නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ විදුලි ජනන යන්ත්ර තුනම අක්රිය වීම හේතුවෙන්
ඊයේ දිනයේදීත් දිවයින පුරා විදුලි කප්පාදුවක් ක්රියාත්මක වූ අතර, අද (21) දිනයේදීත් එය එලෙසම සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ජාතික පද්ධති ක්රියාකරු (NSO) විසින් කරන ලද ඉල්ලීමකට අනුව සැලසුම් සහගත විදුලි කප්පාදුවක් පැනවීම සඳහා ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) විසින් පසුගිය සඳුදා (19) අනුමැතිය ලබා දී තිබුණි.
ඒ අනුව පස්වරු 4.30 සිට රාත්රී 9.00 දක්වා කාලය තුළ පැයක කාලයක් විදුලි කප්පාදුව ක්රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. මේ සඳහා දිවයින කලාප හතරකට බෙදා ඇති අතර රෝහල් සහ අත්යවශ්ය සේවා සපයන ස්ථාන මෙම කප්පාදුවෙන් නිදහස් කර තිබේ.
පසුගිය සෙනසුරාදා ඇති වූ දීපව්යාප්ත විදුලි බිඳවැටීමෙන් අනතුරුව නොරොච්චෝලේ ජනන යන්ත්ර තුනම තවමත් පවතින්නේ අක්රිය තත්ත්වයේය. පවතින විදුලි සැපයුම කළමනාකරණය කරගැනීම සඳහා දෛනික විදුලි කප්පාදුවක් හඳුන්වා දීමට ජාතික පද්ධති ක්රියාකරු පියවර ගෙන ඇත්තේ එබැවිනි.
ජාතික පද්ධති ක්රියාකරුගේ ප්රධාන විධායක නිලධාරී බුද්ධික සමරසේකර ප්රකාශ කර සිටියේ ඊයේ මෙන්ම අද (21) දිනයේදීත් මෙම විදුලි කප්පාදුව සිදු කිරීම අත්යවශ්ය වනු ඇති බවයි.

