රාජ්‍ය රූපවාහිනී ආයතනයක ප්‍රවෘත්ති සන්නිවේදිකාවගෙන් ඇයගේ අංශ ප්‍රධානියා විසින් ලිංගික අල්ලස් ඉල්ලා සිදුකරන ලද බලපෑමක් සම්බන්ධ සංවාදය මේ වනවිට පාර්ලිමේන්තුවේ සාකච්ඡාවටත් බඳුන් වී ඇත.
ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීනී සංසදයේ උප සභාපතිනිය වූ රෝහිණී කවිරත්න ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසා ඇත්තේ ඒ පිළිබඳව දැනට ආයතනික මට්ටමින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.
අදාළ චූදිත නිළධාරියා හෙළිදරව් කර ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න යැයි මන්ත්‍රීනී රෝහිණී කවිරත්න කල ඉල්ලීමට පිළිතුරු දෙමින් ජනමාධ්‍ය ඇමති බන්දුල ගුණවර්ධන මෙසේද ප්‍රකාශ කර ඇත.
“මේ පිළිබඳව සමාජ මාධ්‍ය ජාලවල පලවන විවිධ දේ ගැන විනය ක්‍රියාමාර්ගයන් ගන්න ඇමතිවරයෙක් හැටියට මට බෑ කියල ඔබතුමියත් දන්නවා. මේ සිද්ධිය සම්බන්ධව අපට කිසිම පැමිණිල්ලක් ලැබිල නැහැ. ඒ නිසා මම මේ පිළිබඳව දැනුම්වත් වූ වහාම මගේ ලේකම්වරයාට කිව්ව අදාළ පාර්ශ්වයන්ට කතා කරලා පැමිණිල්ලක් ඉල්ල ගන්න කියල”
කෙසේ වුවත් දැනට විදේශීය සම්මන්ත්‍රණයකට සහභාගී වන ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපති සුදර්ශන ගුණවර්ධන ට්වීටර් පණිවුඩයක් මගින් දැනුම් දී ඇත්තේ මේ පිළිබඳව බාහිර පාර්ශ්වයක් යොදාගනිමින් පුළුල් විමර්ශනයක් සිදුකිරීමට තමා සාමාන්‍යාධිකාරීවරයාට උපදෙස් ලබාදී ඇති බවය.
මෙම සිදුවීම අරභයා සමාජ මාධ්‍ය තුළ මේ වනවිට අදාළ වින්දිතයාට එරෙහිවත් - පක්ෂවත් සංවාදයක් ඇරඹී ඇති අතර එහිදී අදාළ කාන්තාව පිළිබඳ සුපුරුදු අවලාද සහ මඩ ද එල්ලවෙමින් ඇත. ඒවායේ සත්‍ය අසත්‍යතාවය පිළිබඳ කරුණු අපට අදාළ නොවේ. මන්ද මෙවැනි සංවාද ජීවිත කාලය පුරාම පැන නැගුනද සැබෑ ගැටළුව නිසි ලෙස අවබෝධ කරගැනීමට මේ පිරිමින් මෙන්ම ගැහැණුන්ද සූදානම් නැත. මේ ජීවිතය හැප්පෙමින් ගෙවාදැමීම ඔවුනට තාවකාලික විනෝදයකි, ෆැන්ටසියකි.
නව ලිබරල ආර්ථික සමස්තය එක දිසාවකට ගමන් කරයි. එය මිනිසාගේ ආශාවන් ෆැන්ටසිකරණය කිරීමේ සිට ෆැන්ටසි වසංගතයක් දක්වා වර්ධනීය අවස්තාවකට රැගෙන යයි. පරිභෝජනකාමය ඔවුන්ගේම දැනුමේ හරයන් අභිබවමින් ක්‍රියාත්මක වෙයි. උදාහරණයක් ලෙස ගත්විට වෙළඳ ප්‍රචාරණය තුල විවිධාකාර පරිභෝජන භාණඩ, විවිධාකාර උවමනාවන් පෙර කී ෆැන්ටසි ආසාවන් වෙත මිනිසා ගෙනයන බව කොතෙක්නම් අවබෝධ වුවද සුපර් මාර්කට් වෙතම ගොස් එම භාණ්ඩම මිලදී ගන්නේ ඇයි? තවත් පිරිසකට සුපර් මාර්කට් වෙත ඇතුලුවීමට තරම් ආර්ථික හැකියාවක් නොමැති වීම නිසා කම්පා වන්නේ ඇයි? මාසයකට වරක් හෝ රූපලාවන්‍යාගාර වෙත යාමට මුදල් අහිමි කාන්තාව දරුවන්ට කෑම බීම සඳහා ඇති මුදල් යටි මඩි ගසමින් ඒ වෙත පිය නගන්නේ ඇයි? ක්ෂුද්‍රමූල්‍ය පන්නයේ ණය පහසුකම් ලබාගනිමින් ස්කූටියක් මිලදී ගනිමින් ඒ මත නැගී කිරිල්ලියක් සේ සැරිසරන්නේ ඇයි? මේ සියල්ල අත් පත් කරගැනීම සඳහා දිවි පරදුවට තබමින් වෙහෙස වන ගැහැනුන් පිරිමින් බිහිවන්නේ ඇයි? නඩත්තු කර ගැනීමට නොහැකි ගෙයක්, වාහනයක් නැතිවම බැරි වන්නේ ඇයි? ඇත්තටම සංවාදයට ලක්විය යුත්තේ මේවා නොවේද?
කාන්තාවට දරුවන් බිහිකිරීමේ තැන අහෝසි කිරීම පිරිමියාගේ ආශාව නැතහොත් ෆැන්ටසිය වුවත් ඉන් කාන්තාවට කිසි සේත් මිදිය හැකිද? මිනිසා සියලු අධිකාරීත්වයන්ගෙන් මිදිය යුතු අතර පිරිමියා ගැහැනිය වෙත අධිකාරීයව මැදිහත් වීම වටහාගන්නේ කෙසේද? දැනුම ඇත්තාගේ අධිකාරීත්වය දැනුම නැත්තා තුළ බලපැවැත්වෙන බව පිලිගන්නේ කව්ද?. මෙමගින් සමාජය කොටස් දෙකකට බෙදන බව අඩුම තරමින් ඊනියා බුද්ධිමතුන් හෝ ඊනියා වමේ පිරිස් වත් පිලිගන්නේද? දෘෂ්ටිවාදයෙන්, පරිභෝජනවාදයෙන්, ආයතනික ව්‍යූහයන්ගෙන් මිදෙමින්ද ජීවත්වන ලෝකයකට මේ අර්බූධයන්වලට නිතර දෙවේලේ මුහුණ දෙන කිසිවෙකුට අල්පමය හෝ උවමනාවක් තිබේද?
එනයින් දෙපාර්ශ්වයකට බෙදී වින්දිතයින් චූදිතයින් වූ පමණින්, ඊට ප්‍රතිචාර දක්වන්නන් සොයන මහා ආඛ්‍යානයේ පවතින පිවිතුරුභාවය සහ දූෂිතබව පිළිබඳ හෙළිදරව් කිරීම මගින් පමණක් මෙවැනි අර්බූධ සමනය කළ නොහැකි බවත් නීතිය සහ යුක්තිය යනු පවතින ක්‍රමය පවත්වාගෙන යෑමට සැකසුනු අඩුම කුඩුම ටිකක් පමණක් බවත් කව්රු කවදා තේරුම් ගනීවිද?
@ samaara paranavithana