SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මම මේ ලෑස්ති වෙන්නෙ මේක මොකක්ද කියලා ටිකක් ජනපද බාසාවෙන් පැහැදිලි කරලා දෙන්න.

ඔය වචනය මගේ නිර්මාණයක්. ඕක ලංකාවට අදාල වෙන්න මේ විදියට කඩාගත්තත් කමක් නෑ. හිට්ලර්+ රී+ කරණය. මොකද ඒක තමයි අන්තිමට කවුරු කරත් කරගන්නෙ.

අපි ඉස්සරලාම ඔය ගැන කතා කරපු දාර්ශනික කාන්තාව ගැන ටිකක් හොයලා බලමු. එයාගෙ නම තමයි හැනා එරන්ඩ්ට් Hannah Arendt. එයා ඔය ඇත්ත හිට්ලර් කරණයට ඒ කීවේ totalitarianism හෙවත් 'සාකල්‍යබලාධිපත්‍යවාදය' ට එරෙහිව ක්‍රියාකරමින් මේ සම්බන්ධව පර්යේෂණ කරලා, ඒ ගැන ලියලා ඇමරිකාව සහ ලෝකයේ බොහෝ රටවල ජනාදරයට පත් දර්ශනවේදිණියක්. ඇගේ මුල්ම පොත තමයි 'the origin of totalitarianism' ( මගේ ලොකු පුතාගෙන් මට ලැබෙන Christmas gift එක).

මේ පෝස්ට් එක දාන්නෙ හැනා ගැන සහ මම නැරඹූ ඇය ගැන නිමවූ චිත්‍රපටයක් ගැන යමක් කියන්නත් එක්ක.

ඉතින් හැනා ඉපදුණේ 1906 වසරේ ජර්මනියේ ලින්ඩන් කියන නගරයේ ජුවිස් පවුලක. එයාගෙ තාත්තා පෝල් අරෙන්ඩ් හැනාට වයස අවුරුදු 7 දී මිය ගියා. හැබැයි එයාගෙ අම්මා අනේ අපි ගෑනු වෙච්චි එකේ මොන දේශපාලනයද කියලා, පොටෝ ඇල්බම් බල බලා නිකන් හිටියෙ නෑ. එයත් ක්‍රියාකාරී විදිහට සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ කරට කර නියැලුණා විතරක් නොවෙයි, හැනාගෙ තාත්තාගෙ මරණයෙන් පසුවත් දිගටම ඒක කරගෙන ගියා.

හොඳට හිතට ගමු යෙහෙලියනෙ හැනාට එයාගේ අපි ඉදිරියට කතා කරන්න යන දේශපාලන පන්නරය ආවේ එයාගෙ අම්මාගේ ඒ ජවයත් එක්ක. ඉතිං හැනා මේ සන්දර්භය ඇතුලේ හැදිලා වැඩිලා University of Marburg වලින් ප්‍රථම උපාධිය ලබාගෙන, 1929 දී දර්ශනවේදී ආචාර්ය උපාධිය හිමිකර ගත්තා. ඇගේ දර්ශනය ගැන අපි දිගින් දිගටම ලිපි සහ වීඩියෝ වලින් කතා කරන්න බලාපොරොත්තු වෙන නිසා අපි එතනින් නවතමු. හැබැයි ඇයගේ දාර්ශනික මතවාද මෙතෙක් බටහිර මතවාද වූ භෞතිකවාදී මූල ධර්ම වෙනුවට මිනිසාට ඇති චින්තන ශක්තිය, මිනිස් හැඟීම් සහ ක්‍රියාකාරකම් විමසීමට ලක්කරන (පෙර අපර එක්කාසු කරන) දර්ශනයක් දෙසට දෝලනය වන්නක් බව පමණක් සිත්හි තබාගෙන ඇය කියවා ගමු.

ඒ වනවිටත් යුරෝපය පුරා විසිරී තිබූ ජුවිස් ජනතාවට එරෙහිව එදිරිවාදිකම් පැතිරී තිබුණු අතර එය නම් කළේ anti semitism ලෙසින්. ජුවිස් ප්‍රජාව නරකයි, පව් කාරයින් යැයි කියමින් ඔවුන්ට විරුද්ධව විශාල කොන් කිරීමේ ව්‍යාපාර ගෙන ගිය අතර හැනා මෙවැනි ක්‍රියාමාර්ග පිළිබඳව පර්යේෂණ ව්‍යාපෘතියක නියැලී සිටියා. 1939 වන විට ඇය දෙවැනි වරට විවාහ වූ කාන්තාවක් වෙලා හිටිය. 1030 දී හිට්ලර් බලයට පත්වීමත් සමඟම ඇයව අත් අඩංගුවට ගත් අතර, අත් අඩංගුවෙන් නිදහස් වු ඇය, ජර්මනිය අතහැර චෙකොස්ලෝවැකියාවේ සහ ස්විස්ටර්ලන්තයේ කාලයක් ජීවත් වුණා. ඊට පස්සේ එයා පැරිස් නුවරට පැමිණ, තරණ ජූවිස් ප්‍රජාව පලස්තීනය වෙත පිටත්කර හැරීමේ ව්‍යාපාරයක නිරත වුණා. ජර්මනිය ප්‍රංශය අත්පත් කරගත් අවස්ථාවේ ඇය නැවතත් අත්අඩංගුවට පත්වූ අතර, 1937 දි දෙවැනි විවාහයෙන් දික්කසාද වී 1940 දී තෙවන වරටත් විවාහ වූයේ Heinrich නැමැත්තා සමගය.

ඒ අත්අඩංගුවෙන් නිදහස් වෙලා ඇමරිකාවට පැනලා ආපු ඇය 1950 දී ඇමරිකානු පුරවැසිභාවය ලබාගත් අතර, the origin of totalitarianism' කෘතිය ප්‍රකාශයට පත්කරන ලද්දේ 1951 දියි. 1958 දී එවැනිම වැදගත් කෘතියක් වූ human condition පොත ප්‍රකාශයට පත් කරනවා.

(ඒ පොත කියවලා චැප්ටර් එකින් එක පිළිබඳ තොරතුරු ඔබ හමුවේ තැබීමට ඉටා ගතිමි. මෙය මගෙන් ශ්‍රිලාංකික මිතුරෙක් කරන ලද ඉල්ලීමක් වෙන බැවිනි) .

මොකද්ද මේ හනාගේ චිත්‍රපටය. මම එයට එයද හදුන්වා දීමට කැමතියි. හැකි අය මෙය නරඹන්න. ඇත්ත වශයෙන්ම හනා මෙහිදී ප්‍රකාශ කරන දෙය අද මූලික වශයෙන් ශ්‍රි ලංකාවට බලපාන සමාජ සත්‍යයක්. මම ඒක නම් කරන්නෙ කවන්දකරණය කළ හෙවත් ඔලුව නැතුව වැඩකරන සජීවී කඳවල් නිර්මාණය කිරීම. හැනා තර්ක කරන්නෙ මේ කවන්ධ වලට දඬුවම් දීලා වැඩක් නෑ කියන එක. හිට්ලර් භාවිතයට ගත් ගොබෙල්ස් නියාය ගැන ඔබ සියලු දෙනා දන්නවා. යම් දෙයක් දහස් වාරයක් ජප කිරීමෙන් පසුව තවත් කෙනෙකුට ඇති චින්තන ශක්තිය මොට කර, ඒ කියන කියන හැම දෙයක්ම අවිඥානිකව කිරීමට පෙළඹවීමට තමයි 'කවන්දකරණය' කියන්නෙ. ඇය කියනවා හිට්ලර් වැනි සාකල්‍යබලාධිපත්‍යයන් යටතට පත් වෙලා ක්‍රියා කරන පුද්ගලයන් ඒ බලාධිපත්‍ය විසින් නිර්මාණය කරන ලද චින්තන ශක්තිය නැති කවන්ධ පමණක් බව. එසේම ඒ සදහා ඒ පුද්ගලයන්ට දඬුවම් කර සමස්ත සිද්ධි දාමයට අබ ඇටේක තරම් වත් බලපෑමක් කරන්න බෑ කියන එක. (මට මතක් වෙන්නේ අංගුලිමාල) කොහොම උනත් මේක ආගම් වලටත් මෙසේමැයි.

අනිත් එක මේකෙ දී හිට්ලර් ට එරෙහිව සටන් නොකිරීම පිළිබඳව ජුවිස් කාන්තාවක් වූ හැනා ජුවිස් නායකත්වයට පවා දොස් කියනවා. මේකත් අපේ දුර්වල කම නිහඬව සිටීම. මතකනෙ ළඟදී නරිනයිදේ වූවක් තිබ්බා වලෙන් ගොඩගන්න කල් වලට වෙලා නිහඬව බලාගෙන ඉන්න අයට 'රී' කරන්න රේසියි කියලා. හනා නොබියව සියලුම ජුවිස් නායකයො විවේචනය කරන්නේ මෙන්න මේ විවේචනයට සමානව.

ඉතින් දැන් ලංකාවේ මොකද වෙලා තියෙන්නේ? වෙලා තිබුණේ? කොහෙන් හරි මොකෙක් හරි ගෙනල්ලා රජා කරන්න ඕන, මේකෙ උන්ට බෑ ඒක කොරන්න. ඒ තමයි රාජාණ්ඩු කාලයේ තිබ්බේ. 'ඒකා තිරිසනෙකුට දාව හරි නමක් නෑ පුතා' කියන එක හදලා තිබුණා පොත් වලින් සහ උන්නාංසෙලා විසින්.

ඒ වාගේ තමයි දැනුත්, අර පවුල් දෙක තුනේ උන්ට දාව ඉන්න උන්ට විතරයි මේක කොරන්න පුළුවන්, වෙන එවුන්ට බෑනෙ. එහෙම නැත්නම් දැං අලුත් එක තමයි හිට්ලර් එකෙක් එන්න ඕනෑ මේක රී කොරන්ඩ. එහෙම එකෙකුට තමයි පුලුවන් මේ ඉන්න මිලියන 22 ටම කොරවන්න. Totalitarianism' කියන්නෙ ඕකට. හැබැයි ඒ ගැන හැනා ගේ දාර්ශනික අදහස් අපි ටික ටික කියවා ගමු පසුවට.

ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ඕක නොවෙයි. හිතන්න පුළුවන් මිනිස්සු සහිත සමාජයක් තුළ සැබෑ දේශපාලනික සංදර්භයකට අනුගත වුණු ශක්තිමත් ප්‍රජා සංවිධාන සහ නායකත්වයන්ට.

කොහොම උණත් අපි බලමු ඉදිරියට මොනවාද අර පොතේ තියන දාර්ශනික දේවල් සහ ඒවා කොච්චර බෞද්ධ දාර්ශනික හරයට ලංවෙනවා ද කියලාත්.

@Sumana Wijerathne

නවතම ලිපි