SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

2022 පෙබරවාරියේ රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු, යුක්රේනය එක්සත් ජනපද විදේශ ආධාරවල ඉහළම ප්‍රතිග්‍රාහකයා බවට පත්ව ඇත.

දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු මාෂල් සැලැස්ම හරහා යුරෝපා මහාද්වීපය නැවත ගොඩනැගීම සඳහා හැරී එස් ටෲමන් පරිපාලනය විසින් අතිවිශාල මුදලක් යොමු කිරීමෙන් පසු යුරෝපීය රටක් ඉහළම ස්ථානය හිමිකරගත් පළමු අවස්ථාව ලෙස මෙය සනිටුහන් කරයි.

 

යුද්ධය ආරම්භ වීමෙන් පසුව යුක්රේනය සඳහා ඇමරිකාව විසින් පමණක් සපයා ඇති ආධාරවල අගය ඩොලර් බිලියන175 කි. මෙම වියදම්වලින් වැඩි ප්‍රමාණයක් යුක්රේන රජයට යන ආධාර වන අතර සමස්තය වන ඩොලර් බිලියන 175න් යුක්රේන රජයට ඍජුව ආධාර වශයෙන් මේ දක්වා සපයා ඇත්තේ ඩොලර් බිලියන 107ක් පමණක් පමණි. ඉතිරිය යුක්රේනයේ යුද්ධයට සම්බන්ධ විවිධ එක්සත් ජනපද ක්‍රියාකාරකම් සඳහා අරමුදල් සපයන අතර කුඩා කොටසක් කලාපයේ අනෙකුත් බලපෑමට ලක් වූ රටවලට සහාය සඳහා යෙදවේ.

 

යුක්රේනය සඳහා වෙන් කරන ලද ඍජු ආධාර බිල්පත් (මෙතෙක් ඍජුව ලබා දී ඇති ඩොලර් බිලියන 107න්) වලින් විශාල කොටසක් වැයවන්නේ ඇමරිකානු ආයුධ සමාගම් සහ ඒවායේ සේවකයින් සඳහාය. නිෂ්පාදනය කරන ආයුධ නැව් ගත කරනවා සේම පෙන්ටගනය විසින් අස්තිමේන්තු කරන පරිදි එහි හිස් වන ආයුධ ගබඩා නැවත පුරවා දැමීම සිදු කල යුතුව ඇත. 'ඇමරිකානු ව්‍යවසායක ආයතනය' විසින් කරන ලද එක් විශ්ලේෂණයකින් සොයා ගන්නා ලද්දේ යුක්‍රේන ආධාර එක්සත් ජනපද නගර හැත්තෑවකට වැඩි ප්‍රමාණයක ආරක්ෂක නිෂ්පාදන සඳහා අරමුදල් සපයන බවයි.

 

එක්සත් ජනපදය යුක්රේනයට ආධාර ලබා දෙන්නේ ඇයි?

 

ලෝකයේ බලවත්ම හමුදාවක් සිටින රුසියාවට එරෙහිව යුක්රේන හමුදාව ආරක්ෂා කිරීමට අවශ්‍ය ආයුධ පද්ධති, ප්‍රහාරක ආයුධ, පුහුණුව සහ බුද්ධි තොරතුරු සැපයීම සඳහා එක්සත් ජනපදයේ ආධාරවලින් වැඩි කොටසක් වය වී ඇත. බොහෝ බටහිර විශ්ලේෂකයින් පවසන්නේ එක්සත් ජනපදය සහ අනෙකුත් සහචර රටවල් විසින් සපයන ලද මිලිටරි ආධාර යුක්රේනයේ ආරක්ෂාව සහ රුසියාවට එරෙහි ප්‍රතිප්‍රහාරයේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන බවයි.

 

'කීල්' ආයතනයට අනුව, සම්පූර්ණ ආධාර ප්‍රමාණය (මිලිටරි, මූල්‍ය සහ මානුෂීය ඒකාබද්ධ), එනම්, 2022 ජනවාරි මාසයේ සිට, බොහෝ බටහිර ජාතීන් යුක්රේනයට ලබා දී ඇති ආධාර ප්‍රමාණය ඩොලර් බිලියන 380 කට වඩා ඉහල ගොස් ඇත. ඇමරිකානු ඩොලර් බිලියන 175 හැරුණු කොට එක් එක් රටවලින් යුක්රේනය වෙත ලබා දී ඇති ඍජු ආධාර ප්‍රමාණය ඩොලර් බිලියන 118 කට ආසන්න වන අතර එහි වැඩි කොටස සෘජු මිලිටරි ආධාර වේ. ජර්මනිය සහ ස්වීඩනය වැනි සමහර නේටෝ රටවල් සහ මිත්‍ර රටවල් යුක්‍රේනයට සහය දැක්වීම සඳහා ප්‍රහාරාත්මක මිලිටරි ආධාර සැපයීමට එරෙහිව අතීත ප්‍රතිපත්ති ආපසු හැරවූ අතර, යුරෝපා සංගමය ඉතිහාසයේ ප්‍රථම වතාවට සිය ආයතන හරහා මාරාන්තික අවි සැපයූහ.

 

යුක්‍රේන රුසියානු යුධ ආධාර සැපයුම් තත්වය එසේ තිබියදී ගිය වසරේ සිට උත්සන්න වූ ඊශ්‍රායල් මැදපෙරදිග යුද්ධය සඳහා මේ වනවිට ඇමරිකානු රජය සපයා ඇති ආධාර මුදලෙහි වටිනාකම ඩොලර් බිලියන 117 දක්වා ඉහල ගොස් ඇත. ඒ ඊශ්‍රායලය සඳහා සපයන ලද නේටෝ ආධාර වලට අමතරවය.

 

ඒ අනුව 2022 වසරේ සිට මේ දක්වා කාලය තුල රටවල් දෙකක් වෙනුවෙන් යුද්ධ සඳහා ඇමරිකාව ප්‍රමුඛ නේටෝව වියදම් කර ඇති මුදල් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 497කි.

 

මෙම වියදම අපට හැඟෙන පරිදි මෙසේ පැවසිය හැකිය: මේ වන විට ලංකාවේ මාසික ආනයන වියදම සාමාන්‍යයෙන් ඩොලර් බිලියන 1.4ක් පමණ වේ (2017-2018 වසර වල මෙය සාමාන්‍යයෙන් 2.5 දක්වා ඉහල ගොස් තිබූ අතර 2.8 දක්වා ඉහල ගිය මාස ද තිබුණි). ඒ අර්ථයෙන් සලකා බලන්නේ නම් ලංකාව සඳහා අවුරුදු 30ක් පමණ මෙම මුදල මාසිකව වියදම් කිරීමට ප්‍රමාණවත් වේ.

 

මෙම යුධ ගැටුම් වල සමස්ත වියදම සලකා බැලුවහොත් ඒවා මෙම ආධාර ප්‍රමාණයන්ට වඩා ඉතාමත්ම ඉහල අගයක් ගනී. ඒ සෑම පාර්ෂවයකටම ආයුධ ලබනුයේ එම ආයුධ නිෂ්පාදනය කරන ප්‍රධාන රටවලිනි. ආයුධ වෙළඳාම යනු මත් ද්‍රව්‍ය ජාවාරම වැනිම තවත් ජාවාරමකි.

 

 

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් බොහෝ විට "න්‍යායයානුකූලව" පෙනී සිටිනුයේ ඇකඩමික විද්‍යාර්ථයින්ය. ඔවුනට අනුව මෙවැනි ප්‍රොක්සි යුද්ධ (proxy wars) ප්‍රජාතන්ත්‍රවාදය නමැති පිවිතුරු සංකල්පීය ගොඩනැංවීමට ඍජුව අදාළ කරණා නොවේ.

 

 

වර්තමානයට අදාලව සලකා බලන්නේ නම් ලෝක යුධ ගැටුම් වල නිශ්චිත රටාවක් තිබේ. ප්‍රොක්සි යුද්ධ යනු තරඟකාරී දෘෂ්ටිවාදයන් (දෘෂ්ටිවාදයේ විවිධ වෙනස්කම් තුල) හෝ බල ව්‍යුහයන් අතර පුළුල් සංකේතීය අරගලයක ප්‍රකාශනයක් ලෙස දැකිය හැකිය. මෙම ගැටුම් බොහෝ විට භූ දේශපාලනික වේදිකාවක් මත රංගගත වීම සිදු කෙරේ. එනම් යුධ භූමීන් ලෙස අප අත්දකිනුයේ ඒවාය. නමුත් ඒවායේ මූලයන් ඇත්තේ යටින් පවතින සමාජ, ආර්ථික හා සංස්කෘතික ආතතීන් තුළය.

 

ප්‍රොක්සි යුද්ධ බොහෝ විට වෙලී පවතිනුයේ සතුරු ප්‍රතිරූප ගොඩනැංවීම, සාමූහික අනන්‍යතාවය සහ අරමුණ පිළිබඳ හැඟීමක් ඇති කිරීම ඇතුළත් කරගනිමිනි. සහයෝගීතාවය බලමුලු ගැන්වීමට සහ ප්‍රචණ්ඩත්වය සාධාරණීකරණය කිරීම සඳහා මෙම පරිකල්පනීය නිර්මිතයන් හැසිරවිය හැක. මෙම ගැටුම්වල යටින් පවතින 'යථ' (the REAL) සැමවිටම සම්පූර්ණයෙන්ම සංකේතවත් කිරීමට හෝ අන්තර්ගත කිරීමට නොහැකි ආර්ථික, දේශපාලනික සහ සමාජීය සාධකවල ඉතා සංකීර්ණ, බේරුම් කල නොහැකි අන්තර් ක්‍රියාකාරිත්වයකට අදාලව ඉස්මතු වේ. මේ තත්වය කලකිරීම පිළිබඳව හැඟීමක් සහ ප්‍රමෝදය සොරාගන්නා බිල්ලන් සෙවීමට හේතු විය හැකි අතර ජාතික රාජ්‍යයන් තුල ගැටුම් සඳහා මෙන්ම ජාතික රාජ්‍යයන් අතර ගැටුම් සඳහා ද පාදක වේ. බුද්ධිමතුන්ගේ මැදිහත්වීමේ රඟ මඩල ඇත්තේ මෙම ස්ථානයේය (එනම් ගැටළු බේරුම් කිරීම, නිරාකරණය සඳහා උපදෙස් දීම, ගැටුම කළමනාකරණය). තව දුරටත් පවසන්නේ නම්, දර්ශනයේ අවශ්‍යතාවය පැනගිනුයේ මෙම ස්ථානයේදීය. "අනෙකාගේ කතිකාවේ අඩුව" පිරවීමට උත්සාහ දැරීම දර්ශනයේ කාර්යභාරයයි.

 

 

ලැකානියානු භාෂාවෙන් ප්‍රජාතන්ත්‍රවාදය යනු සංකේතනය, පරිකල්පනය සහ යථ අතර සංකීර්ණ අන්තර් ක්‍රියාකාරිත්වයකි.

 

 

ප්‍රජාතන්ත්‍රවාදයේ සංකේත රටාව තුල ප්‍රජාතන්ත්‍රවාදී ආයතන සහ ක්‍රියාවලීන් බලය පිළිබඳ සාකච්ඡා සහ ගැටුම් කළමනාකරණය සඳහා රාමුවක් සපයයි. ඒ සඳහා ඇති උපරිමස්තානය වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයයි.

 

ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය බොහෝ විට ජාතියේ හෝ දේශපාලන නායකයාගේ පරමාදර්ශී ප්‍රතිරූප නිර්මාණය කිරීම ඇතුළත් කර ගනී. මේ තත්වය ප්‍රජාතන්ත්‍රවාදයට අදාළ පරිකල්පනීයත්වය ලෙස හැඳින්විය හැකිය. නමුත් ඒ සියල්ල බිඳගෙන රෝග ලක්ෂණයක් සේ යථ ඉස්මතු වීම නොවැලැක්විය හැකිය. එනම්, ආර්ථික අසමානතාවය, සමාජ බෙදීම්, පාරිසරික අර්බුධ වැනි තවත් බොහෝ කාරණා සහ ගෝලීය බල ගතිකත්වයේ 'යථ' මගින් ප්‍රජාතන්ත්‍රවාදය නිරන්තරයෙන් අභියෝගයට ලක් වේ. එම තත්වය තුල කෙටි කාලීන දේශපාලන, ආර්ථික වාසි තකා මෙම ගැටුම් අවුස්සනු ලබන ආර්ථික හා සමාජීය සාධක බොහෝ විට නොසලකා හරිනු ලැබේ.

 

ඉදිරි ජනාධිපතිවරණයෙන් පසුව බලයට පත් වන මාලිමා ආන්ඩුවට "ජනතාව" සන්තර්පණය කිරීමට සිදුවන්නේ මෙවැනි ලෝක පසු බිමකය.

 

යුද්ධයට අදාළ ලෝක ආර්ථිකයේ බල ගතිකයන් පිළිබඳව ස්පාර්ටකස් ලිපිය 

https://slleader.lk/social/9746-2024-05-01-12-07-20

 

 

@ස්පාර්ටකස් ලිපි