SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ගජමෑන් චිත්‍රපටය කෝටි 50 ක ආදායමක් ද, බොහෝ දෙනෙකු නම වත් අසා නැති ‘ආදරණීය ප්‍රාර්ථනා‘ කෝටි 11 ක ආදායමක් ද, උපයා ඇත.

ඉන්දියාවේ මෙන් ලංකාවේ චිත්‍රපට බැලීම, සංස්කෘතියේ අංගයක් නොවේ. ආර්ථික අර්බුදයක් ඇති අවස්ථාවක මිනිසුන් මුලින්ම කරන්නේ විනෝදාශ්වාදයට කරන වියදම අඩු කිරීමය. නමුත්, කුමන හෝ හේතුවකින් නාට්‍ය 8 ක් පසුගිය කාලයේ සාර්ථක විය.

 

අපේ රටේ තියෙන්නේ ආර්ථිකය හැකිලීම පිළිබඳ ප්‍රශ්නයක් යැයි බොහෝ දෙනා කියති. එහි ඇත්තක් ද තිබේ. නමුත්, එහි ව්‍යතිරේක රැසකි. කොළඹ ප්‍රධාන හෝටල් බොහෝමයක දැන් හවසට මේසයක් ලබා ගැනීමත් පහසු නැත. වසර හතරකට පසු ජනතාව මෙවර සිංහල අලුත් අවුරුද්දට සුදානම්වන බව නගරයේ රෙදි සාප්පුවලින් පෙනේ. ජවන උද්ධමනය පාලනය වී ඇත.

 

1972 ලංකාවේ ලොකුම දේශපාලන හා ආර්ථීක අර්බුදය තිබුණ අවුරුද්දේ මිලියන 52 ක් චිත්‍රපටි ටිකට් විකුණා තිබුණි. ලංකාවේ හොඳම චිත්‍රපට හැදූ - බලපු යුගයක් ලෙස 1970 දශකය සැලකේ. හාල් පොලු, මිරිස් පොළු මැද මිනිස්සු චිත්‍රපට බලා ඇත.

ගින්දරී මිලියන 90 ක්, ආදරණීය ප්‍රාර්ථනා මිලියන 85 ක්, ගාඩි මිලියන 25 ක් හා ගජමෑන් මිලියන 480 ක් ලංකාවේ ප්‍රදර්ශනය මගින් උපයා ඇත. ‘පතන්‘ හින්දි චිත්‍රපටය ද මිලියන 50 ක් ලංකාවේ උපයා ඇත. මොනවා කිව්වත්, මිනිස්සු චිත්‍රපට බලන්නට ගොස් ඇත.

මාර්තු මාසයේ ලංකාවේ සාගතයක් එනවා යැයි කතාවක් තිබුණි. අද වී කිලෝව රු. 75 කි. එළවළු ගොවියාට ලැබෙන මිල රු. 60 ක සීමාවේය. සාපේක්ෂව මාළු මිල පහත වැටී ඇත. හැබැයි අපි තවමත් කථා කරන්නේ කන්න නැති කමක් ගැනය!

ආර්ථික අර්බුදය රටට මෙච්චර දැනුනේ කෝවිඩ්, ඇඳිරි නීති, කාබනික නාඩගම, විදුලික කැපීම, ගෑස් පිපිරීම නිසාය. තෙල් පෝලිම් නිසාය. දැන් තෙල් ගෑස් පෝලිම් වෙනුවට චිත්‍රපට පෝලිම් හැදී ඇත!

මිනිස්සු පීඩණයෙන් බේරෙන්නට සාප්පු සවාරියේ යනවා විය හැකිය. අවුරුදු තුනකට පසුව (2019 පාස්කු, 2020 ඇඳිරි නීතිය, 2021 කෝවිඩ්, 2022 අරගලය) තමන්ගේ පීඩනයෙන් ගැලවෙන්නට චිත්‍රපට ශාලා, කඩ සාප්පු වලට ගොස් අන්තිම රුපියල ද වියදම් කරනවා විය හැකිය.

නැතිනම්, සෙමින් නමුත් ස්ථිරව රටේ මුදල් හුවමාරු වෙන්නට පටන් ගෙන ඇත.

මේ කුමක්දැයි දන්නා කියන අය පැහැදිලි කළ යුතුය!

@Keerthi Tennakoon

නවතම ලිපි