SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පහත ඡායාරූපය කාච ගත වෙන්නේ ජේන් මාර්ක කියන ප්‍රංශ කැමරාශිල්පියා ගේ ඇසින්.

ඒ, 2003 වසරේ මාර්තු  13 වෙනිදා ඉරාකයේ ඇමෙරිකානු රැඳවුම් කඳවුරකදී .

 

ඉරාක සටන් කාමීන් සහ ඇමෙරිකානු හමුදා අතර සිදුවන ගැටුමකදි අත්තඩංගුවට පත්ව මරණ දඩුවම හිමි වන මේ එක්දරු පියාට සිය අවසන් කැමැත්ත මත විනාඩි පහක් තම ආදරණීය පුතාව දැක බලාගන්න අවස්ථාව ලැබෙනවා ...

හැබැයි ඒ කුඩා දරුවට තමන්ගේ තාත්තගේ මුහුණ දකින්න වාසනාවක් නොලැබෙන්නේ නීතිය අනුව මරණ දඩුවම නියම වූ ත්‍රස්තවාදියෙකු යැයි සැලකෙන්නෙකුට හිස නිරාවරණය කිරීමට අවසර නොමැති නිසා ..

 

348283687 915294859731075 2660967035386854500 n

 

සිය ජීවිතේ අවසාන හුස්ම පිටකරලීමට පැයකට පෙරාතුව තමන්ගේ ආදරණීය දරුවා ලඟට ගැනීමට අවසර පතන මේ පියාට ඒ අවසරය හිමි වන්නේ විවෘත භූමියක් තුල.

වයස අවුරුදු හතරක් වුන මේ දරුවා පියාව හදුනා ගන්නේ කටහඩින්… මේ සිදූවීම පුරාවටම ඇසට වේදනා කදුලක් ගෙනෙන අවස්ථාව වෙන්නේ අවසර ලැබෙන විනාඩි පහෙන් තුනක් ගත වෙනකොට දරුවට තමන්ගේ තාත්තගේ උණුසුමේ නින්ද යනවා.

ගිනි කාශ්ටක අව්ව මැද ගිනි ගැහෙන වැලි උඩ තමන්ගේ ආදරණීය පියාගේ සෙවන දරුවෙක්ට මොනතරම් වටිනවද…?

මේ මොහොතෙම ජේන් මාර්කගේ ඩිජිටල් කැමරාවෙන් මේ සංවේදිත්වය කාච ගත වෙනවා …

මේ සිදුවීම ලෝකයාගේ විතරක්ම නෙමෙයි, ඇමෙරිකානු ආරක්ෂක අංශවලද සංවේදිත්වයට හේතු වෙනවා.. විනාඩි විස්සක ලැබුනු අතිරේක කාලය පුරාවට පිය උනුසුමේ ලබන අවසාන නිදි සුවය විඳින දරුවා අවසාන විනාඩිය තුල ඇහැරවා පියා ඔහුගෙන් සදහටම සමුගන්නවා.

(ඇමෙරිකාවේ ඊනියා මානුෂික බව ප්‍රදර්ශනය වෙනුවෙන් විනාඩි විස්සක්ම ලැබෙනවා- slleader එක් කිරීමක්)

එතනින් පස්සේ ජේන් මාර්ක ට මේ පියාවත් අසරණ දරුවවත් කවදාවත් දකින්න ලැබෙන්නේ නෑ.

 

"මම ඒ මානුශිකත්වය දැක්කා..මටත් ඉන්නවා ඒ වයසෙම දුවෙක් මගේ රටේ… මම දැක්කේ ත්‍රස්තවාදියෙක් නෙමෙයි..තාත්තෙක්ව ...."

මම ජායාරූප ගත කලේ තාත්තෙක්ව ... හැබැයි ඒක ලෝකේ හොදම සිදුවීමක් නෙමෙයි…කෙනෙක් නොදැකිය යුතු තාත්තෙක්ට නොවිය යුතු, දරුවෙකුට නොලැබිය යුතු වේදනාත්මක අත්දැකීමක් …

ජේන් මාර්ක සිය ජායාරූපය ගැන එසේ පැහැදිලි කරනවා..

 

2004 වසරේ ලෝකයේ රටවල් 124 ක ශිල්පීන් 4330 දෙනෙකු ඉදිරිපත් කල ජායාරූප 63.000ක් අතරින් හොදම ජායාරූපය ලෙස සම්මාන ලබන ජෙන් මාර්ක ගේ පිය සෙනෙහසක නිමාව, පුලිස්ටර් සම්මානයෙන් පිදුම් ලබනවා…

 

මුල් සටහන චරිත් ජනප්‍රිය

@Hisham Mohammed fb page

නවතම ලිපි