SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

"අර්නබ්" ඉතා දරුණු සුළි කුණාටුව ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් වෙරළ තීරයෙන් ගොඩබිමට

ඇතුළු වීමත් සමඟ ශ්‍රී ලංකාවේ කාලගුණයට ඉන් ඇති කළ බලපෑම ක්‍රමයෙන් දුර්වල වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

 

  • බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව අපේක්ෂා කෙරේ.

  • ඌව පළාතේ සහ මඩකලපුව හා අම්පාර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක පස්වරු 1.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

  • මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 40 සිට 50 දක්වා ප්‍රබල සුළං ඇති විය හැක.

 

 

ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලිකව ඇති විය හැකි තද සුළං සහ අකුණු මඟින් සිදුවිය හැකි හානි අවම කර ගැනීමට ප්‍රමාණවත් පූර්වාරක්ෂක පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

 

 

නවතම ලිපි