මේක ඩයට් ප්ලෑන් එකක් නෙවෙයි, ජීවන රටාවක් ලෙස හඳුන්වන "වන්නකු මෙතඩ්" (Wannaku Method) ගැන සාරාංශයක්.
මෙම ක්‍රමය නිර්මාණය කර ඇත්තේ වෛද්‍ය ජනක වන්නකු විසින්. මේකේ ප්‍රධාන අරමුණ වෙන්නේ බර අඩු කර ගැනීම සහ පරිවෘත්තීය (Metabolic) සෞඛ්‍ය වැඩි දියුණු කිරීම.
මෙම ක්‍රමයේ ප්‍රධාන කරුණු පහක් තියෙනවා:
නින්ද: රාත්‍රී 10ට පෙර නිදාගෙන පැය 7ක්වත් නින්ද ලබාගන්න.
කෑම වේල්: පැය 8ක් ඇතුලත ප්‍රධාන කෑම වේල් 2ක් පමණක් ගන්න. ඉතිරි පැය 16 නිරාහාරව (වතුර පමණක්) ඉන්න. රාත්‍රී ආහාරය හවස 7ට ගන්න.
ව්‍යායාම: සතියකට දෙවරක් ශක්තිවර්ධක ව්‍යායාම කරන්න. වෙන දිනවල ඇවිදීම, පිහිනීම වැනි සැහැල්ලු ව්‍යායාම කරන්න.
තහනම් ආහාර: සැකසූ ආහාර, සීනි, පාන්, බිස්කට්, සමහර පලතුරු (කෙසෙල්, අඹ වැනි), එළවළු තෙල් සහ පිරිපහදු කළ කාබෝහයිඩ්‍රේට් සම්පූර්ණයෙන් වළකින්න.
අනුමත ආහාර: මේදය සහ ප්‍රෝටීන් බහුල ආහාර (මාළු, මස්, බිත්තර, පොල්, පොල්තෙල්, බටර්, චීස්) වැඩිපුර ගන්න. බත්, ධාන්‍ය, අල සහ පලතුරු අඩු කරන්න.
වන්නකු මෙතඩ් වලට අනුව බර අඩු වෙන්නේ කැලරි පාලනයෙන් නෙවෙයි, කාබෝහයිඩ්‍රේට් පාලනයෙන් (Carbohydrate Control). මේ නිසා බඩ පිරෙන්න මේදය සහ ප්‍රෝටීන් බහුල ආහාර ගන්න කියලා මේ ක්‍රමයෙන් උපදෙස් දෙනවා. මේ ක්‍රමය අනුගමනය කිරීමෙන් දියවැඩියාව, අධික රුධිර පීඩනය, අක්මාවේ මේද තැන්පත් වීම (Fatty Liver) වගේ රෝග පාලනය කරගන්න පුළුවන් බව වෛද්‍යවරයා පෙන්වා දෙනවා.
මෙම ක්‍රමය ආරම්භ කිරීමට පෙර රුධිර පරීක්ෂණ කිහිපයක් (HbA1c, Lipid profile) කරගෙන, මාසයකට පසු නැවත පරීක්ෂා කර ප්‍රතිඵල සසඳා බලන්න කියලා ඔහු උපදෙස් දෙනවා.
උදේට
කන්න එපා. වතුර විතරයි.
දවල්ට 11 -12 විතර
බත් (85ml) කෝප්පයයි
(85ml =යෝගට් කෝප්ප 1)
කොලපාට එලවලු 85ml
පොල්සම්බෝල 85ml
මස් හෝ මාලු ග්‍රෑම් 200
මීකිරි කෝප්පයයි. සීනි පැනි නැතුව.
හවහට/ රෑට
හවස හයට කන්න
බිත්තර 4 ක්. කැමති විදිහකට හදලා කන්න. තෙල් බටර් දාලා බැදලා, බුල්ස් අයි, ස්ක්‍රැම්බල් ඕන විදිහකට. ඕනනම් කොලපාට එලවලු පොඩ්ඩක් දාන්න.
නිරෝගී දිවියකට සරල මගක්
වන්නකු මෙතඩ්.
#wannakumethod බර අඩු කර ගැනීම සහ පරිවෘත්තීය සෞඛ්‍ය වර්ධනය කරන සරල පහසු ජීවන රටාවකි. ඩයට් එකක් නොවේ.
#wannakumetgod is a Simple,
Life Style Modification program
to regularize Metabolic Health.
Not a diet.
Dr. Wannaku ෆලෝ කරලා වැඩක් නෑ.
Wannakumethod අනුගමනය කරන්න.
දියවැඩියාව, ෆැටි ලිවර්, අධික රුධිර පීඩනය, හයිපර්ට්‍රයිග්ලිසරයිඩීමියා, PCOD, මිග්‍රේන්, ගැස්ට්‍රයිටිස් ආදී රෝග මෙමගින් සමනය කර ගත හැක.
එයට පියවර පහක් ඇතුලත් වන අතර පියවර පහක්ම නොමිලේ පිළිපැදිය හැකිවීම වැදගත් කරුණකි.
* Free - රාත්‍රී 10 ට පෙර නිදාගන්න. පැය හතක් නිදාගන්න.
* Free - අතරින් පතර අනම් මනම් කන්න එපා. පැය අටක් ඇතුලත ආහාර වේල් දෙකක් පමණක් ගන්න. ඉතුරු පැය දාසය වතුර පමනක් බොන්න. සවස හතට රාත්‍රී ආහාරය ගන්න.
* Free - සතියකට දෙවරක් ශක්තිවර්ධක ව්‍යායාම කරන්න.,
ස්කොට්ස් 7, පුෂ්අප් 7, ලන්ජස් 7, බ්‍රිජ් 7 සහ රෝවිං 7 හෝ පුල්-අප් 7 විනාඩි විස්සකට පුලුවන් තරම් රවුම්ගානක් කරන්න.
අවශ්‍ය නම් අනෙකුත් දිනවල ඇවිදීම, පිහිනීම හෝ යෝගා වැනි විකල්ප ක්‍රියාකාරකම් දිනකට විනාඩි තිහක් පමන කරන්නට පුලුවන්.
නොමිලේ කරන පියවර ටික කලාට පසුව පමණක් අවසාන පියවර කරන්නට උත්සාහ කරන්න.
*Free තහනම් ආහාර. සැකසූ ආහාර, පැකට් කළ ආහාර, එළවළු තෙල්, සන්ෆ්ලවර් ඔයිල්, කෝන් ඔයිල් සීනි, රසකැවිලි, බිස්කට්, කේක්, අයිස්ක්‍රීම්, චොකලට්, ගස්ලබු, කෙසෙල්ගෙඩි, අඹ, අන්නාසි, කොමඩු, ආප්ප ඉදිආප්ප ක්‍රීම් ක්‍රැකර් බ්‍රෑන් ක්‍රැකර් පරලු පාන් බ්‍රවුන් බ්‍රෙඩ් ඕට්ස් සීරියල්ස් සමපෝශ ත්‍රිපෝශ කුස් කුස් ඇට චියා සීඩ්ස් සහ පිරිපහදු කළ කාබෝහයිඩ්‍රේට්, පාන්පිටි ආහාරයට ගැනීමෙන් වැළකින්න.
* මේදය සහ ප්‍රෝටීන බහුල ආහාර වේලක් ගන්න. විශේෂයෙන් මාළු, මස්, බිත්තර, පොල්, පොල්තෙල්, බටර්, චීස්, අලිගැටපේර සහ කිරි වැනි ආහාර වර්ග අඩුම ගානේ පිඟානෙන් බාගයක්වත් ගන්න.
පිඟානෙන් බාගයක්ම කන්න බැරි උනත් පොඩ්ඩක් වැඩි කලත් ප්‍රතිපල තියෙනවා.
වැඩි කරන තරමට ප්‍රතිපල වැඩී.
එහෙම පිටින්ම මේවා විතරක් කන්න පුලුවන් නම් වඩා හොඳයි.
බත්, ධාන්‍යවර්ග, ඇට වර්ග, අලවර්ග,
එලවලු සහ පලතුරු හැකි පමණ අඩු කරන්න.
මේ ඔක්කොම මිලිලීටර 85 කප් එකක් ගත්තොත් ඇති.
(ඒ කියන්නෙ හයිලන්ඩ් යෝගට් කප් එකකින් එකක්. නැත්නම් අඬුපීරිසි කෝප්පයකින් බාගයක්. 85 ml cup)
එලවලු සැලඩ් කාලා ඇවිදලා බර අඩුකරන්න පුලුවන් නම් හිපපොටේමස් තමා ලෝකෙ කෙට්ටුම සතා වෙන්නෙ.
කැලරි කොන්ට්‍රෝල් කරන්න එපා. කාබ්ස් කොන්ට්‍රෝල් කරන්න.
කාබ්ස් අඩු කරන්න.
මස් මාලු බිත්තර පොල්සම්බෝල බටර් පොල්තෙල් චීස් අලිගැටපේර මීකිරි බඩ පිරෙන්න කන්න.
බර අඩුවෙන්නේ තෙල් වලට.
හයි ප්‍රෝටීන් නෙවෙයි
හයි ෆැට් ඇන්ඩ් ප්‍රෝටීන් ඩයට් එකක්.
වන්නකු මෙතඩ් කලාම කොලෙස්ටරෝල් වැඩි වෙනවා කියලා මතයක් තියෙනවා.
නමුත් වන්නකු මෙතඩ් කලාම
ට්‍රයිග්ලිසරයිඩ් අඩු වෙනවා.
HDL වැඩි වෙනවා.
බර අඩු වෙනවා.
ප්‍රෙශර් අඩුවෙනවා.
ෆැටිලිවර් අඩුවෙනවා.
සීනි අඩුවෙනවා.
මේ ඔක්කොගෙන්ම ඔබට හාට් ඇටෑක් එකක් එන්න තියෙන අවධානම ඉතාම අඩු කරනවා. ඔබට නිරෝගී දිගුකාලීන ජීවිතයක් ලබා දෙනවා.
පටන් ගන්න කලින්
HbA1c, Lipidprofile, SGPT, බර, ඉන, බලන්න.
ෆොටෝ එකක් ගන්න.
ආපහු මාසයකින් මේ ටික නැවත බලන්න. WM වල ගුන අගුන එතකොට ඔබටම බලාගන්න පුලුවන්. කවුරුවත් කියන දේවල් විස්වාස කරන්න එපා.
සීනි පාන්පිටි බත් පොඩ්ඩක් අඩුකරලා මස් මාලු බිත්තර මාසයක් වැඩිපුර කෑවා කියලා මොකවත් වෙන්නෙ නෑ.
Dr. Janaka Wannaku
MBBS/SL-SLMC Reg no. 16507
MOIC-PMCU-FolkArtCentre
Discaimer.- සමාජ මාධ්‍ය ජාල හරහා වෛද්‍ය උපදෙස් ලබාදිය නොහැක. ඔබේ සාමාන්‍ය දැනීම සඳහා පමණි.වෛද්‍ය උපදෙස් අවශ්‍ය නම්
Whatsapp-0714485994
මැසේජ් එකක් දාන්න.