SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මෝටර් රථ නැවතත් ආනයනය කිරීම සඳහා සූදානම් බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

මෙරට වාහන ආනයනය නතර කරන ලද්දේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් වන අතර ඒ විදේශ සංචිත රට තුළ රවා ගැනීම වෙනුවෙනි.

 

|වාහන ආනයනය නිසා විදේශ සංචිත අඩුවනවා පමණක් නොව වැඩි ඉන්ධන භාවිතයක් රට තුළ ක්‍රියාත්මක වීමෙන් ඉන්ධන සඳහා වැය කරන ඩොලර් ප්‍රමාණයද තවදුරටත් ඉහළ යා හැක.

කෙසේ වුවත් වර්තමාන ආර්ථාක විද්‍යාඥයින් ගේ උපදෙස් අනුව ආදායම් බදු ඉහළ නංවාගැනීම අරමුණු කරගනිමින් නැවත වාහන ගෙන්වීමට කටයුතු යොදා ඇතැයි වාර්තා වේ.

 

ඒ අනුව එන්ජින් ධාරිතාව 1000cc ට අඩු මෝටර් රථ ආනයනය කිරීමට නියමිතය.

ඊට අවශ්‍ය කටයුතු ඉදිරි මාසයක කාලයක් තුළ ලබා සිදු වනු ඇතැයි සංගමය කියා සිටී.

එන්ජින් ධාරිතාව අඩු මෝටර් රථ පමණක් ආනයනය කරන්නේ විදේශ සංචිත ප්‍රමාණය ස්ථාවර මට්ටමක  පවත්වා  ගැනීමටයි.

නවතම ලිපි