SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

1992දී, Sinead O’Conner කියන අයිරිෂ් ජාතික ගායිකාව, ඇගේ SNL performance එකක් අවසානයේ එවකට සිටි පාප්තුමාගෙ පින්තූරයක් ඉරා දැම්මා.

ඇය එය ඉරා දැම්මෙ කතෝලික පල්ලියේ සිදුවෙමින් සහ සඟවමින් තිබූ ළමා අපචාරවලට විරෝධය දැක්වීමක් විදිහටයි.

 

මේ සිදුවීම නිසා පොප් තාරකාවක් විදිහට ලෝකය තුළ ස්ථාපිත වෙන්න ඇය යමින් හිටපු ගමන විශාල පරිහානියකට මුහුණ දුන්නා. ඒ වගේම මේ සිදුවීමෙන් අවුරුදු 10ක් ගතවෙන තුරුත් පල්ලියේ ළමා අපචාර පිළිබඳව කතිකාවත සහ එහි බලපෑම ලෝකය එළිපිට පිළිගත්තෙ හෝ කතා කරේ නැහැ.

ඇය පාප්ගේ පින්තූරය ඉරා දැමු මොහොතේ සමස්ත ස්ටූඩියෝවම නිහඬ වූ බව සහ එක් මොහොතකට එහි සිටින සියල්ලෝ හුස්ම නොගත්තා වගේ හැඟීමක් දැනුණු බව නිෂ්පාදකවරු පසුව පවසා තියෙනවා.

 

ඇය මේ ඉරා දාපු පින්තූරය අයිති ඉතා බැතිමත් කතෝලිකයෙක් වුණු සහ ඇගේ ළමා කාලයෙදි ඉතා කුරිරු දඬුවම් මඟින් ඇයව ඉතාම නරක විදිහට අපයෝජනය කෙරූ ඇගේ මවට යි.

 

මේ සිදුවීමෙන් පස්සෙ ඇය වේදිකාවට ගොඩවෙද්දි ඇයව එළවා දමන්නත්, ඇය පාරේ යද්දි ඇයට බිත්තර ප්‍රහාර එල්ලකරන්නත් කතෝලිකයො වග බලාගත්තා. ඇගේ ගීත අඩංගු තැටි ඇගේ record label studio එක ඉස්සරහට ඇවිත් ගිණි තියන්නත් ඔවුන් කටයුතු කළා. ඇගේ වෘත්තීය සිහින ඇය ඒ විදිහට 'සත්‍යය කියන අල්තාරය' උඩ කැප කරා කියලයි ඇය ගැන ලියවෙන්නෙ.

 

මෙහෙ ඉන්න දෙරණෙ සංඛ වගේම ජනමාධ්‍යවේදීන්, නළුවො,ගායකයො එහෙත් හිටියා ඒ කාලේ. SNL Night Show එක හොස්ට් කරපු Joe Pesci එයාගෙ වැඩසටහන අතරතුර විහිළුවෙන් වගේ කිව්වා 'ඔහු එදා එතන හිටියනම් Sineadට හොඳ පාරක් දෙන බව'. Frank Sinatra එක මොහොතක කියනවා " I wanted to kick her ass” කියලා.

 

මේ සිදුවීමෙන් දවසකට පස්සෙ ඇයට සිද්ධවෙනවා පෙර එකඟතාවයකට අනුව සංදර්ශනයකට යන්න. එතනදි ඇය වේදිකාවට ගොඩ වුණ ගමන්, සෙනඟ ඇයට "Boooo" කියමින් විරෝධය දක්වන්න පටන්ගන්නවා. ඒ මොහොතේ සංවිධායකයෙක් ඇවිත් ඒ මොහොතේ එතන හිටපු ගායකයෙක් සහ ඒ වැඩසටහනේ නිවේදකයෙක් විදිහට හිටපු Kriss Kristoffersonට කියනවා ඇයව වේදිකාවෙන් එළියට යවන්න කියලා. ක්‍රිස් ඒ යෝජනාවට විරුද්ධ වෙලා, වේදිකාවට ගිහින්, Sinaedගෙ ළඟට ලං වෙලා ඇයට කියනවා Don’t let the bastards get you down”,.

 

ඇය ඒකට උත්තර දෙන්නෙ , ‘I’m not down.’ කියලයි.

 

එදා රැයේ ඇය ගායනා කරන්න නියමිතව තිබ්බෙ Bob Dylan ගෙ ගීතයක් වුණාට, මහා හූ හඬ සහ ඝෝෂාව මැද්දෙ ඇය තීරණය කරනවා Bob Marleyගෙ War කියන ගීතය ගායනා කරනවා. ඒ වෙද්දි අවුරුදු 26ක් වුණු මේ කෙල්ල, ඒ ගීතයේ වචන වෙනස් කරමින්, පල්ලියේ අපරාධ ගැන කියමින් තමයි ඒ ඉදිරිපත් කිරීම කරන්නෙ.

2021දි, මේ විශිෂ්ට ගැහැණිය මේ සිදුවීම ගැන කතා කරා. ඇයට ඒ ගැන කියන්න තිබ්බෙ මෙහෙම දෙයක්.

 

" ඒක ඇත්තටම මම යමින් හිටපු ගමනෙන් පීලි පැනීමක් නෙමෙයි. මිනිස්සු මට නිතර කියනවා 'අයියෝ ඔයා ඔයාගෙ වෘත්තීය ජීවිතේට කෙළවගත්තා, ඒක විනාසම කරගත්තා' කියලා. හැබැයි එයාලා ඒ කතා කරන්නෙ එයාලගෙ ඔළුවල එයාලා මං වෙනුවෙන් හදලා තිබ්බ වෘත්තීය ගමන ගැන. මගේ රෙකෝර්ඩ් කම්පනි එකේ කට්ටියට මිලට ගන්න උවමනා වෙලා තිබ්බ ඇන්ටිගුවාවෙ ඒ ගෙදර ගන්න එක එයාලට කරගන්න බැරි වුණා.

එයාලගෙ වෘත්තීය ජීවිතවලට, මාව ඔළුවෙ තියාගෙන එයාලා හදාගත්ත එයාලගෙ ජීවිතවලට කෙළවෙන්න ඇති. මගේ ඔළුවෙ තිබුණ ගමනට මුකුත් වුණේ නැහැ"

 

මේ ගැහැණිය වෙනුවෙන් සටහනක් තියන සාරා මාර්ඩිනී මෙහෙම ලියනවා.
" Sinead O’Conner එදා පල්ලියේ ළමා අපචාරයන්ට විරුද්ධව පෙනී ඉඳපු එක මට අමතක නැහැ. දරුවො සිය දහස් ගණනක් අපචාරයන්ට ලක්වුණා සහ පල්ලියේ මහා යාන්ත්‍රණය ඇතුළෙ ඒ සියල්ල ලස්සනට ආවරණය කරලා තිබ්බා. දශක ගාණක් තිස්සෙ ඒක සිද්ධ වුණේ ඒ විදිහටයි.

 

අද සමලිංගික සහ සංක්‍රාන්ති ලිංගික ප්‍රජාවට විරුද්ධව සටන් කරමින් ළමයින්ව ආරක්ෂා කරගන්නවයි කියලා පෙනී ඉන්න අයම තමා එදත් ඇයට විරුද්ධ වුණේ. ඒ අයට ඇත්තටම දැන් පුළුවන් එදා ඇය අපිට කරලා පෙන්නුවා වගේ 'ඇත්ත සතුරාට එරෙහිව සටන් කරන්න'.

 

Until the philosophy,
Which holds one race superior
And another inferior,
Is finally and permanently
Discredited and abandoned,
Everywhere is war.
Until the ignoble and unhappy regime
Which holds all of us through,
Child-abuse, yeah, child-abuse yeah,
Sub-human bondage has been toppled,
Utterly destroyed,
Everywhere is war.
War in the east,
War in the west,
War up north,
War down south,
There is war,
And the rumors of war.
Until that day,
There is no continent,
Which will know peace.
Children, children.
Fight!
We find it necessary.
We know we will win.
We have confidence in the victory
Of good over evil
Fight the real enemy!

 

මේ සටන්කාරිය සහ අද්විතීය ගැහැණිය ජූලි මාසයේ දිනයක මිය ගිය බව ඇගේ පවුල ලෝකයට දැනුම් දෙනවා.

ඒ පින්තූරය ඉරා දාපු මොහොතේ ඇය විසින් ලෝකය සමඟ බෙදාගත් අසමසම ශක්තිය පරම්පරා ගණනාවක සටන්කරුවන්ට/ සටන්කාරියන්ට ශක්තිය සහ අනුප්‍රාණය සැපයුවා. ඇය ඒ බව දැනගෙන ඉන්න ඇති කියලා මම මට කියාගන්නවා.

එක තනතුරක් වෙනුවෙන් අධ්‍යාත්මය උගස් තියන සහ ඒ ගැන උදම් අනන තරුණ පරම්පරාවක් ඉන්න අරාජික රටක ඉඳගෙන, ඉරුණු පින්තූරයක කොටස් නිදහසේ හුළඟෙ විසිරිලා යන හැටි මම දකිනවා. සුබ ගමන් Sinead!!

Rest in Power Comrade ♥️

විස්තර: BBC News Article by Michael Sheils McNamee and Steven McIntosh, and Sara Mardini IG page

සටහන Shenu Perera

@ Sanjaya Epa Senevirathna ගේ වෝලයෙන් උපුටාගති.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි