SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec


ප්‍රමිතියෙන් තොර ව්‍යාජ ලෙස සැකසූ හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් සහ රිටොක්සිමැබ්

ඖෂධ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට සපයා රුපියල් ලක්ෂ 1,444 ක මහජන මුදල් වංචා කළේ යැයි කියන සිද්ධියට අදාළව, අයිසොලෙස් බයෝ ටෙක් ෆාමා හිමිකරු සුදත් ජානක ප්‍රනාන්දු ඇතුළු චූදිතයින් 12 දෙනෙකුට එරෙහිව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ විභාග වන නඩුව ඊයේ (10) යළි විභාගයට ගැනිණි.

 

 

 

සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ විභාග වන මෙම නඩුව, මේ වනවිට ශ්‍රී ලංකාවේ රාජ්‍ය යාන්ත්‍රණයේ, අමාත්‍ය මණ්ඩලයේ සහ නිලධාරිවාදයේ නිරුවත හෙළි කරන කැඩපතක් බවට පත්ව ඇත.

 

 ඉමියුනෝග්ලොබියුලින් නඩුව: අධිචෝදනා පත්‍රය අමතක කර පැමිණිල්ල වෙනත් මාවතක යනවද?

අධිකරණය කැලඹූ විත්තියේ විරෝධය සහ විනිසුරු මඩුල්ලේ අවවාදය!

ඊයේ (10) දින නඩු විභාගයේ කරුණු විශ්ලේෂණය කිරීමට පෙර, ඊට පෙර දින (09) අධිකරණ ශාලාව තුළ සිදුවූ අතිශය තීරණාත්මක සහ උණුසුම් සිදුවීම වෙත අවධානය යොමු කිරීම අනිවාර්ය වේ. අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ අතිරේක ලේකම්වරියගෙන් අටවන චූදිත (කෙහෙළිය රඹුක්වැල්ල) වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නයන්ත ජයසුන්දර හරස් ප්‍රශ්න අසමින් සිටියදී, පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම එක්වරම නැගී සිට සාක්ෂිකාරියට අත දිගු කරමින් "ඒ ප්‍රශ්නයට උත්තර දෙන්න එපා" යැයි නියෝග කළාය.

 

මෙම අවස්ථාවේදී සාධාරණ නඩු විභාගයක්  වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නයන්ත ජයසුන්දර සිය බලවත් විරෝධය අධිකරණයට මෙසේ ගොනු කළේය.

 

 

නීතිඥ නයන්ත ජයසුන්දර:

"ස්වාමීනි.. පිළිතුරු දෙන්න එපා කියන එක යුක්ති සහගත නෑ. අපිට අවශ්‍ය ප්‍රශ්න ඇසීම නිසා ඔවුන්ට පිළිතුරු දීමට නිදහස තිබිය යුතුයි. මිනිස්සු දොළොස් දෙනෙක් දිනපතා අධිකරණයට එනවා. ඔවුන් ගෙදර යනවාද, බන්ධනාගාර ගත වෙනවද යන්න සාධාරණ නඩු විභාගයකින් දැන ගැනීමට අයිතියක් තියෙනවා. මෙහෙම සාක්ෂිකාරයන්ට බලපෑම් කරන එක වැරදියි!"

නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය:

"අප පෙනී සිටින්නේ දහස් ගණනක රෝගී ජීවිත වෙනුවෙන්!"

 

මෙහිදී චිත්තවේගී තර්ක බැහැර කරමින්, නීතියේ ආධිපත්‍යය සුරකින ඓතිහාසික නියෝගයක් ලබා දුන් සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ, නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරියට විවෘත අධිකරණයේදී මෙලෙස අවවාද කළේය.

 

සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ:

"පැමිණිල්ල සාක්ෂිකරුවන් ගෙන්නුවාට ඒ අය අධිකරණයේ සාක්ෂිකරුවන්. ඔවුන් මැඩ පැවැත්වීමට හෝ ඔවුන්ට බලපෑම් කිරීමට ඔබට බැහැ! අධිකරණය මේ සියල්ල නිරීක්ෂණය කරමින් ඉන්නේ."

 

 ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව

 

 

පැමිණිල්ලේ ප්‍රමාදය සහ විත්තියේ චෝදනාව

ඊයේ (10) දින නඩු විභාගය ආරම්භයේදීම තවත් උණුසුම් තත්ත්වයක් හටගත්තේය. පෙරවරු 9.45 ට ආරම්භ වීමට නියමිතව තිබූ නඩුවට නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය පැමිණියේ පෙරවරු 10.50 ට පමණය. ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවකට ඇය සහභාගී වීම ඊට හේතුව ලෙස දැක්වුණද, අධිකරණයට පෙර දැනුම් දීමකින් තොරව සිදුකළ මෙම ප්‍රමාදය විත්තියේ නීතිඥවරයාගේ දැඩි දෝෂදර්ශනයට ලක් විය.

 

නීතිඥ නයන්ත ජයසුන්දර:

"මගේ උගත් මිතුරිය ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු කටයුත්තකට යාම නෙවෙයි ප්‍රශ්නය. මේ ගැන අධිකරණයට නොදන්වා සිටීම නිසා විනිසුරුවරුන්, නීතිඥයන්, සාක්ෂිකරුවන් ඇතුළු සියලු දෙනා අපහසුවට පත්වුණා. පසුගිය මැයි 15 වැනිදාත් මෙතුමිය මේ ආකාරයෙන්ම කටයුතු කළා."

 

 

රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම - ඇමති කී පමණින් කළ හැකිද?

ඉන් අනතුරුව අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ අතිරේක ලේකම් උත්තරා අරුණ කාන්ති මුණසිංහගෙන් හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ විය. මෙහිදී විත්තියේ නීතිඥවරයා ඉතා සූක්ෂම ලෙස අධිකරණය හමුවේ ගොඩනැගුවේ, අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කිරීමේදී අමාත්‍යාංශ ලේකම්වරුන් සතු නෛතික හා පරිපාලනමය වගකීමයි. හුදෙක් අමාත්‍යවරයාගේ අණට පමණක් යටත් නොවී, මුදල් රෙගුලාසි (FR) සහ ආයතන සංග්‍රහය (AR) අනුව කටයුතු කිරීමට ලේකම්වරුන් නීතියෙන් බැඳී සිටින බව විත්තිය තහවුරු කරන්නට උත්සාහ කළේය.

 

 

නීතිඥ නයන්ත ජයසුන්දර:

"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 52 (2) හි සඳහන් වන්නේ අමාත්‍යාංශය ලේකම්වරයාගේ පාලනයට හා විෂයට යටත්ව පවතින බවයි... ලේකම්වරුන් මුදල් රෙගුලාසිවලට යටත් කළ යුතුයි ද?"

සාක්ෂිකරු:

"ලේකම්වරු පමණක් නෙවෙයි සියලු රාජ්‍ය නිලධාරීන් මුදල් රෙගුලාසි හා ආයතන සංග්‍රහයට යටත් විය යුතුයි."

නීතිඥ:

"අමාත්‍ය මණ්ඩල සංදේශවල නිරවද්‍යතාව පවත්වා ගැනීමේ වගකීම ලේකම්වරයාට කියා තියෙනවා නේද?"

සාක්ෂිකරු:

"පරිපාලන බලධාරියා ලෙස ඉදිරිපත් කරන තොරතුරු නිවැරදිව ලබාගෙන ඉදිරිපත් කළ යුතුයි යන්නයි එහි සඳහන් වෙන්නේ."

 

 ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව

 

 

නිරීක්ෂණ නැතුවම කැබිනට් පත්‍රිකා පාස් ද?

මෙම නඩු විභාගයේ තීරණාත්මකම සාක්ෂියක් ඊයේ එළියට පැමිණියේ, 2022 සැප්තැම්බර් මාසයේ ඉදිරිපත් වූ කැබිනට් සංදේශයක් (පැ. 163 A) සම්බන්ධයෙනි. හදිසි ඖෂධ මිලදී ගැනීම් ලෙස පෙන්වා දෙමින් ඉදිරිපත් වූ මෙම සංදේශය අමාත්‍ය මණ්ඩල කාර්යාලය විසින් මුදල් අමාත්‍යාංශයේ (එවකට මුදල් ඇමතිවරයා වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහය) නිරීක්ෂණ සඳහා යවා තිබුණි. එහෙත්, කැබිනට් මණ්ඩලය අදාළ පත්‍රිකාව සාකච්ඡා කර අනුමත කර ඇත්තේ අතිශය තීරණාත්මක වූ එම මූල්‍ය නිරීක්ෂණ ලැබීමටත් පෙරය!

 

නීතිඥ නයන්ත ජයසුන්දර:

"අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා මුදල් අමාත්‍යාංශ නිරීක්ෂණ එවන මෙන් ඉල්ලා තිබෙනවා... මේ අමාත්‍ය සංදේශයට මුදල් අමාත්‍යාංශය වෙතින් නිරීක්ෂණ එන්න නියමිතව තිබුණා."

සාක්ෂිකරු:

"මුදල් අමාත්‍යවරයා නිරීක්ෂණ එවලා නැහැ."

නීතිඥ:

"නමුත් කැබිනට් සංදේශය සාකච්ඡාවට භාජනය වුණා නේද? ජනාධිපතිගේ මූලාසනය හා මුදල් ඇමති ඉතින් එතුමාගේ අවධානයටනේ... එතුමා ඔය සම්බන්ධව දැනගෙන ඉන්න ඇති කැබිනට් රැස්වීම වෙලාවෙත්."

සාක්ෂිකරු:

"අපි යවලා තිබුණේ." (නිරීක්ෂණ සඳහා යවා තිබූ බව තහවුරු කරයි).

 

 ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව

 

 

කැබිනට් පත්‍රිකා විකෘති කළාද?

(ලිපිගොනුවල පිටපත් අතර පරස්පරතා)

විත්තියේ නීතිඥවරයා සිය හරස් ප්‍රශ්න කිරීම් හරහා නඩුවේ ගොනු කර ඇති ලේඛන සහ අමාත්‍ය මණ්ඩල කාර්යාලයට සැබැවින්ම ලැබී ඇති ලේඛන අතර පවතින බරපතළ පරස්පරතාවක් අධිකරණය හමුවේ අනාවරණය කළේය. 

 

නීතිඥ නයන්ත ජයසුන්දර:

"අමාත්‍ය මණ්ඩල සංදේශයක් තිබෙන බව ඔබ දන්නවා. ඒ වගේම 289 කියන 85 වෙළුම තුළින් ලේඛන අතර අමාත්‍ය මණ්ඩල සංදේශයකුත් තියෙනවා. ඒ සංදේශයේ අමාත්‍ය මණ්ඩල කාර්යාලයට යොමු වුන පිටපතක් තමා සතුයි නේද?"

සාක්ෂිකරු (අතිරේක ලේකම්වරිය): "ඔව්."

නීතිඥ නයන්ත ජයසුන්දර:

"නමුත් තමන් භාරගත් අමාත්‍ය මණ්ඩල කාර්යාලයට ආපු සංදේශ පිටපතෙහි... තමන්ට ලැබුණ පිටපතක් 2.4 යටතේ කරුණුවල තියෙනවා (02/09/2022). 85 වෙළුමේ 2 පිටුවේ 2.4 යටතේ තියෙන්නේ, ඇත්තටම අමාත්‍ය මණ්ඩල කාර්යාලයට ලැබුණ අමාත්‍ය මණ්ඩල පිටපත නෙවෙයි! මගෙ අංකය කියන අංකය 85 වෙළුමේ නැහැ. 85 වෙළුමේ 3 පිටුවේ 3.2 තියෙනවා. 3.2, 3.3, 3.4 ඔබට ලැබුණ කැබිනට් සංදේශයට සමානයි නේද?"

සාක්ෂිකරු:

"ඔව්, ස්වාමීනි."

 

මෙයින් ගම්‍ය වන්නේ අතිශය භයානක තත්ත්වයකි. අමාත්‍ය මණ්ඩල කාර්යාලයට නිල වශයෙන් ලැබුණු කැබිනට් පත්‍රිකාව සහ අධිකරණයට ඉදිරිපත් වී ඇති ලිපිගොනුවල (85 වෙළුමේ) ඇති කැබිනට් පත්‍රිකාවේ පිටපත අතර අංකනයන්ගේ සහ අන්තර්ගතයේ යම් වෙනස්කම් පවතින බව විත්තිය මින් පෙන්වා දෙයි. මෙම ලේඛන අතරමගදී විකෘති වීද? නැතහොත් අමාත්‍ය මණ්ඩලයට එක් ලේඛනයක් යවා තවත් ව්‍යාජ ලේඛනයක් ගොනු කර ඇත්ද යන බරපතළ සැකය මින් නිර්මාණය වේ.

 

 

ප්‍රමාද ගාස්තු කපා හැරීමේ පූර්වාදර්ශය (හිටපු ඇමති චන්න ජයසුමනගේ පත්‍රිකාව)

හදිසි මිලදී ගැනීම්වලට මුවා වී සැපයුම්කරුවන් ප්‍රමාද වී ඖෂධ සැපයුවද, ඔවුන්ගෙන් අය කළ යුතු දඩ මුදල් හෝ ප්‍රමාද ගාස්තු අය නොකර සිටීමට ඊට පෙර සිටි සෞඛ්‍ය අමාත්‍යවරයාද (චන්න ජයසුමන) කැබිනට් පත්‍රිකා හරහා පූර්වාදර්ශයක් සපයා ඇති බව හරස් ප්‍රශ්න කිරීම්වලදී හෙළි විය.

 

නීතිඥ නයන්ත ජයසුන්දර:

"39 යොමුවේ 8 V 14 බලන්න. එහි කැබිනට් සංදේශය 2022/04/25 සිටි සෞඛ්‍ය අමාත්‍ය චන්න ජයසුමනගේ. 8 V 15 කැබිනට් සංදේශයේ දෙවන පිටුවේ 3 වන අයිතමය යටතේ 3.2 හි කියා තියෙනවා... අනුපාත හදිසියේ ඉහළ යාම් නිසා සිදුවන දේ ආදී වශයෙන්, ප්‍රසම්පාදන ප්‍රමාදයන් අය කිරීමකින් තොරව ගෙවන්න කියලා ඉල්ලා තිබෙනවා නේද?"

 සාක්ෂිකරු: "ඔව්."

 

 

මෙමගින් විත්තිය ගොඩනගන තර්කය ලෙස පෙනෙන්නේ ඖෂධ ගෙන්වීමේදී සිදුවන ප්‍රමාදයන් සඳහා දඩ නොගසා, ජාතික මට්ටමේ අර්බුද (මිල ඉහළ යාම්) පෙන්වා දෙමින් සැපයුම්කරුවන්ට මුදල් ගෙවීමේ 'ප්‍රතිපත්තියක්' හෝ 'ක්‍රමවේදයක්' අමාත්‍යාංශය තුළ ඊට පෙර සිටම පැවතී ඇති බවයි. මෙය රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ දුර්වලතාවක් මිස, හුදෙක් එක් අමාත්‍යවරයෙකුගේ පමණක් තනි තීරණයක් නොවන බව පෙන්වා දීමට විත්තිය උත්සාහ දරයි.

 

 ඉමියුනෝග්ලොබියුලින් නඩුව: අධිචෝදනා පත්‍රය අමතක කර පැමිණිල්ල වෙනත් මාවතක යනවද?

 

 

කැබිනට් පත්‍රිකාවල 'සෘජු ආකෘතියක් නොමැති වීම' නැමැති සිදුර

කෝටි ගණනක මුදල් අනුමත කරන කැබිනට් පත්‍රිකා සැකසීම සඳහා නිසි, නෛතිකව බැඳෙන ස්ථිර ආකෘතියක් නොමැති වීම නමැති පරිපාලන දුර්වලතාව ද ඊයේ අධිකරණයේදී අනාවරණය විය.

 

නීතිඥ නයන්ත ජයසුන්දර:

"11 වන පිටුව බලන්න... එහි තියෙනවා අමාත්‍ය මණ්ඩල සංදේශ සඳහා නියමිත ආකෘතියක් නොමැති බව. සෘජු ආකෘතියක් නැහැ. අමාත්‍ය මණ්ඩල සංදේශවල ස්වරූපය වෙනස් විය හැකියි. මාතෘකාව, පසුබිම, විස්තරය හා සාධාරණීකරණය කරනවා, නිර්දේශ, අත්සන හා දිනය තිබිය යුතුයි. නමුත් ඔය කියන කොටස් පහ සංදේශයේ කොයි ආකාරයෙන්ද සඳහන් විය යුත්තේ යැයි සෘජු සැලසුමක් මෙහි නැහැ."

 

සාක්ෂිකරු: "ඔව්."

 

නීතිඥ නයන්ත ජයසුන්දර:

"පසුබිම අනිවාර්යෙන් ඇතුළත් විය යුතුයි. නමුත් පසුබිම කියන කොටස තුළ... කරුණ පිළිබඳව පෙර අවස්ථාවල තීරණ ගෙන තිබේ නම් ඒවා ගැන සඳහන් කිරීම 'සුදුසුයි' කියා තියනවා. 'අත්‍යවශ්‍යයි' කියා නැහැ."

සාක්ෂිකරු: "ඔව්."

 

රාජ්‍ය පරිපාලනයේ පවතින බරපතළම හිඩැසක් මෙයින් නිරාවරණය වේ. කැබිනට් පත්‍රිකාවක් සඳහා දැඩි රාමුවක් නොමැති වීම නිසා, තමන්ට අවශ්‍ය තොරතුරු පමණක් ඇතුළත් කර, මූල්‍ය නිරීක්ෂණ හෝ සමාගම්වල පෙර ඉතිහාසය වැනි සංවේදී කරුණු ඉතා සූක්ෂම ලෙස වසන් කිරීමට කූට නිලධාරීන්ට සහ දේශපාලඥයින්ට මින් කදිම අවස්ථාවක් නිර්මාණය වී ඇත. "අත්‍යවශ්‍යයි" වෙනුවට "සුදුසුයි" යන ලිහිල් වචන භාවිත කිරීම හරහා, වගකීමෙන් ගැලවීමට නිලධාරීන්ට නෛතික රැකවරණයක් ලැබී ඇති බව මින් තහවුරු වේ.

 

 

මෙම හරස් ප්‍රශ්න කිරීම් ත්‍රිත්වය තුළින් විත්තිය විසින් මහාධිකරණයට පෙන්වා දීමට උත්සාහ කරන්නේ, මෙම වංචාව හුදෙක් එක් පුද්ගලයෙකුගේ ක්‍රියාවක් නොව, දුර්වල කැබිනට් රෙගුලාසි, අකාර්යක්ෂම රාජ්‍ය නිලධාරිවාදය සහ ව්‍යාකූල ලේඛන කළමනාකරණය විසින් නිර්මාණය කරන ලද පද්ධතිමය ඛේදවාචකයක් බව යැයි  හැඟේ.

 

 ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව

 

 

ප්‍රසම්පාදන දෝෂයක්ද? සංවිධානාත්මක මාෆියාවක්ද?

මෙම මහාධිකරණ සාක්ෂි ඔස්සේ සමස්ත ශ්‍රී ලාංකේය සමාජයටම පැහැදිලි වන දැවැන්ත සත්‍යයක් ඇත. එනම්  බාල බෙහෙත් වංචාව යනු සෞඛ්‍ය අමාත්‍යාංශයේ පහළ මට්ටමේ සිදුවූ සාමාන්‍ය ප්‍රසම්පාදන අතපසුවීමක් නොවන බවත් එය අතිශය සංවිධානාත්මක ව්‍යාපාරික සමාගමක් විසින්, රජයේ පරිපාලන යාන්ත්‍රණයේ ඇති දුර්වලතා මනාව ගසාකමින් සිදුකළ මහා පරිමාණ කොල්ලයක් බවත් ය.

 

අමාත්‍ය මණ්ඩල සංදේශවල අන්තර්ගතය පිළිබඳව වගකීමක් ගැනීමට ලේකම්වරුන් අපොහොසත් වීමත්, හදිසි ඖෂධ මිලදී ගැනීම් සඳහා අත්‍යවශ්‍ය මූල්‍ය නිරීක්ෂණ කඩිනමින් ලබා දීමට මුදල් අමාත්‍යාංශය ක්‍රියා නොකිරීමත්, නිරීක්ෂණ නොමැතිවම කැබිනට් මණ්ඩලය තීන්දු තීරණ ගැනීමත් යන මේ සියලු සාධක එකට එකතු වී 'අයිසොලෙස්' වැනි මාෆියාවන්ට මහජන මුදල් කෝටි ගණනින් බිලී බා ගැනීමට නිල නොවන රාජ්‍ය අනුග්‍රහයක් ලබා දී ඇතැය යන්න මාධ්‍ය නිරීක්ෂනයේදී හැඟී යන්නකි.

 

අනෙක් අතට, රෝගීන්ගේ ජීවිත කඩතුරාවක් කරගනිමින්, සාක්ෂිකරුවන්ට බලපෑම් කරමින් සත්‍යය වසන් කිරීමට හෝ විත්තියේ අයිතිවාසිකම් උදුරා ගැනීමට පැමිණිල්ලට ඉඩ නොදෙන බව විනිසුරු මඩුල්ල ලබාදුන් ඓතිහාසික නියෝගයෙන් තහවුරු වේ. නීතියේ ආධිපත්‍යය සුරැකෙන සාධාරණ නඩු විභාගයක් හරහා, අමාත්‍යවරුන්ගේ සිට ඉහළම රාජ්‍ය නිලධාරීන් දක්වා වූ මේ සාපරාධී පරිපාලන ජාලයේ සැබෑ මුහුණුවර ඉදිරි දිනවලදී තවදුරටත් නිරාවරණය වනු ඇත.

 

එය අධිකරණයේ කාර්යභාරයය.

අපගේ වගකීම අධීකරණයේ සිදුවන දෑ ඒ ලෙසටම ජනතාවට වාර්තා කිරීමය.

 

 

නඩු වාර්තාව

2026/09/10

ප්‍රමිතියෙන් තොර ව්‍යාජ ලෙස සැකසූ ඖෂධ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට  සපයා රුපියල් කෝටි 14 කට අධික රජයේ මුදල් වංචා කළේ යැයි කියන සිද්ධිය ඇතුළු චෝදනා 14 ක් යටතේ අයිසොලෙස් බයෝ ටෙක් ෆාමා හිමිකරු සුදත් ජානක ප්‍රනාන්දු ඇතුළු චූදිතයින් 12 දෙනෙකුට එරෙහිව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ විභාග වන නඩුව ඊයේ (10) යළි විභාගයට ගැනිණි.

 

ප්‍රියන්ත මඩුල්ල හමුවේ ලියනගේ (සභාපති විනිසුරු) විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන ත්‍රිපුද්ගල විනිසුරු මෙම නඩුව විභාග වේ.

 

 ඊයේ නඩුව ආරම්භ වීමට නියමිතව තිබුණේ පෙරවරු 9.45 ටය එම වේලාවට අධිකරණයට ගිය පසුව නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ලක්මිණි ගිරි හා ගමගේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවති නඩු කටයුත්තකට ගොස් ඇති බවත් එය අවසන් වී 10.15 ට පැමිණ බවත් දන්වනු ලැබීය නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය අධිකරණය වෙත පැමිණියේ පෙරවරු 10,50 ට වන අතර ඇය පැමිණි පසු නඩු විභාගය ආරම්භ විය.

 

එහිදී පෙර දින සාක්ෂි සඳහා කැඳවා තිබූ අමාත්‍ය මණ්ඩල ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම් උත්තරා අරුණ කාන්ති මුනසින්න සාක්ෂි සඳහා කැඳවා තිබුණි.

 

විත්තියේ හරස් ප්‍රශ්න වීමසීමට සූදානමින් සිටි නීතිඥවරයා වන 8  වන චූදිත වෙනුවෙන් පෙනී සිටින නීතිඥ යන්නට විජේසේකර අධිකරණ කටයුතු නොදන්වා ප්‍රමාද කිරීමට නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ක්‍රියා කිරීම ගැන චෝදනා කළේය.

නීතිඥ මගේ උගත් මිතුරිය ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු කටයුත්තකට යාම නෙවෙයි ප්‍රශ්නය ඒත් තුළින් අධිකරණයට නොදන්වා අද පෙරවරුවේ දැන්වීම නිසා

 මෙහි අධිකරණ ශාලාවට පැමිණ සිටි සියලු දෙනා අපහසුවට ලක්වුණා. විනිසුරු වරුන් නීතිඥයන් සාක්ෂිකරුවන් ඇතුළු සියලු දෙනා අපහසුවට පත්වුනා. ඇය අද සහභාගි වූ නඩුව මීට පෙර පැවැතියේ පසුගිය මැයි 15 වැනිදා එදිනත් මෙතුමිය මේ ආකාරයෙන්ම කටයුතු කළා එදින පැමිණෙද්දීත් 11 යි. අදත් එහෙමයි.

විත්තිය හරස් ප්‍රශ්න ආරම්භ විය.

නීතිඥ; ඔබට 62  වන ගොනුවේ පැ. 448 හි අමාත්‍ය මණ්ඩල සංදේශය පෙන්වා සිටියා. එය 2020 දී ජනාධිපති සිටි ගෝඨාභය රාජපක්ෂ සිටියදී ඉදිරිපත් කළ සංදේශයක්  හදන්න ඒ මාර්ගෝපදේශය සංග්‍රහය නිකුත් කළ අවස්ථාව පැ 448 හි 4 ඡේදයේ සඳහන් වෙනවා. අමාත්‍ය මණ්ඩලයේ සාමූහික වගකීම රැක ගැනීම ගැන  ඒ සමගම අමාත්‍ය මණ්ඩල තීරණවල රහස්‍ය භාවය රැක ගැනීම ගැනත් සඳහන් එයින් අදහස් වෙන්නේ කුමක්ද?

සාක්ෂිකරු ; අමාත්‍ය මණ්ඩලය තීරණය කරන සියල්ල කැබිනට් මණ්ඩලය රහසි භාවය රැකිය යුතුයි කියන එකයි. නීතිඥ කැබිනට් මණ්ඩලයේ සාමූහිකව බැඳී සිටින තීරණයක් දැනුම් දෙන්න.

 සාක්ෂිකරු ;ඔව්

නීතිඥ ;අමාත්‍ය මණ්ඩලය කුමන කරුණු දැක්වීමක් කළත් එය මිනට් සටහනකින් නේද කියන්නේ

සාක්ෂිකරු; නැහැ අපේ සටහන් විතරයි ගන්නේ.

නීතීඥ; එයට හේතුව අමාත්‍ය මණ්ඩල සටහන්වල රහසිබාවය රැකීමද? සාක්ෂිකරු ඔව්

 නීතිඥ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 52 (1) අනුව කැබිනට් අමාත්‍ය මණ්ඩල ලේකම්වරු පත් කරන්නේ ජනාධිපතිවරයා විසින්.

සාක්ෂිකරු ඒ ගැන මම දන්නේ නැහැ. අමාත්‍ය ලේකම්වරු පත් කරන්නේ ජනාධිපති මට ඒ ගැන පමණයි කියන්න දන්නේ.

නීතිඥ; (75 ගොනුව පෙන්වයි) පළමු පිටුව බලන්න එය හයවන චූදිතට නිකුත් කළ එකක්ද?

(නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය විරුද්ධ වෙයි) ඔබ රාජකාරි කරන අමාත්‍ය මණ්ඩලය කාර්යාලයේ ජනාධිපති කාර්යාලයට යවන එකක්. මේ පිටපත බොරුවට දාන්න නැහැනේ.

(නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය විරුද්ධ වෙයි)

විනිසුරු- පිටපතක්ද නැද්ද යන්න ගැන ලකුණු කරන අවස්ථාවේ හඳුනාගත හැකිය.

නීතීඥ ඔරිජිනල් ලේඛන මගේ උගත් මිතුරිය අත්අඩංගුවේ තබාගෙන ඉන්නවා.

75 වෙලුමේ වෙන් වූ ලිපිය අමතක කර මේ ප්‍රශ්නයට උත්තර දෙන්න.

52 (2) හි සඳහන් කැබිනට අමාත්‍යංශ ලේකම්වරයාගේ පාලනයට හා  විෂයට යටත්ව යනුවෙන් තියෙනවා.

එහෙම කිව්වම අමාත්‍යංශ ලේකම්වරයෙක් ඒ ආකාරයට කටයුතු කළ යුතුයි.ලේකම්වරුන් පිළිබඳ ව්‍යවස්ථාවට අනුවයි. එහෙම නේද?

(නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය විරෝධය පළ කරයි)

(සාක්ෂිකරුට පිළිතුරු දීමට අවස්ථාව දැන ලෙස විනිසුරු දන්වයි)

සාක්ෂිකරු:- එතුමා තමයි ලේකම්වරු පත් කරණුයැයි ව්‍යවස්ථාවේ සඳහන්ව තියෙනවාඒ ඇරෙන්න අමාත්‍යවරුන්ට අමාත්‍යාංශ පරිපාලනයට බොහෝ උපදෙස් ද ඒ ඇරෙන්න අමාත්‍යවරුන්ට අමාත්‍යාංශ පරිපාලනයට බොහෝ උපදෙස් ද ඇතිද යන්න ගැන මම දැනුවත් නැහැ .

නීතිඥ:- ලේකම්වරුන් මුදල් රෙගුලාසිවලට යටත් කළ යුතුයි ද?

සාක්ෂිකරු:- ලේකම්වරු පමණක් නෙවෙයි සියලු රාජ්‍ය නිලධාරීන් මුදල් රෙගුලාසි හා ආයතන සංග්‍රහයට යටත් විය යුතුයි.

නීතිඥ:- ඔබ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙක් පරිපාලන සේවයේ නිලධාරියෙකුට කවුරු7.වුවත් යම් දෙයක් කරන්න උපදෙස් දුන්නොත් පවතින නීති රාමුව තුළ පිහිටා පමණයි නේද කටයුතු කළ යුත්තේ

( නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය එම ප්‍රශ්නයට විරුද්ධ  වේ. "එහෙම දුන්නට කරන්න පුළුවන්ද?" මෙහෙම අහන්න පුළුවන්ද?

 (පිළිතුරු දීමට අධිකරණය අවස්ථාව දෙයි.

සාක්ෂිකරු:- මම කැබිනට් මණ්ඩල කාර්යාලයෙන් පමණයි .  ලේකම්වරුන් ගැන අහන ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න මට අදාළ බලය තියෙන කෙනෙක් නෙවෙයි.

නීතිඥ:- ඔබ අවුරුදු 20 ක පරිපාලන සේවයේ නියුතු කෙනෙක් ඔබ දන්නේ නැද්ද රාජ්‍ය නිලධාරීන් කටයුතු කළ ආකාරය කවර අන්දමින්ද කියා.

සාක්ෂිකරු:- සෑම රාජ්‍ය නිලධාරියෙක්ම පවතින නීතිමය රාමුව තුළ කටයුතු කළ යුතුයි කියා මට පිළිතුරු දුන්නා.

නීතිඥ:- හැට දෙවන වෙළුමේ ඇති පැය 48 A හි ලකුණු කර ඇති අමාත්‍ය මණ්ඩල සංදේශ  ඉදිරිපත් කිරීමේ ලේඛනය වෙත බලන්න. මේ ලේඛනය පහල සිට 5 වන ඇති පිටුවේ ඇති  පැ 448 A IV ලකුණු කළ කොටස දෙස බලන්න. අමාත්‍ය මණ්ඩල සංදේශ හදද්දි අවධානය යොමු කළ යුතු කරුණු ඇතැයි ඒ කොහෙත් තියෙනවා සංදේශයක සඳහන් යෝජනා අමාත්‍යරයා වෙත පැවරෙනවා නේද?

සාක්ෂිකරු:-448 A IV. එසේ තව සඳහන් වෙනවා. අමාත්‍ය මණ්ඩල සංදේශවල නිරවද්‍යතාව පවත්වා ගැනීමේ වගකීම ලේකම්වරයාට කියා ඇයි ඒ.

සාක්ෂිකරු:- පරිපාලන බාර ලේකම්ට එතකොට පරිපාලන බලධාරියා ලෙස ඉදිරිපත් කරන තොරතුරු  නිවැරදිව ලබාගෙන ඉදිරිපත් කළ යුතුයි. යන්නයි එහි සඳහන් වෙන්නේ.

නීතිඥ:- ඔබේ අවධානය යොමු කරනවා වාර්තාකරණය දේ ඇති 4 වන කරුණට පිටු අංක 10 හතරවන ප්‍රධාන මාතෘකාව වන්නේ අත්‍යවශ්‍ය කරුණු හා ආකෘතියයි.

( ස්වාමීනී 10 සිට 13 දක්වා පිටු අංක 8,9 ලකුණු කරන ලෙස ඉල්ලනවා)මේ 8,9 ලෙස ලකුණු කළ කරුණු ගැන ඔබ ඊයේ සාක්ෂි දුන්නා.

11වන පිටුව බලන්න එහි පළමු ඡේදය පැමිණිල්ල විසින් ලකුණු කර තියෙනවා. එහි තියෙනවා අමාත්‍ය මණ්ඩල සංදේශ සඳහා නියමිත ආකෘතියක් නොමැති බව. සෘජු ආකෘතියක් නැහැ. අමාත්‍ය මණ්ඩල සංදේශවල ස්වරූපය වෙනස් විය හැකියි. එසේ වුවද අමාත්‍ය මණ්ඩල සංදේශ තුළ අත්‍යවශ්‍යයෙන්ම අවධානය යොමු විය යුතු තොරතුරු සඳහන්

සාක්ෂිකරු:-ඔව්. ස්වාමිනි

නීතිඥ:- මාතෘකාව පසුබිම විස්තරය හා සාධාරණීකරණය කරනවා, නිර්දේශ අත්සන හා දිනය තිබිය යුතුයි

නමුත් ඔය කියන කොටස් පහ සංදේශයේ කොයි ආකාරයෙන්ද සඳහන් විය යුත්තේ යැයි සෘජු සැලසුමක් මෙහි නැහැ.

සාක්ෂිකරු:-ඔව්

නීතිඥ:- මාතෘකාව අත්‍යවශ්‍යයි. නමුත් සරලව හා කෙටියෙන් සඳහන් තොරතුරු අපේක්ෂා කරන බව තියනවා.

සාක්ෂිකරු:-ඔව්

නීතිඥ:-පසුබිම අනිවාර්යෙන් ඇතුළත් විය යුතුයි. නමුත් පසුබිම කියන කොටස තුළ සංදේශයට කරුණ පිළිබඳව පෙර අවස්ථාවල තීරණ ගෙන තිබේ නම් ඒවා ගැන සඳහන් කිරීම සුදුසුයි කියා තියනවා.  අත්‍යවශ්‍යයි කියා නැහැ.

සාක්ෂිකරු:-ඔව්

නීතිඥ:-විස්තර හා සාධාරණීකරණය අත්‍යවශ්‍යයි. නමුත් ඒ කොයි ආකාරයෙන්ද ඇතුළත් විය යුත්තේ කියා ඒක අපේක්ෂාවක් වශයෙන් තියෙන්නේ

සාක්ෂිකරු:-ඔව්

නීතිඥ:-අමාත්‍ය මණ්ඩල සංදේශයන්හි යෝජනා හා නිර්දේශ යන කොටස පමණක් පැහැදිලි හා නිර්දේශ සඳහන් කිරීම අත්‍යාවශ්‍ය කර අමාත්‍ය

සාක්ෂිකරු :-ඔව්

නීතිඥ ;අමාත්‍ය මණ්ඩලය සංදේශය කැබිනට් මණ්ඩලයේ යොදවූ විකල්ප ඔබ ඊයේ පැවසුවා. අමාත්‍ය සංදේශයෙහි ලේකම් හෝ අතිරේක ලේකම් යොමු කරන බව කීවා. ඒ අමාත්‍ය මණ්ඩල කාර්යාලයට පිටපත් විස්සක් ලැබිය යුතුයි.

ඇනෝම් ද ලැබිය යුතුයි. එය ලැබුණු විට ලියාපදිංචි කරලා අමාත්‍ය මණ්ඩල ලේකම් වෙත යොමුු කරනවා.

සාක්ෂිකරු -ඔව්

නීතිඥ - එමෙන්ම අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවට දානවද අනුකමිටුවකට දානවද කියන අවශ්‍යතාවය මත කටයුතු කරනවා. යම් අමාත්‍ය මණ්ඩලය තීරණය කළොත් ආපසු යනවා එවන්න කියලා.

සාක්ෂිකරු; ඔව්

නීතිඥ ;යම් යෝජනාවක් ලේකම්තුමා වෙත ලැබුණු පසු වැඩිදුර විස්තර ඉල්ලනවා.

සාක්ෂිකරු හදාළ විෂය භාර අමාත්‍යවරයාගේ නිරීක්‍ෂණයක් ලෙසයි! අමාත්‍ය මණ්ඩලය ලේකම්වරයා ලබා ගන්නේ.

නීතිඥ; උදාහරණ ලෙස යම් සංදේශයක් අමාත්‍ය

  මණ්ඩල කාර්යාලය වෙත ආවිට ලේකම්තුමාට හිතුනෙත් මුදල් අමාත්‍යාංශ නිරීක්ෂණ ලබා ගන්න. එය ඉල්ලා යවන්න පුළුවන්.

සාක්ෂිකරු ;හිතුනෙත් නෙවෙයි මුදල් විෂය නොවන සියලුම පත්‍රිකා මුදල් ඇමති නිරීක්ෂණයට යවනවා මුදල් අමාත්‍යවරයා  ජනාධිපතිවරණ අවස්ථාවල ඔහු ඉදිරිපත් කරන හා ඔහුගේ විෂයන් පථයේ අන් අමාත්‍යාංශ හැර අනෙක් සියල්ල යවනවා.

නිරීක්ෂණය ඔබ ඊයේ සාක්ෂි ලබා දුන්නා 58 වෙළුමේ පැ 39 ගැන එහි 11 පිටුව පැ 39 හි මාතෘකාව හදිසි අවස්ථානය ... හා වෛද්‍ය උපාංග මිලදී ගැනීම.

මේ සංදේශය කැබිනට් මණ්ඩලයට ලැබුණේ කවදාද?

සාක්ෂිකරු; 2022 මැයි 31

නීතිඥ එම සංදේශයට අදාළ වන කැබිනට් මණ්ඩලය රැස්වීම පැවැත්වුණේ කවදද?

සාක්ෂිකරු එය සෘජුවම ඉදිරිපත් වූ එකක් නෙවෙයි.

  අනුකාරක සභාවට ගිහින් එහි සිට  2022/06/06 අමාත්‍ය මණ්ඩල රැස්වීමට ආවේ.

නීතිඥ; ඔබ කියන කරුණ අනුව රහස්‍ය භාවය රැකීමටයි කටයුතු කර තියෙන්නේ.

සාක්ෂිකරු ;ඔව් අදාළ රැස්වීම වාර්තා කරද්දී මුලින්ම වාර්තා කරන්නේ පැමිණි අය හා නොපැමිණි අයියා ඒ වගේම ලේකම්තුමන් හා පැමිණි අනෙක් අතිරේක ලේකම් කවුද සටහන් කරනවා.

නීතිඥ ඔබ යම් ලේඛන ප්‍රමාණයක් අධිකරණයට භාර දුන්නා.

සාක්ෂිකරු- ඔව්

නීතිඥ; 2022/06/06 දින කැබිනට් මණ්ඩල වාර්තා හඳුනා ගත්තද?

සාක්ෂිකරු ;මම වාර්තා නම් ගෙනත් නැහැ ස්වාමීනි.

 2022/06/06 සවස හතරට ජනාධිපති මන්දිරයේ පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ වාර්තාව ඔබ හඳුනාගත්තද ඔබ භාරගත් එහි මුල් පිටපත් තියෙන්නේ.

 තමයි 8 v 10 . එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඇමැති රනිල් වික්‍රමසිංහ, නිමල් සිරිපාල ,දිනේෂ් ගුණවර්ධන ,ඩග්ලස් දේවානන්ද ,බන්දුල ගුණවර්ධන, කෙහෙළිය රඹුක්කැල්ල ,මහින්ද අමරවීර ,විජයදාස රාජපක්ෂ ,හරින් ප්‍රනාන්දු, රමේෂ් පතිරණ, විදුර වික්‍රමණායක , කාංචන විජේසේකර, නසීර් අහමට් ,රොෂාන් රණසිංහ ,මනුෂ නානායක්කාර තිරාන් අලස් සහ නලින් ප්‍රනාන්දු කියන කැබිනට් ඇමතිවරු මේ රැස්වීමට සහභාගී වෙලා.

සාක්ෂිකරු; ඔව්

 නීතිඥ; පැ. 39 කියන අමාත්‍ය මණ්ඩල සංදේශය සාකච්ඡා කොට තීරණයක් ගන්නේ මේ සාකච්ඡා වේදි නේද?

සාක්ෂිකරු. රාජ්‍ය වියදම් අනුකාරක සභාවේ නිර්දේශ මත මෙය ඉදිරිපත් වුණේ .

නීතිඥ එතකොට පැ 39 ට අනුමැතිය ලැබුණේ කවදද සාකච්ඡා වුනේ කවදද?

සාක්ෂිකරු මේ කියන වකවානුව තුළ අනුකාරක  සභා දෙකක් තිබුණා. නිලධාරී කමිටුව තිබුණා. එහි සලකා බලා නිර්දේශය දෙන්නේ.

නීතිඥ කැබිනට් සංදේශයේ තියෙන දේවල් අනුමත වෙලාද?

සාක්ෂිකරු ;ඔව්

නීතිඥ; ජනාධිපතිවරයා ඇතුළු තවත් අය සිටියා.

සාක්ෂිකරු; පරීක්ෂා කර බැලිය යුතුයි 2022 වන විට රනිල් වික්‍රමසිංහ  මහතා ජනාධිපති  වු විට මුදල්  ඇමතිවෙලා එහි සභාපති වුණා.

නීතිඥ;ඊයේ ඔබේ අවධානය යොමු කලා 58  ගොනුවේ 163 A ලෙස ලකුණු කර ඇති අමාත්‍ය මණ්ඩල සංදේශයට එයට අදාළ ඔබ බාරයේ ඇති ගොනුවේ මුල් පිටපත් තිබෙනවාද?

සාක්ෂිකරු ;ඔව් ස්වාමීනි.

නීතිඥ; පැ 163 A යනු 8 වන චූදිත ඉදිරිපත් කළ සංදේශයක්.

සාක්ෂිකරු ;හරි

නීතිඥ; අමාත්‍ය මණ්ඩල සංදේශ දිනය 2022/09/26 දින.

සාක්ෂිකරු ;ඔව්

නීතිඥ; ඒ සංදේශය අමාත්‍ය මණ්ඩල කාර්යාලයට ලැබී ඇත්තේ 9/28 දින

සාක්ෂිකරු; හරි

 නීතිඥ; 2022/9/28 දින 6 චූදිතගේ ආවරණ ලිපියක් සහිතව අමාත්‍ය මණ්ඩල කාර්යාලයට ලැබුණා.

සාක්ෂිකරු ;ඔව්

නීතිඥ ;හයවන චූදිත විසින් එවන ලද ඔහු අත්සන් කළ ලිපිය ඔබ හඳුන්වාද?

සාක්ෂිකරු; ඔව් (8v II ලෙස ඒ ලකුණු කෙරේ)

නීතිඥ; අමාත්‍ය මණ්ඩලය කාර්යාලයට එය ලැබුණු බවට 22/9/28 දිනය සහිත  Recivid ලෙස දින මුද්‍රාව තබා තිබෙනවා.

එය 8 V A ලෙස ලකුණු කෙරේ) එම අමාත්‍ය මණ්ඩලල සංදේශය 6 වන චූදිතගේ ආවරණ ලිපියක් සමඟ අමාත්‍ය මණ්ඩල කාර්යාලයට ලැබුණු පසු ලියාපදිංචි කළා.

සාක්ෂිකරු; ඔව් කළා.

නීතිඥ;  ලියාපදිංචි කිරීමෙන් අනතුරුව එය 2022/9/26 දින ඇති අමාත්‍ය මණ්ඩල සංදේශ නිරීක්ෂණ සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම් වෙත එය යොමු කර තිබෙනවා (8 v 12 ලෙස  ලකුණු කෙරේ.)   

සාක්ෂිකරු :-ඔව්

නීතිඥ:-8 v 12 ලෙස ලකුණු කර ලිපියේ අමාත්‍ය මණ්ඩල කාර්යාලය වෙත යැවූ ලිපිය  අත්සන් කර තිබෙන්නේ කවුද?

සාක්ෂිකරු:- එය සංදේශ අංශයට යොමු වී එහි ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් තමයි අත්සන් කර තිබෙන්නේ ඔහු N. D වීරසේකර.

නීතිඥ:- ඔබ එහි අත්සන හඳුනා ගත්තාද?

සාක්ෂිකරු:-ඔව්

නීතිඥ:-K. M. M සිරිවර්ධන මුදල් අමාත්‍යාංශ ලේකම් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ඉදිරිපත් කළ කැබිනට් සංදේශය ඊළඟ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සලකා බැලීමට කටයුතු කළේද?

සාක්ෂිකරු:-ඔව් .ස්වාමිනි

නීතිඥ:- ඒ අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා මුදල් අමාත්‍යාංශ නිරීක්ෂණ එවන මෙන් ඉල්ලා තිබෙනවා

සාක්ෂිකරු:-ඔව්.ස්වාමිනි

නීතිඥ:-2022 වෙද්දි මුදල් ඇමති රනිල් වික්‍රමසිංහ

සාක්ෂිකරු:-ඔව්

නීතිඥ:-කැබිනට් මූලාංශයේ ඉන්නෙත් ඔහු

සාක්ෂිකරු:-ඔව්

නීතිඥ:-මේ අමාත්‍ය  සංදේශය 9/27  වන විට මුදල් අමාත්‍යාංශය වෙත යොමු කරන නිරීක්ෂණ එන්න නියමිතව තිබුණා.

සාක්ෂිකරු:- මුදල් අමාත්‍යවරයා නිරීක්ෂණ එවලා නැහැ.

නීතිඥ:- නමුත් කැබිනට් සංදේශීය සාකච්ඡාවට භාජනය වුණා නේද? ජනාධිපතිගේ මූලාසනය හා මුදල් ඇමති ඉතින් එතුමාගේ අවධානයටනේ 8 v 11. එතුමා ඔය සම්බන්ධව දැනගෙන ඉන්න ඇති කැබිනට් රැස්වීම වෙලාවෙත්

සාක්ෂිකරු:-අපි යවලා තිබුණේ

නීතිඥ:- ජනාධිපති, දිනේශ්, නිමල් සිරිපාල, ඩග්ලස්,සුනිල්, බන්දුල, කෙහෙළිය, විදුර, ප්‍රසන්න, කාංචන, නලින් සහභාගී වුණා.

සාක්ෂිකරු:- ජගත් පුෂ්ප කුමාර වැඩ බලන ඇමති කෙනෙක් ලෙස ඇවිත් හිටියා

රැස්වීමේදී සලකා බලනවා

නීතිඥ:- මෙතරම් කාලයක් යොමු නොකර සිටින්නට හේතු තිබේද?

සාක්ෂිකරු:- යොමු නොකර සිටියේ නැහැ. එහි න්‍යාය පත්‍රයක් තිබෙනවා. එම අනුකාරක සභාවේදී කටයුතු කරනවා. රැස්වීම බදාදා තියන්නේ අපි සඳුදා න්‍යාය පත්‍රය යවන්නේ. මේක යොමු වෙලා නැහැ.

නීතිඥ:-ඒ රාජ්‍ය වියදම් කළමනාකරණය පිළිබඳ අනුකාරක සභාවේ සභාපති රනිල් වික්‍රමසිංහ මහතා. එතුමා මුදල් ඇමැති. එතුමාම තමයි මුලසුනට පත් වූ ජනපති.2022 ඔක්තෝම්බර් වන විට පැවති අමාත්‍ය මණ්ඩලයේ රැස්වීම සහභාගී වූ අය එහෙම නේද?ඔබ කියන්නේ

2022/10/05 දින පැවැත්වීමට තිබූ රාජ්‍ය මුදල් කටයුතු පිළිබඳ අනුකාරක සභාවේ සභාපති ඇතුළු සියලු සාමාජිකයින් 10/03 අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉඳලා තියෙනවා

එදින තමයි පැ.  163 A කියන 4. 1 හා 4.2 ට අනුමැතිය තීරණය වූ බවයි.

සාක්ෂිකරු; ඔව්

නීතීඥ; පැ 314 යොමු කරලා තියෙන්නේ අමාත්‍ය මණ්ඩල කාර්යාලය මුදල් අමාත්‍යාංශයේ ඇතුළු ස්ථාන හතරකට.

නීතිඥ; 39 යොමුවේ 8 V 14 බලන්න. එහි කැබිනට් සංදේශය 2922/04/25 සිටි සෞඛ්‍ය අමාත්‍ය චන්න ජයසුමනගේ.

සාක්ෂිකරු; ඔව් ඒ මට භාර දුන්නේ. එහෙත් මෙහි මුල් පිටපත මා සතුව නැහැ හඳුනා ගන්නා ලද පනස් නමය ගොනුවේ 14 15 පිටුවල ඇති සහතික කළ පිටපත්.

නීතිඥ ;8 V 15 කැබිනට් සංදේශයේ දෙවන පිට 3 වන අයිතමය යටතේ 3.2 හී කියා තියෙනවා. අනුපාත හදිසියේ ඉහළ යාම් නිසා සිදුවන දේ ආදී වශයෙන්.

සාක්ෂිකරු; ඔව්

නීතිඥ; ප්‍රශංපාදන ප්‍රමාදයන් අය කිරීමකින් තොරව ගෙවන්න කියලා ඉල්ලා තිබෙනවා.

 සාක්ෂිකරු ;ඒ අගෝස්තු 8 වැනිදා

නීතිඥ; මේ පරීක්ෂණ මුදල් ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය දැනුවත්වද.

සාක්ෂිකරු ඔව්

නීතිඥ; පැ 54 කියන සංදේශ ප්‍රකාරව ඉල්ලලා සිටින ලද ඒ තනතුරට රාජ්‍යයා සේවා කොමිසන් සභාවෙන් අනුමැතිය ලැබුණාද?

සාක්ෂිකරු ;දන්නේ නැහැ.

නීතිඥ; ඔබ දන්නවද 10/10 පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගි වුණේ කවුද කියලා.

සාක්ෂිකරු ;නැහැ

නීතිඥ; පස්වරු 3  තිබුණ රැස්වීමට ජනාධිපති රනිල්. දිනේෂ්. නිමල් සිලිපාල, ඩලස් දේවානන්ද? බන්දුල ගුණවර්ධන. මහින්ද අමරවීර. විජයදාස රාජපක්ෂ.  හරින් .රමේෂ්  විදුර .කන්චන. අහමඩ් .මනුෂ, ටිරාන් හා තේනුක විධාන ගමගේ.

පැය 290 (70 වෙළුමේ) ඔබට පෙන්නුවා. ඒ ගැන ඔබට කිසිම දැනුමක් නැහැ.එහි ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය ලිපි

සාක්ෂිකරු; අමාත්‍ය මණ්ඩල සංදේශ හැර අනෙක් ඒවා ගැන මට දැනුමක් නැහැ

 සාක්ෂිකරු ;ඒ අගෝස්තු 8 වැනිදා

නීතිඥ; මේ පරීක්ෂණ මුදල් ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය දැනුවත්වද.

සාක්ෂිකරු ඔව්

නීතිඥ; පැ 54 කියන සංදේශ ප්‍රකාරව ඉල්ලලා සිටින ලද ඒ තනතුරට රාජ්‍යයා සේවා කොමිසන් සභාවෙන් අනුමැතිය ලැබුණාද?

සාක්ෂිකරු ;දන්නේ නැහැ.

නීතිඥ; ඔබ දන්නවද 10/10 පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගි වුණේ කවුද කියලා.

සාක්ෂිකරු ;නැහැ

නීතිඥ; පස්වරු 3  තිබුණ රැස්වීමට ජනාධිපති රනිල්. දිනේෂ්. නිමල් සිලිපාල, ඩලස් දේවානන්ද? බන්දුල ගුණවර්ධන මහින්ද අමරවීර විජයදාස රාජපක්ෂ  හරින් රමේෂ්  විදුර කන්චන අහමඩ් මනුෂ, ටිරාන් හා තේනුක විධාන ගමගේ.

පැය 290 (70 වෙළුමේ) ඔබට පෙන්නුවා. ඒ ගැන ඔබට කිසිම දැනුමක් නැහැ.එහි ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය ලිපි

සාක්ෂිකරු; අමාත්‍ය මණ්ඩල සංදේශ හැර අනෙක් ඒවා ගැන මට දැනුමක් නැහැ.

නීතිඥ:- අමාත්‍ය මණ්ඩල සංදේශයක් තිබෙන බව ඔබ දන්නවා.  ඒ වගේම 289 කියන 85 වෙළුම තුළින් ලේඛන අතර අමාත්‍ය මණ්ඩල සංදේශයකුත් තියෙනවා.  ඒ සංදේශයේ අමාත්‍ය මණ්ඩල කාර්යාලයට යොමු වුන පිටපතක් තමා සතුයි නේද.

සාක්ෂිකරු:-ඔව්

නීතිඥ:- නමුත් තමන් භාරගත් අමාත්‍ය මණ්ඩල කාර්යාලයට ආපු සංදේශ පිටපතෙහි තියෙන ඉංග්‍රීසි පිටපත අමාත්‍යවරයා අත්සන් කර තිබෙනවා. තමන්ට ලැබුණ පිටපතක් 2.4 යටතෙ කරුණුවල තියෙන 02/09/2022 , 85 වෙළුමේ 2 පිටුවේ 2.4 යටතෙ තියෙන්නේ.ඇත්තටම අමාත්‍ය මණ්ඩල කාර්යාලයට ලැබුණ   අමාත්‍ය මණ්ඩල පිටපත නෙවෙයි . මගෙ අංකය කියන අංකය  85 වෙළුමේ නැහැ. 85 වෙළුමේ 3 පිටුවේ 3.2 තියෙනවා. 3.2 ,3.3,3.4   ඔබට ලැබුණ කැබිනට් ඡන්දේශයට සමානයි නේද

සාක්ෂිකරු:- ඔව් .ස්වාමීනි

( දහවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටට ජනාධිපති නීතිඥ ප්‍රියන්ත හරස් ප්‍රශ්න ඇසිම ඇරඹයි.

නීතිඥ:-8/24 අමාත්‍ය මණ්ඩල සංදේශය ඔබට ආවේ.

සාක්ෂිකරු:-ඔව්

නීතිඥ:-එවකට අමාත්‍යවරයා කෙහෙළිය රඹුක්වැල්ල

සාක්ෂිකරු:-ඔව්

නීතිඥ:-2022 ට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දූර කාලය අවසන්ව රනිල් අගමැති ජනාධිපති වුණා.

සාක්ෂිකරු:-ඔව්

නීතිඥ:- කැබිනට් කාර්යාලයේ ප්‍රධානියෙකු ලෙස දන්නවා අමාත්‍ය වත්සල ප්‍රියානි

සාක්ෂිකරු:-ඔව්

නීතිඥ:-පැවති ඇමති ධුරවල ඔයා වෙනස්කම් වුණා. රාජ්‍ය අමාත්‍යාංශ අහෝසි කොට විෂය රේඛීය අමාත්‍යාංශවලට ගෙනාවා සාක්ෂිකරු:- ඔව්.

( නඩු විභාගය අද( 11) පැවැ

නවතම ලිපි