ඇමෙරිකානු ජනාධිපති වරණය තුල කමලා හැරිස් ගේ ජයග්‍රහණය කාන්තාවක ලෙස අපේක්ෂා කලද
යුරෝපිය හා ලාංකීය පුරවැසියකු ලෙස ට්‍රම්ෆ් ගේ ආගමනය දේශපාලනිකව පැතීමට සිදුව තිබේ.
එයට හේතුව ලෝකයේ සාමය හා ලංකාවේ සාමයය.
ලංකාව කුසගින්න,විදේශගත වීම හා දේශපාලන කයිවාරු වල ගිලි සිටිද්දී 2009 දී එල්ටීටීඊ ය පරාජය වීම ඔවුන් ලැබූ මහා පසුබෑමක් විය. ඒ පසුබෑම ට වාඩුව ගැනීම ආරම්භ වුයේ 2009 මැයි 19 වෙනිදාම යයි කිවහොත් නිවැරදිය. රාජපක්ෂලා එය ඔසවාගෙන තම සහෝදර ජනයා ට ජයග්රාහි උදම් ඇනීම් කරන්නට කරන්නට කොටි සංවිධානය සුක්ෂම විය. ඔවුන් උන්ඩියල් ආර්ථිකයේ මධ්‍යස්ථානය ලෙස ශ්‍රී ලංකාව බාවිතා කරමින් සිංහල පුද්ගලයන් ම ඒවා වෙනුවෙන් ඉදිරිපත් කරමින්, මාධ්‍ය ආයතන මිලදී ගනිමින් ,පක්ෂ මිලදී ගනිමින්, ආණ්ඩු හදන්නට කළු සල්ලි ආයෝජනය කරමින් වසර 15 ක් ගත වන විට ලංකාවේ දේශපාලනය උඩු යටිකුරු කර ඇත.
බොහෝ දෙනෙක් මේ උඩු යටුකුරු කිරීම සුබවාදීව දකින බව මම දනිමි. එහෙත් ඒ සුබවාදිත්වය කෙලවර වීම 2028 වසරට සැලසුම් වී තිබේ. මේ සටහන ඒ වසර වන විට වැදගත් වනු ඇත. මා ජිවත් වුවත් නැතත් මේ සටහන ඔබට වැදගත් වනු ඇත.
අරගලය තුල රාජපක්ෂලා බේරෙ නාවා ගෙදර යැවූ ඉතිහාසය උදම් අනන්නේ ලාංකීය ජනතාවට වඩා කොටි ඩයස්පෝරාව ය. 2009 මයි 19 දින යනු කොටින්ට තම විශාල සිහිනයක තාවකාලික අවසානයක් ගෙන ආ දවසයි. ඉතිහාසය පුරාම දමිල ජනතාව ට ලෝකයේ කොතැනක වත් මව් රටක් හිමි නොවීමේ සිහිනය තිබේ. එය වැරදි නැත. ඉන්දියාව, මැලේෂියාව සිංගප්පුරුව යන රටවල දමිල ජනයා ගේ ආකල්ප හා ජීවත්වීම වෙනම රටක් ගොඩ නැගීම වෙනුවෙන් නොවේ. පත්කර ගත් ආණ්ඩුව හැසිරෙන්නේ ජනතාවට ප්රගතිශීලි ලෙස හැඟෙන ලෙස වුවද, ඔවුන්ගේ සියලු ක්‍රියාකලාප අධ්‍යනයේදී වසර 30 ක් යුද්ධය පරාජය වීමේ මහා චරිත අපහසුවට, නින්දාවට හා අනතුරට පත් කිරීම බව වටහා ගත හැකිය. අරගලය තුලින් රාජපක්ෂලා ගෙදර යවා ගැනීම හා බේරේ නාවා විමුක්ති ඉතිහාසයක් ලිවිම ගැන කොටි ඩයස්පෝරාව ඉන්නේ සතුටිනි.
රාජපක්ෂලා ට සිංහල ජන සමාජය අකමැති වුයේ ඔවුන් හොරුන් ලෙස හංවඩු ගැසීමේ ජවිපෙ ගොබෙල්ස් තියරිය නිසාය. ආණ්ඩුව පත් වී මාස එකහමාරක් ගතවුවද රාජපක්ෂලා හා ගජමිතුරන් ගේ නිදොස් කොට නිදහස් කල අපරාධ නඩු වල නැවත නඩු පැවරීමේ බලය පරික්ෂා කිරීම වත් ආණ්ඩුව නීතිපතිවරයා ලවා කර ගැනීමට උපදෙස් දී නැත. චන්දය ළඟ නිසා එවැනි දෙයක් කඩි මුඩියේ කිරීමට මේ ලිපියෙන් පසු බොහෝ විට ඉඩ ඇත. රාජපක්ෂලා හොරුන් යයි කීවානම් එය ඔප්පු කිරීමේ බලය ඇත්තේ රාජපක්ෂලාට නොව ඔවුන් හොරුන් යයි කියූ මාලිමා ආණ්ඩුවටය.
ඉවසන්න .. යන වචනයෙන් ඔවුන් මේ වන විටත් තම ගොබෙල්ස් තියරිය වසා දමමින් සිටි. ලිපි ගොනු 400 ක් පෙන්වා දින ගණනකින් ඒ ලිපිගොනු වල තිබුණු දේපල සැලසුම් සහගත ලෙස ගිනි තැබීමට මාධ්‍ය අවධානය දුන් මාලිමාව 2022 දී ඔබට මතක ඇතුවාට සැක නැත. අරගලය තුල හා එයින් පසුව සිදු වූ සිද්ධීන් වලට කොටි ඩයස්පෝරාවේ මැදිහත්වීම හා සිවිල් සංවිධාන, හාමුදුරුවන් වෙනුවෙන් මැදිහත්වීම, ගෝලීය දෙමල ෆෝරමය හා එහි කටයුතු අධ්‍යනය කරන්නට දේශපාලන වේදිකාවල ඉඳගෙන පක්ෂවල ගුණ වයන අචාර්ය මහාචාර්ය වරුන්ට මම ආරාධනා කරමි. මේ සියල්ල පිටුපස ඇත්තේ කොටි ඩයස්පෝරාව විසින් සංවිධානය වෙනුවෙන් ආයෝජනය කල මුදල් ය. ඒවා ලෝකය පුර පැටව් ගසා තිබෙන විට ඔවුන්ගේ අරමුණ වෙනුවෙන් යන්නට ලංකාවේ මිනිසුන් අතේ රුපියල් කෝටි දෙකක් හෝ පහක් අත මිට මෙලවීම ඔවුනට සුළු දෙයකි. කොටි ඩයස් පෝරාව තමිල්නාඩුව, ඉන්දීය රජය හා ලෝකයේ බලවත් රාජ්‍යයන් සමග කෙරුණු මෙහෙයුම් විශාලය.
හරිනි ගේ ආගමනය හා අභිප්‍රාය
හරිනි ලංකාවේ උසස් අධ්‍යාපනයක් ලැබූ අයෙක් නොවේ. ඕනෑම පුද්ගලයකු තම රට ගැන හිතන්නේ අධ්‍යාපනය හා සමග බැඳුනු ආකල්ප සමගය. හරිනි ගේ ආගමනයෙන් මත් වී සිටින බොහෝ ලාංකීය ජන මනස වල වටහා ගත යුතු කරුණු කිහිපයක් ඇත.
- ඉන්දියාවේ අධ්‍යාපනය ලැබීම හා ශිෂ්‍යත්ව මත ඇමෙරිකාව හා තවත් රටක අධ්‍යාපනය ලැබීම හරිනි ට ලැබුණේ කෙසේද යන්න සොයා බැලීමය.
- හරිනි සංකේතාත්මක ව දශක තුනක මුර කුටියක් කඩා දමා ප්‍රකාශ කලේ කුමක්ද යන්නය. යුද්ධය අවසන් කල වසර 2011 ලෙස සටහන් කලේ ඇයිද? යන්නය.
- දැන් හරිනි යාපනයේදී කොටි කාඩර් වරු මාලිමාවට සම්බන්ධ කර ගැනීමට යොදාගෙන ඇත්තේ කෙසේද යන්නය.
හරිනි හා කොටි ඩයස්පෝරාවට පක්ෂ රාජ්‍ය නොවන විදේශ සංවිධාන අතර ඇති සම්බන්ධය රටේ ජනතාව දන්නේ නැත. මේවා ජනගත වීම වලකමින් හරිනි කැඳවාගෙන යන්නේ ජවිපය හෙවත් මාලිමාවය. හරිනි ට පෞද්ගලිකව මඩ ගැසීමට අප එරෙහිවන අතර ඇය ගේ දේශපාලන ස්ථාපිත වීම කෙනෙකුට රැඩිකල් යයි සිතිය හැකි එහෙත් දේශපාලනිකව ලංකාවේ අනාගතයට කිසිසේත් සුබදායි එකක් නොවේ.
යුද්ධය අවසන් කල දිනය බ්‍රිතාන්‍යයන් මුල්ලේරියා සටනෙන් පරාජය වූ දිනයට වඩා වැඩි වේදනාවක් ගෙන තිබේ. එය සමාන්‍ය බවත් ඒ අවමානය මකා ගැනීමට කොටි ඩයස්පෝරාව ඕනෑම දෙයක් කරන බව දින හතක් යනවිට සියල්ල අමතක ලාංකිකයාට අමතක වී තිබේ.ජයග්‍රහනයේ පියවරුන් කර තබා ඔසවාගෙන යනවිට වසර 15 ක් තුල එකදු උණ්ඩයක් බිම නොහෙලා ඔවුන් ලඟා වෙමින් සිටින ඉලක්කය ලාංකිකයාට වැටහෙන්නේ නැත.
ජුලේ චන්ග් නැගෙනහිර ටිමෝරයේ කල සේවය හා මාලිමාව බලයට ගෙන ඒමට කල සේවය හා මාලිමාව හා ඩයස්පෝරාව අතර ඇති සැලසුම එළිපිට නැටුවත් ලංකාවේ ජනතාවට දැන් ඒවා ඉතා හොඳ වීම ට තරම් ඇල්ලී රාජාගේ මාධ්‍ය මෙහෙයුම සාර්ථක වී තිබේ. හරිනි උවමනාවෙන් වෙන්ම යුද්ධය අවසන් කල වසර කොටි ඩයස්පෝරාවට අවශ්‍ය ලෙස වෙනස් කර කීවාය. එය ඉදිරියේදී විහිලුවට කරුණක් ලෙස සැලකුවත් එය සුදානම් කල ප්රෝපගන්දාවක් බව හොඳින්ම වැටහේ. ඒ ඒ දිනය වසර බෙදුම්වාදයේ ඉතිහාසයේ අමිහිරි මතකයක් නිසාවෙනි. ලාංකීය ජනමනසෙන් එම දිනය අතුගා දැමීමේ මෙහෙයුම ගොබෙල්ස් න්‍යාය භාවිතා කරමින් හරිනි සිනාසෙමින් ඉටු කර දුන්නාය.
තමිල් නාඩුව, හා යාපනයේ දෙමල ජනයා ප්රභාකරන් ට කරගත නොහැකි වූ දේ අනුර විසින් කරන බවට දෙමල බසින් වීඩියෝ පවා කරමින් සමාජ මාධ්‍ය ජාලවලට මුදාහැර තිබේ. අනෙක් අතින් මාලිමාව සරත් ෆොන්සේකා දේශපාලනිකව අතුගා දැමු අයුරු සජබය වත් තේරුම් ගත්තේ නැත. ඔහු දේශපාලනයට ගෙන ආවේ මාලිමාවය. ඔහුව තිරයෙන් ඉවත් කිරීම කදී කොටි සංවිධානය තරම් සතුටු නොවන්නේ කව්ද? ඊලඟට චන්ද්‍රිකා බණ්ඩාරනායක වෙනුවෙන් දියත් කල ප්‍රහාරයය.චන්ද්‍රිකා රජයේ ඊලඟට හමුදාපති වෙන්නට සිටි සරත් ට කොටින් බෝම්බ ගැසුවේ චන්ද්‍රිකා-සරත් නම් බණ්ඩක්කා කරලේ හොර පුසාගේ සුසංයෝගය (කොටින් විසින් සිංහ රෙජිමේන්තුව හැඳින්වූ ආකාරය) මාරාන්තික වන බව දන්නා නිසාය. එහෙත් චන්ද්‍රිකා මෙන්ම සරත් තම කාර්ය අත් හලේ නැත. මාලිමාව සුදා ලවා චන්ද්‍රිකා ගේ දමිල වාසගම පවා නව පරපුරට චේතනාන්විතවම ජනගත කර ජනතා වෛරයට පාත්‍ර කරන ලද්දේ චන්ද්‍රිකා මැතිනිය සුදාගේ වරප්‍රසාද උදුරා ගත් නිසා නොවේ. කොටි ඩයස්පෝරාවේ ඊලඟ අංකයේ ඇය සිටි නිසාය. හරිනි අගමැති වරිය අවම වශයෙන් ඒ වෙනුවෙන් කණගාටුව වත් ප්‍රකාශ කලේ නැත. එසේ කරන්නේ කෙසේද? එලෙස මෙලෙස සිදුවුවහොත් අනුග්රාහකයන් අමනාප වන බව මාලිමා රජය දනී.
රනිල් වික්‍රමසිංහ විසින් බෙදුම්වාදයට නිතර අනුගමනය කලේ විසංවාදී උපක්රමයකි. සජබය රනිල් සමග එකතු නොවීමේ මෙහෙයුමේ ජුලේ චන්ග් දරාගෙන සිටින කොටස හා මාලිමාවේ බෞතිශ්ම්ය ලබා සජබයට ගිය විශ්‍රාමික හමුදා නිලධාරින් ගේ මෙහෙයුම සජිත්ට වැටහුණා දැයි නොදැනේ. ඔවුන්ට පොම්ප වූ කොටි ඩයස්පෝරා මුදල් ගැන සජිත් දන්නේද? නොදන්නේද? දැන් සියල්ල සැලසුමට අනුව සිදු වී හමාරය. 2009 පරාජයේ චරිත සල්ලන් කර හමාරය.
ඉන්පසුව එන්නේ හිටපු ජනාධිපති වරුන්ගේ ආරක්ෂාව අඩු කර අනාරක්ෂිත කිරීමේ මෙහෙයුමය. අනුර ජනාධිපති විත් රනිල්ගේ ආරක්ෂා ව සම්බන්ධ ටොම් පචයක් කිවේය. ඒ මෙහෙයුම අනුව මහින්දගේ, චන්ද්‍රිකාගේ ආරක්ෂාව අවම කිරීමේ සාකච්ඡාව මෙහෙයුමේ කොටසක් විය. ඔවුන් අනාරක්ෂිත කොට ජිවිතයේ අවසන් මොහොතේ හෝ පළිගැනීමේ චේතනාව ඇත්තේ කාටද?කොටින්ටය. ඒ චේතනාව ආණ්ඩුව ඉටු කරමින් සිටි.රනිල්ට කවදත් මහා ආරක්ෂාවක් අවශ්‍ය නොවිය. ඔහු කොටින්ට එරෙහිව යුධමය මෙහෙයුම් දියත් කලේ නැත.එහෙත් මහින්ද-චන්ද්‍රිකා එසේ නොවේ.
ඔවුන්ට අධික ආරක්ෂාවක් දී ඇත්නම්, නීතිමය වශයෙන් පොදු ක්‍රමවේදයකට ආරක්ෂාව ගෙන ඒම ඉතා හොඳය. එහෙත් ඔවුන් ආරක්ෂා කිරීම වෛරී වන්නේ ඔවුනගෙන් ප්‍රහාරයට ලක්වූ කොටින්ට මිස වෙන කාටද? හරිනි තමන් ගේ ආරක්ෂාව ගැන බයිලාවක් කියා ජනගත කලේ ඒ වෛරී සංවාදයය. ඒ වෛරී උවමනාවය.
ලංකාව කිසිදා තම ස්වාධීනත්වය කඩින් කඩ අහිමි කරගත්තද සදාකල් ඕනෑම ජාතියකට යටත් වී සිටි ජාතියක් නොවේ. අපෙන් වූ අඩුපාඩුව නම් සහෝදර ජනතාවට සමානව සලකා බැලීමට දියුණු ක්‍රමවේදයක් ගොඩ නගා ගැනීමට අපොහොසත් වීමය. එය අවසන් වරට මග මගහැරුනේ 2009 දීය. අපි යුධ ජයග්රහණයෙන් ලැබූ සාමය සදාකාලික ක්‍රමවේදයක් මගින් ආරක්ෂා කිරීමට අසමත් වීම නිසා දැන් වෙනත් ආකාරයකින් මේ සටන දියත් වී තිබේ. එය නිවැරදි කල නොහැකි තරමට දියත් වී තිබේ.
ආණ්ඩුව කඩා වැටුණු පසු බලය ඇල්ලීමට එක කඳවුරක් පාරම්බාමින් සිටි. අනෙක් කඳවුරු දෙකම කොටි ඩයස්පෝරාවේ මුල්‍යමය ග්රහනයේය. සිවිල් සංවිධාන වලට සල්ලි යෙදවූ කොටි ඩයස්පෝරාව පක්ෂ මිලදී ගෙන එම පක්ෂ වලින් ඕනෑම දේකට පාරට බසින ඩොලර් කුක්කන් මැතිවරණයට ඉදිරිපත් කර තිබේ.මේ අනුව මේ මැතිවරණය ද මලිමාවේ ජයග්‍රහණය දෙසට සුදානම් කර 2028 ඉලක්කය වෙත යන්නට සුදානම් කර තිබේ. මේ මෙහෙයුම හා පාස්කු ප්‍රහාර මෙහෙයුම සමානය. එනම් සිදුවන්නේ සැලසුම් කල දේ පමණි. අනවශ්‍ය ගැටුම් හෝ ලේ හැලීම් නැත. මිය යන්නේ මරා දැමීමට කලින් තීරණය කල පිරිස පමණි. අවධානයෙන් සිටින්න. මාලිමා ආණ්ඩුවට එරෙහිව එකදු සිවිල් සංවිධානයක් මෙතෙක් පාරට බැස නැත. මුදල් කතා කරන අතර මුදල් කටවල් වසා තබයි.
@ Subhashini Wipfler
Executive Director
Global Centre for Monitoring Political and Economic Crimes in Sri Lanka Kraichtal,
Germany