SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පසුගිය දා slleader.lk මගින් “ඔන්න ඡන්දයක් මෙන්න ඡන්දයක්! බාලගිරි දෝෂය හා වික්‍රමසිංහ මෙහෙයුම” ඉදිරිපත් කළ ලිපියේ මූලික හරය වූයේ ජනාධිපති වික්‍රමසිංහ තව චිරාත් කාලයකට ඡන්දයක් නොපැවැත්වීමට අදාළ පිඹුරුපත් සකසන බවයි.

ඒ අනුව 2024 ජනාධිපතිවරණයටද බාලගිරි දෝසය ලැබෙනු ඇති අතර එසේ වුවහොත් ‌එය ලංකා ඉතිහාසයේ ජේ ආර්ගෙන් පසුව තවත් ඵෙතිහාසික අවස්ථාවක්ද වනු ඇත.

(https://slleader.lk/life-style/7844-2023-05-20-13-49-44)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලයේ දී පෙරෙයිදා (02) පැවති “2023/ 2024 ජාතික නීතිඥ සමුළුව අමතමින් කළ කතාවෙන් මේ බව වඩාත් හොඳින් තහවුරු වේ.

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියා සිටින්නේ පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂ එකට එක්වුවත් මේ මොහොතේ ඒ කිසිවෙකුට 50%ක ඡන්ද පදනමක් නොමැති බවය.

ඒ නිසා සියලුදෙනා එක්විය යුත්තේ මැතිවරණයක් සඳහා නොව ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට බවත් ජනාධිපතිවරයා පවසා ඇත.

 

තවමත් මෙරට තරුණ පරපුර ඇතුළු ජනතාවගෙන් අතිමහත් බහුතරයක් අතර මැතිවරණ හා දේශපාලනය පිළිබඳ විශ්වාසය කඩවී ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.

නීතිය හා සාමය, දේශපාලන සහ ආර්ථීක ස්ථාවරත්වය යළි පිහිටුවීමෙන් අදහස් වන්නේ ශ්‍රී ලංකාව මුළුමනින්ම අර්බුදයෙන් මිදීමක් නොවන බව පෙන්වා දෙන ජනාධිපතිවරයා, මෙම සමස්ත ක්‍රියාවලිය සාර්ථක කරගැනීම සඳහා ඉදිරියේදී විශාල කැපවීම් කළ යුතුව ඇති බව පවසයි.

මීට මාස දහයකට පෙර රට දැඩි ආර්ථික අභියෝගයට ලක්වූ අතර එය ඉතිහාසයේ කිසිදා නොතිබූ තත්ත්වයක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම තත්ත්වය සමනය කරගැනීමට තමා ඇතුළු කණ්ඩායම කටයුතු කළ බවත් ජනාධිපතිවරයා සඳහන් කර ඇත.