SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජලාශවල ජලය විදුලිය නිෂ්පාදනය සඳහා ප්‍රධානත්වය දීමට කැබිනට් මණ්ඩලය තීරණය කළේ පසුගිය සතියේදී ය.

මේ තීරණයත් සමගම ක්‍රීඩා හා යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ  පවතින වියළි කාලගුණය හමුවේ ජලාශ සතුව ඇති ජලය වගා කටයුතු සඳහා මුදානොහැරීමට ගෙන ඇති තීන්දුව සම්බන්ධව තමන් ගොවි පුතකු ලෙස කම්පා වන බවත්, එසේම ජලය නිකුත් නොකිරීම හේතුවෙන් ගොවිතැන් කටයුතු රැසක් අඩපණ වන බවත් රුපියල් මිලියන ගණනක හානියක් ඒ හමුවේ සිදුවන බවද ජනහමුවකදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා ඇත.

මේ ප්‍රකාශය මගින් රොෂාන් රණසිංහ අමාත්‍යවරයා කැබිනට් සාමුහිකත්වය කඩකර ඇති බවට චෝදනා කරමින් සඳුදා වනවිට තමා හමුවී  හේතු දක්වන ලෙස ජනාධිපති වික්‍රමසිංහ විසින් පසුගියදා දන්වා තිබුණි.

මේ ප්‍රකාශය සමග තමාගේ කැබිනට් අමාත්‍යධූරය අහිමි වන්නේ නම් ඊට තමා සූදානම් බව පසුදාම රොෂාන් රණසිංහ අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා ඇත.

 

තම අමාත්‍යාංශයේ කටයුතු කොතෙක් අසාර්ථක වුවද මෙතැනදී රොෂාන් අමාත්‍යවරයාගේ ප්‍රකාශය නිවැරදිය. මන්ද ජලය පිළිබඳ කාරණයේදී ප්‍රමුඛතාවන් හිමිවිය යුත්තේ මුලින්ම පානය සඳහාත්, දෙවනුව ගොවිතැන් සඳහාත්, තෙවැනුව විදුලිය ඇතුළු අනෙකුත් අවශේෂ කටයුතු සඳහාත් ය.

 

එහෙත් ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඇති ප්‍රශ්නය එය නොවේ. විදුලිය නොකපා රට පවත්වාගෙන යෑම ඔහුගේ ප්‍රධානතම අවශ්‍යතාවකි. මන්ද ගෝල්ෆේස් අරගලය ආරම්භවීමට හේතුව මෙන්ම අරගලය දියව යන්නට හේතුවද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මනාව වටහාගෙන ඇත. ඔහුගේ අභිප්‍රාය ගොවි පන්තිය හෝ ඔවුන්ගේ ප්‍රකෝපය පාලනය කිරීම නොවේ. ඔහු  බලයේ සිටි සෑම කාලයකම පහළ පන්තිකයාට වැඩි වැඩියෙන් පීඩනය එක්කරමින් ආර්ථිකය මෙහෙයවූ අතර මැද පන්තිකයාට බ්‍රෙස්ලට්, ටැබ්, ලැප්ටොප් වැනි ආතල් දීමට උත්සාහ කරන ලදී. විශේෂයෙන්ම ගෝල්ෆේස් අරගලයත් සමග වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ උත්සාහය මේ මැද පන්තියේ ආතල් නොකඩා ඔවුනගේ පරිභෝජනකාමය ආරක්ෂා කර දෙමින් පවත්වාගෙන යෑම ය.

 

කෙසේ වුවද ගොවි ජනතාවගේ ප්‍රකෝපය තවත් අරගලයක් දක්වා වර්ධනය වීම වැලැක්වීමට වික්‍රමසිංහ රජයේ කැබිනට් මණ්ඩලය අද වනවිට නැවතත් කෘෂිකර්ම අමාත්‍යවරයා හරහා නව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇත.

එහිදී කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය කරන ජල ධාරිතාව සමනළ වැව ජලාශයෙන් නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. ඒ අතරම කැබිනට් මණ්ඩලය වැඩිදුරටත් තීරණය කර ඇත්තේ ජාතික විදුලි බල අවශ්‍යතාවය සඳහා විකල්ප ක්‍රමවේද සෙවීමටය.

ඒ අනුව කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ජලය  උඩවලව ජලාශයට නිකුත් කිරීමට මේවන විටත් අදාළ බලධාරීන්ට දැනුම් දී ඇත.

මේ අතර පසුගිය දින කිහිපයක සිටම විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකරගේ මාතර පිහිටි නිවෙසට සහ ඒ අවට ප්‍රදේශයට විශේෂ ආරක්ෂාවක් යොදවා තිබුණි.

පෙරේදා (05) උදෑසන සිට මෙම විශේෂ පොලිස් ආරක්ෂාව යොදවා ඇති අතර එලෙස ආරක්ෂාව යොදවා ඇත්තේ වගාවන්ට ජලය නිදහස් කරන්නැයි ඉල්ලමින් අරගලයක නිතරව සිටින ගොවීන් එම නිවස වැටලීමට ඒමට ඉඩ ඇති බවට ලැබුණු බුද්ධි තොරතුරක් මත යැයි සඳහන් ය.

ඇමති කංචන විජේසේකරගේ නිවසට ඇතුළු වීමට ඇති ප්‍රවේශ මාර්ග සියල්ලම පොලිස් මාර්ග බාධක යොදා ආරක්‍ෂාව තර කර ඇති අතර ඔහුගේ නිවස දෙසට ඇති මාර්ගවල ගමන් ගන්නා පුද්ගලයන් හා කණ්ඩායම්ද පරික්ෂා කිරීමට පියවර ගෙන ඇති තිබුණි.

අත්‍යවශ්‍ය මොහොතක කැඳවීම සඳහා යුධ හමුදාවද සීරුවෙන් තබා ඇත.


කෙසේ වුවද මේ සතියට අදාළ දේශපාලන නාටකය තුළිනුත් දේශපාලකයා ලකුණු ලබාගනිමින් මුලට පැමිණ ඇත. ජන ජීවිතයේ අර්බූධ උග්‍ර නොකර සමබරව පවත්වාගෙන යෑමටත් එමගින් වික්‍රමසිංහ ආණ්ඩුව පවත්වාගෙන යෑමට  උපරිම සහාය ලබාදෙන ආකාරයට ලංකාවේ විපක්ෂයත් වාම පක්ෂත් කටයුතු කරද්දී, රොෂාන් රණසිංහ ඇමතිවරයාට ICC හරහා පැමිණි චෝදනාවන්ද මේ සතිය ඇතුලතදී  සමනය කරගැනීමට මේ නාටකය තුළින් අවස්ථාවක් ලැබී ඇත. ජනතා පුත්තුන්ගේ හැටි එසේ ය. කෙසේ හෝ තවත් ණය මුදලක් කඩිනමින් ලබාගනිමින් මීළඟ මැතිවරණය පැවැත්වීම  අරගලයේ සිටි මැද පන්තික  පරිභෝජන සත්වයා සාමකාමීව නඩත්තු කිරීමට වික්‍රමසිංහ ජනාධිපතිවරයා උපරිමයෙන්ම කටයුතු කරනු ඇත.

තෙල්, ගෑස්, විදුලිය හිමිවන ජනයාට ණය කඳු පිළිබඳව අදාළ නොවන අතර තව වසර 10කින් මීළඟට රට බාරගන්නා රාජ්‍ය නායකයාට ද ගෝඨාභයගේ ඉරණම උදාවෙනවා ඇත. එවිට මහින්දලාවත් රනිල්ලාවත් චන්ද්‍රිකාලාවත් අදාළ නොවේ. මහජනතාව නැමැති ගොන්රැළ ද  එසේ ය.

 

@සමාරා පරණවිතාන