SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

"මේ රටේ ආර්ථිකයට ප‍්‍රශ්නයක් ඇති කරනව නම් කරන්නේ මහ බැංකුවේ පුද්ගලයින්.

ආණ්ඩු වෙනස් වුණත් මහ බැංකුවේ ඉන්නේ මේ අය ම යි.  මහ බැංකු විතරක් නෙවෙයි කුඩා බැංකු පවා මගෙ යටතේ නෙවෙයිනෙ පැවතුනේ.

මම කියන දේ වැරදි නැහැ.

බලන්න, අද ඩොලර් එක රුපියල් 160යි නේද? අවප‍්‍රමාණය වන හැම රුපියලකින් ම අපේ අයවැයට රුපියල් මිලියන 40ක හෝ 45ක වියදමක් දරන්න සිද්ධ වෙනවා. හර්ෂ ද සිල්වා මහතා කියා තිබෙනවා ”රුපියල අවප‍්‍රමාණය වීම විදේශ ණය ගෙවීමට වැඩි වශයෙන් බලපාන්නේ නැහැ, කියල. එතුමාගේ තර්කය ඒක වුණාට, එහෙම නැති නිසාද, ඩොලර් එකක් 160ක් දක්වා මේ විදිහට වැඩි වෙලා තියෙන්නේ.

මහ බැංකුවේ අධිපතිවරයා ඉන්නේ වෙනින් ලෝකෙක නම්, එයාව විවේචනය නොකර මොනව කරන්නද? එක්සත් ජාතික පක්ෂය හදපු ආණ්ඩුවක් වෙලත්, මහ බැංකුව වටේ රොක්වෙලා ඉන්න චන්ද්‍රිකාගේ කට්ටිය විසින් ජනාධිපතිට  ඕන දේ කරන්නෙත් නැහැ, අගමැතිට  ඕන දේ කරන්නෙත් නැහැ. මම දන්නව රනිල් අගමැති තුමා බොහොම අසරණ වෙලා තියෙන්නේ. එයා කියන දේවල් නෙවෙයි කෙරෙන්නේ.

බැඳුම්කර සම්බන්ධයෙන් මට තිබුණ චෝදනාව මොකක්ද කියල මවත් දන්නේ නැහැ. බැඳුම්කර මුදල් ගත්තද කියල ඔයා අහනකොට, මට කියන්න පුළුවන් එක දෙයයි. ඒ තමයි, ”ගත්තේ නැහැ” කියන එක.

- රවි කරුණානායක – 2018-06-10

 

 

ඉහත දැක්වෙන්නේ, මෛත‍්‍රීපාල-රනිල් ආණ්ඩුව කාලෙ බැඳුම්කර වංචාව පාදක කරගෙන යැයි හඟවමින් නමුත් නිෂ්චිත හේතු දැක්වීමවක් නොකර ම තම අමාත්‍යාංශයට බැංකු භාරකාරත්වයක් පවා නොතිබුණු තත්වය ක් තූළ දී රවී කරුණානයකව මුදල් ඇමති ධූරයෙන් ඉවත්වීම පාදක කරගෙන යූටියුබ් චැනල්කාර තරුණයෙක් ”මොකක්ද වුණේ?” යැයි රවි කරුණානයකගෙන්  කලකට ඉහතදී අහපු ප‍්‍රශ්නවලට ඔහු දුන් සෟජු උත්තරවල එකතුවක්.

රවී කරුණානායක බැඳුම්කරයට සම්බන්ධවී මුදල් ගත්තා දැයි කියා මුළු ශ‍්‍රී ලංකාව ම අහන ප‍්‍රශ්නයට මෙහිදී රවී කරුණානායක සෘජුවම  "නෑ" යැයි  එදා උත්තරයක් ඇතත්, එය නිවැරදි එකක්දැයි දැනගැනීම සිදුකළ හැක්කේ, ඒ හා සම්බන්ධ නඩු විභාගයෙන් දුන්නු අධිකරණ තීන්දුව මත නිසා, ඒ තීන්දුව රවී කරුණානායක විසින් ම රටට හෙළි කරන තෙක් ජනතාවට බලා ඉන්නට සිදුවනු ඇත.

 ravi2

 

ඒත් මෙහිදී මේ සටහන තබන ලියුම්කරුගේ උවමනාව, ඒ නඩු තීන්දුව ජනගත වෙන තුරු හූල්ලමින් කල්ගත කරන්නට නෙවේ. මේ ලියුම්කරු උත්සහ කරන්නේ, 2018 වසරේ ජූනි 10 වෙනිදා සිට අද දක්වා ම නරඹන්නන් 6104ක් තරමට වඩා වයිරල් වෙලා නැති බහුතරය ජනයා ගාණකටවත් නොගත් අප‍්‍රසිද්ධ යූටියුබ් වීඩියෝ තිරයක් මත රවී කරුණානායක තැබූ මේ කෙටි සටහන උපුටමින්,  ඒ සටහන අද රටේ දේශපාලනාර්ථිකයට කෙතරම් අදාළ දැයි කියා කෙටි විමසීමක් කිරීටම යි.

දැනට වසර 04කට කලින් රවී එසේ පලකල කෙටි වියමනෙන් නියථාර්තයෙන් ම අපට කියාදෙන  එක් කාරණයක් වන්නේ, ”රටේ ආර්ථික ප‍්‍රශ්නයක් ඇති කරන්නේ මහ බැංකුවේ පුද්ගලයින් බව”යි. බලන්න, ඔහු එසේ කී දා සිට මෙසේ රුපියල අවප‍්‍රමාණය වීම වැඩිවෙලා එදා සේ ඩොලරයේ අගය රුපියල් 160හිවත් නොතිබී, අදවන විට එය රපියල් 363.94 දක්වා කඩාගෙන ඉහළ යෑම ආරම්භවී ඇත්තේ මෛත‍්‍රීපාල-රනිල් ආණුඩුව කාලයේ සිට පැවති මහ-බැංකු-නිලධාරී-තන්ත‍්‍රයත්, ඒ පිටුපස හිඳිමින් ”රුපියල අවප‍්‍රමාණය වීමට විදේශ ණය ගෙවීම කෙරෙහි බාධාවක් වෙන්නේ නැහැ” යි වැනි වහසි බස් දෙඩූ හර්ෂද සිල්වා වැනි න්‍යායචාරීන්ද, ඒ මතයට කත් ඇදපු කබීර් හසීම් සහ එරාන් වැනි චොර ඩිප්ලොමැට්ස්ලාගේ ද මැදිහත්වීමෙනි.

 

ravi4

 

පසුකාලීනව ”ගෝඨා-ගෝ අරගලය” ඇතිවීමටට තුඩුදුන් සමයේ සහ ඒ අරගලය පැවති පසමයේ එජාප නායක රනිල් වික‍්‍රමසිංහට විපක්ෂයේ හිඳගෙන කිහිප වතාවක් ම පොදුජන මූල්‍ය සම්බන්ධයෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 148 වැනි වගන්තිය බලාත්මක කරන්නැයි පුනරුච්චාර කරන්නට සිදුවූයේ, එය එසේ බලාත්මක නොවූ තිබුණු නිසානේ. ඒ කියයන්නේ ආණුඩුක‍්‍රම ව්‍යවස්ථවේ 148 වගන්තිය බලාත්මක නොවී කරදාසියට සීමාවී තිබුනාය කියන එකනේ. වෙනත් විදිහකින් පාර්ලිමේන්තුවට තිබූ බලයක් මහ බැංකුව විසින් අනියමාර්ථව පාවිච්චි කර ඇතැයි කියන යටි අරුතනේ. ඒ නිසා කොප් කමිටුව හරහා යලි විමර්ශණයට ලක්වෙන්නේ, පාර්ලිමේන්තුවේ අනුදැනුම සහ බලය යටතේ ගතයුතු මූල්‍ය තීරණ ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් ගෙන අති තත්වයක් යටතේ බව අනුමානයක් නෙවීනේ.

එතකොට මහ බැංකු අධිකාරීත්වය සීතල පිස්සුවක් කෙලින්නටත්, රටේ ඩොලර් සංචිත ලිං පතුලට ම සිඳී, පොදුජන මූලික අවශ්‍යතා සපයා ගැනීම පවා අසීරුවී, රටේ අරගලකාරී වාතාවරණයක් ඇතිවෙන තෙක් 148වෙනි වගන්තිය බලාත්මක කරන්නට දේශපාලකයින් පාර්ලිමේන්තුව සක‍්‍රිය මැදිහත්වීමක් නොකරන්නටත් හේතු සොයා බැලිය යුතුයි.

ඒ නිසා 1994 සිට මේ දක්වා රජය සහ එහි ව්‍යවස්ථාවට යටත්ව ආණ්ඩු කරන්නට පත්වූ අයවලූන් විසින් රාජ්‍ය ව්‍යවස්ථාවේ 148වන වගන්තිය උල්ලංඝනය කර ඇත්දැයි සහ එය කරඇත්තේ කෙසේදැයි යන්න පිළිබඳ ජනතාව වෙත පැහැදිලි, නිවැරදි සහ සංයුක්ත ප‍්‍රකාශයක් කිරීම කෝප් කමිටුවේ වගකීමයි. දැන් කෝප් කමිටුව මැද්දට පැනලා ආර්ථිකය මෙහෙම විය යුතුයි කියල මාර පොරටොක් දෙන ඊනියා ජාතිකවාදී චම්පික රණවක, මහින්ද රාජපක්ෂ රටේ ජනපතිවෙලා රටේ ඩොලර් සංචිත එක්ක බිලියඞ් ගහන කාලේත්, මෛත‍්‍රී-රනිල් ආන්ඩුව කාලේ හර්ෂ සිල්වාත් ඇතුළු එරාන්, කබීර් නඩය පිස්සු න්‍යාය වමාරන කාලෙදීත් ඇමතිකම් දරමින් හිඳිමින් ම 148වගන්තිය බලාත්මක කරන්නට කෙල පිඩක් නොහෙලා සිටියේ කුමන කුමන්ත‍්‍රණකාරී ප‍්‍රවේශයකින් ද? 

 

ravi5

 

මන්ද ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ කොලේ අච්චු ගසා තිබෙන ආණ්ඩුක‍්‍රම-ව්‍යවස්ථාව ප‍්‍රකාරව, එහි 148 වෙනි වගන්තියෙන් පැහැදිලි ලෙස ම කියා තිබෙන්නේ, ”පොදුජන මුදල් සම්බන්දයෙන් පූර්ණ පාලන බලතල ඇත්තේ පාර්ලිමේන්තුවට පමණක් බවත්, බද්දක්, අනුපාතයක් හෝ වෙනත් කුමන යම් හෝ අයකරගැනීමක් සම්බන්ධයෙන් වෙනත් කිසිදු දේශීය අධිකාරීත්වයකට හෝ පොදුජන අධිකාරීත්වයකට බලයක් නැති බවත්, පාර්ලිමේන්තුව හෝ වෙනත් පවතින  ඕනෑම නීතියක් යටතේ සම්මත කරගෙන මිස ඒසේ නොකළ හැකි බවත්”ය.  

ඒ අනුව, මෛත‍්‍රීපාල-රනිල් ආණ්ඩුව කාලයේ හිටපු මහ බැංකු අධිපතිවරයා වන ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යථා ලෝකයට අදාළ නැති ”වෙනත් ලෝකයක ඉන්නේ” යැයි එදා රවී කරුණානායක කියූ දේ අද යලි සලකා බලන්නට සිදුව ඇති අතර, 148 වැනි වගන්තියේ සංදර්භය තුළ අජිත් නිවාන් කබ්රාල් ද ඉන්ද්‍රජිත්ගෙන් පසුව පැමිණි ඊළඟ විනාශකාරී දිගුව ලෙස කටයුතු කර ඇති බව ද අපට පිළගන්නට සිදුවෙනු ඇත. මේ සියල්ල නියථාර්ත බවට පත්කර ගැනීමට කොප් කමිටුව විසින් තම වාර්තා සංයුක්තව කෙටුම්පත් කළ යුතු අතර, සරල බසින් ජනගත කළ යුතුව ද පවතී. අනික් පැත්තෙන් බැඳුම්කරයෙන් මුදල් ගත්තේ නැහැ යැයි රවී විසින් මෙහි කියූ ප‍්‍රකාශය ද තම නඩුතීන්දුව හරහා සනාථ කළ යුතුව පවතී.

 

ravi3

 

නමුත් රටට බලපාන කොටස ඉස්මත්තට ගෙනාවොතින්, මේ වන විට රවීකරුනායකව ජනාධිපති ආර්ථික උපදේශක තනතුර වැනි තරනතුරක් දී ලං කරගන්නට රනිල් විසින් ප‍්‍රගතීශීලි තීරණයක් ගෙන ඇති බව සැලවෙයි. තත්වය එසේ වුවහොත්, සාරසංග‍්‍රහවාදී හර්ෂ ද සිල්වා ගෙන්වා ගන්නවාට වඩා, ප‍්‍රායෝගිකවාදි රවී කරුණානයක ගෙන්වා ගැනීමෙන් සහ ඔහුට ඒ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ප‍්‍රධානත්වයක් ලබා දීමෙන් රටේ ජාතික ආර්ථික පද්ධතිය ගෝලීය ආර්ථික නියාම ධර්මයන් අනුව ක‍්‍රියාත්මක කරවීමට මහත් රුකුලක් වන තීරණයක් රනිල් ගෙන ඇති බව නොකිවමානය.

එහෙත් රටේ ආර්ථිකය සම්බන්ධයෙන් රවීගේ ප‍්‍රායෝගික මැදිහත්වීම එසේ තීරණාත්මක අවශ්‍යතාවක් වී තිබුණත්, රනිල්ගේ ජනාධිපතිධූර කාලය වසරකින් අවසන් වීමට නියමිත බැවින් සියල්ල ර  ඳා පවතින්නේ එළඹෙන ජනාධිපතිවරණයෙන් රනිල් නැවත ජනාධිපති කරවා ගැනීම මත ය. ඒ රටේ ආර්ථිකය ගොඩනැංවීමට සමාන්තරව ජනපතිවරණ දේශපාලන සටනත් ඒ සමඟ ම ජයගතහැකි වන්නේ ද එජාපයේ පක්ෂ-ව්‍යුහය පොහොට්ටු බලවේගය ඉදිරියේ පවා කේවල් කළ හැකි මට්ටමේ ශක්තිමත් තාක්ශණික ව්‍යුහයක් බවට ගොඩනංවාැගනීමෙන් පමණි. ඒ සඳහා නැවතත් ශක්තිමත් උපායශීලී සංවිධායකයෙකු වූ රවී කරුණායකව පක්ෂයේ උපනායක වැනි වැනි තනතුරක තබා, රවී ලවා පක්ෂය ප‍්‍රතිසංවිධානය කරගන්නට ද රනිල් උපායශීලී වුණොත්  එජාපයට තව දශක දෙකක් රටේ පාලන බලය අල්ලාගෙන සිටින තත්වයක් උදාවනු ඇත.

එහෙත් පක්ෂය තුළ අකිල විරාජ්, සාගල රත්නායකගේ යටිමෙවලම්වාදය හෝ, වජිර අබේවර්ධනගේ ඞීල්වාදය හෝ රුවන් විජේවර්ධනගේ නිදිමතවාදය රවීගේ මේ පැමිණීමට සහ පැමිණ ක‍්‍රියාත්මකවීමට එරෙහි දේශපාලන වෛරස් ස්වභාවයක් පළකලහොත්, මෙතෙක් දීර්ඝ  නිද්‍රාවක පැවති එජාප පක්ෂ ව්‍යූහය යලි-නගාසිටුවන්නට හැකි වෙනත් විකල්පයක් නොමැති වනවා ඇත. එන් එළඹෙන ජනපතාවරණයේ දී රනිල් සහ එජාපය සක‍්‍රිය දේශපාලනයෙන් පිටතට විසිව යනවා ඇත.

 

ravi7

 

අතීතයෙන් පාඩම් උගෙන ගන්නවා නම්, රනිල්වැනි බුද්ධිමත් නායකත්වයක් අතහැරදමා, සජිත් වගේ ගොන් නායකයෙකු වටේ රොක්වී සජබෙ ගොඩනගන්නට තරම් එජාප මුල්පෙල දේශපාලනඥයින් අසරණ වුණේ මෙන්න මේ කියූ අකිල-සාගල-වජිර-රුවන් කියන වෛරස් එක එජාප පක්ෂ පද්ධතිය අසංවිධානාත්මක කරන්නට නොදෙන යුන්ටා ගතිකයක් වී තිබූ නිසාවෙන් බව එක්සත් ජාතික පක්ෂයට ආදරේ කරන කවුරුත් දනිති.

රවී කරුනානයකට ආසියාවේ හොඳම මුදල් ඇමතිවරයා සම්මානය ලබාදෙන්නට තරම් ගෝලීය ඇල්ගෝ-රිදමයන් විසින් රවීගේ ජීවදත්තවලට (රෙසියුමේ එකකට* මෙතරම් වූ ආසියුනු කලාපීය රෙපියුටේෂන් එකක් ලබා දී තිබියදීත්, මේ අවස්ථාවෙන් උපරිම ප‍්‍රයෝජනය ගෙන එක පැත්තකින් ගෝලීය ආර්ථිකය තුළ රටේ ජාතික ආර්ථිකය ගොඩනගා ගන්නටත්, අනික් පැත්තෙන් ගෝලීය දේශපාලනාර්ථිකයට ගැලපෙන නවීකාරක එජාප පක්ෂ ව්‍යූහයක් ගොඩනගන්නටත්, රනිල් ම මැදිහත්වී රවීට බලය දෙන්නට බලපෑමක් නොකළහොත්, අකිල-සාගල-වජිර-රුවන් කියන නොනිල යුන්ටා ගතිකය විසින් රවී පිට බොරු බේගලයක් පටලවා නැවත ඔහු කිසිදා දේශපාලනයට නොඑන්නට ම කුමන්ත‍්‍රණ කර පලවා හරිනු ඇත. 

එයින් එජාප පක්ෂ යන්ත‍්‍රයේ ඉතිරි ටිකත් ඇමරිකාවේ 9-11 බිල්ඩිම වගේ බිම ඇදගෙන වැටෙනු ඇත. තත්වය එසේ වුවහොත් සජිත්ට වඩා සාධාරණ යැයි සිතෙන ජාතිකවාදී චම්පික වටා යූඒනිපී ජනයා එතෙනු ඇත. එයින් රටට තිබූ එක ම ධනේෂ්වර පක්ෂය ශ‍්‍රිලනිපකරණයට සහ වරිගවාදයට ගොදුරු වනු ඇත. කොළඹ නගරය නාගරිකත්වයෙන් ඈත්වී ගම්මානයක් බවට පත්වන්නට කටයුතු සිදුවනු ඇත.ඊඨ විරුද්ධව ගෝලීය ඇල්ගෝ-රිදමයන් විසින් එජාපය නොවන කාලාවකාශ ඉමකදී නව-නූතන ධනේෂ්වර පක්ෂයක් ගොඩනගා දී රනිල් පිටතට විසිකරනු ඇත.

මහින්ද පවා නිවැරදි ක‍්‍රියාමාර්ග ගත්තේ නම්, ඔහුට තුන්වන වතාවටත් ජනාධිපති වෙන්නට  ඕනෑ තරම් ඉඩහසර තිබුණි. ඒත් එය කරගත නොහැකිවී මෛත‍්‍රී ජයග‍්‍රහණය කළේ, නූගත් යටි පන්දම්කාරයින් විසින් මහින්දට පක්ෂව සිටි කුසලතා පූර්ණ සහයකයින් ව කේලාම් කියා පරිවාරයට තල්ලූකර දැමූ නිසාවෙනි. අවම තරමින් යුද්ධයට අනුව දේශපාලනය කරන්නේ කෙසේද කියා මහින්දට කියාදුන් චම්පිකගේ පාර්ශවයට හෝ මහින්ද් නම්‍යශීලීත්වයක් දැක්වූයේ නැත.

ඒ නිසා ගෙන්වා ගන්නා රවී කරුණානායක කියන්නේ, රනිල්ට තම ධූරකාලය වැඩිකරගන්නට තියෙන තියෙන එක ම ට‍්‍රම්ප් කාඞ් එකය. එය ලියුම්කරුගේ පුද්ගිලක අදහසක් නොව ගෝලීය-ඇගෝරිදමය විසින් යෝජිත ඊළඟ පියවර ය.

අකිල-සාගල-වජිර-රුවන් කියන අය අතරින් එකෙකු හෝ ගෝලීය ඇල්ගෝ-රිදමයන්ගේ නිර්දේශිත ආර්ථික විෂයවාදී පුද්ගල පෞර්ෂයන් නොවේය. ඒ නිසා මෙදාපාර කොහොමටත් රනිල්ට ට‍්‍රම්ප් කාඞ් එක වු රවී කරුනානායක නැමති කොලය ප්ලේ කරන්නට ම සිදුවනු ඇත.

නවතම ලිපි