සෝවියට් සංගමයේ අවසාන ජනාධිපති ලෙස කටයුතු කළ මිහාල් ගොර්බචෝව් මිය ගිහින්.
1985 සිට 1991 දක්වා සෝවියට් සමූහාණ්ඩුව පාලනය කළ ඔහු සමාජවාදි සෝවියට් පාලනයේ අටවැනි ජනාධිපති වේ. 1991 දී එම සමූහාණ්ඩුව බිඳ වැටීමත් සමග ඔහු බලයෙන් ඉවත් වන අතර, බොරිස් යෙල්ට්සින්ට පාලන බලය හිමි වේ. ඒත් සමගම නැගෙනහිර යුරෝපයේ කොමිනිස්ට් රාජ්‍ය සිය ස්වාධීනත්වය පළ කිරීමත් සමග බටහිර හා සෝවියට් දේශය අතර පැවති සීතල යුද්ධයේ පළමු අවදිය අවසන් වුන බව ප්‍රකට ඉතිහාසය වේ.
ෆ්‍රැන්සිස් ෆුකුයාමා විසින් End of history ලෙස හඳුන්වා දෙන්නේ ඉහත සංසිද්ධියයි. (මේ පිළිබඳ දිර්ඝ විස්තර මාගේ "විකිලීක්ස් හෝරාව" කෘතියේ දක්වා ඇත). එනම් සමාජවාදයේ බිඳ වැටීමත්, ඒත් සමගම ලෝකය ම ලිබරල්වාදයට නතු වීමත්, මින් මතු ලෝකය සදාකාලික ව ලිබරල් ම පමණක් තුළ ඉතිහාසය අවසන්ය යන්නත් ඉන් ප්‍රකාශ වුනා. කෙසේ වෙතත්, පූටින් වැන්නෙක් පැමිණ ප්‍රජාතන්ත්‍රවාදී රුසියාව තුළින් නව "අනෙකෙකු" ඇති වේය යන්න බටහිර ගනං බලා තිබුණේ නැති බව ද පෙනේ.
බටහිරට වීරයෙක් වන ගොර්බචෝව් කොමිනිස්ට්වාදීන්ට පාවා දෙන්නෙක්. ඔහුගේ ප්‍රතිසංස්කරණ සෝවියට් දේශය කැබලිවලට කැඩී යාමට හේතු වූ බව බොහෝ සමාජවාදින්ගේ මතයයි. ඇතැමුන් චෝදනා කරන්නේ කොමිනිස්ට් පක්ෂයේ හිටපු මහ ලේකම් වූ මිහායිල් CIA කුමණ්ත්‍රණයක සිට අදාළ කඩාවැටීම මග පෑදු බවයි.
එහෙත් පැරණි සෝවියට් සංගමය කඩා වැටුණේ අන් කාගේ හෝ වරදක් නිසා නොව, එය සමාජවාදි ආකෘතියේ ම අභ්‍යන්තර දෝෂ නිසා ම සිදුවූවක්. ඓතිහාසික ව නිදහස ප්‍රිය කරමින් පරිණාමය වූ මිනිසා කිසි දිනක තමන් ව සංවෘත ව පාලනය කරන දේශපාලන පද්ධතියක් තුළ වැඩි කල් තබාගත නොහැකියි. වර්තමානයේ පවා සමාජවාදීන්ට හා වාමාංශිකයින්ට තේරුම් ගත නොහැකි යථාර්ථය මෙය වේ. ඔවුන් නිරන්තර ව තමා පාලනය කරන දැඩි මධ්‍යගත රාජ්‍යයක් ඉල්ලා සිටින අතරතුර ම, එමගින් ඔහුව පාලනය කරන විට ද ඊට එරෙහි වන සෙයක් ද පෙන්නුම් කරයි. වාමාංශිකයින්ගේ නිරන්තර අභ්‍යන්තර අනන්‍යතා ප්‍රශ්නවලට මුල ද මේ උභතෝකෝටිකය බව පෙනේ. ඒ මිනිසා හා සමාජවාදියා අතර ගැටුම ලෙස දක්වත හැකිය.
නායක ගොර්බචෝව් දැඩි අසනීප තත්වයකින් පෙළන ලදුව මොස්කව් හි රෝහලක වැඩි කාලයක් ප්‍රතිකාර ගත් අතර, මියෙන විට ඔහු 91 වැනි වියෙහි පසුවිය.