SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 50 ක් පමණ ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් කුඩා ප්‍රමාණයේ නෞකා දෙකක (ටග් යාත්‍රා) කොළඹ වරායේ විනෝද සංචාරයකට ගියේ  ඊයේ (9) පස්වරුවේ ය.

මෙම විනෝද චාරිකාවට හිටපු ජනාධිපති වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු ද සහභාගි ව ඇත.

 

|මේ සාදය වරායට සම්බන්ධ ප්‍රබල අමාත්‍යවරයකුගේ ඉල්ලීමක් මත සිදුව ඇත.

වරාය අධිකාරිය කුඩා නෞකා වෙන්කර ඇත.

වරාය අධිකාරියේ භෝජනාගාරයෙන් සියලුම ආහාර සහ පාන වර්ග සපයා ඇත..

මෙම සාද සංචාරයට  වරාය අධිකාරියට රුපියල් ලක්‍ෂ 25 කට අධික මුදලක් වියදම් ව ඇත.

සංචාරයේදී  මුහුද හෑරීම සඳහා යොදාගන්නා විශේෂ ටග් යාත්‍රාවක් වරාය අධිකාරිය වෙන්කර තිබූ බවත් ආරංචියය.

 

වරායට සම්බන්ධ  ප්‍රබල දේශපාලනඥයාගේ පෞද්ගලික ලේකම්වරියක්  8 වැනිදා මෙම චාරිකාව සඳහා අවශ්‍ය ආහාර පාන සහ ද්‍රව්‍ය ලැයිස්තුවක් වරාය අධිකාරියට ලබාදී ඇත.  එය  වරාය අධිකාරියේ සභාපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලීමකි.

සම්පාදනය කරන්නැයි ඉල්ලා සිටි ලැයිස්තුව පහත පරිදිය.

චීස් සැන්ඩ්විච්, බටර් කේක්, ෆිෂ් රෝල්, අයිස් කෝපි, පේපර් කප්, කුඩා වීදුරු, හැදි සහ ගෑරුප්පු, කුඩා පිඟන්, පුටු (කවර සහිත) එක වර්ගයකින් 55 බැගින්, වතුර බෝතල් (පොඩි) 60 ක්, ටිෂූ පැකට් 5 ක්, ටෙන්ට් එකක් පුටු 10 ක් සහ මේස සහිත (ඇමති ආරක්‍ෂක අංශය සඳහා) .

සංග්‍රහය පිළිගැන්වීම සඳහා වරාය කාර්ය මණ්ඩලයේ 5 දෙනෙකි..

 

|චාරිකාවට  වරාය අධිකාරිය සතු ‘හංසකාව’ සහ දිය කොවුල්ලා යාත්‍රාවන් පසුගිය දෙසැම්බර් මස 13 වැනිදා යොමු කළ ලිපියකින් වෙන්කරගෙන ඇත.

 

නව වසරේ ආරම්භ වෙනුවෙන් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙනුවෙන් කෛාළඹ වරාය පරිශ්‍රයේ කෙටි නාවික සංචාරයක් සංවිධානය කර ඇති බවත් ඒ සදඟා සහභාගි වන සියලු දෙනා වරාය පරිශ්‍රයේ චෛත්‍ය පාර ප්‍රධාන පිවිසුම අසළට ඊයේ පස්වරු 6.00 ට පැමිණ ලෙස ප්‍රබල දේශපාලනඥයා ආරාධනා පත්‍රයක් ද මන්ත්‍රීවරුන්ට යොමු කර ඇතැයි කියැවේ.

 

#වරාය ආරංචි

ලංකාදීප