SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

"Smart" වෙන්නේ කොහොමද? ජීවිතය කියන්නේ කෙටි කාලයක් තුළ යන්න තියෙන දිගු ගමනක්. 

ඉතින් මේ ගමන යද්දී "smart" වෙන එක හරිම වැදගත්. අනුන්ට කරදරයක් නොවී තමන්ගේ ගමන යන්න පුළුවන් ඇත්තටම "smart" පුද්ගලයෙක්ට විතරයි. අපි බලමු "smart" පුද්ගලයෙක්ගෙ ලක්ෂණ මොනවාද කියලා.

"smart" කෙනෙක් "target" එකක් ඔලුවේ තියාගෙන ඒ "target" එකට වැඩ කරන්නෙ. ඒකට හේතුව තමයි අපේ ජීවිත ජීවත් කරවන්නේ බලාපොරොත්තු බව ඔහු හෝ ඇය දන්නා නිසා. නිදාගෙන සිහින බලමින් සිටිනවා වෙනුවට අවදියෙන් සිහින යථාර්ථයන් බවට පත් කර ගන්න වෙහෙස වෙන කෙනෙක් තමයි "smart" කෙනෙක් කියන්නේ.

ඇත්තටම "smart" කෙනෙක් අනුන්ගේ දේවල් ගැන හොයන්නේ නෑ. නමුත් තමන්ගේ උපකාරයක් තවත් කෙනෙක්ට අවශ්‍ය වෙලාවට එම පුද්ගලයාට උදවු කරන්න smart කෙනෙක් පසුබට වන්නේ නැහැ. ඒවාගෙම කෙනෙක් නැති තැන එම පුද්ගලයාගේ අඩුපාඩු ගැන කතා කරමින් වෙලාව නාස්ති කරන්නේ නැහැ "smart" පුද්ගලයන්.

ඒකට හේතුව තමයි අනුන්ගේ අඩුපාඩු ගැන කතා කර කර ඉන්නවට වඩා තමන්ගේ අඩුපාඩු නිවැරැදි කරගැනීම වැදගත් බව "smart" පුද්ගලයන් දන්නා නිසා.

ඒ වගේම "smart" පුද්ගලයන් දන්නවා තමන් මොන තනතුරක් දැරුවත් තමනුත් තවත් එක මනුෂ්‍යයෙක් පමණක් බව. ඇතැම් පුද්ගලයන් තමන්ගේ තනතුරු භාවිතා කරලා අනෙක් පුද්ගලයන්ට පහත් ආකාරයෙන් සලකනවා. මොන තරම් උගත් උනත් ඒ වගේ පුද්ගලයන් "smart" ගණයට වැටෙන්නේ නැහැ.

හිතලා බලන්න ඔයාගෙ ජීවිතේ ගැන. අමතක කරන්න එපා ජීවිතය කියන්නේ කෙටි කාලයක් තුළ යන්න තියෙන දිගු ගමනක් කියලා. ඔබට ජයෙන් ජය.

 

 හංසනී ත්‍යාගා දිසානායක 

නවතම ලිපි