කොළඹ කාර්යාලවල සේවිකාවන් සම්බන්ධ කරගෙන බම්බලපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සුපිරි ගණිකා නිවාසයක් වටලා එහි හිමිකරු හා කාන්තාවන් කිහිප දෙනෙකු වලාන දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇති පුවතක් වෙබ් අඩවි වාර්තා කර ඇත.
එකී පුවතට අනුව අත්අඩංගුවට ගත් කාන්තාවන් අතර දෙදෙනෙකු කාර්යාල සේවිකාවන්ය. පොලිසිය සඳහන් කරන්නේ මෙම ස්ථානයේ ගණිකා වෘත්තීයේ යෙදෙන බොහෝ පිරිසක් කොළඹ හා ඒ අවට කාර්යාලවල සේවය කරන කාන්තාවන් බවයි.
ඔවුන් රාජකාරි නිමා කර මෙම ස්ථානයට පැමිණ ගණිකා වෘත්තියේ යෙදී අමතර ආදායමක් සොයා ගැනීමට පුරුදු වී සිටින බව පොලිසිය කියා සිටී.ඇතැම් කාන්තාවන් මෙම ස්ථානය රාත්‍රී නවාතැන් ගෙන පසුදින කාර්යාලවල සේවයට යන බවත් දිවා කාලයේ මෙම ස්ථානය කිසිවෙකු නොමැති බවත් පොලිසිය සඳහන් කරයි.
එම කාන්තාවක් සදහා රුපියල් නවදහසක මුදලක් ගෙවිය යුතු බවත් රාත්‍රී පුරා ගත කරන්නේ නම් රුපියල් තිස් දහසක මුදලක් ගෙවිය යුතු බවත් පොලිස් සොයාගැනීම් හරහා පවසයි.
මෙම තත්වය කොළඹ කාර්යාල සේවිකාවන් සම්බන්ධයෙන් පමණක් නොව අධ්‍යාපනයේ නිරත ශිෂ්‍යාවන් සම්බන්ධයෙන්ද සිදුව ඇති බව පසුගිය දිනවල ඇතැම් විශ්වවිද්‍යාල පාදක කරගත් පුවත්වලින් හෙළිවී තිබුණි. බොහෝ සරසවි ශිෂ්‍යාවන්ද මේ වනවිට තම අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යන අතරතුර ස්පාවල සේවයට මෙන්ම ස්ත්‍රී ලිංගික ශ්‍රමිකයන් වශයෙන්ද ආධායමක් උපයාගැනීමට පත්ව ඇතැයි වාර්තාවේ.
මාධ්‍ය ක්ෂේත්‍රයේ නියැළුනු ජ්‍යෙෂ්ටයෙකු පැවසුවේ සමහර සරසවි සිසුවියන් ස්පාවලට යද්දි සමහර සරසවි සිසුන් දිවාකාලයේ පිකටින්වලට ගියත් රාත්‍රී රේස් බුකීවල බිල් ලියන්නන් බවට පත්ව ඇතැයි කියාය. එමෙන්ම සරසවි ආසන්‌නයේ බොහෝ මත් වෙළඳාම් පවතින් බවත් බහුතරයක් සිසුන් මේවනවිට අයිස් වැනි මත්ද්‍රව්‍යයන්ට පෙළඹී ඇති බවත් ය.
මේ පිළිබඳව බොහෝ වැඩිහිටියන්ගෙ අදහස අපේ කාලයේ ඔය වගේ වැඩ සිද්ධ උනේ නැහැ කියමින් වර්තමාන පරපුරට දෝස්මුරය තැබීමයි. එමෙන්ම දෙමාපියන් දුක් මහන්සියෙන් කන්න බොන්නට දෙද්දී රජයෙන් ශිෂ්‍යාදාරයක් ලබාදෙද්දි මේ වැනි ක්‍රියාවන්වල යෙදීම මෙම තරුණියන්ගේ වරදක් ලෙස පමණක් දකින වැඩිහිටියන් අනන්තවත් ඇත.
එමෙන්ම වර්තමාන රංගන ශිල්පිනියන්ටද තම සිරුර පවත්වාගෙන යෑමට මසකට අධික මුදලක් වැයවේ. එමෙන්ම ඔවුන්ගේ වෘත්තිය රැකගැනීමට නම් තම සිරුර ආකර්ශනීයව තිබිය යුතුය. එහිදී ඒ වෙනුවෙන් වැයවන මුදල සොයාගැනීමට වෘත්තිය හරහා ලැබෙන මුදල ප්‍රමාණවත් නොවන කාන්තාවන් බොහොමයක් ඇත.
එදා ශිෂ්‍යාවකට, තරුණියකට, රංගන ශිල්පිනියකට තිබූ මූලික අවශ්‍යතා අද වනවිට අධිකතර ජීවනබරක් සහිතව විශාල වශයෙන් වැඩිවී ඇත. පරිභෝජනකාමය උත්සන්න කර ඇති සමාජයක අද ශිෂ්‍යයෙක්/ශිෂ්‍යාවක් ගේ මූලික අවශ්‍යතා ලේඛනයේ ඉහල අගයක් ගන්නේ පොතක් පතක් පැන්සලක් පෑනක් ආහාර ටිකක් නවාතැනක් පමණක් නොවේ. ස්මාට් ෆෝන් එකක්, නවීන ලැප්ටොප් එකක් ඇතුළුව ආහාරපාන, හොඳ නවාතැනක්, මාසයකට වරක් හෝ ක්ලීනප් එකක්, ෆේෂල් එකක්, කොණ්ඩය ට්‍රිම් කිරීම, රිලැක්ස් කිරීම, කලර් කිරීම, ඇඳුම් විලාසිතා අනුව මිළට ගැනීම, සපත්තු, හෑන්ඩ් බෑග්, නේල් කලර්, තොල් ආලේපන, ආයිත්තම්, විවිධ ප්‍රිය සම්භාෂන, පික්නික්, ට්‍රිප්, මේ ආකාර බොහෝ අවශ්‍යතා ඔවුන්ගේ මූලික අවශ්‍යතා ලේඛනයට මේ වනවිට එක්ව ඇත. මේ පරිභෝජන රටාව තුළ ඒවා නඩත්තු කිරීම සඳහා මාරාන්තික ලෙස පසුබට නොවන මෙම පාරිභෝගිකයා ඒ අතරම තම පවුල නඩත්තු කිරීමේ අර්බූධයටද මුහුණ පා ඇත.
රාජ්‍ය හෝ පෞද්ගලික සේවයට එක්වන ස්ත්‍රීන්ට තම දරුවන්ගේ අවශ්‍යතාද මේ ලේඛණයේ ප්‍රමුඛ වී ඇත. එහිදී දරුවාගේ පාසැල් ගාස්තු, ප්‍රවාහනය සඳහා පාසැල් වෑන් රථ ගාස්තු, පෞද්ගලික පන්ති ගාස්තු, විවිධ ක්‍රීඩා සහ සෞන්දර්ය කටයුතු ගාස්තු සඳහා යෙදවීමට අවශ්‍ය මුදල්, ඇඳුම් පැළඳුම්, ආහාර මෙන්ම දරුවන්ට අවශ්‍ය පරිගණක ජංගම දුරකථන ආදිය ලබාදීමද අත්‍යවශ්‍ය වැය ලේඛනයට එක්ව ඇත. ඉදින් ඔවුන්ගේ මාසික ආදායම හරහා මේ සියල්ල කරන්නට තබා සිතන්නටවත් නොහැකිය.
මෙම තත්වයට වගකිව යුත්තෝ කව්රුන්ද? බොහෝ විට මේ සඳහා නිර්ධය ලෙස විවේචනය කරන සියළුම පාර්ශ්වයන් වගකිව යුතු මෙම පරිභෝජනය මුල්කොට ගත් තරඟකාරී සමාජක්‍රමය පිළිබඳ ඔවුන් වරදක් නොදකින්නේ කුමක් නිසාද? ඒ තත්වය වෙනස් කිරීම කෙසේ වෙතත් සෑම වගකිවයුතු පාර්ශ්වයකින්ම ඔවුන් ඉල්ලා සිටින්නේ එම අවශ්‍යතා කෙසේ හෝ වෙළඳපොල හරහා පවත්වාගෙන යෑම නොවේද?
මේ ගෙවීයන්නේ අපගේ තරුණ පරම්පරාවේ වේදනාකාරී විනාශයේ කාලපරිච්ඡේදයයි. ඔවුන් මෙම පරිභෝජන අවශ්‍යතා වෙනුවෙන් දිවි පරදුවට තබා වැඩකරන්නට පෙළැඹී ඇත්තේ එබැවිනි.
(මේවා ලිංගික නිදහස වැනි සටන්පාඨවල තබා චින්තන ධර්මදාස වැනි ලිබරල් අදහස් අටවාගත්තවුන් අදහස් දක්වන්නේ පවත්නා වෙළඳපොල අර්චනකාමයට ගොදුරුව හුදෙක් තම ව්‍යාපාරයන් පවත්වාගෙන යෑම වෙනුවෙන්ම පමණි. ශමන්ත බණ්ඩාර වැනි ලිබරල් වම්මුන්ට ඇත්තේ වෙළඳපොල ක්‍රමය තුළ හටගත් තම හීනමානය නඩත්තු කරගැනීමට තමා විශාල සංස්කෘතික ජීවියෙක් බව ලෝකයාට ප්‍රදර්ශනය කිරීමේ පන්ති අරමුණක් පමණි.)
@සමාරා පරණවිතාන
Cnews පුවත ඇසුරින්