SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තු ශ්‍රවනාගාරේ හෙට (25 වැනිදා) තිබෙන "පත්තර මල්ලි"ගේ 25 වන සංවත්සර උත්සවයට, "ඔයත් සිටියා නම් කොයිතරම් දෙයක්ද?" යැයි දුර බැහැරක සිටින මටද නුවන් ලියනගේ ආරාධනා පත්‍රයක් එවා තිබුනා.

නුවන් සහ නුවන්ගේ වැඩ ගැන ලියන්න නම් මහ ගොඩයි. ඒත් ලියන්න වෙන්නෙ ටිකයි. අපි දෙන්නා සමහර මතවලින් නොපෑහුනත් සහෝදර මිත්‍රකම්වලින් ළඟපාතයි.

 

නුවන් කියන්නේ විද්‍යුත් මාධ්‍යයේ පත්තරේ කියවන වැඩෙහි පුරෝගාමියා. අවුරුදු 25 කට කලින් පත්තරේ තියෙන දේට පොඩි ආලවට්ටමක් දමා නුවන් පටන් ගත් වැඩේ දැන් අනෙක් අය රම්පෙට පොරි හැලෙන්න කරනවා.

ටීවි එකෙන් බන්දුල පද්මකුමාර මෙහි අළුත් නැම්මක් ඇති කළ බව අවිවාදිතයි. එහෙත් ඉන් පසුව ආපු අයියලා, මල්ලිලා පත්තරේ කියවනවා වෙනුවට රට, ජාතිය, ආගම වෙනුවෙන් මරාගෙන මැරෙන චණ්ඩි වගේ හැසිරෙන සෙයක් ඇතැම් අවස්ථාවල දක්නට ලැබෙනවා. ආයතනයේ ඇජෙන්ඩා එකත් තමන් දරණ මතයත් වෙනුවෙන් ඔවුන් උදේ පාන්දර තල් අත්තට බොරළු හෙලනවා.

එනයින් නුවන් විශේෂිතයි. ඔහු ජාතිවාදීයෙකු, ආගම්වාදියෙකු නොවී මාධ්‍ය ආචාර ධර්ම සුරකින්න උත්සාහ දරණ මාධ්‍යකරුවෙකු වීම ගැන සතුටු වෙන්න පුළුවන්.

නුවන්ගේ තවත් විශේෂත්වයක් වන්නේ වැඩේ කෙටියෙන් හා රහට කිරීමයි. රූපවාහිනී නාලිකාවල පත්තරේ කියන වෙනත් බොහෝ අය පේපර් කටින් එකත් පෙන්වමින් මුළු පුවතම කියවමින්ද වැඩේ කරනවා.

ඒ වැඩසටහන් විශාල පිරිසක් බලන බවද පේන්න තිබෙනවා. පත්තර අලෙවිය පහත වැටෙන එකට මේකත් හේතුවක් විය හැකියි. හැබැයි ඒ ගැන නම් ලොකු සංවාදයක් නැහැ. නුවන්ගෙන් සීමාව ඉගෙන ගත්තා නම් අනෙක් අයට ගිරව් වගේ පත්තරේම කියලා දාන්න ඕන නැහැ.

නුවන් කරන්නේ හඬට පමණක් සීමාවුනු විනාඩි 5 ක 10 ක වැඩක්. පුවතක අන්තර්ගතය දෙස විචක්ෂණශීලී අක්ෂියකින් බලා, සදය උපහාසයක් ශ්‍රාවකයා තුළ ජනිත කිරීමට නුවන් සමතෙක්. මාධ්‍යයේ පරිපාකයට ගිය කෙනෙක් ලෙස තම මතයම ඉදිරිපත් නොකොට අසන්නාගේ පරිකල්පනය අවදි කරනු පිණිස කවුළුවක් හැර දීමේ නිර්මාණශීලි හැකියාව ඔහුට තිබෙනවා.

ඒ වගේම කිසිඳු කඳවුරකට නොඇලී නිදහසේ වැඩක් කිරීමට නුවන්ට ඕනෑකමක් ඇති බව මා දන්නා දෙයයි. එහෙත් අනෙක් සියල්ලන්ට මෙන්ම ආයතනගත බැඳීමෙන් ඔහු නිදහස් නැහැ. සමහර අවස්ථාවල ප්‍රධානීන්ගේ උදහසට ලක්වූ බවද මා දන්නා කරුණක්. එනිසා හැම විටම පත්තර මල්ලීගෙන් එළියට එන්නේ ඔහුගේ නිකළැල් මාධ්‍ය ඌෂ්ණය නොවන බවයි මගේ නම් වැටහීම.

 

නුවන් සමග රස කතා ගොඩක් ඇති

 

nuwan 2

 

මාත් විටෙක "පත්තර මල්ලි"ගෙ හතුරෙක්. ඒ කෙසේද යත් එකල "බැලුම්ගල" ඉදිරිපත් කරද්දී එහි කාලය විනාඩියක් දෙකක් පැන්නොත් අර්බුදයට යන්නේ නුවන්ගේ පත්තර මල්ලිගේ කාලයයි. එහි ඊළඟ අර්බුදය වන්නේ "පත්තර මල්ලී" උදේ අට පැන්නොත් ඊළඟ වැඩසටහන කරන Chandima Darshanath Suriyarachchi ට පැනීමයි. එසේ "බැලුම්ගල" 7.40 පසුවී විනාඩියක් දෙකක් එහාට ගිය හොත් "සිනා සිසී බැනුම් ඇසීමේ මූඩ් ඇති" Nilupa Sanjaya Liyanage හැකි විගස මැදිරියෙන් එළියට පැන සැඟවීම සාමාන්‍ය සිරිතයි. නුවන් මට මුවින් නොබැන මගේ කොටසද පිට කරන්නේ නිලූපගෙන්. කවරක් වුවද නුවන් යනු හිත නොහොඳට වැඩි ආයුෂ නැති මනුස්සයෙක්.

නුවන්ගේ අවුරුදු 25 ගැන වෙනත් පැත්තකින් හිතන්නත් තිබෙනවා. එපා නොවී එකම වැඩක් කාලාන්තරයක් කිරීම වගේම අවුරුදු 25 ක් නිදිගැට හැර ගෙදර දොර සමහර වගකීම්, යුතුකම් පැහැර හැර කුකුළා අතින් ගෙන මේ වැඩේට එන එකත් ලේසි නැහැ. (එහිදි නම් ඔහුගේ ප්‍රිය බිරිඳ ඉෂානිට ස්තුති කරන්න වටිනවා.) එසේ ආවත් නුවන් කිසිදා දුක්ගැනවිලි කියනු මා නම් අසා නැහැ. ඒ කැපවීම නම් විශිෂ්ඨ එකක්.

මේක නුවන්ට සුබ පතන අවස්ථාවක් වුනත් අවසන් වශයෙන් මේ කතාවත් කියන්න ඕන.

ලංකාවේ විද්‍යුත් මාධ්‍යයේ පත්තර කියවන වැඩේට අවුරුදු 25 ක් ගතව ඇතත් පොදුවේ එහි කිසිදු ගුණාත්මක වර්ධනයක් නම් දක්නට නැහැ. අන්තර් ජාතික නාලිකා නැරඹීමෙන් ඒ බව ඉතා පහසුවෙන් හඳුනාගත හැකියි.

එකී කිසිදු නාලිකාවක මාධ්‍යකරුවන් පුවත්පතක ඇති සියලු දේ කියවීම හෝ තම මත ඉදිරිපත් කරන්නේ නැහැ. ඒ වෙනුවට අදාළ දිනයේ, රටටත් ජනතාවටත් වැදගත් වන ප්‍රවෘත්ති ගැන විශ්ලේෂණයක් හෝ තවදුරටත් දැනුවත් කළ යුතු දේ ගැන අදාළ පාර්ශව සම්බන්ධ කරගනිමින් සාකච්ඡා කිරීමයි සිදු කරන්නේ.

එහෙත් ලංකාවේ පුවත්පත් කියවීම අසන, නරඹන පිරිස කුල්මත් කරවන හෝ ඔවුන්ගේ ආවේග අවුස්සන තවත් එක් වැඩසටහනක් පමණයි. SLBC හි හඩ්සන් සමරසිංහ ඇතැම් අවස්ථාවල පුවත්පතටත් අවලාද නගමින් හෝ ගරහමින් එහිම ප්‍රවෘත්ති කියවීමත් හෙළාදැකීමත් මීට එක් උදාහරණයක්. සමහරුන් ඇතැම් ජගුබ්සාජනක සිදුවීම් තළු මරමින් ඉදිරිපත් කිරීමත් සුලභ දෙයක්.

මේ නිසාම "පත්තර මල්ලි" කියලා බ්‍රෑන්ඩ් එකක් හදපු, දැනටත් අන් අයගෙන් වෙනස් නුවන්ට අවුරුදු 25 ක් ගත වුන තැන ධනාත්මක වෙනසක් ගැන හිතන්නත් ආරාධනා කරනවා.

නමට "පත්තර මල්ලි" වුනත් නුවන් උඹ ලොකු අයියා. ඒ නිසා පොඩ්ඩක් යුතුකම් ඉටුකරන්නත් බලනු! ළඟින් ගියත් හිත පිරෙන සහෝදරයාට සුබ පතමි!

 

@Mahinda Rubasinghe fb page

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි