SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

CH අංශයේ තොරතුරු හෙළි කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට නියෝග

 

 

නීතිපති දෙපාර්තමේන්තුවේ විශේෂ ළමා ආරක්ෂණ අංශයට (CH Unit) අදාළ තොරතුරු සහ

අභ්‍යන්තර චක්‍රලේඛ නිකුත් කරන ලෙස, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව (RTI Commission) විසින් ඓතිහාසික නියෝගයක් නිකුත් කර තිබේ.

 

 

"ළමයාගේ උපරිම යහපත උදෙසා" යන ගෝලීය මූලධර්මය පදනම් කරගනිමින්, ළමා අපයෝජන ගොනු සම්බන්ධයෙන් කටයුතු කිරීමට මෙම විශේෂ අංශය 2004 වසරේදී ස්ථාපිත කෙරිණි.

 

එහි ක්‍රියා පටිපාටිය සහ කාලසීමාවන් පිළිබඳ පැහැදිලි නිර්ණායක ලබා දී තිබුණද, ඕනෑම ළමා අපයෝජන නඩුවක් නීතිපතිවරයා වෙත යොමු කිරීමෙන් පසු එය දැඩි ලෙස ප්‍රමාද වන බවට දිගින් දිගටම චෝදනා එල්ල විය.

 

 795537984_1770597317307404_3722569636525155504_n.jpeg

 

මෙම තත්ත්වයට විසඳුමක් සොයමින් 'ළමා හිංසනයට තිත' පදනමේ සභාපති වෛද්‍ය තුෂාරා වික්‍රමනායක විසින් නීතිපති දෙපාර්තමේන්තුවෙන් අදාළ අංශයේ ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලීමක් සිදු කළාය. එහෙත් දෙපාර්තමේන්තුව විසින් ඇයගේ එම ඉල්ලීම මුලින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.

 

 

ඉන් නොනැවතුණු වෛද්‍ය වික්‍රමනායක, මේ සම්බන්ධයෙන් තොරතුරු කොමිසම වෙත අභියාචනයක් (අංක: 989/2025) ඉදිරිපත් කළාය. එම අභියාචනය විභාග කිරීමෙන් අනතුරුව කොමිසම විසින් මෙම තීරණාත්මක නියෝගය ලබා දී ඇත.

 

ඒ අනුව, අදාළ අංශයේ සම්මත මෙහෙයුම් පටිපාටිය (Standard Operation Procedure - SOP) අඩංගු අභ්‍යන්තර චක්‍රලේඛය ඇතුළු ඉල්ලා ඇති සියලුම තොරතුරු 2026 සැප්තැම්බර් 11 වැනි දිනට පෙර ලබා දීමට නීතිපති දෙපාර්තමේන්තුවට මේ හරහා සිදුවනු ඇත.

 

මෙම නඩු විභාගයේදී තොරතුරු කොමිසම විසින් නීතිපති දෙපාර්තමේන්තුව (පොදු අධිකාරිය) වෙත නිකුත් කළ සම්පූර්ණ නියෝගය පහත පරිදි වේ.

 

3e039c15-353f-44bc-843a-624b3f0a99c3.jpeg

 

 

"චක්‍රලේඛයේ සඳහන් චක්‍රලේඛ උපුටා ගැනීම් ඇතුළත් තොරතුරු ඉල්ලීමේ 2(ඇ) අයිතමය ලබා දීමට පොදු අධිකාරිය එකඟ විය. 2(අ), (ආ) සහ '1' යන අයිතමයන් ඉල්ලා සිටි අවස්ථාවේදී, එම තොරතුරු දිගු කාල පරිච්ඡේදයකට අදාළ වන බවත්, එහෙත් අදාළ විස්තර සහ ලුහුබැඳීමේ අත්පොත්වල (tracking manuals) උපුටා ගැනීම් පිළිබඳව සොයා බලා ඒවා අභියාචක වෙත ලබා දීමට හැකි උපරිම අයුරින් උත්සාහ කරන බවත් පොදු අධිකාරිය විසින් කරුණු දක්වන ලදී."

 

"පොදු අධිකාරිය විසින් කරන ලද මෙම කරුණු දැක්වීම මත පදනම්ව, 2026 සැප්තැම්බර් 11 වන දින හෝ ඊට පෙර එහි පිටපතක් කොමිසම වෙත ද යොමු කරමින් අභියාචක වෙත අදාළ ප්‍රතිචාරය ලබා දෙන ලෙස කොමිසම විසින් නියෝග කරනු ලබයි."

 

අභියාචනය නිමා කෙරේ.

 

 

නවතම ලිපි