SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

  • මුහුදේ පාටි දැම්මෙ නෑ..ගියේ නිරීක්ෂණ චාරිකාවක්!

 

  • මුහුදේ පාටිය මෘග ක්‍රියාවක්..

 

  • කොටින්ට සල්ලි දුන්නේ කව්ද කියල ටිරාන්ගෙන් අහන්න..

පසුගිය 09 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පනස් දෙනෙකුට අධික පිරිසක් සමඟ කොළඹ වරාය පරිශ්‍රයේ ටැග් නෞකා දෙකකික් නිරීක්ෂණ චාරිකාවට සහභාගි වූ බව ශ්‍රී ලංකාව වරාය අධිකාරිය කියයි.

 

(https://slleader.lk/news/9130-2024-01-10-05-01-41

පුවත  මගින්  අප ඒ පිළිබඳ වාර්තාවක් අදාළ රාත්‍රියට පසුදාම පළකර ඇත).

 

මන්ත්‍රීවරුන් පිරිසකට මුහුද මැද සාදයක් ලෙස පළ වූ වාර්තා පිළිබඳව කරුණු පැහැදිලි කරමින් එම අධිකාරිය ඒ බව කියා සිටී.

කොළඹ වරායේ සිදුවන සංවර්ධන කටයුතු නිරීක්ෂණය කිරීමට මෙම නිරීක්ෂණ චාරිකාව සූදානම් කළ බවයි වරාය අධිකාරිය කියන්නේ..

වරාය රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර විසින් වරාය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගෙන් කල  ඉල්ලීමක් අනුව එය සංවිධානය කළ බව අධිකාරිය කියයි.

 

මුහුදේ පාටිය මෘග ක්‍රියාවක්.. (සජිත් ප්‍රේමදාස)

sajith

 

මේ අතර රට බංකොලොත්වී දරුවන් කන්න නැතුව සිටිනා  මොහොතක ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්  පිරිසක් විස්කි බිබී මුහුද මැද  පාටියක් දැමීම මහ  මෘග ක්‍රියාවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියයි. ඒ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමිනි.

 

|මෙම පාටිය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද සහභාගිවී ඇතැයි පැවසූ විපක්ෂනායකවරයා දරුවන්ට වාර ප්‍රවේශ පත්‍රය දීමට නොහැකි ආණ්ඩුව මන්ත්‍රීවරුන්ට මුහුද මැද පාටි දැමීමට අවසර දීම අසාධාරණ බවද ප්‍රකාශ කළේය.

 

සජිත් ප්‍රේමදාස මෙසේ පවසයි.

“හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළුව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ඇමතිවරුන් කණ්ඩායමක් වරාය අධිකාරියට අයත් හංසකාවා, දියකොවුලා  ආදි  යාත්‍රා පාවිච්චි කරලා  මුහුද මැද ඉඳලා පාටියක් දාලා තියෙනවා. මේක බොරුවක් නොවේ. දූ දරුවන්ගේ වාර ප්‍රවේශ  පත්‍ර අහෝසි කරනවා.මෙයාල පාටි දානවා. කොහොමද රටට අයිති යාත්‍රා පාවිච්චි කරලා  මුහුද මැද පාටි  දාන්නේ? බංකොලොත් රටක විස්කි ගෙනල්ලා වරාය  ආපනශාලාවේ කෑම ගෙනල්ල පාටි දානවා.බංකොලොත් රටක මෙහෙම පාටි දානවද.පෞද්ගලික මුදල් වලින්  විසි හතර පැයේම  පාටි දැම්මට  කමක් නැහැ. පෞද්ගලික මුදලින් මොනවා කළත් කමක් නෑ. වැලි හාරන යන්ත්‍ර උඩ නැගලා මේ පාටිය දාලා තියෙන්නේ. මේ අය පිළිගන්න රතු කාපට් එකකුත් දාලා තිබුණා. මේක මහ මෘග ක්‍රියාවක්.

මම මේ කතා කරන්නේ රටට වැදගත් දෙයක්. මගේ කට වහන්න එපා. මේ රටේ කුඩා දරුවාගේ ඉඳලා මව්වරුන් දක්වා සියලු දෙනා දුක් විඳිනවා. හිටපු ජනාධිපතිවරයා නැව් දෙකක් අරගෙන මුහුද මැද පාටි දාන්නේ කොහොමද?”

 

 

යන්නෙ කොහෙද මල්ලෙ පොල්..

 

ඊට පිළිතුරු ලෙස ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග කියන්නේ මෙවන් කතාවකි.

 

කොටින්ට  ආයුධ දුන්නා කියලා චෝදනා එල්ල වුණේ ඔබතුමාගේ තාත්තට.

ඔබගේ සහෝදරිය හොර සල්ලි ගහපුවාම බේරගත්තේ හිටපු ජනාධිපතිතුමා.

 

කොටින්ට දීපුව ටිරාන්ගෙන්...

 

සජිත් ප්‍රේමදාස:

කොටින්ට සල්ලි දුන්න එක වෙන කාගෙන්වත් අහන්න එපා. 

ටිරාන් අලස් ගෙන් ඒක අහන්න.

මගේ සහෝදරිය පවුලේ සාමාජිකයන් හොර සල්ලි අච්චු ගහලා නැහැ.