SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අවශ්‍යම මොහොතේ ක්‍රියාත්මක වූ කුසල් මෙන්ඩිස්ගේ සුපිරි පිතිහරඹය හේතුවෙන්

මෙවර ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයට අපරාජිතව සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය.

 

 

'බී' කාණ්ඩයේ තරග අවසන් කරමින් අඩුබාබි හිදී අද (18) පැවති මෙම තීරණාත්මක තරගයෙන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම කඩුලු 6කින් පරාජය කර ඔවුන් මෙම අවස්ථාව හිමිකරගතේය.

 

මෙහිදී ඇෆ්ගනිස්තාන කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 170ක ඉලක්කය කඩුලු 4ක් පමණක් දැවී තිබියදී පසුකර යාමට ශ්‍රී ලංකාවට හැකිවිය.

 

එහිදී අනගි ඉනිමක් ක්‍රීඩාකළ ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 74ක් රැස්කළේය.

 

පන්දු 52කින් ගොඩනැගුණු කුසල්ගේ ඉනිමට හතරේ පහර 10ක් ඇතුළත් විය.

 

කුසල් මෙම අකීකරු ඉනිම ගොඩනැංවූයේ අසාර්ථක ඉනිම් කිහිපයකට ශ්‍රී ලංකාව අවැසිම මොහොතේදී වීම සුවිශේෂීය. 

 

ඔහුට අමතරව කමිඳු මෙන්ඩිස් පන්දු 13කින් නොදැවී ලකුණු 26ක්ද, කුසල් පෙරේරා පන්දු 20කින් ලකුණු 28ක්ද රැස්කිරීමට සමත් විය.

 

කෙසේ නමුත් ලකුණු 170ක ඉලක්කයක් හඹායමින් සිටි ශ්‍රී ලංකාව තරගයේ 13වන පන්දුවාරයේදී ලකුණු 101 සීමාව පසුකරයෑමත් සමගම ඔවුන්ට සුපිරි 4 වටයේ දොරටුව විවර විය.

 

ඇෆ්ගනිස්තානය ලැබූ මෙම පරාජයත් සමග ඔවුන් තරගාවලියෙන් ඉවත් වූ අතර, බංග්ලාදේශය සුපිරි 4 වටයට සුදුසුකම් ලබාගත්හ.

 

මෙම තරගයෙන් ශ්‍රී ලංකාව ජයගැනීම බංග්ලාදේශ ක්‍රීඩාලෝලීන්ද බලාපොරොත්තු වූවක් වන අතර, ඒ හේතුවෙන් ශ්‍රී ලංකාව මෙන්ම බංග්ලාදේශයද එකම වේදිකාවක් මෙන්විය. 

 

ඒ අනුව ඇෆ්ගනිස්තානයේ පරාජයත් සමග බංග්ලාදේශය සුපිරි 4 වටයට සුදුසුකම් ලබාගත්හ.

 

 

නවතම ලිපි