SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

MMA කියන්නේ දැන් ඇමරිකාවේ ඉතා ප්‍රසිද්ධ සටන් ක්‍රීඩාවලින් එකක්. මීට කලින් බොක්සින් තමයි ලෝකේ ප්‍රසිද්ධම සටන් ක්‍රීඩාව වෙලා තිබ්බේ. දැන් ටික ටික මේක MMA වෙත හැරෙන්න පටන් අරගෙන.

MMA පටන් ගත්ත මුල් කාලේ ඒකෙ කාන්තා අංශයට එච්චර ප්‍රසිද්ධියක් තිබ්බේ නෑ. ඒ කාලේ ඒකෙ කාන්තා අංශය ලෝක ප්‍රසිද්ධ කරන්න මුල් වුණේ රොන්ඩා රවුසි. රොන්ඩා කියන්නේ රෙස්ට්ලින් ඔලිම්පික් පදක්කම්ලාභිනියක්. රොන්ඩා MMA කාන්තා අංශයේ ප්‍රසිද්ධ වෙන්න හේතුව එයා එයාගේ ප්‍රතිවාදීන්ව රෙස්ට්ලින් හැකියාව පාවිච්චි කරලා ඉතා කුඩා කාලයක් ඇතුලත පරාජය කිරීමේ හැකියාව නිසා. එයාට අබියෝග කරන්න මුල් කාලයේ කවුරුත් හිටියේ නෑ. රොන්ඩා රවුසි ඉතා දීර්ඝ කාලයක් පරාජය නොවූ එකම ජයග්‍රාහිකාව ලෙස වැජඹුණා.

 

හැබැයි 2015දී අමුතු දෙයක් සිද්ධ වුණා. රොන්ඩා රවුසිට බොක්සින්වලට නැඹුරු තරඟකාරියක් වන හොලී හෝම් සමඟ තරඟයකට අවස්තාව ලැබුණා. ගොඩක් දෙනෙක් කිව්වේ රොන්ඩා මේක කලින් ඒවා වගේම ඉතා ලේසියෙන් දිනයි කියල. හැබැයි MMA ගැන දැනුමක් තියෙන සමහර විස්තර විචාරකයෝ කිව්වේ මේක ඇයට හිතන තරම් ලෙසි තරඟයක් නොවන බවයි. ඊට හේතුව දැන් මේ ක්‍රීඩාවට එන නව ක්‍රීඩිකාවෝ කලින් අයගෙන් ඉගෙනගෙන ඒ අයටත් වඩා ක්‍රීඩාවට දක්ෂ සහ ප්‍රගුණ කළ අය වෙමින් පවතින බවයි. ඒවගේම හොලී හෝම්ගේ හැකියාව රොන්ඩාට වඩා ඉතා හොඳ මට්ටමක පවතින බවයි ඔවුන් කිව්වේ.

කොහොමහරි ඔවුන් කිව්ව ආකාරයටම මේ තරඟයෙන් හොලී හෝම් දිනනවා. මෙය MMA ක්‍රීඩා ඉතිහාසයේ ඉතා විශාල ආන්දෝලයක් ඇති කරනවා. මේ පරාජයෙන් පසුව විස්තර විචාරකයන් මේ ගැන විශ්ලේෂණයෙන් කර කියා සිටියේ පසුගිය වසර කීපය තුලදී රොන්ඩා රවුසි තමන්ගේ සටන් කලාවේ පරාසය දියුණු කරගැනීමට අපොහොසත් වී ඇති බවත් ඒ ගැන ඇය කිසිදු අවධානයක් යොමු නොකර ඇති බවත් නවක ක්‍රීඩිකාවන් මේ තත්ත්වය ඇයට වඩා හොඳින් ඉටු කරමින් සිටින බවත් ය. කෙසේ හෝ නැවත ඇය තරඟ වළල්ලට එනවා. ඒ එන්නේ ඇමන්ඩා නූනෙස් යන ක්‍රීඩිකාව සමඟ තරඟ කිරීමටයි. ඒ තරඟය තප්පර කීපයකින් අවසන් වෙන්නේ රොන්ඩා රවුසිට දරුණු පරාජයක් අත් කර දෙමින්.

 

දැන් දීප්ති කුමාර ගුණරත්න සහ රොන්ඩා රවුසි අතර තියෙන සමානකම මොකද්ද?

 

90 දශකයේ සම්භාව්‍ය මාක්ස්වාදය අර්බුධයට යෑමත් සමඟ බුද්ධිමය වාම දේශපාලනයේ යම් හිඩැසක් ඇති වෙනවා. මේ හිදැස පිරවන්නේ දීපති කුමාර ගුණරත්න අතින්. ලකාන්, ඩෙරිඩා, ෆුකෝ, ජිජැක් වගේ චින්තකයෝ ලංකාවට අඳුන්වා දෙන්නේ ඔහු විසින්. නමුත් අපි දන්නවා මේ හඳුන්වාදීමෙන් පස්සේ වෙන දේ. දීප්තිට වඩා දක්ෂ සහ ඔහුට වඩා ඇකඩමික ශික්ෂණය සහිත නව පරපුර ඔහුව කවදා හෝ අබිබවා යනවා. දැන් මේ තියෙන්නේ ChatGPT ගැන කතා කරන ලෝකයක්.

අපිට අද ලංකාවෙන් එපිට ලෝකය ගැන ඉගෙනගන්න දීප්තිලා අවශ්‍ය නෑ. දැන් මේ දීප්තිලා වගේ මාස්ටර්ලගේ කාලය අවසන්. මේක මේ විදිහටම උරුම කරගත්ත අනෙක් කෙනා තමයි නලින් ද සිල්වා.

 

මේ දෙන්නටම තමන්ගේ කාලේ ඉවර බව පිළිගැනීමට තරම් බුද්ධිමය නිර්භීතකමක් නෑ. මේ අය දැන් කරන්නේ තමන්ට හිතවත් ගෝලයන් කීපදෙනෙක් ලවා තමන්ගේ අතීත විභූතිය රැක ගැනීමට කටයුතු කිරීමයි.

මේ අයට කරන්න තිබුනේ තමන්ගේ මාස්ටර් භූමිකාවෙන් සෙමින් ඉවත් වෙමින් නැවත ශිෂ්‍ය භූමිකාවට පරිවර්තනය වීමයි. නියම බුද්ධිමත් නිර්භීතකම එයයි. නමුත් දැන් රොන්ඩා ඉන්නේ WWE වල ය. දීප්ති ඉන්නේ ITN එකේය.

@Anton Fdo fb page

නවතම ලිපි