SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ගැහැනුන් ඔසරිය/සාරිය හා පිරිමින් කලිසම යන අදහස අඩු වැඩි වශයෙන් ඩබ්ල්‍යු. ඒ. සිල්වාගේ අදහසකි.

පෞරුෂය හා "හැඩය" ගැන ඔහුට තිබූ අදහස අනුව පිරිමි ඇඳුම්වලින් මනා හැඩයක් තිබූ ඇඳුම කලිසම වූ අතර ගැහැනු ඇඳුම්වලින් ඔසරිය හා සාරියයි.

මේ නිසා ධර්මපාලතුමා ආදීන් බටහිර ඇඳුමට විරුද්ධව සරම ඇඳීම ප්‍රවර්ධනය කිරීම ඔහුට "හැඩයක් නැති ඇඳුමක් වගා කිරීමට තැත් කිරීමක්" විය. ගවුම් හා සායවල් ආදිය ද විධිමත් හැඩයක් ලබා නො දෙන්නේ ය යනුවෙන් ඔහුට යම් සෞන්දර්යවාදී තර්කයක් විය. කලිසම ඔහුට යුරෝපීය ඇඳුමක් නොව චීනයෙන් බටහිරට ගිය ඇඳුමකි.

ඔහුගේ ඓතිහාසික නවකතාවල ද හමුවන්නේ කලිසම් ඇඳි සිංහල සෙනෙවිවරු හා රජවරු ය.

කුමන හෝ හේතුවක් මත "වෘත්තීයමය පෙනුම" හා "විධිමත් පෙනුම" ගැන දැනුවත්ව හෝ නොදැනුවත්ව ලංකාවේ සමාජයේ ස්ථාපිත වූ සෞන්දර්යවාදී ආකල්පය වූයේ ඩබ්ල්‍යු. ඒ. සිල්වා පෙනී සිටි අදහස ය.

ඇමරිකානු සංස්ථාපිත සංස්කෘතියේ (corporate culture) හි සෞන්දර්යවාදී එල්බ ගැනීම් මත casual, business casual, formal ආදී ඇඳුම් ආකාර ඇති වී ඇති අතර ඒවායේ බලපෑම දැන් ලෝකයේ ඇත. රෝස-කරපටි හා සුදු කරපටි රැකියා අතර වෙනස මත ඇඳුමේ නිදහස සීමා වීමේ තත්වයක් හා ඒවා යුක්ති යුක්ත කෙරෙන ඉතිහාසයක් හා යම් විග්‍රහයක් එහි තිබේ. (නිල් කරපටි රැකියාවල ආරක්ෂාව හා උපකරණ හැසිරවීමට අවශ්‍යතා මත යම් ඇඳුම් පරාසයක් නිසගව ම තීරණය වේ).

දැන් පවතින ඇඳුම් කතාවේ විශේෂ ලක්ෂණය නම් එහි සුදුසු නොසුදුසු යන්න හුදෙක් ම හැඟීමක් හිතලුවක් ලෙස පැවැත්මයි. ඡායාරූප අනුව පෙනෙන්නේ එය ඇමරිකානු සංස්ථාපිත සංස්කෘතියේ රෝස කරපටි ඇඳුම් සම්මත හා සමගාමී වීමක් ද නොවන බව ය. සුදුසු යැයි ඔවුන් කියන නිසා ය. වෘත්තීය සංගම් ලැයිස්තුවක දමන නිසා ය. ඒ හැර වෙනත් සෞන්දර්යවාදී හෝ වෙනත් ප්‍රවේශයක හෝ අදහසක් ඇත.

බිකිනිය සුදුසු ඇඳුමක් නොවේ යැයි යන්න මෝඩ ප්‍රශ්නයක් ලෙස පෙනෙන්නේ බිකිනිය හා සාරිය අතර පරතරය විශාල නිසා සාරියේ ශාපයට එරෙහිව එකවර ම බිකිනිය ඇඳගෙන ඒම තරම් දිගි පිම්මක් පැනීමට නොපෙළඹෙන නිසා ය. ඇසිය යුතු ප්‍රශ්නය බිකිනිය සුදුසු ඇඳුමක් වන්නේ අවුරුදු කීයකින් ද යන්න ය. ඩබ්ල්‍යු ඒ. සිල්වාගේ ප්‍රවේශය පමණක් නොව ඇමරිකානු සංස්ථාපිත සංස්කෘතිය ද එතැනට තල්ලු කිරීමට නම් ඒවායේ හරය විස්ථාපනය කර දැමීමට සිදු වේ. සාරියේ ශාපය ඔළුවක් නැති කඳ විතරක් ඇති ව්‍යාපාරයක්ව පවතින බැවින් එහි මූලික ආකල්පය තිබෙන ආකාරයෙන් ම තබාගෙන බිකිනිය වෙත යාමට වුවත් කිසි බාධාවක් නැත.

අවසාන වශයෙන් මොකකු හෝ මේ මොට්ට ප්‍රශ්නය ඇසීමට ඇති නිසා මෙය කිය යුතු ය. ගුරුවරියන් බිකිනිය ඇඳ ඒම මට අවුල් දැයි ඇසිය හැකි ය. මා නම් එකෙන් ම කැමති ය.

 

@Thamalu Maliththa Piyadigama

නවතම ලිපි