මේ ඡායාරූප පෙළ සහ කතාව කීර්තිමත් පිලිපීන ඡයාරූප ශිල්පිනයක වන Hannah Reyes Morales ගේය.
අන්තර්ජාතික ඡායාරූප මධ්‍යස්ථානය විසින් ඇයට 2020 මැයි 19 වන දින ඡායාරූප කලාව වෙනුවෙන් Infinity Awards ප්‍රදානය කල අතර හැනා නැෂනල් ජියෝග්‍රෆික්හි නිත්‍ය ජයාරුප ශිල්පිනියකි.
ඇය දෙවන ලෝක සංග්‍රාමයේදී මැනිලා නගරයට උතුරින් පිහිටි කුඩා නගරයක සිදු වූ කුරිරු ප්‍රචණ්ඩ ක්‍රියාවකින් දිවි ගලවා ගත් අයට හඩක් ලබා දීමට උත්සාහ කරන අඛණ්ඩ ව්‍යාපෘතියක නිර්මානකාරියයි “ Roots from Ashes”
1944 නොවැම්බර් 23 වන දින, දෙවන ලෝක යුද්ධ සමයේදී, ජපාන අධිරාජ්‍ය හමුදාවේ සොල්දාදුවන් මැනිලා නගරයට උතුරින් පම්පන්ගා හි කුඩා නගරයක් වන මාපානික් වෙත ගමන් කළහ. ඔවුන් ගමේ බොහෝ වැසියන්ට වධහිංසා පමුණුවා මරා දැමූහ. පසුව එහි සිය ගණනක් කාන්තාවන්ට කිලෝමීටර් කිහිපයක් ගමන් කිරීමට බල කර අතරමග හමුවු ගොඩනැගිල්ලක තබා එහිදී දින ගණනක් දූෂණය කරනු ලැබීය. එය වසර හතරක් දක්වා දිගුවු අමානුෂික ලිංගික සුරාකෑමකි.
යුද්ධය අවසන් වු විට ඔවුහු නිදහස් වු නමුදු කුසට නිසි අහර නොමැතිව සිරුර පුරා බලහත්කාරයේ කැලලිද සමග සිය ගම්මානයට ආහ. මෙම කාන්තාවන්ට ශාරීරික මෙන් මානසික තුවාලද ඇති විය: පශ්චාත් කම්පන ආතති ආබාධ, ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග සහ හානියට පත් ප්‍රජනක පදධතියකින් යුතුවිය. ගමට ආ පසු බොහෝ කාන්තාවන් අපකිර්තියට හා අවමානයට ලක්වු අතර බොහෝ අයව නෙරපා හරිනු ලැබූවන් ලෙස සලකනු ලැබිය. ඇතැම් විට ඔවුන්ගේම පවුල් විසින් ඔවුහු ප්‍රතික්ෂේප කරනු ලැබීය. තවත් බොහෝ අය සිය ජීවිත කාලය පුරා අවිවාහකව සිටියහ.
2019 වසර වන විට ඔවුන්ගෙන් අඩකට වඩා මියගොස් ඇත, එහෙත් කිසිඳු ආකාරයක වන්දි ගෙවීමක් දැක නැත. තවත් ස්වල්පයකට මතකය අහිමිය.
ස්වල්ප දෙනෙකුට මතකය නැත්තටම නැති වී ගොසිනි. මතකය ඇති Isabelita, හැනා රීස් මොරාලෙස්ට පැවසුවේ “අපි ගෙදර ආවේ අළු වල සිටයි”යනුවෙනි.
1990 දශකයේ දී ඔවුන්ගෙන් 90 ක් පමණ එක්රැස් වී සහයෝගය හා යුක්තිය අපේක්ෂා කිරීමේ බලාපොරොත්තුවෙන් මාධ්‍ය හරහා ඔවුන්ගේ කතාව පැවසීමට උත්සාහ කළහ. ඔවුන් තමන්ව හැඳින්වූයේ ‘මලය ලෝලාස්ලා කියාය.’ (‘නිදහස් ආච්චිලා සීයලා’).
පසුව ඔවුහු ජපානයට එරෙහිව නඩු පැවරූහ. 1995 දී ටෝකියෝව ආසියානු කාන්තා අරමුදල නිර්මාණය කළේ මෙම කාන්තාවන්ට “වන්දි” මුදල් ගෙවීම සඳහා ය. ඔවුහු පිලිපීනයේ අවසාන ගෙවීම් සිදු කරනු ලැබුවේ 2000 දශකයේ මුල් භාගයේදීය. එයද සියල්ලන්ටම නොවේ. පිලිපීන ශ්‍රේෂ්ඨාධිකරණය සිය ලේඛනවල සඳහන් කර ඇත්තේ “පෙත්සම්කරුවන්ගේ නඩුව විභාග කිරීම අපේ රටේ විදේශ ප්‍රතිපත්තියට පටහැනි වන අතර ජපානය සමඟ සබඳතා කඩාකප්පල් කළ හැකි” බවයි.
මේ ජායාරූප පලකල හැනා මෙහෙම කියනව,
“මට කිසි විටෙකත් මිනිසුන්ට නැවත පණ ගැන්වීමට අවශ්‍ය නොවන මතකයන් යළි පණ ගැන්වීමට අවශ්‍ය නැත. සමහර කාන්තාවන් ඔවුන්ගේ කතාව පැවසීමට සැබවින්ම උනන්දු වූහ, සමහරු එසේ නොවීය. ඉතින් ඔබ ඔවුන්ගෙන් ඔවුන්ට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව විමසීමට අවශ්‍ය නැත. ඔවුන් මිනිසුන් ලෙස කවුරුන්ද යන්න ඔබට වැටහෙනු ඇත. ඔවුනට ඉතිරි තවමත් වෙිදනාවෙි හා පරිතාපයේ ස්මාරකයක් ලෙස පවතින ඒ ඔවුන් දුෂණයට ලක්වු නිවෙස පමනි.”
“නිසැකවම, පරමාදර්ශී ලෝකයක, ඔවුන් සුව කිරීමට ව්‍යුහයන් ඇත. ඔවුන්ට නිවැරදි සහාය ලැබෙනු ඇත. නමුත් එය නොමැති විට, අපි - කාන්තාවන් වශයෙන් - එම ව්‍යුහයන් අප වෙනුවෙන්ම නිර්මාණය කරන්නේ කෙසේද? මම ඒ ගැන සැබවින්ම උනන්දු වෙමි. එය විධිමත් හෝ වඩා හොඳ ව්‍යුහයක් නොමැතිකමට ප්‍රතිචාරයක් වන අතර එය මිනිසුන්ට යුක්තිය සහ ඔවුන්ට අවශ්‍ය සහයෝගය ලබා ගැනීමට ඉඩ සලසයි… එය බිහිසුණු දේ මකා දැමීම ගැන නොවේ. එය මධ්‍යයේ ඔවුන් වගා කළ දේ පිළිබඳ වැඩි යමක්. ඔවුන්ව දුෂණය කල මිනිසුන් දැන් නායකයෝය, විවාහකයෝ ය. ඔවුන් ඔවුන්ගේ සමාජයේ ඉතා ගෞරවයට පාත්‍ර වේ. එහෙත් ඔවුනගේ ගොදුරු බවට ඇති මෙි මිනිස් වෙිදනාව ආඛ්‍යානයෙන් ඔබ්බට ගොස් ඒවා නිරූපණය කිරීමට මම කැමැත්තෙමි.”
උපාලි ජයසිංහ