SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලංකාවට ටීවී ආවේ 1979 දී, පළවෙනි චැනල් එක අයිටීඑන්.

නමසිය අසූ තුනේ ජූලි යේ දවසක අපේ ඉස්කෝලය වෙනදාට වඩා වේලාසනින් ම හැර දැමුවා. ඒ කියන්නේ අවසන් කළා. මම හිතන්නේ 12.45 පසුවෙනවාත් එක්ක.

 

දෙහිවල ඉඳන් බත්තරමුල්ලට යන බස් ඔක්කොම කළුබෝවිල හරියේ හිරවෙලා එන්න බැරිව තියෙනවා කියලා පාරේ වාහනවල බයිසිකල්වල යන මිනිස්සු කෑ ගසමින් කියවගෙන ගියා. එහෙම ආපු ලොරියක අපිත් නැග්ගේ ඇතුල් කෝට්ටේන් හෝ රාජගිරියෙන් බැහගන්න පුළුවන් කියලා හිතාගෙන. ලොරි තට්ටුවේ පාසල් ළමයිනුත් නාඳුනන ගැහැනු මිනිසුනුත් හිටියේ කලබලයෙන් බයෙන් වගේ. අපි ඇතුළු කට්ටියකට රාජගිරිය වැලිකඩ හරියෙන් බහින්න ලොරිය නතර කළා. ලොරි තට්ටුව කෙළවරක සිටි මට වැඩිහිටි මිනිසුන් ගේ ශරීර නිසා පාරවත් මේ වැලිකඩ ද යන්නවත් හරිහැටි පෙනුණේ නැහැ. එළියේ වීදී දෙසින් මිනිස්සු කෑ ගහන හඬත් ගෝරනාඩුවකුත් ඇසුණා. ඒ් ඒක්කම ලොරිය දුම නංවමින් ආයෙත් පණ ගැන්වුණා. ලොරිය ඇතුළේ මිනිස් කලබලය යි පාරේ කලබලය යි එක්ක මට ලොරියෙන් බහින්න හිතුණේ නැහැ. ලොරියෙන් නැගෙන දුම් වළාව අතුරින් පෙට්ටියක් උස්සන් ආපු මිනිහෙක් ඒ පෙට්ටිය ලොරියට දාලා ‘‘යං යං‘‘ කියලා ලොරි ඩ්‍රැයිවර්ට කෑ ගැහුවා.

 

‘‘කවුරුත් බහින්න එපා අපි මෙහෙම් ම ගිහින් බොරැල්ලෙන් හරවගෙන බත්තරමුල්ලට යනවා…‘‘ කියලා ඒ මනුස්සයා කිව්වා.

ලොරිය ඇතුළේ කෙළවරක හිටිය මට මිනිස්සු අතරින් පාර පෙණුනේ තැනින් තැන, මිනිස් බඳවල්, උරහිස් අතරින්. මොකක් නමුත් ලොකු කලබලේක මැදින් ලොරිය යනවා කියලා නම් මට දැනුණා. මිනිස්සු අස්සෙන් පාර දිහා බලපු මම දැක්කේ බොරුල්ල මැලිබන් හෝටලය තිබුණු කඩ පේළීය ගිනි ගන්නවා. තාර පාරේ රෝල් වෙන බොම්බයි ළූණු ගෙඩි චප්ප කරමින් ඒ මතින් යන වාහන. හැමතැන විසිරිලා තිබුණු සැමන් ටින් එකින් එක ලොරියෙන් බැහැපු මිනිස්සු ඇහිදගත්තා. බලන් ඉන්නකොට ලොරිය එක එක බඩුවලින් පෙට්ටිවලින් සාරි ඇඳුම්වලින් පිරුණා. මේ කලබලය අස්සේ හන්දියේ මැද දාස බිල්ඩින් එකෙන් කළු දුම් අහසට නැගෙනවා. හැම තැනම වාහනයක් දෙකක් ගිනි ගන්නවා. පාර අයිනේ ගිනිගන්න ඇඳුම් කාඩ්බෝඩ් පෙට්ටි සහ ටයර් ගොඩක් අස්සේ කළු ගැහුණු කකුළක් සහ ඒකටම වෙළුණු සාරි පොටක් තිබුණා.

 

‘‘හපෝයි… දෙමළු ඉවරයි!‘‘ ලොරි ඩ්‍රැයිවර් කෑ ගැහුවා.

 

රාජගිරියට එන අතරමඟත් ලොරියේ සිටි අය තැන් තැන්වල තිබුණු බීම බෝතල්, බටර් පෙට්ටි ලොරියට දාගත්තා. බත්තරමුල්ල දෙසට නොයෙකුත් වාහනවල පුළු පුළුවන් විදියට පාසල් ළමුන් සහ අනෙකුත් මිනිසුනුත් එල්ලිලා රොද බැඳිලා, අඩුම ගණනේ මඟකටවත් යෑමට උත්සුක වුණා. බත්තරමුල්ලට එනකොට කලබලය අඩුයි. කොස්වත්තට යන්න බසුත් තිබුණා.

 

කොස්වත්තේ අපේ ගෙදරට විදුලිය තිබුණේ නැහැ. ජූලි කෝලාහල යේ හැම ප්‍රවෘත්තියක් ම අපි ඇහුවේ ගෙදර තිබුණු කැසට් රේඩියෝ එකෙන්. හවස හය පහුවෙනකොට අසල්වැසි ගෙදරක තිබුණු එකම ටීවී එකේ ප්‍රවෘත්ති බලන්න අපි හැමෝම දුවගෙන යනවා. ඒ ප්‍රවෘත්තිවලට මම දවල් දැකපු දේවල් කිව්වෙත් නැහැ. දැකපු දේවල් ගෙදරට නොකියන්න මමත් වග බලාගත්තා.

 

එදා රාත්‍රියේ අපේ ගෙදරටත් බටර් පෙට්ටි වගයක් මයිසූර් පරිප්පු සහ කරවල වගයක් තවත් අසල්වැසියෙකු ගෙනැත් දුන්නා. ජූලි මාසේ මොනවාද වුණේ කියලා පුංචි අපිට ලොකු තේරුමක් තිබුණේ නැහැ.

 

දින කිහිපයක් යනකොට අපේ ගෙදරටත් තාත්තා ටිවී එකක් ගෙනාවා. හැබැයි ඒක අළුත් එකක් නෙවෙයි. ජේවීසී අඟල් 20 කළු සුදු ටීවී එක නාවල පැත්තේ තාත්තා ගේ හිතවතෙක් රුපියල් 1500 ට දීලා තිබුණේ. කාර් බැටරියක් ගෙනැල්ලා තමයි ඉස්සෙල්ලාම අපි ටීවී බැලුවේ. අයිටීඑන් එකේ හැම අඟහරුවාදා ම සිංහල ෆිල්ම් එකක් පෙන්නනවා.

 

පස්සේ දවසක අපි ඒ ටීවී එකෙන් ‘‘සිරි පතුල‘‘ බැලුවා. ‘‘සිරි පතුල‘‘ අධ්‍යක්ෂණය කළේ දමිළ ජාතිකයෙකු වූ කේ. වෙන්කට්. ඔහුව තම කාර් එක ඇතුළේ ම තියා දෙහිවල ප්‍රදේශයේ දී ගිනි තබන්නේත් මේ ජූලි මාසයේ ම තමයි. කොහොම හරි මේ ටීවී එක තමයි අපේ සංස්කෘතික ජීවිතයේ පළවෙනි තාක්ෂණික හුරුව වුණේ. අපි ඉංග්‍රීසි, හින්දි, සිංහල ෆිල්ම්ස් ගොඩාක් බැලුවේ මේ ජේවීසී ටීවී එකෙන්. අපි රටේ ලෝකේ ගැන දැනගත්තේ, ප්‍රවෘත්ති බැලුවේ මේ ටීවී එකෙන්. මේක අපේ තාත්තා ගේ හිතවතාට ලැබුණේ කොහෙන්ද කියලා මම අදටත් දන්නේ නැහැ. හැබැයි මට විශ්වාසයි, අපේ ජේවීසී ටීවී එකේ මුල් අයිතිකරු දමිළ ජාතිකයෙක්.

 

@Shiranjith Nishantha Gammudhuwatta fb page

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි