SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

භික්ෂුවකට හෝ ගිහියෙකුට හෝ අකැප ක්‍රියාවක් වරදක් වන්නේ කෙසේද? එය වරදක් වන්නේ අකැප ක්‍රියා පිළිබඳව සමාජ සම්මුතියක් හෙවත් එකඟතාවයක් හෙවත් ව්‍යවස්ථාවක් ඇති නිසාය.

විවිධාකාර අකැප ක්‍රියා පිළිබඳව අප විසින් ව්‍යවස්ථා හදාගෙන තිබේ. ඒ ව්‍යවස්ථා හදාගෙන තිබෙන්නේ සමාජයේ යහ පැවැත්ම උදෙසාය. ඒවා කඩකිරීමෙන් සමාජයේ යහ පැවැත්මට බාධා වේ. එබැවින් ඒවා වැරදි යැයි සම්මත කරගෙන තිබේ.

නමුත් එවැනි අකැප ක්‍රියා සියලු දෙනාම නොකර ඉන්නේ නැත. නිර්මාල් දේවසිරි (2022) කියන්නාක් මෙන් “ජනතාවට ව්‍යවස්ථාව උල්ලංඝනය කළ හැකිය”. එවිට සමාජයේ යහ පැවැත්ම අර්බුදයට යයි. කිසියම් භික්ෂුවක විසින් සිදුකළ අකැප ක්‍රියාවක් නිසා මේ මොහොතේත් සමාජයේ යහ පැවැත්ම බිඳී තිබේ. සොනාල ගුණවර්ධන කියන්නාක් මෙන් එවැනි අකැප ක්‍රියා ඉතිහාසයේත් සිදුව තිබේ. අනාගතයේත් වනු ඇතැයි කියා තාර්කිකව සිතිය හැකිය. නමුත් ඒ කියා ඒවා නිවැරදි වන්නේද හෝ නිවැරදි විය යුතුද කියා හෝ වෙනම සාකච්ඡා කළ යුතුය.

එක්තරා භික්ෂුවකගේ අකැප ක්‍රියාවට විරුද්ධව කිසියම් පිරිසක් ක්‍රියා කර තිබේ. ඒ ඇයි? මන්ද ඔවුන්ට අනුව සමාජයේ යහ පැවැත්මට බාධා වන කිසියම් ව්‍යවස්ථාවක් උල්ලංඝනය කර ඇති නිසාය. එසේ ක්‍රියා කිරීම වරදක් යැයි චින්තන ධර්මදාස, විදර්ශන කන්නන්ගර, අජිත් පැරකුම් ජයසිංහ වැන්නවුන් දැඩිව ෆේස්බුක් හී හඬ නගයි. ඒ ඇයි? මන්ද ඔවුන්ටත් සමාජයේ යහ පැවැත්මට අදාළ ව්‍යවස්ථාවක් ඇති නිසාය. ඒ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම වරදක් ලෙස ඔවුන් දකී. භික්ෂුවකගේ අකැප ක්‍රියාවට විරුද්ධ වීම සහ එසේ විරුද්ධ වීමේ ක්‍රියාවට විරුද්ධ වීම යනු එකම මූලධර්මයකි. ඔවුන් දෙපාර්ශවයම මෙහෙයවන මූලික දෘෂ්ටිවාදයේ වෙනසක් නැත.

භික්ෂුවක් කාන්තාවන් සමග කාමයෙහි හැසිරීම වරදක් ලෙස දැකීමත්, ඒ නිසා ඒ භික්ෂුවට සහ කාන්තාවන්ට හිංසා කිරීම වරදක් ලෙස දැකීමත් යන දෙකම එන්නේ එකම මූලික අදහසකිනි. එනම් ඒ දෙකම සමාජයේ යහ පැවැත්මට බාධාවන්ය යන පදනමිනි. ඒ අනුව භික්ෂුවට සහ කාන්තාවන්ට පහර දෙන අය සහ ඒ පහර දෙන අයට පහර දෙන අය දෘෂ්ටිවාදීයව සමානය.

චින්තන ධර්මදාස අරගලය තුළ කාන්තා යට ඇඳුම් යොදාගනිමින් සිදුකළ සංකේතමය කාන්තා හිංසනයට විරුද්ධව අරගලයේ කාන්තාවෝ ඔහුට පහර ගසා එළවා දැමුවෝය. ඒ ඇයි? එහිදී සිදු වුණෙත් ඉහත ආකාරයටම සමාජයේ යහ පැවැත්ම පිළිබඳ ව්‍යවස්ථාවක් චින්තන ධර්මදාස විසින් උල්ලංඝනය කිරීමයි. චින්තන ධර්මදාස ඒ අවස්ථාවේ එම කාන්තා විමුක්තිකාමීන්ට එරෙහිව කතා කළේය. නමුත් ඔහු දැන් මේ කාන්තා හිංසනයට විරුද්ධව පෙනී සිටියි. මෙය චින්තන ධර්මදාස තුළ අප බොහෝ විට දකින සදාචාරමය අසංගතතාවයයි (Moral Inconsistancy).

විදර්ශන කන්නන්ගර යනු අරගලය තුළ ප්‍රචණ්ඩත්වය වැපිරූ දේශපාලන චරිතයකි. සිය දේශපාලන ප්‍රතිවාදීන්ට අතින් පයින් පහර දී රෙදි ගලවා නිරුවත් කොට මහමග ඇදගෙන ගොස් ගෙවල් ගිනි තබා ඝාතනය කිරීම අනුමත කළ කන්නන්ගර අද එවැනි හිංසාවකට විරුද්ධ වීම පරස්පරයකි. නමුත් මෙහි මා දකින විශේෂත්වය වන්නේ “ධනේශ්වර ප්‍රභූ සංස්ථා අධිකාරීත්වය විසින් අපයෝජනයට ලක් කෙරෙන නිර්ධන පාන්තිකයා වෙනුවෙන් සටන් කරනවා” යැයි කියන විදර්ශන කන්නන්ගර මෙවර හිංසාවට ලක්වන කාන්තාවන්ට අමතරව එම කාන්තාවන් කෙරෙහි ආධිපත්‍යය පවත්වන ආගමික සංස්ථායික ප්‍රභූ භික්ෂුවගේ මානව අයිතිවාසිකම් වෙනුවෙන් පවා සටන් කිරීමයි. මෙය වනාහී විදර්ශන කන්නන්ගර තුළ අප දකින සංකල්පීය සංකූලතාවයයි (Conceptual Confusion).

අජිත් පැරකුම් ජයසිංහ යනු අරගලයේ මුල් අවස්ථාවේ ඉතා ප්‍රබල ලෙස ද්වේශසහගත ප්‍රකාශ කරමින් ප්‍රචණ්ඩත්වයට අනුබල දීමෙන් ඉක්බිතිව සිය වරද වැටහී ගොස් වහාම නැවත ව්‍යවස්ථාපිත මාර්ගයට පැමිණි අයෙකි. අද ඔහු රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් කතා කරන ප්‍රබල සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකි. නමුත් විදර්ශන කන්නන්ගර සහ නිර්මාල් දේවසිරි වැන්නවුන් අජිත්ගේ එම ක්‍රියාවට දැඩිව විරුද්ධ වේ. ඔවුන්ගේ ව්‍යවස්ථාවට අනුව අජිත් පැරකුම් ද්‍රෝහියෙකි. නැවතත් ඊනියා අරගලයක් පැමිණිය හොත් සාහසික අරගලකරුවන්ගේ පලිගැනීමට වඩාත් ලක් විය හැක්කේ අජිත් පැරකුම් ජයසිංහ වැන්නවුන්ය.

භික්ෂුවට සහ කාන්තාවන්ට පහර දෙන පිරිස එසේ පහර දෙන්නේ එම භික්ෂුවට දානය සපයන්නේ ඔවුන් නිසාය යන හිමිකාරීත්වයේ පදනමින් විය හැකිය. බදු ගෙවන ජනතාවට අවශ්‍ය නම් බදු මුදලින් තනා ඇති පොදු දේපල කැමති ලෙස අත්පත් කරගෙන කැමති ලෙස භාවිතා කරන්නට අයිතියක් ඇතිය යන පදනමට එය සමානය. එමෙන්ම තමන්ගේ බදු මුදලින් යැපෙන මන්ත්‍රීවරුන් තමන්ට අකමැති දෙයක් කරන විට ඔවුන්ට පහර දීමටත්, ඔවුන්ගේ අඹුදරුවන්ට පහර දීමටත් තමන්ට අයිතියක් ඇතිය යන ආධිපත්‍ය අදහසට එය සමාන වේ.

ඒ අනුව ගත් කල මේ සියලු දෙනා හැසිරෙන්නේ ඔවුන් තුළ ඒ ඒ අවස්ථාවේ පවතින “ව්‍යවස්ථාව” පිළිබඳ සාපේක්ෂ අදහසක් අනුව බව මෙයින් අපට පෙනේ. මේ සිදුවීම සහ පුද්ගල චරිත යොදාගත්තේ උදාහරණ ලෙස පමණී. (කාගෙහරි හිත රිදුනා නම් සමාවෙන්න.) ඇතැම් අවස්ථාවල ඔවුන් දැන හෝ නොදැන එම ව්‍යවස්ථා උල්ලංඝනය කරන අතර තවත් අවස්ථාවල එම ව්‍යවස්ථාවම ඉතා දැඩිව ආරක්ෂා කරගැනීමට සටන් කරයි. මෙය එක්තරා ආකාරයකට ප්‍රජාතන්ත්‍රයේ නෛසර්ගික ගැටලුවකි. ධර්මය අපට මග වේවා!

 

@එරන්ද ගිනිගේ

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි