SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

වහල් නීති එපා කියමින් වාමාංශික පක්ෂ සහ කණ්ඩායම් විසින් මේ වන විට ප්‍රචාරක කටයුතු අරඹා ඇත.

රනිල්-බැසිල් සුසංයෝගයක් ඇති වීම අනීවාර්යතාවයක් බවත්, රනිල් බලයට පැමිණෙන බවත්, අප ප්‍රකාශ කරන ලද්දේ 2020 වර්ෂයේදීය. වසර දෙකහමාරකට පමණ පෙර අප දුටු දේවල් සියල්ල අද සැබෑවෙමින් ඇත.

 

ගෝල්ෆේස් අරගලය තුලින් ඉල්ලා සිටි තත්වය ඇති කිරීමට නම් ගමන් කලයුතු එකම මාර්ගය සහ කලයුතු සංස්කරණ පිළිබඳව අප රනිල් ජනාධිපති වීමට පෙර සිටම කරුණු දක්වා ඇත. දැන් රනිල් විසින් අප කලින්ම ප්‍රකාශකල සියල්ල ඒ අකාරයෙන්ම ක්‍රියාත්මක කිරීම අරඹා ඇත. අපගේ ලිපි කියවමින් ඒවා නොදැක්කා සේ සිටිනා අය අඩු තරමින් සිතිය යුත්තේ චිත්‍රපට දර්ශනයක පෙළ ගොඩනැගෙනවාක් මෙන් අප මේ දේවල් පිලිවෙලින් හරියාකාරව කල්තියාම ප්‍රකාශ කලේ කෙසේද යන්නයි. වාමාංශිකයන් ඒවා පිළිගැනීමට කුහක වුව ද රනිල් සමග සිටින සමහර ලිබරල්වාදීන් අවංකව අප එසේ කල්තියා දුටු බව පිළිගනී.

ලංකාව වෙත ආයෝජකයින් අද්දවා ගැනීමට සිතන්නේ නම්:

01. නව ආයෝජන ගෙන්වා ගැනීමට නම් පැය 14-16ක වැඩමුරයක් අවශ්‍ය බව... සේව්‍ය පක්ෂය පැත්තෙන් බැලුවහොත් සැලකිය යුතු වැටුපක් හිමිකොට ගැනීමට නම් වැඩි ශ්‍රම-කාලයක් වැය කල යුතු අතර එසේ උපයා ගන්නා මුදල වියදම් කිරීම තුලින් වෙළඳපොල ධාවනය විය යුතු වීම... ඒ අනුව සිටිය යුත්තේ වැඩ කරන සහ එම කාර්ය බහුල, අවිවේකි, අසහනකාරී ජීවිතය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය භාණ්ඩ සහ සේවා (ජීවිතය පහසු කොට ගැනීම සඳහා සහ ඉතිරි වන සුළු කාලය තුල විනෝදය වෙනුවෙන් එම සුළු කාලයට ගැලපෙන අයුරින් සකස් වන භාණ්ඩ) මිලදී ගන්නා මිනිසුන්ය.

02. ස්ත්‍රී ශ්‍රමය සම්පූර්ණ වශයෙන් ආර්ථීකය වෙතට උරා ගත යුතු බව... (65%ක් ඉතිරිව ඇත)...

3. යැපුම් කෘෂිකර්මාන්තය සහ ප්‍රජා මූලිකව පවතින කෘෂිකර්මාන්තයන් සම්පූර්ණයෙන්ම විනාශ කොට දමා (මෙය සිදු කරනු ඇත්තේ ක්‍රම ක්‍රමයෙනි) මහාපරිමාණ කෘෂි සමාගම් වෙත සහ අලුතින් ඇතිවන කර්මාන්ත වෙත ඒ සියලු ශ්‍රමය උරා ගැනීම කල යුතුව ඇත.

එසේ නොමැති වුවහොත් පවතින යථාර්තය තුල ලංකාවේ කෘෂිකර්මාන්තය විනාශවීම සිදු වනු ඇත. උදාහරණයකින් පවසන්නේ නම්: විශාල වශයෙන් වී වගා කරන පොලොන්නරුව දිස්ත්‍රික්කයේ කුඹුරුවල වැඩ කිරීම සඳහා එම ප්‍රදේශවල ශ්‍රමිකයින් මේ වන විට නොමැති තත්වයක් උදා වී ඇත. ඒ අනුව මඩකලපුව සහ අම්පාර ප්‍රදේශවලින් පැමිණෙන මුස්ලිම් සහ දෙමල මිනිසුන් ඒවායේ ශ්‍රමිකයින් බවට පත්ව ඇත.

තේ වගාව සම්බන්ධයෙන් ගත්ත ද තත්වය එසේය. මේ වන විට මහා පරිමාණ වතු සමාගම් ශ්‍රමික අර්බුධයන්ට මුහුණ දී ඇති අතර වතු කට්ටිකොට විකුණා දැමීමට සිදු වන බව පවසමින් සිටී.

4. මහා පරිමාණ කෘෂි සමාගම් ලංකාවට පැමිණීමට නම් විශාල භූමි ප්‍රදේශ ඔවුන් සඳහා නිදහස් කල යුතුව ඇත. ප්‍රජා මූලික කෘෂිකර්මාන්තය සිදු කරන භූමීන් ගොඩනැගී ඇත්තේ ප්‍රජාවන් සංවිධානය වී ඇති ආකාරය තුල බැවින් ඒවා සමාගම්වල අවශ්‍යතාවයට නොගැලපෙන බැවින් පවතින වනාන්තර වලින් 60%ක් වත් එළිපෙහෙළි කලයුතුව ඇත.

5. සංචාරක කර්මාන්තය දියණු කිරීම සඳහා ඉතිරි වනාන්තර මැදින් මාර්ග ඉදිකිරීම සහ වනාන්තරවල හෝටල් ඉදිකිරීමට ඉඩම් ලබාදීම සහ එවැනි සංචාරක ව්‍යාපෘති සඳහා මාර්ග සකස්කොට දීම ("ජාතික භෞතික සැලැස්මට" අනුව ඉදිරියේදී ලංකාව තුල බිම් ප්‍රමාණයෙන් වැඩි ප්‍රමාණයක් මාර්ගවලට අයත්වනු ඇත. ලංකාව දැනටමත් මාර්ග ඝනත්වය අතින් ලෝකයෙන්ම 4වන ස්ථානය).

6. රාත්‍රී ආර්ථිකයක් ඇති කිරීම, නොනිදන නගර, නොනිදන මිනිසුන් ඇති සමාජයක් ගොඩනැගීම.

7. ඉහත කී කාරණා සපුරාගත හැකි විශාල සංස්කෘතික වෙනසක් සිදු කිරීම සඳහා අවශ්‍ය කටයුතු සංවිධානය කිරීම සහ ඒවාට ගැලපෙන අයුරින් නව නීති සම්පාදනය කිරීම.

8. කොළඹ ප්‍රථම වරට මුඩුක්කුකරණය කරන ලද්දේ ඉංග්‍රීසි පාලනය විසිනි. දෙවන වර එම තත්වය වඩාත් තීව්‍රැකොට මුඩුක්කු ප්‍රමාණය වැඩිකරගනිමින්, මුඩුක්කුවාසීන් ආර්ථිකයට උරාගන්නා ලද්දේ 1977 වසරේ UNPය බලයට පැමිණ ක්‍රියාත්මකකල දේශපාලන-ආර්ථික ව්‍යාපෘතිය විසිනි. නමුත් දැන් එම ජන ප්‍රජාව සහ එම නිවාස පද්ධතීන් සංවිධානය වී ඇති ආකාරය ප්‍රතිව්‍යූහගත කිරීම අවශ්‍යව ඇත. ඒ කොළඹ ඇති එම වටිනා ඉඩම් විකුණා දැමීම සඳහා සහ ඒවා මිලදී ගන්නා ආයෝජකයින්ට අවශ්‍ය කායික ශ්‍රමයට ගැලපෙන අයුරින් එම ජන ප්‍රජාව විපර්යාස කිරීම සඳහාය.

9. කොළඹ පිහිටා ඇති වැලිකඩ හිරගෙදර වැනි ස්ථාන සහ ගොඩනැගිලි එම ස්ථාන වලින් ඉවත් කොට එම ඉඩම් ද විකුණා දැමීම.

10. ලංකාව අලංකාර කිරීම සඳහා අවශ්‍ය ඊනියා පාරිසරික ප්‍රතිපත්තීන් සකස් කිරීම.

11. ඉදිරි ධනවාදයට ගැලපෙන පරිදි ඉතා ඉක්මනින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීම.

 

12. NVQ (National Vocational Qualifications) ක්‍රමවේදයක් සකස් කොට සියලු ශ්‍රමිකයින් වර්ග කිරීම සහ එම වර්ග කිරීම් වලට අදාළ වැටුප් පරිමාණ නීර්ණය කිරීම.

13 ඉඩම් සහ නිවාස සඳහා බදු අය කිරීම සහ ක්‍රමයෙන් බදු වැඩි කරමින් මධ්‍ය පරිමාණ සහ කුඩා ඉඩම් (යැපුම් කෘෂිකර්මාන්තය සහ ප්‍රජාමූලික කෘෂිකර්මාන්තය සිදු කල හැකි) තබා ගැනීමට නොහැකි වන ආකාරයෙන් බදු වැඩි කිරීම සහ සමාගම සඳහා වන විශාල ඉඩම් වලින් බදු නිදහස් කිරීම.

14. සාමාන්‍ය සහ මධ්‍යම පාන්තික පවුල් සඳහා විශාල නිවසක් ඉදිකොටගත හැකිවීම හෝ සන්තකයේ තබා ගැනීම කල නොහැකි මට්ටමට ගෙන ඒම (2048 වන විටදී මහල් නිවාස ජනප්‍රිය කරවීම).

15. ඉඩම් හා නිවාස බදු වැඩි වීම තුල, ඒවා නඩත්තු කිරීමට කාලවේලාවක් නැති වීම තුල සහ ප්‍රවාහන කාලවේලාව ඉතිරිකොට ගැනීම වෙනුවෙන් මිනිසුන් ක්‍රමයෙන් නාගරික මහල් නිවාස වෙත සංක්‍රමණය වීමට හුරුවන අතර නැවතත් විශාල ඉදිකිරීම් ක්ෂේස්ත්‍රයක් ඒ හරහා ගොඩනගාගත හැකිය.

16. සියලු දෙනා සඳහා රක්ෂණ ක්‍රමයක් ඇති කිරීම සහ ඒ තුලින් සෞඛ්‍ය වියදම් වැනි දේ වලින් රජය නිදහස් වීම.

17. සෞඛ්‍යය, අධ්‍යාපන, ඇතුළු සියලු ව්‍යාපාර වලින් රාජ්‍යය ඉවත් වී යටිතල පහසුකම් සම්පාදනය, නීති සම්පාදනය සහ ක්‍රියාත්මක කිරීම, නියාමනය වැනි කාර්යයන් පමණක් සිදුකරන ආයතනය බවට රජය පත්වීම.

18. තරඟකාරී ව්‍යාපාරවලට ඉඩ විවර කිරීම සහ සෑම ක්ෂේස්ත්‍රයක්ම තරඟකාරීත්වය තුල ගිල්ලවීම සහ පරිසර සංරක්ෂණය (පරිසරවාදය) සඳහා ද තරඟකාරීත්වයක් සහ මිලක් නියම කිරීම තුලින් පරිසරවාදය (ආගම අබිං බව පැවසුවේ මාක්ස් විසිනි. නමුත් මේ යුගයේ අබිං ලෙස හැඳින්විය හැකි ප්‍රධානතම ක්ෂේත්‍රය පරිසරවාදයයි) වෙත පියමැනීම.

මේ කාරණා සම්බන්ධයෙන් අප රනිල්වාදී පාර්ශවයන් දෙකක් සමග සංවාද දෙකක් සිදු කොට ඇත. ඒවායේ සබැඳීන් පහතින් දක්වා ඇත.

ඉහත සඳහන් කල ප්‍රධාන කාරනා සියල්ල ඉටුකිරීම අරඹමින් ආයෝජකයින් දෙස විරිත්තා බැලිය හැකි වුවද ඔවුන් ලංකාව වෙත ඇදී ඒදොයි යන්න පිළිබඳව පැහැදිලි විශ්වාසයක් නොමැත. නමුත් ලංකාවේ "ජනතාව" මේ වන විට ඉල්ලා සිටින සහ බලාපොරොත්තු වන තත්වය (ගෝල්ෆේස් අරගලය තුලින් ඉල්ලා සිටි තත්වය) උදාකොට දීම සඳහා වෙන කල හැක්කක් නොමැත. ලෝක ආර්ථික දේශපාලන යථාර්තය තුල "ජනතා පැතුම්" සපුරාලීමට නම් යා යුතු එකම මාවත වැටී ඇත්තේ රනිල් වික්‍රමසිංහ විසින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන මාවතම ඔස්සේ ගමන්කිරීම පමණි. ඒ සඳහා සුදුසුම සහ ඇමරිකාව ප්‍රමුඛ බටහිර රාජ්‍යයන්ගේ විශ්වාසය දිනාගෙන ඇති එම කඳවුරේ ඍජු නියෝජිතයා වන්නේ ද රනිල් වික්‍රමසිංහයි.

ගෝල්ෆේස් අරගලයට සහභාගී වූ බොහෝ මධ්‍යම පාන්තිකයින් මේ වන විට රට හැර ගොස් ඇත. විශේෂඥ වෛද්‍යවරුන් තිස් දෙනෙකුගෙන් විසිතුන් දෙනෙකු රට හැර ගොස් ඇති බව වාර්තා වේ. ජවිපෙ සහ පෙසපෙ නොනවතින අඳෝනාව වන්නේ උගතුන් රට හැර යන බවය. උගතුන් රට හැර යාම වැලක්වීමට බලාපොරොත්තුවක් හෝ තැබීමට නම් එකම මග වැටි ඇත්තේ ඉහත කී මාවත ඔස්සේ ගමන් කිරීමම පමණි. උගතුන් පමණක් නොව මුළු සමාජයම අද ඉල්ලා සිටින්නේ එම තත්වය සාක්ශාත්කොට දෙන ලෙසය. සමාජය එම තත්වය ඉල්ලා සිටීම වෙත රැගෙන ඒමේ ප්‍රධාන කාර්ය ඉටු කරන ලද්දේ ජවිපෙ සහ පෙසප ඇතුළු වාමාංශික දේශපාලනය විසිනි. ඔවුන් ඉදිරියට ද කරමින් සිටිනුයේ එයයි.

වාමාංශිකන් විසින් එසේ කරමින් රනිල්ට දොස් පවරා වැඩක් නැත. රනිල් ඉටුකරනුයේ "ජනතා" පැතුමයි. එසේ නොමැතිව සොරකම්, වංචා, දූෂණ නවතා දමා ජවිපෙ කියන ආකාරයට කල හැකි දෙයක් නොමැත.

 

පෙසප ප්‍රමුඛ මාස්ක්වාදී ආර්ථිකවාදීන්ට අනුව රනිල් විසින් ක්‍රියාත්මක කිරීමට යන ආර්ථික ප්‍රතිපත්තීන් තුලින් සිදුවන්නේ මහත් ආර්ථික ව්‍යසනයකි. ඔවුනට අනුව "ජනතා පැතුම්" සපුරාලිය හැක්කේ සහ ජනතාව සුඛිත මුදිත කොට සන්තර්පණය කල හැක්කේ "සමාජවාදී ආර්ථික මොඩලයක්" තුලිනි.

සමාජවාදයට එය කළ නොහැකි බව ඔප්පු වී අවසන්ය.

මෙම යථාර්තය පිළිගන්නේ නම් සහ යථාර්තවාදී වන්නේ නම් රනිල්හට දොස් පැවරිය යුත්තේ ඔහු ඉහත සඳහන් කොට ඇති මූලික පදනම් සකස් කිරීම සඳහා හැකියාවක් නැති, නොසුදුසු, නොදැනුවත් දේශපාලන නායකයෙකුය යන අර්ථයෙනි. නමුත් එය එසේ නොවේ.

ඒ අනුව තුන්වන මාවතක් නොමැත.

එසේ නම් කල යුතුව ඇත්තේ පවතින යථාර්තය පිළිනොගැනීම සහ එයට එරෙහි වීමයි.

නමුත් පවතින වාමාංශය එසේ ද?

@ spartacus lipi

ස්පාටකස් ලිපි

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි