SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

වාහන ලියාපදිංචිය, ආදායම් බලපත්‍ර ලබාගැනීම හෝ බැංකු ගිණුම් විවෘත කිරීම වැනි

එදිනෙදා අත්‍යවශ්‍ය කටයුතුවලදී බදු ගෙවන්නන්ගේ හඳුනාගැනීමේ අංකය (TIN) ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් පසුගිය කාලසීමාව පුරා මහජනතාව තුළ පැවති දැඩි අවිනිශ්චිතතාව සහ අනවශ්‍ය පීඩනයට පැහැදිලි විසඳුමක් ලැබී තිබේ. TIN අංකය ලබාගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගොස් පෝලිම්වල රස්තියාදු වීමේ අවශ්‍යතාවක් නොමැති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර පාර්ලිමේන්තුවේදී තහවුරු කළේය.

 

 

 

හැඳුනුම්පත, දුරකථන අංකය සහ ඊමේල් ලිපිනය ප්‍රමාණවත්

නව ක්‍රමවේදය යටතේ ජනතාව භෞතිකව TIN ලිපි ලේඛන රැගෙන යාම හෝ අංකය ලබාගැනීමට විශේෂ පරිශ්‍රමයක් දැරීම අවශ්‍ය නොවේ. ඕනෑම සේවාවක් ලබාගැනීමේදී:

  • ජාතික හැඳුනුම්පත් අංකය (NIC)

  • ක්‍රියාකාරී ජංගම දුරකථන අංකය

  • විද්‍යුත් තැපැල් (Email) ලිපිනය

ලබාදීම පමණක් ප්‍රමාණවත් වේ.

 

 

ආයතන අතර සෘජු සම්බන්ධීකරණයක්

පුරවැසියන්ගෙන් ලබාගන්නා එම මූලික තොරතුරු අදාළ බැංකු හෝ රාජ්‍ය ආයතන මඟින් සෘජුවම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත යොමු කරනු ලබන අතර, ඉන් අනතුරුව අභ්‍යන්තර පද්ධතිය හරහා TIN අංකය නිකුත් කිරීමේ ස්වයංක්‍රීය ක්‍රමවේදයක් මේ වන විට සකස් කර ඇත.

 

 

TIN අංකය අතැතිව නොතිබුණද සේවාවන් බාධාවකින් තොරව

බොහෝ දෙනෙකු තුළ පැවති බියක් වූයේ TIN අංකය අතැතිව නොමැති නම් බැංකු ගිණුමක් විවෘත කරගැනීමට හෝ වාහනයක ලියකියවිලි සකස් කරගැනීමට නොහැකි වනු ඇති බවයි. කෙසේ වෙතත්, පුද්ගලයෙකු සතුව මේ වන විටත් TIN අංකයක් නොමැති වුවද අදාළ සේවාවන් කිසිදු බාධාවකින් තොරව සිදුකරගත හැකි බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැහැදිලි කළේය.

 

 

පාර්ලිමේන්තුවේ පැවති සභාව කල්තැබීමේ විවාදයේදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ, රජයේ මූලික අරමුණ බදු ජාලය විධිමත් කිරීම මිස රාජ්‍ය ආයතන ඉදිරිපිට ජනතාව පීඩාවට පත්කිරීම නොවන බවයි. ඒ අනුව, රාජ්‍ය හා මූල්‍ය ආයතන තාක්ෂණය ඔස්සේ එකිනෙක සම්බන්ධ වීමෙන් අනවශ්‍ය නිලධාරීවාදී බාධාවන්ගෙන් තොරව ජනතාවට සහන සැලසෙනු ඇත.

නවතම ලිපි