SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

“මී පුර වැසියෝ” කියලා වේදිකා නාට්‍යයක් තිබුණා. ඒක අර පූසගේ කරේ ගෙජ්ජිය එල්ලන හැටි ගැන කාණු පල්ලේ මීයෝ ටික ලොකු ලොකු සැලසුම් ගහලා අන්තිමට වැඩේ හබක් වෙන පැරණි ආත්මෝපදේශ කතාවේ අනුවර්තනයක්. අරගලයත් ටිකක් ඒ කතාව වගෙයි.

ඒ නාට්‍යයේ හිටියා හෙන පම්පෝරි ගහන මහාචාර්ය මීයෙක්. අරගලයේ ඒ චරිතය රඟදැක්වූයේ නිර්මාල් දේවසිරි විසින්. එයා තමයි අර “පොත් හතක් අටක් දැනටත් ලියා දාලා… (තිබෙනවා)” කියන සිංදුව කියන්නේ. එයා කියනවා එයා නිතරම ඉන්නේ පුස්තකාලේ කියලා. අරගලයේත් තිබුණා පුස්තකාලයක්. එතන තමයි අරගලයේ උගත් මීයෝ ටික හිටියේ.

මොන මොන ලොකු කතා කිව්වත් පූසගේ කරේ ගෙජ්ජිය බඳින්න ඒ කිසිම කිසිම මීයෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ. අන්තිමට හෙන මෝඩ විහිළුකාර තරුණ මීයෙක්ට එන්න කියලා බොරු පූච්චානම් ප්‍රශස්ති ගායනා කරලා ඔද නංවලා යවනවා පූසා ඉදිරියට. පූසා ඌව කනවා එක කටට. මීයෝ ටික දුවනවා හරියට අන්තරේ කොල්ලෝ කෙල්ලෝ සෙරෙප්පු දාලා දුවනවා වගේ.

 

අරගලයේ ඒ විහිළුකාර මීයා තමයි රැට්ටා. දෛවයේ සරදමක් වගේ නමත් පෑහෙනවා. රැට්ටා කියන්නේ විහිළු කරන යූටියුබ්කාරයෙක්. මෝඩ ජෝක් කරලා අනුන්ව හිනස්සන කවටයෙක්. එහෙම කවටයෙක් අරගලයේ ෆේස් එක වීම සුවිශේෂී දෙයක්. ජීවිත කාලයක් තිස්සේ ඒ විප්ලවීය මොහොත එනකල් සූදානම් වුණු අනුර කුමාරලා, කුමාර් ගුණරත්නම්ලා පැත්තක ඉන්දෙද්දී විහිළු යූටියුබ් චැනල් එකක් කරන රැට්ටා අරගලයේ වීරයා වෙනවා. කොහොමද එහෙම වෙන්නේ?

 

මම හිතන්නේ මෙතන වැදගත් වෙන්නේ “ජනප්‍රිය වීමේ නොතිත් ආසාව”. යූටියුබ් කියන්නේ තනිකර ජනප්‍රියත්වය පිළිබඳ නූතන සෙල්ලමක්. හැමෝම බලන්නේ වැඩිපුර ලයික්ස් ගන්න. වැඩිපුර විව්ස් ගන්න. “රෙද්ද ගලවලා විසික් කරලා” හරි ට්‍රෙන්ඩින් වෙන්න. එහෙම ලොකු ෆෑන්බේස් එකක් හදාගත්තම තමන්ට එනවා ලොකු ඊගෝ එකක්. තමන් “පොර” කියලා තමන්ම විශ්වාස කරන්න පටන් ගන්නවා. රැට්ටට වුණේ එහෙම දෙයක්.

මේ චර්යාව අපට පේනවා බොහෝ ජනප්‍රිය පුද්ගලයන්ගෙන්. නළු නිළියන්, ගායක ගායිකාවන්, ක්‍රිකට් ක්‍රීඩකයන් වගේ අය ජනප්‍රිය වුණාම හිතනවා ඔවුන් ජනතාවගේ නායකයන් කියලා. ඔවුන් හිතන්න පටන් ගන්නවා “ජනතාව යනු තමාය” කියලා. එතකොට තමන්ගේ ඔළුවේ තියෙන බහුබූත ජනතාවට ප්‍රක්ෂේපනය කරනවා. ඕනෑවට වඩා ජනප්‍රිය වීම අති භයානකයි.

 

මෙතන ප්‍රශ්නය තියෙන්නේ රැට්ටා වගේ මීයන්ට කිසිම දේශපාලනික පරිචයක් හෝ ලෝකාවබෝධයක් නැති වීමෙයි. අර තරුණ තනිකඩ විහිළුකාර මීයාගේ ඊගෝ එක රබ් කළා වගේ රැට්ටව භාවිතා කෙරුණා. එක පැත්තකින් ඉන්නවා සල්ලි ටිකක් බැංකු ගිණුමට දාලා, කන්න බොන්න දීලා, රෑට නිදාගන්න හෝටල් කාමරයක් දීලා මීයාව නටවන සෙට් එක. අනෙක් පැත්තෙන් ඉන්නවා “අපි වෙනුවෙන් සටන් කරන උඹට දෙවි පිහිටයි මයෙ පුතා” කියලා කමෙන්ට් කරන මී පුර වැසියෝ ටිකක්. රැට්ටා ෆෝර්ම් වෙනවා අර මෝඩ තරුණ මීයා වගේ.

 

රැට්ටා වගේ කවටයන් ඉස්සරහට දාලා කරන විප්ලව අන්තිමට ජෝක් එකක්ම වෙනවා. අද වෙලා තියෙන්නේ ඒකනේ. දුක් විඳින ජනතාව වෙනුවෙන් අරගල කරපු රැට්ටා දැන් හෝටල් ගානේ අර මෝඩ මීයා වගේ බලන්න විහිළු ඩාන්ස් දානවා. කෝ අර විප්ලවීය සංවේදීතාවය! එහෙම එකක් නැහැ. කවදාවත් තිබුණෙත් නැහැ. ඒ මෝඩ විප්ලවකාරයා හැදෙන වේගයෙන්ම මැරෙනවා. අරගලය එතනින් ඉවරයි.

ඔය නාට්‍යයේ හිටියා අනුර කුමාර වගේ වාමාංශික මීයෙක්. එයාගේ සිංදුව ලස්සනට කියනවා රොඩ්නි වර්ණකුල. ඒක ඇත්තටම වාමාංශික නායකයන්ව උපහාසයට ලක් කරන සිංදුවක්. රොඩ්නි දැන් ජාතික ජන බලවේගයේ වේදිකාවල සිංදු කියනවා. ධර්මය අපට මග වේවා!

 

@එරන්ද ගිනිගේ