දුම්වැටි විරෝධී
ජාත්‍යන්තර දිනය, අදයි!
(2015 සිට 2019 දක්වා යහපාලන කාලය තුල,
දුම්වැටි භාවිතය අවම කිරීමට,
අප ගත්
තීන්දූ තීරණ සහ ක්‍රියාමාර්ගවල
තිරය පිටුපස කතාව...)
"2015 වසරේ
ලෝක සෞඛ්‍ය සංවිධානය මගින්
ශ්‍රී ලංකාවේ පවත්වපු
'දුම්වැටි නිවාර්ණය' පිලිබද වැඩමුළුවකට මම සහභාගි වුණා.
'ඒ ඒ පාලන සමයන් හීදි,
දුම්කොළ නිෂ්පාදන වලට
ශ්‍රී ලංකාවේ රජයන් පැනවූ 'බදු' සම්බන්ධ ප්‍රස්තාරයක්
එහිදි මම දැක්කා..
ඒ ප්‍රස්තාරයේ තිබුණා, '1990 සිට 1993 ' දක්වා කාලයේදි , සිගරට් සදහා 90% ක බදු පනවා තිබුණු බව..
ඒ අවස්තාවේ
මගේ එහා පැත්තේ
වාඩිවෙලා හිටිය
NATA ( National Alcohol and Authority )
සභාපති -
විශේෂඥ වෛද්‍ය
පාලිත අබේකෝන් මහත්මයාගෙන්
මම ඇහුවා
"පාලි, ඒ කාලේ 90% ක් බදු ගහලත්, මේ කොම්පැණිකාරයො සිගරට් විකුණලා තියනවනේ.. ඇයි දැන් මේ විදිහට
බදු ගහන්නේ නැත්තේ" කියලා...
"ඒක නං දන්නේ නෑ සර්..
1993 ප්‍රසිඩන්ට් ප්‍රේමදාස මැරුණාට පස්සේ ආපු කිසිම කෙනෙක්
මේ බද්ද වැඩි කළේ නෑ" කියලා
ඔහු කිව්වා..
එදා මම හිතාගත්තා, නැවත මේ බද්ද 90% දක්වා වැඩි කළ යුතුයි කියන එක..
සිගරට් සඳහා 90% ක බද්දක් පැනවීමට
මම කැබිනට් මණ්ඩලයට යෝජනා කළා..
එවිට,
භාණ්ඩාගාරය
ඊට එකහෙළාම
විරුද්ධ වුණා ..
ඔවුන්ගේ තර්කය වුණේ
"අධික බදු ප්‍රතිශතයක් පැනවීම හරහා
සිගරට් වලින් රජයට ලැබෙන බදු ආදායම අඩුවෙනවා" කියන එකයි..
මම එහිදි
ප්‍රතිතර්ක කළා,
" සිගරට් වලින්
දැන් ඔයගොල්ලො ලබන බදු ආදායමට වඩා, සිගරට් නිසා ඇතිවන පිළිකා සහා රෝග වලට රජයට වියදම් කරන මුදල වැඩියි " කියලා...
මම ඒ සදහා උපුටාගත්තෙත්
ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවන්මයි..
නමුත් , අපේ තර්ක වලින්
භාණ්ඩාගාරයේ නිලධාරීන් එකගතාවයකට පත්වුණේ නැහැ..
ඒ අවස්තාවේදි
ජනාධිපතිතුමා
'දුම්වැටි සඳහා බද්ද 90% දක්වා වැඩි කිරිමේ කාරණය' පිලිබඳව කැබිනට් අනුකාරක සභාවක් පත් කළා..
රන්ජිත් සියඹලාපිටිය, ආචාර්‍ය සරත් අමුණුගම සහ මලිත් සමරවික්‍රම යන ඇමතිවරු තිදෙනාව සාමාජිකයන් විදිහට පත්කළා..
භාණ්ඩාගාරය පාර්ශවයෙන්,
ආර්ථික විශේෂඥයන් දෙදෙනෙක් කරුණු දැක්විමට පැමිණ සිටියා..
අපේ පාර්ශවයෙන්
මම හිතුවා,
හොඳටම මේ වැඩේ පැහැදිලි කරන්න පුළුවන් කෙනෙක්ව දාන්න උවමනායි කියලා..
ඒ අවස්තාවේදි
මගේ හිතට ආවේ,
වරක්
ජාත්‍යන්තර දුම්වැට් විරොධි දින
වැඩසටහනකදි
අදහස් දක්වපු
Verite research ආයතනයේ අධ්‍යක්ෂක ආර්ථික විශේෂඥ
නිෂාන් ද මෙල් මහත්මයාගේ කරුණු දැක්වීමයි..
මම,
NATA ආයතනයේ සභාපති
විශේෂඥ වෛද්‍ය
පාලිත අබේකොන් මහත්මයා හරහා
නිෂාන් ද මෙල් මහතාව
අපේ පාර්ශවයෙන්
කරුණු පැහැදිලි කිරීම සඳහා
සහභාගි කරවාගත්තා..
එතුමා,
මේ කැබිනට් අනු කමිටුව ඉදිරියේ
දුම්වැටි වලින් ලැබෙන බදු ආදායමට වඩා, දුම්බීමෙන් රටේ ආර්ථිකයට සිදුවන හානිය' දීර්ඝව පැහැදිලි කළා..
භාණ්ඩාගරය පැත්තෙන් ඉදිරිපත් කරපු
ඇතැම් සංඛ්‍යා දත්ත වල අතාර්කික බව ඔප්පු කළා..
අවසානයේ කැබිනට් අනුකම්ටුව තීරණයක් ගත්තා.
භාණ්ඩාගාරයේ ස්ථාවරය ප්‍රතික්ෂේප කරමින්,
සිගරට් සඳහා බද්ද 90%ක් කළ යුතුයි කියන දේ
ඔවුන්
කැබිනට් මණ්ඩලයට වර්තා කළා,,
එවැනි දිර්ඝ සටනක් හරහා
තමයි දුම්වැටි සඳහා
90%ක බදු වැඩි විමක් පනවන්න අපට හැකිවුණේ..
ඒ විදිහට,
90%ක බද්ද පනවලා
අවුරුද්දක් ගතවුණු තැන
නිකුත් කෙරුණු,
දුම්කොළ සමාගමේ වාර්ෂික වර්තාවේ
සදහන් වුණා..
"ගෙවුනු අවුරුද්ද තුල පමණක්,
ශ්‍රි ලංකාවේ
දුම්වැටි අලෙවිය
'සිගරට් කෝටි 100කින් අඩු වුණා" කියලා..
ලංකාවේ මිනිස්සු බීපු සිගරට් ගණන,
එක අවුරුද්දට
සිගරට් කොටි 100කින් අඩු වුණා..
90% දක්වා බදු වැඩි කිරිමේ
මගේ එකම උවමනාව වුණේ
දුම්වැටි භාවිතය
දුර්වල කිරීමයි..
එක අවුරුද්දකින්ම
අපිට එය සපුරගන්න හැකි වුණා..
-
- සිගරට් පැකට්ටුවේ රූපමය අවවාදය 80%ක් දක්වා වැඩි කිරීම.
- පාසල් අවට 500 m ක දුරක් ඉක්මවන තෙක් සිගරට් විකිණිම තහනම් කිරීමත් අපි සිදුකළා.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්කොළ පිළිබඳ ප්‍රඥප්තියේ (FCTC) අඩංගු කාරණා
22 ක් තිබෙනවා..
එයින් 21ක්
ක්‍රියත්මක කිරීමට
අපට හැකි වුණා..
එක වහන්තියයි
අපට ක්‍රියත්මක කරගන්න බැරි වුණේ, 'තනි සිගරට්ටුව විකිණිම තහනම් කිරිම' විතරයි මගේ පාලන කාලයේදි කරන්න බැරි වුණේ..
ඒ වගන්තියත් ක්‍රියාත්මක කිරිම
සඳහා සියලු කටයුතු සුදානම්ව තිබියදි තමයි 2019 ජනාධිපතිවරණය පැමිණුනේ..
දුම්වැටි භාවිතය වැලැක්වීම සදහා,
ලෝක සෞඛ්‍ය සංවිධානයේ
FCTC ප්‍රඥප්තියේ වගන්ති 21ක්
ක්‍රියත්මක කිරිම සම්බන්ධව,
ආශිකා බ්‍රාහ්මණ මාධ්‍යවේදිනිය
LANKA NEWS WEB
අඩවියට ලිපියක් ලියමින් කියා තිබුණා,
දුම්වැටි භාවිතයේ ආදීනව මෙතරම් දරුණුවට
'ලෝක සෞඛ්‍ය සංවිධානය' විසින් පෙන්වා දී තිබියදිත්,
ලෝකයේ කිසිදු
සෞඛ්‍ය ඇමතිවරයෙකු
විසින් ක්‍රියාත්මක
කිරීමට උත්සාහ නොකළ වගන්ති 22න් 21ක්ම
ක්‍රියාත්මක කළ
'අපේ සෞඛ්‍ය ඇමති
එසේ නම්,
වීරයෙකු නොවන්නේද " කියලා..
ලෝකයේ කිසිදු
සෞඛ්‍ය ඇමතිවරයෙක් හෝ ආණ්ඩුවක්
FCTC ප්‍රඥප්තියේ
වගන්ති 21ක් තබා
15ක්වත්
ක්‍රියාත්මක කරලා නෑ..
මගේ මේ ක්‍රියාත්මක වීම නිසාම,
එවක ඇමරිකානු රජයේ සෞඛ්‍ය ඇමතිවරයා
මාව හමුවීමට
විනාඩි 45 ක කාලයක් ඉල්ලා තිබුණා..
ඒ තමයි,
මුළු ඉතිහාසයටම 'ඇමරිකානු ඇමතිවරයෙක්'
ශ්‍රි ලංකාවේ ඇමතිවරයෙක් හමුවීමට වේලාවක් ඉල්ලා සිටි
පළමු අවස්ථාව..
ඔහු මාව හමුවෙලා ඇහුවේ,
" කොහොමද ඔබ මේවා කරන්නේ ..
දුම්වැටි කර්මාන්තය,
ඖෂධ මාෆියාව,
පැණිබීම සමාගම් වැනි ප්‍රබල යෝධයන් එක්ක හැප්පේන්නේ " කියන එකයි..
මගේ කරුණු පැහැදිලි කිරිමෙන් පස්සේ
ඔහු කිව්වේ,
"මටත් ලොකු උවමනාවක් තියෙනවා
ඇමතිතුමා..
ඒ වුණාට, මට මැරෙන්න බැහැ" කියන එක..
සේනක බිබිලේ
ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරිම
ආරම්භ කරලා... අත්‍යාවශ්‍ය ඖෂධ වල
මිල අඩු කරන්න
සුදානම් වෙනකොට,
ක්ෂේත්‍රයේ ප්‍රවීණ
මගේ හිතවතුන් කිව්වෙත්
"ඇමතිතුමා,
අවුරුදු 45ක් තිස්සේ කවුරුත්
ඕකට අත තිබ්බේ නැත්තේ,
උවමනාවක් නැති නිසා නෙවෙයි..
ඕක, දරුණු මාෆියාවක්..
සේනක බිබිලේ මැතිතුමාටත්, එතුමාගෙන් පස්සේ මහාචාර්ය බලසුබ්‍රමනියම් මැතිතුමාටත් අත්වුණු ඉරණම ගැන
මතක් කරගන්න" කියලයි..
ඒ සියලු අවවාද මැද්දෙත්, මම හිතපු එකම කාරණය,
" මමත් නොකළොත් කව්ද මේක කරන්නේ? " කියන එක විතරයි.
--------------------
හිටපු සෞඛ්‍ය අමාත්‍ය
වෛද්‍ය රාජිත සේනාරත්න