SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පසුගියදා පැවැති සූම් සංවාදයකදී ආර්ථික විද්‍යාඥයකු වුනු ධනනාත් ප්‍රනාන්දු ඉදිරිපත් කළ අදහසක් වූයේ ලංකාවේ ආර්ථිකයට ස්ත්‍රී ශ්‍රමය මීටත් වඩා වැඩියෙන් ලබාගැනීමට

අවස්ථාවක් තිබිය යුතු බවත් ඒ සඳහා ඔවුනගේ කැමැත්ත අනුව ඊට අවස්ථාවක් ඇති බවත් ය.

 

ඇත්ත වශයෙන්ම මේ ධනනාත් කියන “කැමැති නම්” යන්න කුමක්ද? ඊට “කැමැත්ත” යන්නට බල කෙරීමක් නැති බව ඔහු පවසන්නේ කෙසේද?

 

කෝටි දෙකකට ආසන්න ප්‍රමාණයක ජනතාවක්‌ වාසය කරන ශ්‍රී ලංකාවේ 53% ආසන්න ජනගහනයක්‌ නියෝජනය කරන්නේ ස්ත්‍රීන්. වාර්තාවලට අනුව  හෙද සේවයේ 90% ක්‌ ද, සෞඛ්‍ය  සේවාවේ 100% ක්‌ ද ආදී වශයෙන් මේ වෙද්දීත් රැකියා කරන්නේ ස්ත්‍රීන්. ඊට අමතරව වැවිලි කර්මාන්ත ක්‌ෂේත්‍රයේ කම්කරු ශ්‍රේණියේ සිට ඉහළ ශ්‍රේණි දක්‌වා වැඩි වෘත්තිය නියෝජනයක්‌ දරන්නේ කාන්තාවන්ය.

විදේශ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයෝ 90% පමණ මැදපෙරදිග රටවල සේවය කරන අතර  ඔවුන් අතරින් ලක්‌ෂ පහක්‌ පමණ ස්ත්‍රීන් වන අතර ඔවුන් 70% පමණ ගෘහ සේවිකාවන්ය. වැටුප් නොගෙවීම, වැටුප් පමා කිරිම, ලිංගික අතවරවලට මුහුණ පෑම, ශාරිරික වද හිංසාවලට ලක්‌වීම, ඇණ ගැසීම, දැරිය නොහැකි වැඩ ප්‍රමාණයක්‌ ඉටු කිරිමට සිදුවීම, නිසි සනීපාරක්‌ෂාවක්‌ හෝ මානසික සුරක්‌ෂිතාවක්‌ නැති වීම ඇතුළු  ගැටලු ගණනාවකට මුහුණ දීමට මොවුන්ට මේ වෙද්දීත්  සිදු වී ඇත.

දැන් ධනනාත් දිගින් දිගටම  ඉහත සංවාදයේදී පුනරුච්ඡාරණය කරන ලද්දේ ආර්ථිකය ප්‍රසාරණය කිරීමත් එහි නියාමනයේ ඇති වැදගත්කමත්ය. දැන් මේ නියාමනය සිදුවන්නේ ලාභය සහ පාඩුව තීරණය වන ආර්ථිකය මත විනා මිනිස් ජීවිතය වෙනුවෙන් නොවීම පිළිබඳව ඔහුගෙන් අසා වැඩක් නැත.

 

ස්ත්රී ශ්රමය 2

 

ධනේෂ්වර ක්‍රමය හුස්ම ගන්නා වෙළඳපොල ආර්ථිකය වඩා හොඳින් ශක්තිමත් කරන්නට නම් දැනට ආර්ථිකයට දායක නොවනවායැයි කියන ස්ත්‍රී ශ්‍රමයත් ඇද ගත යුතු බවයි ධනනාත්ලා ඇතුළු ආර්ථික විද්‍යාඥයින්ගෙත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේත් අදහස වී ඇත්තේ. 

 

ධනේෂ්වර වෙළඳපොල ක්‍රියාත්මක වන්නේ ලාභය සහ පාඩුව මත පදනම් වූ තරගකාරීත්වයකය. ආර්ථික විද්‍යාඥයන් ගණන් බලන්නේ ඒ මත පිහිටාය. එනයින් දේශපාලන ආර්ථිකය වෙන් වුවද වඩා අර්ථ ගැන්වීම්වලට යොදා ගැනෙන්නෙ ඊනියා ආර්ථික විද්‍යාවය. එනිසා ධනනාත් වැනි ආර්ථික විද්‍යාඥයින්ගෙන් පිළිතුරු අපේක්ෂා කළ හැක්කේ කෙසේද යන්න මිරිඟුවකි.

 

“ස්ත්‍රියට හිමිවිය යුත්තේ සැබෑ (real) තැනකි. ඇයට තම දරුවාට කිරි දීමෙන් ගැලවිය හැකිද? දරුවා පෝෂණය වන්නේ මවගේ කිරි හරහාය. පිරිමියාගේ ආශාව වන්නේද ගැහැනිය මින් ගලවා කෘතීමව දරුවාට කිරි දීමට සැලැස්වීමය. දරුවන් වැදූ ස්ත්‍රියට වඩා පිරිමියාගේ ආශාව දරුවන් බිහි නොකල නැවුම් ස්ත්‍රිය වෙතය. දරුවන් බිහි කිරීම යනු ස්ත්‍රියගේ සැබෑ (real) ක්‍රියාවකි. දරුවන් බිහි නොකරන්නේනම් එතැනින් මානව පැවැත්ම අවසන් වනු ඇත. ගැහැණිය නැවුම් ලෙස තබාගැනීමට රූපලාවණ්‍යාගාර අවශ්‍යයි වගේම පැලෝපීය නාලය ඛණ්ඩනය කිරීමද වැදගත්‍ ය. දිගින් දිගටම පැලෝපීය නාලය ඛණ්ඩනය කිරීම කාන්තාවට කල නොහැක. එසේ වන්නේ කාන්තාවගේ කාර්යභාරය එය බැවිනි.

නමුත් ඊලන් මස්ක් කාන්තාව දරුවන්ට කිරි දීමෙන් විතැන් කොට ඒ වෙනුවට කෘතීම යන්ත්‍රානුසාරයෙන් කිරි පොවා කාන්තාව ආර්ථික ක්‍රියාවලිය වෙත තව තවත් උකහාගැනීමට තාක්ෂණය හරහා උත්සහ දරන්නේ පිරිමියාගේ ආශාව එය බැවිනි. දැන් සියලු ස්ත්‍රීවාදීන්ට ස්ත්‍රියගේ රියල් තැනින් ගැලවී ක්‍රමය වෙත තව තවත් කිඳාබැසිය හැකිය. ඔවුන්ගේ සටන් පිරිමියා මෙන් පොල් කඩන ස්ථානයේ සිට ඉහල ඉගෝවක් සහිත වෛද්‍යවරියක්, ඉංජිනේරු වරියක් හෝ ඊටත් එහා ගොස් ලිබරල් ආර්ථික ක්‍රියාවලියේ ගොදුරු බවට පත් විය හැකිය. ඉන් පිරිමියාගේ රෝග ලක්ෂණය වර්ධනීය අවදියකට ගෙන ආ හැක” (උපුටාගැනීම -  https://ladyleader.lk/social/6700-2022-female-lacan)

 

ස්ත්රී 5

 

ස්ත්‍රිය ගේ සැබෑ පැවැත්ම යටපත් කෙරෙන ස්ත්‍රීවාදීන්ගේ බලපෑම

 

ධනවාදයේ ස්වාමි කතිකාවට  උඩ ගෙඩි දෙන ප්‍රජාතන්ත්‍රවාදය, ලිබරල්වාදය, මානව හිමිකම් වැනි ම ක්‍රමය පවත්වාගෙන යන්නට  විශාල කාර්යභාරයක් ස්ත්‍රීවාදය තුළින් සිදු කර ඇත. මෙකී මහා ආර්ථික දේහයේ නිමැවුම් කරුවන් වන පිරිමින් කාන්තාවද සහභාගී කර ගනිමින් නැතහොත් හවුල් කරගනිමින් මෙකී ස්වාමි කතිකාවේ (master discourse) පැවැත්ම වෙනුවෙන් කටයුතු විශාල කාර්යභාරයක් ඉටුකරන්නෝ ය. එම ක්‍රියාවලියේදී සැලකිය යුතු කාර්යභාරයක් වම  විසින් හා වමේ පෙරමුණෙහි ස්ත්‍රී ව්‍යාපාරයන් විසින් ඉටු කරයි.

ඒ සඳහා ඔවුන් ස්ත්‍රීන් සඳහා පිරිමියාගේ සම තැන නැමති රෝගය මුලින්ම වැළඳීමට ඉඩ සලස්වන අතර ඒ සඳහා දැනුම, අධ්‍යාපනය වැඩි වැඩියෙන් ලබා දිය යුතුය යන නිගමන්යේ පිහිටා ඒ සඳහා සටන් වදිති. වැඩි වැඩියෙන් ආචාර්යවරියන්, මහාචාර්වරියන්, විද්‍යාඥයින් බිහි කල යුතුය. ඒ සඳහා කැපවිය යුතුය. ඔවුන්ගේ වේතනයන් වැඩිකර ඔවුන්ට තව තවත් පාරිභෝජනයේ අවස්තාව විවර කර දිය යුතුය. එය ලබා නොදෙන්නේ නම් සටන් වැදී හෝ මෙම රෝගය සහ රෝග ලක්ෂන උත්සන්න කල යුතුය.

මේ කියන්නේ කුමක්ද? මේ පැවැත්මේ කුමන කොටසද ධනවාදය විසින් බැහැර කරන්නේ? කිසිවක් බැහැර කරන්නේ නැත. ඔවුන්ට ඇති ගැටලුව වන්නේම මේවා ඉටුකර දීමට ඇති නොහැකියාවේ ගැටලුවයි. එහිදී රාජ්‍යට බලපෑම් කරමින්, අරගල කරමින්, කාන්තාවන්ගේ විමුක්තිය උදෙසා කාන්තාවන් මෙහෙයවමින් ධනවාදයේ උවමනාව වේගවත් කරවීම හැර වෙනත් යමක් වේද?

 

චීන කතුන්2

 

දැන් වර්තමාන නිදහස වැනි ලිබරල්වාදී මතවාදයන් කරපින්නාගත් ස්ත්‍රීන් සහ පිරිමින් අවි අමෝරා ගනු ඇත්තේ ගෑණු උනාම ළමයි හදනවට වඩා වැඩි ජීවිතයක් නැද්ද යනුවෙන් ප්‍රශ්න කරමිනි. තවත් විදිහකින් කිවහොත් ඔවුන්ගේ එක් සටන් පාඨයක් වන්නේ ස්ත්‍රිය හුදෙක් ගර්භාෂයක් පමණක් නොවන බවත් ඇයද මනුශ්‍යයෙක් බවය. මේ සටන් පාඨ ‌ගොඩනංවන ලද ස්ත්‍රියගේ කාර්යභාරයට අදාළ විය හැකි වුවත්, ස්ත්‍රියව සැබෑ (Real) තැනින් ගන්නා විට මේ සටන් පාඨ හෝ නිදහස වැනි අගතීන් අදාළ වන්නේම නැති බව කිව යුතුය.

දරුවකු හදා ගැනීම "නිමක් නැති කරදරයක්" වීම

 

ධනේෂ්වර වෙළඳපොලකරණයට ගාල්වීමෙන් වැලකී සිටි ස්ත්‍රියව ඒ සඳහා යොමු කිරීමේ උත්සාහයේ ප්‍රතිඵලයන් ලෙස අද වනවිට ජපානයේ සහ චීනයේ ස්ත්‍රීන් දරුවන් බිහිකිරීමේ සහ හදාවඩාගැනීමේ ක්‍රියාවලියට සමුදෙමින් සිටිති.

 

චීනයේ මෑතකාලීනව වාර්තාවලින් කියැවෙන්නේ බොහෝ තරුණ ස්ත්‍රීන් දරුවන් වැදීමට අකමැත්තක් දක්වන බවය. නොඑසේනම්  දරුවකු හදා ගැනීමේ "නිමක් නැති කරදර" නොමැතිව තමන්ගේ "ජීවිතය විඳින්නට" එම ස්ත්‍රීන්ට අවශ්‍යව ඇත.

 

ස්ත්රී 6

 

රැඩිකල් ස්ත්‍රීවාදීන් මේ තත්වයන් සාධාරණීකරනය කරන්නට බොහෝ කාරණා ඉදිරිපත් කරන අතර ඔවුන් සහ ධනනාත්ලාගේ කරුණු දැක්වීම් හමුවේ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි සාක්ෂාත් කිරීමට අවශ්‍ය සහයෝගය මැනවින් ලැබෙනු ඇත.

එහිදී නියාමනය පිළිබඳව දහසක් බලාපොරොත්තු සහ විශ්වාසයන් තබා තරඟකාරී  වෙළඳපොල තුළින් රට ආර්ථිකය තුළ ගොඩගැනීමට සිහින දකින ධනනාත් ප්‍රනාන්දුලා, රොහාන් සමරජීවලා වැන්නන් ස්ත්‍රීයගේ “සැබෑ (real)  ක්‍රියාව” සම්බන්ධයෙන් වන නියාමනය සිදුකරන්නේ කෙසේද යන්න අප විමසිල්ලෙන් බලාසිටිය යුතුය.

 

@Samaara Paranavitane

නවතම ලිපි