SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ප්‍රමිතියෙන් තොර ඖෂධ මිලදී ගැනීමේ සිද්ධියට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය

රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව විභාග වන නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි ගොනුකිරීමේ පවතින හිඩැස් සහ ලේඛන ඔප්පු කිරීමේ දුර්වලතා විත්තියේ නීතිඥවරුන් විසින් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ප්‍රබල ලෙස ප්‍රශ්න කරනු ලැබීය.

 

 

ප්‍රියන්ත ලියනගේ (සභාපති), විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන විනිසුරු මඩුල්ල හමුවේ නඩු විභාගය කැඳවූ අවස්ථාවේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම අධිකරණයෙන් සුවිශේෂී ඉල්ලීමක් කළාය. ඒ අනුව, තුන්සිය පනස් හය දෙනකුගෙන් සමන්විතව තිබූ පැමිණිල්ලේ සාක්ෂි ලැයිස්තුවට තවත් සාක්ෂිකරුවන් හත් දෙනෙකු අලුතින් ඇතුළත් කිරීමට ඇය අවසර ඉල්ලා සිටියාය.

 

 

 බාල බෙහෙත් නඩුවේ පැමිණිල්ල අසම්පූර්ණ බව විත්තිය පෙන්වයි

 

 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරියාගේ සාක්ෂිය අවසන් වීමෙන් පසුව පැමිණිල්ල මෙම ඉල්ලීම කිරීම විශේෂත්වයකි. මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට දැනුම් දුන්නේ මේ වනතෙක් ලබා දී ඇති කාර්ය සටහන් පැමිණිල්ල විසින් තවමත් අධ්‍යයනය කරමින් පවතින බවයි.

 

 

නඩු විභාගයේදී ඇතැම් ලේඛනවල මුල් පිටපත් ඉදිරිපත් කර සසඳා බැලීමෙන් පසු මුදා හැර ඇතත්, ලේඛන පනහකට අධික සංඛ්‍යාවක එම ක්‍රියාවලිය කාර්ය සටහන්වල නිසි පරිදි සටහන් වී නොමැති බව පැමිණිල්ල අධිකරණය හමුවේ පිළිගත්තේය. එසේම ඇතැම් මුල් පිටපත් මේ වන විට අල්ලස් කොමිසම සතුව පවතින බැවින් අදාළ ආයතනවලින් ඒවා යළි ගෙන්වා ගැනීමට අවශ්‍යව ඇති බව ඇය සඳහන් කළාය.

 

 

 සාක්ෂිකරුවන්ට බලපෑම් කරන්න ඔබට බැහැ!" නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරියට  මහාධිකරණයෙන් අවවාද!

 

 

 

මෙම අවස්ථාවේදී දහවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන, පැමිණිල්ලේ සාක්ෂි ගොනුකිරීමේ පදනම දැඩි ලෙස ප්‍රශ්න කළේය. දහවන චූදිතගේ ලේඛන රාජ්‍ය සේවා කොමිසමෙන් ගෙන්වා ගැනීමට පැමිණිල්ල කළ ඉල්ලීමට ඔහු වහාම මැදිහත් විය.

 

 

ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන:

"මාගේ සේවාදායකයාගේ පත්වීම සිදුකළේ රාජ්‍ය සේවා කොමිසමෙන්. එම පත්වීම් ලිපියේ මුල් පිටපත මේ වන විටත් අධිකරණයට ලබා දී අවසන්!"

සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ:

"අදාළ පත්වීමේ මුල් පිටපත මේ වන විටත් ඉදිරිපත් කර තිබේ නම්, ඊට අදාළව තවදුරටත් ලබා ගැනීමට අපේක්ෂා කරන ලේඛන මොනවාද?"

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය:

"අදාළ පත්වීමේ ලිපිය පිළිගත හැකියි. නමුත් එම පත්වීමට අදාළ යම් යම් ගැටලු ඇති බැවින් වෙනත් ලේඛන පිළිගැනීමේ හැකියාවක් නෑ. දහවන විත්තිකරුගේ පෞද්ගලික ලිපි ගොනුවේ ඇත්තේ ලේඛන හතරක් පමණයි. ඇතැම් ලේඛන පැමිණිල්ල මේ වන විටත් සොයමින් සිටිනවා."

ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන:

"රාජ්‍ය සේවා කොමිසම විසින් සිදු කරන ලද පත්වීමක් අභියෝගයට ලක් කළ හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කිරීමකින් පමණයි."

 

 

 

පැමිණිල්ල තවමත් අදාළ ලේඛන 'සොයමින් සිටින' බවට කළ පිළිගැනීම හරහා, චෝදනා ගොනුකර ඇත්තේ සම්පූර්ණ ලේඛන පරීක්ෂාවකින් තොරව බව විත්තිය සාර්ථකව අධිකරණයට පෙන්වා දුන්නේය. එහිදී දහවන විත්තිකරුගේ පත්වීම අභියෝගයට ලක් නොකරන බව පැමිණිල්ලට අධිකරණය හමුවේ ප්‍රකාශ කිරීමට සිදුවිය.

 

 

 Keheliya Rambukwella decides to pause political career, cites 'recent events' | Sri Lanka News | Ada Derana | Truth First

 

 

මේ අතර අටවන විත්තිකාර හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න විත්තියට වාසිදායක තවත් සුවිශේෂී පියවරක් ගත්තේය. ඔහු සිය සේවාදායකයා වෙනුවෙන් ලේඛන දෙකක් අධිකරණයට ඉදිරිපත් කළ අතර, ඒවා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 423 වන වගන්තිය යටතේ මුල් ලේඛනවල නිවැරදි පිටපත් ලෙස කිසිදු විරෝධතාවකින් තොරව පිළිගැනීමට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියට සිදුවිය.

 

 

හත්වන විත්තිකරු වෙනුවෙන් නීතිඥ අරවින්දු මනතුංග ආරච්චි ඉදිරිපත් කළ ලේඛන ලැයිස්තුව සම්බන්ධයෙන්ද පැමිණිල්ල සහ විත්තිය අතර තර්කයක් ගොඩනැගිණි. අදාළ රැස්වීම් සටහන් හත්වන විත්තිකරු විසින්ම අත්සන් කර ඇති බැවින් ඒවා පිළිගත නොහැකි බව පැමිණිල්ල පැවසුවද, එම ලේඛන වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ නිල ලිපි ගොනුවේ පවතින බව නීතිඥවරිය පෙන්වා දුන්නාය. ඒ අනුව එම නිල ලේඛන ගෙන්වා ගැනීමට පැමිණිල්ලට එකඟ වීමට සිදුවිය. පස්වන විත්තිකරු වෙනුවෙන් නීතිඥ සුරංගි ද මෙහිදී ලේඛන ලැයිස්තුවක් භාර දුන්නාය.

 

 

Health Ministry issues warning over scam – The Island

 

 

අධිකරණයට ඉදිරිපත් කර ඇති මෙම ලේඛන ඔප්පු කිරීම සඳහා නව සාක්ෂිකරුවන් ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී, අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් සහ මහාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය යන අය හෝ ඔවුන්ගේ නියෝජිතයින් කැඳවීමට පැමිණිල්ල අවසර ඉල්ලා සිටියේය. විත්තිය මීට විරෝධය නොදැක්වීම හේතුවෙන් විනිසුරු මඩුල්ල ඊට අවසර ලබා දුන්නේය.

 

 

 

පුද්ගලයින් 350 කට අධික සාක්ෂි ලැයිස්තුවක් නඩු භාණ්ඩ 300කට ආසන්න ප්‍රමාණයක් සමඟ අධිකරණයට ඉදිරිපත් කර තිබුණද, ප්‍රධාන විමර්ශන නිලධාරියාගේ සාක්ෂිය අවසන් වීමෙන් පසුවත් ලේඛන ඔප්පු කරගැනීමට අලුතින් රාජ්‍ය නිලධාරීන් සෙවීමට පැමිණිල්ලට සිදුවීම හරහා විමර්ශනයේ පවතින අසම්පූර්ණ ස්වභාවය විත්තියේ නීතිඥවරුන් විසින් මහාධිකරණය හමුවේ මනාව නිරාවරණය කර තිබේ.

 

 

 

(ද ලීඩර් නඩු වාර්තාව පදනම් කරගෙන සැකසූ ලිපියකි)

නවතම ලිපි