SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 2027 අයවැයෙන් උපයනවිට (PAYE) බද්දටත් දැවැන්ත සහනයක්!

 

 

ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 2027 අයවැය මඟින්

උපයනවිට ගෙවීමේ බදු (PAYE Tax) සීමාව තවදුරටත් ඉහළ දමා, වැටුප් ලබන සියලුම සේවකයින්ට සහන සැලසීමට රජය අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය.

 

 

කොළඹදී පැවති ජාතික වෘත්තීය සමිති සම්මේලනය අමතමින් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, මීට පෙර රුපියල් 100,000 ක්ව පැවති උපයනවිට බදු සීමාව රුපියල් 150,000 දක්වා ඉහළ දැමූ බවත්, එළැඹෙන අයවැය ලේඛනය හරහා එම සීමාව තවදුරටත් පුළුල් කරමින් සේවකයින්ට අමතර මූල්‍ය සහනයක් හිමිකර දීමට සැලසුම් කර ඇති බවත්ය.

 

 

රටේ ආර්ථිකයට සුවිශේෂී දායකත්වයක් සපයන සේවක ප්‍රජාවගේ ආර්ථික සුරක්ෂිතතාව රජයේ ප්‍රමුඛ අවධානයට ලක්ව ඇති බව පැවසූ ජනාධිපතිවරයා, සේවකයින්ගේ මූලික වැටුප් ඉහළ නැංවීමට මෙන්ම අතිරේක දීමනා ලබාදීම කෙරෙහිද රජය අවධානය යොමුකර ඇති බව සඳහන් කළේය. මූලික වැටුප් සංශෝධනය කිරීම පමණක් සේවකයින්ට අර්ථවත් මූල්‍ය සහනයක් සැලසීමට ප්‍රමාණවත් නොවන බැවින්, සුවිශේෂී අතිරේක දීමනා ලබාදීමේ වැදගත්කම පිළිබඳවද මෙහිදී අවධාරණය කෙරිණි.

 

 

ඉහළ වැටුප්වලින් අය කෙරෙන බදු කප්පාදුව පිළිබඳව පවතින ගැටලුවලටද මෙම අයවැය සංශෝධන හරහා සාධනීය විසඳුම් ලැබෙනු ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා, රාජ්‍ය, අර්ධ රාජ්‍ය, වතු සහ පෞද්ගලික යන සියලුම ක්ෂේත්‍ර නියෝජනය කරන සේවකයින්ගේ ආර්ථික ස්ථාවරත්වය සුරැකීම රජයේ නොපැකිළි වගකීම බව අවධාරණය කළේය.

 

 

නවතම ලිපි