SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

හිටපු අමාත්‍ය කුමාර ජයකොඩි යළිත් අමාත්‍ය ධූරයට පැමිණෙනු ඇති බවට ඉඟි පළකෙරෙන පසුබිමක,

ශ්‍රී ලංකාවේ ගල් අඟුරු ආනයනය සහ ඒ ආශ්‍රිත විදුලි ජනනයේ සිදුවී ඇතැයි කියන අක්‍රමිකතා විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිල කාලය 2026 දෙසැම්බර් 16 දක්වා දීර්ඝ කර ඇතැයි වාර්තා වේ. ජනාධිපති අනුර කුමාර දිසානායක සිය අවසන් වාර්තාව ලබා දීම සඳහා මෙලෙස කල් ලබා දී ඇත්තේ 1978 අංක 7 දරන විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා පනතේ 4 වැනි වගන්තිය යටතේය.

 

 

 

2026 අප්‍රේල් 17 වැනි දින අංක 2484/08 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් ස්ථාපිත කරන ලද මෙම කොමිසමේ සභාපතිත්වය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග දරනු ලබයි. අභියාචනාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ සහ මහාධිකරණ විනිසුරු සංජීව සෝමරත්න එහි සාමාජිකයින් වන අතර, හිටපු අමාත්‍යාංශ ලේකම් පී. වී. බන්දුලසේන එහි ලේකම්වරයා ලෙස කටයුතු කරයි.

 

 

ශ්‍රී ලංකාවේ ගල් අඟුරු බලාගාර ආරම්භ කළ දින සිට 2026 අප්‍රේල් 16 දක්වා කාලය මෙම විමර්ශනයට අයත් වේ. රාජ්‍ය සතු ලංකා ගල් අඟුරු සමාගම හෝ ඊට අනුප්‍රාප්තික ආයතන හරහා ගල් අඟුරු ආනයනය කිරීමේදී සහ විදුලිය නිපදවීමේදී අක්‍රමිකතා හෝ නීතිවිරෝධී ක්‍රියා සිදුවී ඇත්දැයි නිර්ණය කිරීම කොමිසමේ කාර්යභාරයයි.

 

 

එහිදී ගල් අඟුරු ප්‍රසම්පාදන ක්‍රියාවලීන් පරීක්ෂා කර රජයට මූල්‍යමය පාඩු සිදුවී ඇත්දැයි කොමිසම විසින් තීරණය කරනු ඇත. ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ආනයනය කර ඇති බවට වන චෝදනා ද විමර්ශනය කෙරෙන අතර, ප්‍රසම්පාදනය සහ සැපයීමේ සිට තත්ත්ව පරීක්ෂාව, බලාගාර මෙහෙයුම් සහ ගල් අඟුරු භාවිතය දක්වා සමස්ත ක්‍රියාවලියම මෙහිදී දැඩි පරීක්ෂාවට ලක් කෙරේ.

 

 

ආනයනික ගල් අඟුරු භාවිත කරන බලාගාර ඒවායේ අපේක්ෂිත කාර්යක්ෂමතා මට්ටම් කරා ළඟා වී ඇත්දැයි කොමිසම විසින් තක්සේරු කළ යුතුය. එමෙන්ම බාල ප්‍රමිතියේ ගල් අඟුරු භාවිතය හා සම්බන්ධ නෛතික, මූල්‍යමය හෝ වෙනත් කිසියම් වැරදි ක්‍රියාවක් සිදුවී ඇත්දැයි විමර්ශනය කිරීම ද කොමිසම විසින් සිදු කෙරේ.

 

 

එසේම අදාළ ගිවිසුම්ගත බැඳීම් උල්ලංඝනය කර ඇත්ද යන්න සහ එසේ වී නම්, ඊට අදාළ ගෙවීම් රඳවාගෙන තිබේද නැතහොත් වෙනත් නිවැරදි කිරීමේ පියවර ගෙන තිබේද යන්න කොමිසම විසින් තහවුරු කළ යුතුව ඇත.

 

 

දේශපාලන අධිකාරීන්, රාජ්‍ය නිලධාරීන්, ලංකා ගල් අඟුරු සමාගමේ නිලධාරීන්, සැපයුම්කරුවන් සහ ඔවුන්ගේ නියෝජිතයින් ඇතුළුව යම් වැරදි ක්‍රියාවක් සඳහා වගකිවයුත්තන් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව සුදුසු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම ද කොමිසමට පැවරී තිබේ.

 

 

මීට අමතරව, මෙවැනි අක්‍රමිකතා නැවත සිදුවීම වළක්වාලීම සඳහා ප්‍රතිසංස්කරණ යෝජනා කිරීම සහ ගල් අඟුරු ප්‍රසම්පාදනය හා විදුලි ජනනය පිළිබඳ යහපාලනය ශක්තිමත් කිරීම ද කොමිසමේ වගකීමකි. අදාළ කාල සීමාව තුළ මෙම අංශවලින් අනාවරණය වන වෙනත් ඕනෑම අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ද විමර්ශනය කිරීමට කොමිසමට බලය පවරා තිබේ.

 

 

(ද අයිලන්ඩ් ඇසුරින්)

# නිරෝමි සුබ්‍රමනියම්

නවතම ලිපි