SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

නෙට්ෆ්ලික්ස් යනු හුදෙක්ම ටෙලි නාට්‍ය හා චිත්‍රපටි සඳහා මාර්ගගත ප්‍රවාහ සේවාවකි (Online streaming service).

එය ප්‍රතිස්ථාපනය වනුයේ වර්ෂ 1997 දී මාර්ගගත (ONLINE) ලෙස චිත්‍රපට කුලියට දෙන (Online movie rent system) සේවාවක් ලෙසයි.

වර්තමානයේ එය වැඩිදියුණුවට පත්ව එනම් අන්තර්ජාලය තුළ ක්‍රියාත්මක වන ටෙලිවිෂන් නාලිකාවක් අයුරින්, අපි සාමාන්‍යයෙන් නරඹන ටෙලිවිෂන් නාලිකාවකට වඩා මෙය වෙනස් වන්නේ අන්තර්ජාලය හරහා මෙහි ටෙලි කතා(Tv shows), වාර්තා චිත්‍රපට(Documentary Films), සජීවිකරණ චිත්‍රපට(Animation Films) හා වෘතාන්තමය චිත්‍රපට(Feature Films) පහසුවෙන් නැරඹීමට හැකිවීම යි.

වර්තමානයේ නම් ලොව පුරා රටවල් 190කට අධික සංඛ්‍යාවක ඇමරිකන් ඩොලර් මිලියන් 158කට අධික ගෙවුම් සාමාජික සංඛ්‍යාවක් ඇති,වාර්ෂික ආදායම ඇමරිකන් ඩොලර් බිලියන 15 වැනි විශාල ආදායමක් උපයන දැවන්ත සමාගමකි. එතෙක් හොලිවුඩ් සිනමාව අත්පත් කරගත් සිනමා ශාලා සම්ප්‍රදාය යම් කිසි විතැන්වීමකට පත්කරන්නට නෙට්ෆ්ලික්ස් වෙළඳ සමාගමට හැකියාව ලැබිණි. නෙට්ෆ්ලික්ස් යනු ‘සැබෑ’ සිනමාව නම් නොවේ. අප ‘නියම’ සිනමා අත්දැකීමක් හිමි කරගන්නට නම් අඩි 50 ක විශාල තිරයකින් හා පොප්කෝන් සුවඳකින් වැසුණු අඳුරු සිනමා ශාලාවකට ගොඩවිය යුතුම ය. විසිත්ත කාමරයේ මධ්‍යයේ පිහිටා ඇති අඟල් විසි එකේ නවීනතම ඩිජිටල් පැතලි තිරය සහිත රූපවාහිනි යන්ත්‍රයෙන් නම් නියම සිනමා අත්දැකීමක් ලැබිය නොහැකි ය. නමුත් මේ නියම සිනමා රසය විඳිමේ අවස්ථාව සම්පුර්ණයෙන්ම පාහේ බිඳ දමන්නට නෙට්ෆ්ලික්ස් සමාගමට වැඩිකලක් ගත වුයේ නැත. මෙතෙක් කල් හොලිවුඩ් කර්මාන්තය අත්පත් කරගෙන තිබූ Waner Brothers, Universal, Paramount, Disney වැනි ප්‍රධාන පෙළේ සිනමා සමාගම්වල අත රැඳි සිනමා ආධිපත්‍යට නෙට්ෆිලික්ස් සමාගම පහර ගැසීය. නෙට්ෆ්ලික්ස් ආක්‍රමණයත් සමඟ ඔවුන් රූපවාහිනි කතාමාලා නිෂ්පාදනයට සමගාමීව චිත්‍රපට සඳහා මුදල් ආයෝජනය කළහ. මේ සමඟම නෙට්ෆ්ලික්ස් ආයතනය විසින් හොලිවුඩ් සිනමා කර්මාන්තයට සෘජුවම බලපෑම් එල්ල කරමින් හොලිවුඩ් සිනමා කර්මාන්තයට ප්‍රවිෂ්ට විය.

කෙටි කාලයක් තුළ නෙට්ෆිලික්ස් සන්නාමය මෙතරම් ජනප්‍රිය වුයේ ඇයි ද? යන්න පිළිබඳ විමසා බැලීම වටී.

1. නව තේමාවන් සහිත තාරුණ්‍යය ඉලක්ක කරගත් ආකර්ෂණීය රූපවාහිනි කතාමාලා නිර්මාණය කිරීම. උදා-; 13 Reasons why, Sex Education, Stranger Things

2.විවිධ ශානරයන්(Genres) යටතේ නව තේමාවන් මුල්කරගෙන රූපවාහිනි කතාමාලා(Tv Series) නිෂ්පාදනය කිරීම සහ බෙදා හැරීම. උදා-; ක්‍රියාදාම(Action) ශානරයේ "Money Heist" කතා මාලාව, අභුතරූපි(Fantasy) ශානරයේ "The Witcher" කතා මාලාව

3. නෙට්ෆ්ලික්ස් සන්නාමය ප්‍රවර්ධනය සහ මනා ප්‍රචාරණය. උදා -; Android App එකක් ලෙසින් Netflix app එකක් හරහා පහසුවෙන් යුතුව සිනමා රසිකයාට චිත්‍රපට සහ රූපවාහිනි කතා මාලා නැරඹීමට පහසුකම් සැපයීම.

4.ගෝලීය වශයෙන් රටවල් ගණනාවක් පුරා Netflix රූපවාහිනි සේවාවක් ලෙස ක්‍රියාත්මක වීම.

5.Netflix සමාගම හරහා නිෂ්පාදනය සහ බෙදාහරින රූපවාහිනි කතා මාලාවන් ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු වීම.

6.ඔස්කාර් ඇතුළු ප්‍රධාන පෙළේ සිනමා සම්මාන උළෙලයන් රැසකදි නෙටිෆ්ලික්ස් සිනමා නිර්මාණ සහ රෑපවාහිනි කතා මාලා සමිමානයන්ට නිර්දේශ වීම සහ සමිමානයට පාත්‍ර වීම.

Netflix සංස්කෘතියක් බවට පත්වෙමින් ලොවපුරා සිටින තරුණ ප්‍රජාව සහ සිනමා රසිකයන් අතර ජනප්‍රිය වීම නිසා ම ආසියානු කලාපයේ සිනමාවටද, විශේෂයෙන් බොලිවුඩ් සිනමාවට, කොරියානු සිනමාවට නෙට්ෆ්ලික්ස් ආයතනය මෙයාකාරයෙන් විවිධ රටවල සිනමාවන්ට මුදල් ආයෝජනය කිරීම කැපී පෙනෙන ලක්ෂණයකි. "Sacred Games" නම් ඉන්දියානු කතා මාලාවට නෙට්ෆිලික්ස් සමාගම නිෂ්පාදන දායකත්වය සිදු කිරීම සහ 'The Innocent" රූපවාහිනි කතා මාලාව සඳහා නිෂ්පාදන දායකත්වයෙන් සහ බෙදාහැරීම සිදු කිරීම මීට නිදසුන් වේ.

නෙට්ෆ්ලික්ස් යනු නව සිනමා රසිකයන්ගේ ප්‍රියතම සන්නාමයක් බවට පත් වී හමාර ය. එය විශේෂයෙන් Covid19 වැනි වසංගතයක් තුළ ගෘහයට කොටු වු සිනමා ප්‍රේක්ෂකයාට, සිනමා ශාලා වසා තිබුනු අවධියක නෙට්ෆිලික්ස් හරහා ප්‍රේක්ෂකයාට ගෙදර සිට නවතම චිත්‍රපට නරඹන්නට අවකාශය සැලසිණි. ගෝලීය සිනමාවක් වශයෙන් හොලිවුඩ් සිනමා කර්මාන්තය තුළ මෙතෙක් චිත්‍රාගාර හිමිකාරිත්වය ඉවතට තල්ලු කර නෙට්ෆිලික්ස් සිනමාව විසින් චිත්‍රපට, එහි ආකෘතිය වීඩියෝ, කේබල්, චන්ද්‍රිකා, සංයුක්ත තැටි හෝ අන්තර්ජාල අවකාශය දක්වා වෙනස් කරමින් සිටියි. සෞන්දර්ය සංකල්පය, තාක්‍ෂණය වාහකය සමඟ ගමන් කරද්දි නිරායාසයෙන්ම මුදල් සමඟ බැඳෙයි. නෙට්ෆ්ලික්ස් සමාගම වසරකට බිලියන ගණනින් මුදල් උපයන්නේ යටකී කරුණ නිසාවෙනි. නෙට්ෆ්ලික්ස් සිනමා වෙළඳපොළ සුසමාදර්ශය තීව්‍ර ව පරිවර්තනය වීමකි. එය තාක්‍ෂණික සුසමාදර්ශයේ ප්‍රතිඵලයකි.

නෙට්ෆ්ලික්ස් සමාගම සිනමා කලාව විකුණා මුදල් උපයන්නේ මෙම තාක්‍ෂණික සුසමාදර්ශට එසේත් නැතිනම් තාක්‍ෂණික පරිවර්තනයට පින්සිදු වන්නටය. විශේෂයෙන් භුමිඅතික්‍රමණික අවකාශයක් (supraterritorial space) තුළ අධිලාභ ජනනය කරන දැවැන්ත ව්‍යාපාරයක් බවට නෙට්ෆ්ලික්ස් සමාගම අද පත් ව ඇත. එක පසෙකින් තාක්‍ෂණික සුසමාදර්ශයට මෙම නෙට්ෆිලික්ස් සිනමාව සම්මාදම් වෙයි. ඉතිහාසය අපට යමක් ඉගැන්වූයේ නම්, එක් තාක්ෂණයක් බොහෝ විට තවත් තාක්ෂණයක් යටත් කර ගනී. දැන් අපි උල්පතේ පෑනෙන් බෝල් පොයින්ට් පෑන වෙත හුවමාරුව අවසානයේ පරිගණකය වෙත පැමිණ ඇත. ගෝලීය ප්‍රවේශයත් සමඟම, නෙට්ෆ්ලික්ස් යනු සිනමා කර්මාන්තය තුළ සිනමා තාක්‍ෂණයේ සුසමාදර්ශ මාරුවකි.

@මලින්ත විතානගේ.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි