චින්තන ධර්මදාස පහුගියදා සම්මන්ත්‍රණයක් ඇමතුවා. ඔහු එහිදී කියනවා,
''හීනයක් නෑ කියල අඩන මිනිස්සු ඉන්න රටක්., තමන්ගේ හීනය වෙන කාගෙන් හරි බලාපොරොත්තු වෙන රටක්., හීන තියෙන්නෙ තමන්ට නිර්මාණය කරගන්න. අනුන්ගෙන් ඉල්ලගන්න නෙමෙයි., අපේ ජීවිතේ කියන්නෙ අපේ නිර්මාණය. ඩිසයින් එක., ජීවිතේ ඩිසයින් කරගන්න එකයි වැඩේ., අපේ ජීවිතේ වෙන කාටවත් ඩිසයින් කරන්න ඉඩ දෙන්න නරකයි.''කියලා.
මෙය චින්තනගේදේශපාලන කියැවීමක් ලෙස අපට ගන්නට නොහැක්කේම ඔහු ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයට, ධනේෂ්වර ලිබරල් වෙළඳපොල ක්‍රමයට අතිශය පක්ෂපාතී මිනිසෙකු වීම තුළය. ඒ තුළින් 'නිදහස' විශ්වාස කරන්නෙකු වීම නිසාය. එනිසාම මෙය ඔහුගේ වැල් බයිලාවක් ලෙස හඳුන්වමු.
මොහු මේ කියන වැල් බයිලාව කුමක්ද? අප චින්තනගෙ ප්‍රකාශය කියවන්නෙ මෙසේය.
“මම තුල මා සතු යමක් නොපවතී. මා පවතින්නේ අනෙකා තුලය”. එනයින් මගේ ආශාව යනු අනෙකාගේ ආශාවයි. අනුකරණයන් ලෙස මා තුල පවතින සියල්ල වඩා හොඳට කිරීම මගේ උවමනාවයි.
කුඩා දරුවෙක් චාලක ඉන්ද්‍රියයන්ගේ දුර්වලතාව මත සිදුකරන ක්‍රියාවන් මූලික කරගෙන ඊගෝවේ ආරම්භක අවස්ථාව සිදුවෙනවා.මේ විදිහට ආරම්භ වෙන ඊගෝව මිනිස් ජීවිතයේ හැම ක්‍රියාවක් එක්කම බැඳී පවතිනවා.
ඔයා හොඳ ළමයෙක් වෙන්න, හොඳට ඉගෙන ගන්න, හොඳට ඇවිදින්න, යනාදියේ සිට මිනිසා කරන හැම ක්‍රියාවකම අන්තර්ගත වෙනවා. ඔහු පට්ට දක්ෂයෙක් වෙන්නෙ මෙන්න මේ ඇරැඹුම මතයි. වෙනත් විදියකින් කියනවානම් තමන්ටම දැනෙනවා තමන්ගේ ශරීර කොටස් තමන් හිතන විදියට වැඩ කරන්නේ නෑ කියලා. අන්න එහෙම හිතලා එම අඩුව වහගන්න අනුකරණය කරන්න ගන්නවා. දරුවා මවව හෝ පියාව හෝ තමන්ව රැක බලාගන්න අයව අනුකරණය කරනවා. නලු නිලියන්ව, ක්‍රීඩකයන්ව, ගායක ගායිකාවන්ව, එකී නොකී සියල්ලන්වම අනුකරණය කරන්නේම මෙන්න මේ තමන් හිතන විදියට තමන්ගේ ශරීර කොටස් වැඩ කරන්නේ නෑ කියන හේතුව නිසායි. මෙය ශරීර අවයවයන්ගේ කැළැඹුම් අඩුව සකසා ගැනීම නොහොත් "ඊගෝව" ලෙස හඳුනාගත හැකියි. සියලු මිනිස් ක්‍රියාකාරකමක්ම පවතින්නේ ඊගෝව මතයි. මිනිසා කරනු ලබන සෑම ක්‍රියාවලියකම ඊගෝව නොමැතිනම් ඒ වෙන කුමක්දැයි යන්න කෙනෙකුට පැවසිය හැකිද?.
අන්න එවැනි තත්වයක අවබෝධය තුළයි මේවා චින්තනගේ වැල් බයිලා ලෙස ලේඩි ලීඩර් අපි මේ අදහස් දැක්වීම හඳුන්වන්නේ.
චින්තන ධර්මදාස එබව පැවසුයේ, 'මේ මගේ රට නිසා, මට සිහිනයක් ඇත' ! යන මැයෙන් අගෝස්තු 25 දා පැවති සම්මන්‍ත්‍රණය අමතමින්.