහනයෙන් සැලකිලිමත් ප්‍රතිශතයක් ලෙස තරුණ ප්‍රජාව, අධ්‍යාපනය හරහා හෝ වයස අනුව  රැකියා විරහිතභාවයේ ලේඛණයට පෝලිම් ගැසෙන මොහොතක්. එවන් අවදානමකදී නැවත මේ පීඩනය නතර වන්නේ කිනම් අන්තයකින්ද යන්න ගැන අනන්ත අත්දැකීම් සහ උදාහරණ පවතින ජන ප්‍රජාවක තරුණයින්ට නිසි මාර්ගෝපදේශනයක් සහ සහයෝගයක් අත්‍යවශ්‍ය මොහොතක්.

 

පසුගියදා මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේදී අයාලේ යන තරුණ ව්‍යාපාරයට අලුත් අරමුණක් ගේන්නට තරුණයින්ගෙන් සමන්විත නව සංවිධානයක් ආරම්භ උනා. එය හුදෙක් දේශපාලනයට කඩේ යන සංවිධානයක් නොවීමට වගබලාගන්නට සමත් යැයි සිතිය හැකි තරුණ පිරිසක් එහි නායකත්වයට පත්කළා. එහෙත් දේශපාලනයකින් තොර ව්‍යාපාරයක් පැවතිය හැකිද යන්න විවාදාත්මක කාරණයක්.

 

එහිදී මෙම සංවිධානය සකස් කරන්නට මූලික වූ සුදත් චන්ද්‍රසේකර කියා සිටියේ තරුණ ව්‍යාපාරය අද අයාලේ යන බවයි. එය වඩාත් අවදානම් විය හැකි බවයි සුදත්ගේ මතය වූයේ. ඒ නිසාම ඒ තරුණ ජවය අලුත් ව්‍යාපාරයකට එක්කරමින් අයාලේ යන තරුණ ව්‍යාපාරයට අරමුණක් ඇති කිරීමට මෙම නව සංවිධානය මගින් ඉටුවනු ඇති බවයි ඔහුගේ අදහස වූයේ. තරුණ අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙකු සහ විවිධ ක්ෂේත්‍රවලට අදාළ ප්‍රාමානික නිපුනතාවන් සහිත තරුණ තරුණියන්ගෙන් සමන්විත අධ්‍යක්ෂ මණ්ඩලයකින් මෙය පාලනය වේ. දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකටම අදාළව අධ්‍යක්ෂවරුන් පත්කෙරෙන අතර මේ පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවක් නුදුරේදීම පැවැත්වෙන බවත් ඒ සමගම තරුණ ව්‍යාපාරය පිළිබඳ පණිවුඩය සමාජගත කෙරෙන බවත් දේශපාලන ආරංචිමාර්ග පවසයි.

 

@සමාරා පරණවිතාන

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි