SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අපි නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ වැඩ ගැන නිතර කතා කරනවා, මේක නාට්‍ය කලාව පටන් ගනිමින් ඉන්න පුංචි නිළියකගේ වැඩක් ගැන ප්‍රවෘත්තියක්. ඇයට පොඩි ප්‍රචාරයක්!
සිඑනා කරුණාරත්න (Sienna Karunarathne) පලමු වතාවට ලෝක නාට්‍ය කලාවේ ප්‍රධාන පිටපතක බැරෑරුම් චරිතයක් රඟපානවා. ඒ ආතර් මිලර්ගේ The Crussible නම් සුප්‍රකට නාට්‍යයේ ටිචුබා( Tituba )ගේ චරිතය යි.නාට්‍ය අධ්‍යක්ෂනය කරන්නේ ෆියර්ගස් මැනිං( Feargus Manning)විසින් ඉදිරිපත් කරන්නේ Wollongong Workshop Theatre, ප්‍රදේශයේ වඩාම පැරණි නාට්‍ය සමාගම් වලින් එකක්.
 
මිලර්ගේ මේ නාට්‍යයේ මේ චරිතය අවුරුදු දාසයක ආධුනික නිලියකට හසුරුවා ගන්නට අමාරු තරමට සංකීර්ණ අතිශයින්ම අභියෝගාත්මක චරිතයක්. නාට්‍ය මේ වෙනකොට පුහුණුවීම්වල අවසාන අදියරේ තියන අතර සිඑනා වඩා ධෛර්යයෙන් සහ සාර්ථකව එය කරන බවයි පෙනෙන්නේ.
 
සිඑනා ඉතාම කුඩා කාලයේ ඉදන්ම මැරිගොං නාට්‍ය පාසලේ (The Drama Studio, merrigong theatre company )නාට්‍ය කලාව ඉගෙන ගනිමින් සිටින අතර මෑතක දී ඇයට NIDA නාට්‍ය ඇකඩමිය විසින් කෙටි කාලීන නාට්‍ය පාඨමාලාවකට ශිෂ්‍යත්වයක් ද පිරිනැමුවා. ඊට අමතරව ඇය තවත් ශිෂ්‍යත්වයක් මත ලැබුණු වැඩමුළුවක් සිඩ්නි වල Griffith Theatre නාට්‍ය සමාගමේ කරගෙන යනවා. සිඑනා මාත් එක්ක නිතර නාට්‍ය නරඹන්නට යමින් නාට්‍ය ගැන කතා කරමින් මගේ නාට්‍ය කලාවට ද හොද සහායිකාවක් වෙමින් ඉන්නවා. සිඑනාගේ නාට්‍ය ගමනට අපි සුභ පතමූ!
 
කොහොමහරි මෑත කාලයේ ශ්‍රී ලාංකික නම් ඕස්ට්‍රේලියානු නාට්‍ය කලාවේ දකින්නට පුළුවන් වෙමින් තියෙන අතර මම දකින්නේ ඒක ශ්‍රී ලාංකික නාට්‍ය කලාව ලෝක නාට්‍ය කලාවට දායක වූ ආකාරයක් විදිහටයි.
සිඑනාගේ රංගනය ඔපමට්ටම් කරගැනීමට මෙම නාට්‍යයේ චරිතය ඇයට අතිශයින් ප්‍රයෝජනවත් වන අතර එම චරිතෙට ඇයව තෝරා ගත් නාට්‍ය අධ්‍යක්ෂක ෆියර්ගස් සහ නාට්‍ය සමාගමටත් ඇයට සහයෝගය ලබා දෙන නාට්‍ය කණ්ඩායමේ සියලුම දෙනාටත් මගේ ස්තුතිය පිරිනමනවා.
 
අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් නාට්‍ය නැරඹීම සඳහා පැමිණෙන. ඔක් 14 සිට 29 දක්වා.
 

 

@ Dhananjaya Karunarathne

marrikkar

නවතම ලිපි