SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  වෙනුවෙන් මාරාන්තිකව පෙනී සිටින කණ්ඩායම් කිහිපයට රනිල් සහ ඒ අය වෙත ඇති විවේචන අදාළ නොවේ.

ඔවුන් "දන්නා" දේවල් තුල කටයුතු කිරීම ඔවුන්ගේ ප්‍රතිපත්තියයි.

මේ වන විට රනිල් විසින් ව්‍යාපාර සඳහා වන සියලු රාජ්‍ය නියාමනයන් ඉවත් කිරීමට තීරණය කොට ඇත. සියලු දේ වෙළඳපොල තරඟය තුල සිදුවිය යුතුය යන්න එහි අර්ථයයි.

වැඩසටහන් 50 සමරන චැතම් කොල්ලන්ගෙන් බහුතරය ජවිපෙ හිටපු මාරාන්තික ක්‍රියාධරයන් ය. ෆුල් ටයිමර්ස්ලාය. ඔවුන් කියන්නේ ඔවුන් “දන්නා” රනිල් නැමති අන්තිම ක්ලැසිකල් ලිබරල්වාදියා වෙනුවෙන් පෙනී සිටිනා බවකි.

ඔික තමයි වරුණගේ ‘රනිල් වරුණයට” අපගේ කියැවීම... (වරුණගෙ ලිපිය පහත)

 

වරුණගෙ රනිල්

 

 

පනහට පන දුන්න හැටි - වරුණ රාජපක්ෂ

 

පැරීසියේ වීදි සටන් ඇවිලෙන විට, ඒ පිළිබද ඇති වූ සංවාද ගැන අදහස් දක්වමින් කාල් මාක්ස් මෙහෙම කියනවා. "පැරිසියේ වීදිවල නිවී යන ගිනි රත් වූ ලාවා අළු පිසදාමින් එහි වීදි සරන්නියන් එකිනෙකා සමග සණ්ඩු සරුවල් කරමින් සිටී...!"

ගාලූ‍ මුවදොර අරගලය ඒ තරම් නොවුණත් ඒ ගැන සංවාදය නම් අර පැරිස් සංවාදයට වඩා වැඩි මිසක් අඩු වුණේ නෑ. අරගලය පටන් ගන්නකොටම "උත්තරේ රනිල්" කියල අපි කියනකොට හුඟ දෙනෙක් හිනා වුණා. අද චැතම් ටීම් එකේ ඉන්න වරුණ අරගලය පිළිබද විවේචනාත්මක ස්ථාවරයක හිටියේ. සුභාෂ් හිටියේත් විවේචනාත්මක ස්ථාවරයක.

සමාජ මාධ්‍ය ලිපි ගණනාවකින් මේ දෙන්නා තමන්ගේ විවේචන ගෙනාවා.

මේ අතර අපේ සමහරු හිටියේ ගාලූ‍ මුවදොර අරගලයේ ඉදිරි වළල්ලේ, හැබැයි සමහර පරණ අරගලකාරයෝ ගාලූ‍ මුවදොරට ගියේ පරණ යාළුවෝ හම්බ වෙලා, පොප්කෝන් කාලා එන්න. එහෙම පොප්කෝන්, අච්චාරු කකා අරගලේ එන්ජෝයි කරපු අයත් චැතම් ටීම් එකේ ඉන්නව. රනිල් ජනපති වෙලා, ගාලූ‍ මුවදොර හිටපු ලිබරල් කණ්ඩායම් අරගල භූමියෙන් ඉවත් වෙන කාලේ මේ කට්ටිය Dutch එකේ හම්බ වුණා.

ඒ අපි මොකද කරන්නේ? කියලා කතා වෙන්න...

"මංගල කියන්නේ ලංකාවේ අන්තිම රැඩිකල් ලිබරල්වාදියා, රනිල් කියන්නේ ලංකාවේ අන්තිම ක්ලැසිකල් ලිබරල්වාදියා" කියල මංගල ගැන වරුණ ලියපු සටහනක් මතක් කරලා තුෂාර යෝජනා කළා, "අපි රනිල් වෙනුවෙන් ලියමු හැබැයි ඔයා කියපු අන්තිම ක්ලැසිකල් ලිබරල්වාදියා වෙනුවෙන්".

"ඔව්... 2002 රනිල් ගෙනාපු Regaining Sri Lanka තමයි ඇත්තම වැඩේ. ඒකට ඒ කාලේ වැටෙන්නම ගැහුවෙත් අපි. දැන් අවුරුදු විස්සකට පස්සේ, ඒ වැරැද්ද හදමු" සංජයගේ යෝජනාවට එකඟව බීර වීදුරු එසවුණා. ඔන්න ඔහොමයි අපි chatham street පටන් ගත්තේ.

අපේ නම chatham street වුණේ අපි chatham street එකේ බාර් ටේබල් එකක පළවෙනි සාකච්ඡාව කරපු හින්ද නෙමේ...

අපි මීඩියා පිළිබද චැතම් සම්ප‍්‍රදායේ යන හින්දා. අපි විවෘතවම අපේ පක්ෂපාතීත්වය කියනව. අපි රනිල්ගේ.

හැබැයි යූ.එන්.පී. නායක රනිල්ගෙ නෙමේ. අනුප‍්‍රාප්තික ජනාධිපති රනිල්ගෙත් නෙමෙයි.. අර අපි කිව්ව, අපේ රටේ අන්තිම Classical ලිබරල්වාදියාගේ...

"හැබැයි, දැන් කරන්න තියෙන වැඩේ එදාට වඩා බරපතල නිසා, ලොක්කට ටිකක් කන්සර්වේටිව් මේකප් දාන්නත් වෙයි".

සංජය කිව්ව ඒ එක්ස්කියුස් එකටත් එකඟවෙලා අපි The Chatham Street Journal පටන් ගත්තා. පළවෙනි එක, දෙවැනි එක ඊ පත්තරයක්. එතැන් සිට අපි කවදත් ආදරේ කරපු තීන්ත සුවෙඳෙන් නැහැ තුඩු රත් කරන මුද්‍රිත පත්තරයක්.

දැන් අවුරුද්දයි. පියවර 50යි.

පන්සීයක් යන්න අදහසක් නෑ, ඒත් තව ටිකක් දුර යන්න ඕනෑ...

වෙන්නේ මොකක්ද..., කරන්න තියෙන්නේ මොකක්ද? නොකළ යුත්තේ මොකද්ද? කියන එක තමා අපේ වැඩේ.

වැරදුනේ කොතැනද...? කියල කතා නොකර ඉන්න එක තමා අපේ ප‍්‍රාර්ථනාව.

ඒත් වැරදෙන්න පුළුවන්, වරද්දන්නත් පුළුවන්. ඒක තමා අපි නවතින දවස.

චැතම් වීදියේ එහෙට මෙහෙට යන V.I.P. මෝටර් ග්‍රේඩ් අතර ඉදහිට වැටෙන බැරිගේඩ් අතර අපි ඉන්නව. තරු අවන්හල්වල ලොබිටෝක් අතර වගේම පෙට්ටිකඩ පිටිපස්සේ අපි ඉන්නව. අර නවතින දවස වෙනකන් අපි ඉන්නව. එතෙක් අපි නොකළ යුත්තේ කුමක්ද? කළ යුත්තේ කුමක්ද?

නොනවත්වාම ඔබට කියනවා.

 

@වරුණගේ මුහුණුපොතෙනි.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි