ජෝර්ජ් අලගයියා මට මුළින්ම මුණ ගැහුනේ 1996 දී. ඔහු එවකට අප්‍රිකාණු මහාද්වීපයේ බීබීසියේ විදේශ වාර්තාකරුවෙක්.
ඔහු බීබීසී ලෝක සේවයට කලාතුරකින් එන දවසකට එහි සිංහල [සංදේශය] හා දෙමළ [තමිල් ඕසෙයි] අංශවලට ඔළුව දාල යන්න කවදාවත් අමතක කළේ නෑ. එහෙම කතා කරන දවසක ළමාවියේ ලංකාවේදි අත්විදි හිංසනයන් කිසිම දවසක සිහි කළේත් නෑ. ඔහුට අප්‍රිකාණු මහාද්වීපයේ යුද්ධ හා වාර්ගික කලකෝලාහල සමඟ දිගු කලක් ජීවත්වීම නිසා ලංකාවේ අත්දැකීම් මහමෙරක් නොවන්න ඇති.
ඉතාම චාම් නිහතමානි වාර්තාකරුවෙකු වූ ඔහු බීබීසියේ ප්‍රධාන පුවත් සංග්‍රාහකයෙකු වේයයි එකල අපට සිතුනේත් නෑ. අතිදක්ෂයෙක් වූ අලගයියාට ඉහලට නැඟීමට පුත්ගලික ගුණාංග වගේම අතිශය කැපවීමත් උපකාර වුණා. නැගෙනහිර පළාතේ කල්මුනේ නගරයේ උපන් ජෝර්ජ් අලගයියා එහි සිට බ්‍රිතාන්‍ය ගුවන් විදුලියේ ඉහළටම නැඟීමට එන ගමන පුදුමාකාරයි. ඔහුගේ පියා ඩේවිඩ් අලගයියා, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ‘වාරි ඉංජිනේරුවෙක්’. ඉංජි. ඩේවිඩ් 1961 ලංකාව දාල අප්‍රිකාවේ ඝානා රාජ්‍යයට සංක්‍රමනය වෙන්නේ මේ වාර්ගික කෝලාහලවලින් බැට කෑමෙන් පසුව. 1958 වෙද්දී ‘ශ්‍රී පිස්සන්ගේ’ උමතුව නහුතෙටම නැඟල තිබුණේ. සොලොමන් ඩයස් බණ්ඩාරණායක වාහන අංකය මැදට ‘ශ්‍රී’ දැම්මේ දේශපාලන තක්කඩිකමට. සිංහල බෞද්ධ චන්ද ගරානාවට. ඒක පටන් ගත්තේ 1956 සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමේ පනත ගෙන ඒමෙන්.
1958 ජුනි මැයි 22 දා සිට ජුනි 02 වෙනිදා දක්වා පැතිරී ගිය ‘ශ්‍රී කෝලාහලයෙන්’ දෙමළ හා සිංහල මනුශ්‍යයන් 1500 පමණ අමුඅමුවේ මරා දැමුණා. මෙයින් බහුතරයකටත් වඩා දෙමළ. ‘ලාංකික දෙමළ’ යනුවෙන් හැදින් වූ [ ඉංදියානු දෙමළ නොවන] ජනයා සෙසු පළාත්වලින් පිටත්වීම පටන් ගත්තේ ‘ශ්‍රී කෝලාහලයෙන්’ පසුවයි. ඝානාව හරහා බ්‍රිතාන්‍යට සංක්‍රමණය වූ අලගයියා පවුල එහි තිබූ එහි තිබූ වාර්ගික අගතින් ජයගෙන එම සමාජයේ ඉහළටම ගමන් කළා. මේ පිංතුර අතරේ ඉන්න ලක්ෂ්මීනාරායන් සුබ්‍රමනියම් හා ලක්ෂ්මීනාරායන් ශංකර් ගේ කතාවත් අලගයියා පවුලේ කතාවට සමානයි. එල්. සුබ්‍රමනියම් ලෝකයේ ඉන්න ප්‍රකටම වයලීන් වාදකයෙක්. ඔහුගේ සහෝදරය එල්. ශංකර් ලෝකයේ සිටින ප්‍රකටම දිත්ව වයලීන් වාදකයෙක්.
‘ශ්‍රී උම්මත්තකයෝ’ ලක්ෂ්මිනාරායන් පවුලේ වැල්ලවත්තේ නිවස ගිනි තබනවිට වයලීනයත් රැගෙන ජනෙලයෙන් පැන ජිවීතේ බේරා ගත් ආකාරය පසු කලෙක එල්. සුබ්‍රමනියම් විස්තර කළා. වී. ලක්ෂ්මීනාරායන දකුණු ඉංදියාවේ උපන්නත් ලංකාවේ පදිංචියට ආවා. ඔහු යාපනය සංගිත විද්‍යාලයේ ගායනා හා වයලීන් වාදනය ඉගැන්නුවා. පසුව කොළඹට එනව. එතනදියි භාෂා හා ආගමික උම්මතකයන්ගේ ගොදුරු බවට පත්වෙන්නේ.
‘භාෂා හා ආගමික’ උම්මත්තකයන් නිසා රටට සිදු වූ පාඩුව ගණන් හදන මොහොතක් නෙවෙයි මේ. 1958, 1977, 1981, හා 1983 කළු ජුලිය නිසා රටට අහිමි වූ විශ්ව නිර්මානකරුවන් ප්‍රමාණය සෙවිමට අලගයියා පවුල වගේම ලක්ෂ්මිනාරායන පවුලත් අනාගත පර්යේෂකයන්ට උපකාර කරාවි. රටට මේ තරම් පාඩුවක් හා විනාශයක් මේ ‘ආගමික හා භාෂා’ උම්මත්තකයන් ගෙන දුන්නත් මොවුන් තවමත් සමාජයේ සිටින්නේ ජයග්‍රාහකයන් හැටියටයි. මතවාද පතුරුවන්නන් හැටියටයි. වාසනාවට මොවුන් තමන්ගේ වින්දිතයන් වූ මේ අනතර්ජාතික දැවැන්තයන් නොහදුනයි. උන් දන්නේ ගලබඩ අත්තේ, සමන්තභද්ර හා ඒ වර්ගයේ මීහරක් රැලක් පමනයි. එහෙත් අනාගතය මේ සියල්ලම යලි තක්සේරු කළ යුතුයි. ඒත් ඒව සොයන්න කලින් ඔබට මේ ‘ආගමික හා භාෂා’ උම්මත්තකයන් මතවාදිව පරාජය කිරීමට ක්‍රමවේදයක් අවශ්‍යවේවි.
27/07/2023