මිනිසුන්ගේ නිර්මාණ වන මේවා එකක්වත් පාරිශුද්ධ ඒවා නොවේ.
එහෙත් ඒවා පාරිශුද්ධ යැයිද පාරිශුද්ධ අරමුණු වෙනුවෙන් පවත්වගෙන යා යුතු යැයිද සිතන බොහෝ පිරිසක් සමාජයේ වෙසෙති.
ප්‍රතිමල්ලවයා පිටු දැකීම,විවෙචනය, අපහාසය උපහාසය, ආර්ථික හා බල අභිලාෂ ඉටුකරගැනීම මේ ක්ෂේත්‍ර තුනෙහිම පැහැදිලිව පෙනෙන්නට ඇති බැවින් මතුපිට ප්‍රකාශිත පාරිශුද්ධත්වයට නොගැලපෙන බොහෝ අංග වලින් මේවා සමන්විතය. නමුත් මේ අංග තුනම මානව සමාජය පවත්වාගෙන යන්නේ ඒවා සමාජයට අවශ්‍ය බැවිනි.
අද පවතින ප්‍රධාන ආගම් මතු වූයේම අනෙකුත් සමකාලීන ආගම් විවේචනය කරමිනි. බුදුන් වහන්සේ සමකාලීන බ්‍රහ්මන ආගම විවේචනය කළ බව සහ ජේසුස් වහන්සේ බයිබලයේ පරණ ගිවිසුමේ සඳහන් පැරණි යුදෙව් ආගමික කරුණු වලට හාත්පසින්ම විරුද්ධ අදහස් දේශනාකළ බව පෙනේ. ඒ සමග මේ ශාස්තෘෘන්වහන්සේලා අන්‍යයින්ගේ විවෙචනය පමණක් නොව නින්දා අපහාසද වධහිංසාද මෙත්සිතින් ප්‍රේමයෙන් දරාගත්හ.
අධිපති සමාජ ක්‍රමය ප්‍රශ්න කිරීම නූතන කලාවෙන් සිදුකරන එක් කටයුත්තක් ලෙස පිළි ගැනී ඇත. ආගම හා දේශපාලනය ඇතුලු ඕනෑම සමාජ ප්‍රපංචයක් සමග කලාව හැප්පෙයි. එසේ කරන්නේ සමාජය මීට වඩා යහපත් කරගත හැකි ප්‍රඥාවක් ආනන්දනීය මාර්ගයක් ඔස්සේ ලබා දීමට බව කලා විචාරකයෝ කියති.එසේ සමාජ යහපත සිදු කරන කලා භාවිතාවන් මෙන්ම ඇතැම් කලා භාවිතාවන් නිසා සමාජය තිබෙන තැනින්ද තවත් අගතියට යන බව කලාව ගැන ගැන ගැඹුරින් නිරීක්ෂණය කරනා අය පෙන්වා දී ඇත. එහෙයින් කලාකරුවාටද සමාජ වගකීමක් ඇත. අත්තනෝමතික කලා භාවිතාවන් හොඳ ප්‍රතිඵල මෙන්ම දරූණු ප්‍රතිපලද ගෙන දිය හැකි බැවින් සමාජ වගකීම සිතේ දරා කටයුතු කිරීමේ පොදුු අවබෝධයකයට වර්තමාන කලාකරුවෝ වැඩිදෙනා පැමිණෙමින් සිටිති.
දේශපාලනය බලය අරමුණක් වෙනුවෙන් හෝ එසේ නැතිනම් හුදු බලය වෙනුවෙන්ම බලය ලබාගැනීම,බලය පවත්වාගෙන යෑම, බලය වැඩි දියුණු කිරීම අංග ලක්ෂණ කරගත් ප්‍රපංචයකි. කලාව හා ආගම අතර ඇතිවන ආතතතිය සමනය කිරීම සඳහා මේ දෙකටම වඩා පාරිශුද්ධත්වයෙන් අඩු දේශපාලනයේ මැදිහත් වීම වැළැක්වීය නොහැකිය. මෙහිදී දේශපාලනය ලබා දෙන්නේ සර්ව සම්පූර්ණ පිළිතුරු නොවේ. පාර්ශ්වීය පිළිතුරුය. ඒවා මත අලුත් ප්‍රශ්න ඇතිවේ. නතාෂාගේ එදිරිසූරියගේ වීඩියෝව ඇසුරින් ගොඩ නැගෙන දේශපාලන ප්‍රශ්නය මේ පසුබිමෙහිලා තේරුම් ගැනිම සුදුසුය.
(තවත් ලිපි ඉදිරියට...)