රුපියල් කෝටි දාහතරකට අධික මහජන මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කරමින්, ප්‍රමිතියෙන් තොර
ව්‍යාජ ඖෂධ සෞඛ්‍ය පද්ධතියට මුදාහැරීම සම්බන්ධයෙන් 'අයිසොලෙස් බයෝ ටෙක් ෆාමා' හිමිකරු සුදත් ජානක ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් දොළොස් දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව, කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේදී පසුගිය (04) යළි විභාගයට ගැනිණි.
සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ විභාග වූ මෙම නඩු වාර්තාව, මෙරට සෞඛ්‍ය පද්ධතිය වෙලාගෙන ඇති අතිශය බිහිසුණු ඛේදවාචකයක සැබෑ ස්වරූපය නිරාවරණය කරයි.
මෙහිදී මතු වූ ප්‍රබලතම සහ තාර්කිකම කාරණය වන්නේ, මෙම මාරාන්තික ඛේදවාචකය හුදෙක් රාජ්‍ය 'ප්‍රසම්පාදන ක්‍රියාවලියේ' අත්වැරැද්දක් නොවන බවයි. එය, නීත්‍යානුකූල ප්‍රසම්පාදන යාන්ත්‍රණයකට මුවා වී, රජයත් රෝගීනුත් අමු අමුවේ රවටමින් ව්‍යාපාරික සමාගමක් විසින් සිදු කරන ලද සූක්ෂම සහ සාපරාධී වංචාවකි.

ඖෂධයේ නිෂ්පාදකයා කවුදැයි නොදන්නා 'අන්ධ' පද්ධතිය
පැමිණිල්ල මෙහෙයවූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම ගේ විමසීම් හමුවේ, ජාතික රෝහලේ අභ්‍යන්තර ඖෂධාගාරයේ ඖෂධවේදී චරිත් ලක්මාල් අමරදිවාකාර ලබාදුන් සාක්ෂියෙන් පද්ධතියේ පවතින බරපතළම හිඩැස නිරාවරණය විය. එනම් ඖෂධ ලබාගැනීමේදී සහ නිකුත් කිරීමේදී එහි 'නිෂ්පාදකයා' හෝ 'කාණ්ඩ අංකය' නිසි පරිදි පරීක්ෂාවට ලක් නොවීමයි. විනිසුරු විරාජ් වීරසූරිය විසින් මතු කළ තියුණු ප්‍රශ්න කිරීම් හමුවේ රාජ්‍ය සේවයේ මෙම නිරුවත මනාව හෙළි විය.
විනිසුරු විරාජ් වීරසූරිය:
වාට්ටුවලට ගිහින්, නැවත වතාවක් ලැබෙද්දී කුමන කාණ්ඩය ද කියලා බලනවද?
සාක්ෂිකරු:
නැහැ.
විනිසුරු:
ගබඩාවට යද්දි එද්දි නිෂ්පාදක හෝ කාණ්ඩය බලන්නේ නැද්ද?
සාක්ෂිකරු:
නැහැ.
මෙය සුළුපටු කරුණක් නොවේ. ජීවිතාරක්ෂක ඖෂධයක් ගබඩාවෙන් පිටවී නැවත පැමිණෙන විට එහි නිෂ්පාදකයා කවුරුන්දැයි නිලධාරීන් නොබලන්නේ නම්, ඕනෑම වංචාකරුවෙකුට ඉතා පහසුවෙන් ව්‍යාජ ඖෂධයක් පද්ධතියට රිංගවීමට ඉඩකඩ ඇත. මෙම දූෂණයට අදාළ ව්‍යාපාරිකයා තම වංචාව සඳහා තෝතැන්නක් කරගත්තේ පද්ධතිය තුළම පැවති මෙකී අන්ධභාවයයි.

වෙනස් වූ ඖෂධය සහ යල්පැනගිය 'සෞඛ්‍ය 37' පොත
සාක්ෂිකරු අධිකරණයට හෙළි කළ පරිදි, රෝහලට දිගින් දිගටම ලැබී ඇත්තේ 'රිලයන්ස්' නමැති සමාගමක ඖෂධයකි. එහෙත් හදිසියේම 'අයිසොලෙස්' නමැති ඖෂධයක් ලැබෙන්නට පටන් ගෙන ඇත. නමුත් ඖෂධවේදීන් ඒ පිළිබඳව කිසිදු සැලකිල්ලක් දක්වා නොමැත.
අනෙක් අතට, කෝටි ගණනක් වටිනා මෙම ඖෂධ ඇණවුම් කරන්නේ අතිශය යල්පැනගිය ක්‍රමවේදයකටය. එනම් 'සෞඛ්‍ය 37' නමැති පොත භාවිතා කරමිනි. සතියෙන් සතියට මාරුවෙන් මාරුවට ඖෂධවේදීන් හතර දෙනෙකු අතට මෙම පොත මාරු වන අතර, 'අත ඇති තොගය' පමණක් පරීක්ෂා කර ඔවුහු ඇණවුම් යවති. ඩිජිටල්කරණය වූ ලෝකයක, මෙවැනි මාරාන්තික ඖෂධ කළමනාකරණය කිරීම සඳහා තවමත් පැරණි පොත් මත යැපීම, දූෂිතයින්ට සිය ජාවාරම සූක්ෂමව කරගෙන යාමට දුන් රුකුලකි.
මරණයේ පණිවිඩය ප්‍රමාද වීම සහ වාට්ටුවලට පයින් ගිය 'කූල් පැක්'
පද්ධතියේ සන්නිවේදන ප්‍රමාදයන් මෙම ව්‍යාපාරික මාෆියාවට සිය වංචාව සාර්ථකව අවසන් කරගැනීමට අවශ්‍ය කාලය සහ අවකාශය නිර්මාණය කර දුන්නේය. සංකූලතා (ADR) වාර්තා වී තිබියදීත් මාරාන්තික ඖෂධය දිගින් දිගටම 16 වැනි වාට්ටුවට නිකුත් වී ඇත.
විනිසුරු විරාජ් වීරසූරිය:
2023/08/19 ජාතික රෝහලේ අධ්‍යක්ෂක වෙත වාර්තා වී තිබියදී ජාතික රෝහලේ 16 වාට්ටුවට මේ ඖෂධය නිකුත් කර තිබේද?
සාක්ෂිකරු:
මම නිකුත් කළේ නැහැ... නමුත් මගේ නිකුතුවෙන් 5 ක් තියෙනවා. 16 වාට්ටුවට අවස්ථා හයක නිකුත් කළා.
එපමණක් නොව, 70 වන සාක්ෂිකාරිය වූ ඖෂධවේදී දිමුතු සුවප්නා බණ්ඩාර ආරච්චි ගේ සාක්ෂියෙන් හෙළි වූයේ, කවුළුවේ සිට විනාඩි පහළොවක් පමණ පයින් ගමන් කළ යුතු දුරකින් ඇති වාට්ටුවලට ඖෂධ ගෙන යන්නේ සරල 'කූල් පැක්' (Cool Pack) මගින් බවයි. යම් ප්‍රමාදයක් වී ඒවා නැවත හරවා එවූ විට පවා, එහි කාණ්ඩ අංක නිසි පරිදි පරීක්ෂා කිරීමේ විධිමත් ක්‍රමවේදයක් පද්ධතිය සතුව නොමැත.
විත්තියේ ප්‍රහාරය: ගබඩා පාලනයේ හිඩැස් සෙවීම
පළමු චූදිත වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හරේන්ද්‍ර බානගල සිය හරස් ප්‍රශ්න මාලාව ඔස්සේ ඖෂධවේදීන්ගේ ගබඩා පාලනයේ පවතින මෙම දුර්වලතා දැඩි ලෙස ප්‍රශ්න කළේය. 180ක් ලෙස භාරගත් තොග සහ නිකුත් කළ තොග අතර ගණනය කිරීම්වල ඇති නොගැලපීම් ඔහු අධිකරණයට පෙන්වා දුන්නේය.
නීතිඥ හරේන්ද්‍ර බානගල:
180 න් 31 අඩු කළාම කීයද ඉතිරි.
සාක්ෂිකරු:
149 ක්.
නීතිඥ:
ඔබ උෂ්ණත්ව පාතාංක සටහන් කරන්නේ නැද්ද?
සාක්ෂිකරු:
නැහැ.
ප්‍රසම්පාදනය නමැති පලිහ සහ ව්‍යාපාරිකයාගේ සාපරාධී වංචාව
මෙම අර්බුදයේ හරය නිවැරදිව වටහාගත යුත්තේ මෙතැනදීය. අර්බුදය නිර්මාණය වූයේ රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඖෂධ මිලදී ගැනීමට තීරණය කළ නිසා නොවේ. ප්‍රසම්පාදනය යනු අවශ්‍යතාවක් සපුරා ගැනීමේ නෛතික රාමුවයි. සැබෑ අපරාධය වන්නේ, එම නෛතික රාමුවට රිංගාගත් "අයිසොලෙස් බයෝ ටෙක් ෆාමා" නමැති ව්‍යාපාරික සමාගම, කිසිදු ප්‍රමිතියකින් තොර ව්‍යාජ ඖෂධ තොගයක් ජීවිතාරක්ෂක ඖෂධයක් ලෙස රජයේ රෝහල්වලට සැපයීමයි.
ඖෂධය නතර කිරීමේ නියෝගය ලැබීමෙන් පසු අදාළ ව්‍යාජ ඖෂධය යළිත් වාට්ටු ගණනාවකින් (49 වාට්ටුවෙන් 28ක්, NICU එකෙන් 12ක්, 56/A වාට්ටුවෙන් 32ක්, 6 වාටුවෙන් 5ක්) එකතු කර වෙනම ශීතකරණයක ගබඩා කිරීමට සිදුවීමෙන්ම මෙම වංචාවේ පරිමාව කොතරම්දැයි වටහාගත හැක.
කෝටි 14ක බාල ඖෂධ නඩුව යනු, හුදෙක් පරිපාලනමය හෝ ප්‍රසම්පාදනමය අත්වැරැද්දක් නොවන බව මෙම සාක්ෂි විභාගයෙන් තාර්කිකව ඔප්පු වේ. එය, කාණ්ඩ අංක හෝ පරීක්ෂා නොකරන ගබඩා, පයින් ගෙනයන 'කූල් පැක්' සහ 'සෞඛ්‍ය 37' වැනි යල්පැනගිය ලේඛන ක්‍රමවේදයන්ගේ දුර්වලතා මනාව හඳුනාගත් කූට ව්‍යාපාරිකයෙකු විසින්, නීත්‍යානුකූල ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ගසාකමින් සිදුකරන ලද මහා පරිමාණ සංවිධානාත්මක අපරාධයකි.
නඩු වාර්තාව
2026/09/04
ප්‍රමිතියෙන් තොර ව්‍යාජ ලෙස සැකසූ ඖෂධ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට සපයා දී රුපියල් කෝටි දාහතරකට අධික රජයේ මුදල් වංචා කිරීම ඇතුළු චෝදනා 14 ක් යටතේ අයිසොලෙස් බයෝ ටෙක් ෆාමා” හිමිකරු සුදත් ජානක ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් දොළොස් දෙනෙකුට එරෙහිව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ විභාග වන නඩුව පසුගිය (04) යළි විභාගයට ගැනිණි.
ප්‍රියන්ත ලියනගේ (සභාපති විනිසුරු) විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පැවැති මෙම නඩුවිභාගයේදී සාක්ෂි දීම සඳහා කැදවා තිබුණේ ජාතික රෝහලේ අභ්‍යන්තර ඖෂධාගාරයේ ඖෂධවේදී චරිත් ලක්මාල් අමරදිවාකරය.
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ලක්මිණි ගිරිහාගමගේ මෙහෙයවිම යටතේ සාක්ෂි දුන් සාක්ෂිකරු මෙසේ කීය.
2017 ජාතික රෝහලේ සේවය කරනවා. ළය රෝහලට පළමු පත්වීම ලබා යාපනය රෝහලේ සති බෙහෙත් අංශයට ආවා.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; ඔබ ඇඳහිස්පත් අංශයෙන් සේවය කළා ද..?
සාක්ෂිකරු ; ඔව් 2019 සිට ඇදහිස්පත් අංශයේ.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; 2023 වන විට එහි ඖෂධවේදීන් කී දෙනෙක් හිටියා ද?
සාක්ෂිකරු 07 දෙනෙක්.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; එම අංශයෙන් සිදුවන්නේ කුමක්ද?
සාක්ෂිකරු ; රෝගින්ගේ ඇදහිස්පතටම ඖෂධ නිකුත් කිරීම.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ඇණවුම් කිරීම ඇදහිස්පත් අංශයෙන්ද කළේ?
සාක්ෂිකරු:-ඔව්.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; ඒ කටයුත්ත බාරව කී දෙනෙක් හිටිය ද?
සාක්ෂිකරු ; 4 දෙනෙක් හිටියා.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; භාරව හිටියා කියන්නේ මොකක්ද?
සාක්ෂිකරු ; නික්ෂේපණ ගැන බලන්න හතර දෙනෙක් හිටියා ඔවුන් මාරුවෙන් මාරුවට හියුමන් ඉමියුනොග්ලොග්බියූලින් ද බැලුවා.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; ප්‍රධාන ගබඩාවෙන් ඇනවුම් කර අනෙක් 4 දෙනාට දුන්නා. එහි රාජකාරී මාරු වුණේ කොපමණ කාලයකට වරක්ද?
සාක්ෂිකරු ; සතියකට වරක්.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; ප්‍රධාන ඖෂධවේදීන් 4 දෙනාට ඇනවුම් කරන්න පොත් කීයක් තිබුණද?
සාක්ෂිකරු ; ඇණවුම් ලේඛන සෞඛන සෞඛ්‍ය 37 ගෙන තිබුණා.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය; ඔබ හියුමන් ඉමියුනාග්ලොබ්යුලින් ඇනවුම් කළ පොත මොකක්ද?
සාක්ෂිකරු ; අංක 1
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; අනෙක් අය?
සාක්ෂිකරු ; 7, 4 හා 8 පොත්.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; එම පොත් 40 ද ඇනවුම් බලය තිබුණා.
සාක්ෂිකරු; ඔහු ස්වාමීනි.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; ප්‍රධාන ගබඩාවෙන් ඇණවුම්කර භාර ගන්නේ කෙසේද?
සාක්ෂිකරු ; අපි සෞ; 37 පොතෙන් ඇනවුම්කර භාර දෙනවා. ඔහු තොග තත්ත්වය බලා ගබඩාවට දෙනවා.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; අත ඇති තොග යනු කුමක්ද?
සාක්ෂිකරු ; ඉතිරි වී ඇති තොග පෙර කටයුතු කළ කෙනාගේ ඖෂධ තොගය පාලනය කර ඇණවුම් කිරීම.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; කලින් කෙනා ඊළඟ කෙනාට අනිවාර්යයෙන් දිය යුතුද?
සාක්ෂිකරු ; අනිවාර්යෙන්. තමන්ගේ ශීතකරණයේ ඉඩ තියේ නම් තියාගත හැකි. නමුත් පොදුවේ තිබෙන තැනට දෙනවා.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; ඔබ ප්‍රිජ් වර්ග දෙකක්කක් කිව්වා. හියුමන් ඉමියුනොග්ලොබ්යුලින් තැන්පත් කරන්නේ කොයි එකේද?
සාක්ෂිකරු ; එහි ශීතකරණ 20 විතර තියෙනවා. හියුමන් ඉමියුනොග්ලොබ්යුලින් වෙනුවෙන් පමණක් තරමක් විශාල ශීතකරණයක් පවතිනවා. අනෙක් ඒවා තම තමන්ගේ ඖෂධවලට තියෙන්නෙ.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; ඔබගේ ඔය ඇඳ ඉහපත් අංශයේ ප්‍රිජ්වල දොරගුළු ලානවද..?
සාක්ෂිකරු ; හැම ශීතකරණයක්ම වහලා තමයි තියෙන්නෙ.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; විදුලිය විසන්ධි වුනොත්.?
සාක්ෂිකරු ; ජෙනරේටර් ක්‍රියාත්මක වෙනවා.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; දුරම වාට්ටුවේ සිට අභ්‍යන්තර ඖෂධාගාරයට කොපමණ දුරද?
සාක්ෂිකරු ; පා ගමනෙන් යා හැකි දුරක්.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය; ජාතික රෝහලේ අභ්‍යන්තර ඖෂධාගාරයේ 20 පොතෙහි පිටු අංක 403 ලෙස ලකුණු වෙනවා. එය 2023/08/13 වයල් 149 ක් 7 කවුළුවට භාර දුන්නු බව කිව්වා.
සාක්ෂිකරු ; ඔව් ශීතකරණයේ තිබියදීම බාර දුන්නා.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; කවුද?
සාක්ෂිකරු ; සුරංගනී.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; ඇය තවම වැඩද?
සාක්ෂිකරු ; නැහැ... විදේශගත වෙලා.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; ඔබේ රාජකාරී වේලාවේ ඔබ ඇණයුම් කළ ඒවා ඔබ නිකුත් කරනවද?
සාක්ෂිකරු ; ඔව්.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; එම කාලය තුළ හියුමන් ඉමියුනොග්ලොබ්යුලින් වෙනුවෙන් සාමූහික වගකීම දරනවද?
සාක්ෂිකරු ; ඔව්.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; කවුළු අංක 7 වෙනුවෙන් පවත්වාගෙන ගිය පොත කුමක්ද?
සාක්ෂිකරු ; 17819.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; සුරංගි විසින් 8/17 දින ඖෂධ නිකුත් කර තිබේද?
සාක්ෂිකරු ; ඔව්, 84 වාට්ටුවට 17 ක්. ඊට අමතරව අගෝස්තු 14 දින 16 වාට්ටුවට 25 ක්, 41 වාට්ටුවට 8 ක්, 83 වාට්ටුවට 5 ක් ආදී වශයෙන් ලැබී තිබෙනවා.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; කොහෙන් අරන්ද?
සාක්ෂිකරු ; ඇය ඇනවුම් කළ ඒවා.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; පැ. 424 11 හඳුනාගත හැකිද?
සාක්ෂිකරු ; ඔව් සුරංගනී වයල් 202 ක් අරන් අත්සන් කර තියෙනවා.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; ඇයට ප්‍රධාන ඖෂධ පාලක භාරයේ වයල් 202 ක් ලබා දීලා තියෙන්නේ මොන කාණ්ඩයෙන්ද?
සාක්ෂිකරු ; A 732230401 කාණ්ඩයෙන්.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; ඇය තුලනය කර බාර දීලද?
සාක්ෂිකරු ; ඔව්.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; මොන කවුළුවටද බාර දීලා තියෙන්නේ?
සාක්ෂිකරු ; අංක 7 කවුළුවට ස්වප්නාව භාර දීලා.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; ඔබ149 ක් භාර දුන්නා. ඇය අගෝස්තු 20 දින ඇත් අතැති තොග ලෙස කීයක් බාර දීලාද?
සාක්ෂිකරු ; 261 ක්.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; ඔබේ රාජකාරි අගෝස්තු 13 දින අවසන් කර තිබුණා. යළි ආරම්භ කළේ කවදද?
සාක්ෂිකරු ; සැප්තැම්බර් 3 දා 160 ක්.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; කාගෙන්ද?
සාක්ෂිකරු ; කවුළු අංක 4 තරංග ගෙන්. වයල් 160
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; ඇය කුමන පිටුවෙන්ද රාජකාරී භාර ගෙන තියෙන්නේ?
සාක්ෂිකරු ; 291 පිටුවෙන්.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; 2023 සැප්තැම්බර් 12 ලබාගත් වයල්වල කාණ්ඩ අංකය කුමක්ද?
සාක්ෂිකරු ; A 732230402.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; 9/13 දින ඔබ එම ඖෂධ නිකුත් කළේ කාටද?
සාක්ෂිකරු ; 14 වාට්ටුවට 4, 18 වාට්ටුවට 4 ක් සහ 83 වාට්ටුවට 20 වශයෙන්.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; 83 වාට්ටුවෙන් 19 ලැබී නියුතුද?
සාක්ෂිකරු; ඔව්.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; 9/16 දින කුමක්ද කරලා තියෙන්නේ?
සාක්ෂිකරු ; 83 වාට්ටුවට වයල් එකක් නිකුත් කරලා.
(පළමු චූදිත වෙනුවෙන් පෙනී සිටිද නීතිඥ හරේන්ද්‍ර බානගල විත්තියේ හරස් ප්‍රශ්න විමසයි.)
නීතිඥ ; ඖෂධ වේදීන්ට වගකීම පැවරෙන්නේ කෙසේද?
සාක්ෂිකරු ; නික්ශේපනවලට 4 දෙනයි. ඕරල්වලට තුන්දෙනයි වශයෙන්. නමුත් සාමූහික වගකීමෙන් බැඳී සිටිනවා.
නීතිඥ ; පැ. 443 අනුව අගෝස්තු 6 වැනිදා වයල් කීයක් බාර ගත්තද?
සාක්ෂිකරු ; 180 යි.
නීතිඥ ; කීයක් නිකුත් කලාද?
සාක්ෂිකරු ; 6 වැනිදාට අදාළව වයල් 3 යි.
නීතිඥ ; 180 න් 31 අඩු කළාම කීයද ඉතිරි.
සාක්ෂිකරු ; 149 ක්.
නීතිඥ ; 8/9 වැනිදා 4 ක් හා 22 ක් නිකුත් කරනවා.
සාක්ෂිකරු ; 22 ක් පමණයි ස්වාමීනී.
නීතීඥ ; 10 වැනිදා අවස්ථා දෙකකදී ඖෂධ නිකුත් කරලා.
සාක්ෂිකරු ; ඔව් හයක් හා හතරක්.
නීතීඥ ; ඒ අනුව 150 ක් ඔබ සතුයි.
සාක්ෂිකරු ; පොතට අනුව ලැබීම් එකක් තියෙනවා. ඒක හැර මම කිව්වේ.
නීතීඥ ; 8/8 වැනිදා ලැබීමක් එක්ක කීයද?
සාක්ෂිකරු ; 189 ක් තිබිය යුතුයි.
නීතීඥ ; එයින් 9 වැනිදා 26 ක් නිකුත් කරනවා.
සාක්ෂිකරු ; ඔහු ස්වාමීනි.
නීතිඥ ; ඔබට නැවත කුමන හෝ අවස්ථාවක 15 ක් ලැබෙනවද?
සාක්ෂිකරු ; නැහැ.
නීතිඥ ; 8/8 දින ඒ ලැබීමත් එක්කද 180 ක් ඉතිරි වෙන්නේ
සාක්ෂිකරු ; නැහැ.
නීතිඥ ; රාජකාරී අරඹද්දී 32 ක් තිබුණා. ඒවා කොහෙද?
සාක්ෂිකරු ; ගබඩාවේ.
නීතිඥ ; එය ඉල්ලුම් කලේ කවදද?
සාක්ෂිකරු ; 8/8 දින 80 ක් ඉල්ලලා තිබුණා.
නීතිඥ ; එයින් 40 ලැබෙන්නේ?
සාක්ෂිකරු ; ඔව්.
නීතිඥ ; වාට්ටුවලට අවශ්‍ය ප්‍රමාණයද අරන් තියෙන්නෙ?
සාක්ෂිකරු ; ඔව්. නමුත් ඒක වෙනස් වෙන්න පුළුවන්.
නීතිඥ ; වාට්ටු වලට එන්නෙත් කූල් පැක් එකේද?
සාක්ෂිකරු ; ඔව්.
නීතිඥ ; ඔබ උෂ්ණත්ව පාතාංක සටහන් කරන්නේ නැද්ද?
සාක්ෂිකරු ; නැහැ.
නීතිඥ ; හියුමන් ඉමියුනොග්ලොබ්යුලින් වලට වෙනම ශීතකරන තියෙද?
සාක්ෂිකරු ; ඔව් ඉඩ මදි වුනෙත් වෙන එකක් ගබඩා කරනවා.
විනිසුරු විරාජ් වීරසූරිය ; උෂ්ණත්ව පාඨාංකය මැනලා උෂ්ණත්වයේ ප්‍රශ්නයක් තියෙනවා කියලා වාර්තා කරනවද?
සාක්ෂිකරු ; නැහැ.
විනිසුරු ; ඖෂධ නිකුත් කරන වෙලාවක් තියෙනවද?
සාක්ෂිකරු ; නැහැ ස්වාමීනී.
නීතීඥ ; ශීතකරන වහන්න ඕනකෙනෙකුට පුළුවන්ද?
සාක්ෂිකරු ; බැහැ.
නීතිඥ; වෙන කෙනෙකුට ඇතුලට එන්න පුළුවන්ද?
සාක්ෂිකරු ; පුළුවන්.
විනිසුරු ; ඖෂධයක් ගබඩා කරන තත්ත්වය ගැන හිතන්න. බොහෝ කාලයක් තිබුණු එකක් වුනේ එවැනි ඖෂධ ප්‍රතික්ෂේප වුණ අවස්ථා තියේද?
සාක්ෂිකරු ; නැහැ.
විනිසුරු ; ඔබ බාර ගනිද්දි ඖෂධ ප්‍රමාණය බලනවා.
සාක්ෂිකරු ; ඖෂධ ප්‍රමාණය මෙන්ම ශීතදාමයේ තත්ත්වය බලනවා.
විනිසුරු ; ඔබ යවන ඒවා කාටද කොහෙටද කියලා බලන්නේ නැද්ද?
සාක්ෂිකරු ; කාණ්ඩය තුලනය කරන්නේ නැහැ.
විනිසුරු ; වාට්ටුවලට ගිහින්, නැවත වතාවක් ලැබෙද්දී කුමන කාණ්ඩය ද කියලා බලනවද?
සාක්ෂිකරු ; නැහැ.
විනිසුරු ; ගබඩාවට යද්දි එද්දි නිෂ්පාදක හෝ කාණ්ඩය බලන්නේ නැද්ද?
සාක්ෂිකරු ; නැහැ.
(දෙවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අසේල සේරසිංහ හරස් ප්‍රශ්න විමසයි.)
නීතිඥ ; CID කට උත්තර ගනිද්දි ඔබ හියුමන් ඉමියුනොග්ලොබ්යුලින් ගැන ලේඛනයක් හඳුනා ගත්තා නේද?
සාක්ෂිකරු ; ඔව්.
නීතිඥ ; එම ලේඛනය 8/31 දින කටුපැලැල්ල භාරගත් එකක්.
සාක්ෂිකරු ; ඔව්.
නීතිඥ ; එම ලේඛනය අනුව ජාතික රෝහල තුළ සිදුවන ක්‍රියාවලිය කුමක්ද?
සාක්ෂිකරු ; ප්‍රශ්නයක් නම් ගබඩාවට දැනුම් දෙනවා. එවිට නිලධාරින් ඒ ගැන බලනවා.
නීතිඥ ; ඔබේ රාජකාරි කාලය තුළ විවිධ අන්දමේ ඖෂධ නතර කරන අවස්ථා දැක තිබේද?
සාක්ෂිකරු ; විවිධ වශයෙන් දැනුම්දීම් ආවා.
නීතිඥ ; ස්වාස්ථා මගින් ඖෂධ නවත්වන්න දැනුම් දුන් අවස්ථා තිබේද?
සාක්ෂිකරු ; ඔව්.
නීතිඥ ; ගබඩා කවුන්ටර්වලට පණිවිඩ ලැබෙන්න සලස්වන අවස්ථා දැක තිබේද?
සාක්ෂිකරු ; ඔව්.
විනිසුරු ; හියුමන් ඉමියුනොග්ලොබ්යුලින් නිෂ්පාදනය කළේ කවුද කියන්න බැහැ කියා 2023 වසරට අදාළව සාක්ෂි දුන්නා නේද? නිෂ්පාදක මතක නැද්ද?
සාක්ෂිකරු ; අපට එක් අයෙකුගෙන් නිතර ඖෂධ ලැබුණා. මට මතක හැටියට ඒ රිලයන්ස් එකෙන්. පසුව තව නිෂ්පාදකයෙක් ගැන දැනගන්න ලැබුණා.
විනිසුරු ; ඒ කවුද?
සාක්ෂිකරු ; “අයිසොලෙස්” වගේ නමක්.
විනිසුරු ; ඔබේ රාජකාරි කාලය භාවිත වුණේ කවර නිෂ්පාදනද?
සාක්ෂිකරු ; දෙකම ස්වාමීනී.
විනිසුරු ; ඖෂධ ලැබෙන්නේ කොහෙන්ද කියන්න පුළුවන්ද?
සාක්ෂිකරු ; ලැබීම් මට වෙන කවුළුවකින් වෙන්න පුළුවන්. ඇනවුම් හෝ ලැබීම් මම නිකුත් කළ එකක් ආපහු එනවා වෙන්න පුළුවන්. ඇනවුම් කරන සෞඛ්‍ය 37 පොතේ තමයි සටහන් කරලා එවන්නේ. ප්‍රශ්නයක් තිබුනත් නැතත් රෝගියෙක් මිය යන්න පුළුවන්. කවර හේතු මත මියගියත් ඖෂධය අපට එනවා. කවර හේතුවක් මත වුණත් ඖෂධය හඳුනා ගන්න අපට එවනවා.
විනිසුරු ; මේ වගේ ඖෂධයක් ගැන දැනුම් දෙන්න කියන්නේ කාටද?
සාක්ෂිකරු ; වෙන රෝහලක වුණත් අපේ රෝහලට වෙන්න පුළුවන්.
විනිසුරු ; ගැටලු මතු වුණ කාල දන්නවද?
සාක්ෂිකරු ; දැනුවත්ව නැහැ.
විනිසුරු ; මේ ඖෂධ ගැන කොලිටි ලොග් දැම්මද?
සාක්ෂිකරු ; මම දැනුවත් නැහැ.
විනිසුරු ; කොලිටි ලොක් එක දමා ඇත්තේ කවුද?
සාක්ෂිකරු ; අත්සනක් නැහැ. රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක වෙන්න පුළුවන්.
විනිසුරු ; සංකූලතා ගැන ඉදිරිපත් කර ඇති ADR වාර්තා හරිද?
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී. මේ ලේඛන අනුව අගෝස්තු 19 වගේ පේනවා.
විනිසුරු ; මොන ඖෂධය සම්බන්ධවද?
සාක්ෂිකරු ; හියුමන් ඉමියුනොග්ලොබ්යුලින්.
විනිසුරු ; NICU කියන්නේ කුමක්ද?
සාක්ෂිකරු ; ස්නායු රෝග අංශයේ ICU එකට.
විනිසුරු ; එයට සැප්තැම්බර් 4 ඖෂධ නිකුත් කරලද?
සාක්ෂිකරු ; නැහැ.
විනිසුරු ; 2023/08/19 ජාතික රෝහලේ අධ්‍යක්ෂක වෙත වාර්තා වී තිබියදී ජාතික රෝහලේ 16 වාට්ටුවට මේ ඖෂධය නිකුත් කර තිබේද?
සාක්ෂිකරු ; මම නිකුත් කළේ නැහැ.
විනිසුරු ; බලන්න කොහෙටද කියා?
සාක්ෂිකරු ; 47 B සහ 16 වාට්ටු වලට නිකුත් කර තිබෙනවා.
විනිසුරු ; මේ සාමාන්‍ය ඒවාද?
සාක්ෂිකරු ; මටත් හරියටම කියන්න බැහැ.
විනිසුරු ; අධ්‍යක්ෂකවරයාට වාර්තා වී ඇතත් 16 වාට්ටුවටම හියුමන් ඉමියුනොග්ලොබ්යුලින් නැවතත් යවා තියෙනවා.
සාක්ෂිකරු ; වාට්ටු දැනුවත් කිව්වා. නමුත් මගේ නිකුතුවෙන් 5 ක් තියෙනවා. 16 වාට්ටුවට අදාල මේ ලේඛනවල නැහැ. 6 වාට්ටුවට 16 ක් නිකුත් කළා. 16 වාට්ටුවට අවස්ථා හයක නිකුත් කළා. 14 වැනිදා 24, 21 වැනිදා 10 ක් 18 වැනිදා පහක් 19 වැනිදා 20 ක් 21 වැනිදා10 ක් හා 22 වැනිදා15 වශයෙන්.
විනිසුරු ; අධ්‍යක්ෂකට වාර්තා වෙලා. අධ්‍යක්ෂක පැමිණිලි කරලා කොලිටි ලොග් එකකුත් ඇතුල් කලාට පස්සේ මහත්මයාට දැනුමක් තිබුනේ නැහැ කියනවා.
සාක්ෂිකරු ; එය MSD එකෙන් ලැබුන එකක් විය යුතුයි.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; ඔබ හියුමන් ඉමියුනොග්ලොබ්යුලින් නිකුත් කරන අවස්ථාවේ නිෂ්පාදක බැලුවද කියා ඇහුවා. ඔබ කිව්වා කාණ්ඩයේ අනුව නිෂ්පාදක හඳුනාගත හැකිය කියා. 2017 සිට 2023 අගෝස්තු තොගය භාර ගන්නා කාලය තෙක් නිෂ්පාදකයන් කී දෙනෙකුගෙන් ඒවා බාර ගත්තාද.
සාක්ෂිකරු ; වැඩිපුරම ආවේ රිලයන්ස් එකෙන්.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; ඔබ කී ආකාරයට “ලයිව් හෙල්ත් බයෝ ෆාමා” එකේ නිෂ්පාදන ඇඳ ඉහපත් අංශයට ලැබුණා.
සාක්ෂිකරු ; සැප්තැම්බර් 20 ට ආසන්න කාලය තුළ දෙකෙන්ම ලැබුණා.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; ඖෂධය තැන්පතුවේ සැප්තැම්බර් 20 ට පෙරද පසුද?
සාක්ෂිකරු ; සැප්තැම්බර් 20 රාත්‍රී සේවයට ආ ඖෂධ වේදීන්ට පණිවුඩය ලැබිලයි පැවැත්තුවේ.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; ඔබට සුවස්තා පද්ධතියට access නැද්ද?
සාක්ෂිකරු ; කවුළුවලට නැහැ.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; කවුළු දැනගන්නේ කෙසේද?
සාක්ෂිකරු ; ගබඩා භාර ඖෂධවේදීන්ගෙන්.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; ජාතික රෝහලේ වාට්ටු 16 හියුමන් ඉමියුනොග්ලොබ්යුලින් මගින් අසාත්මිකතා ඇතිවී ඇති බව කීවා. ප්‍රධාන ගබඩාවේ තත්පාරක්ෂණය රසායනාගාරයට දැනුම් දී ඇති බව කීවා. එය ලේඛන ඔබට එදින දැකගත නොහැකි වූ බව කීවා.
සාක්ෂිකරු ; 9/20 - 23 කාලයේදී එම ඖෂධ නිකුත් කිරීම නවතන ලෙස දැනුම් දුන්නා. කවුළුවලට නැහැ.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; ඖෂධ නැවැත්වීම පළමුවරට දැන ගත්තේ 22 ද.?
සාක්ෂිකරු ; 20 පණිවිඩ එනවා. 22 ලේඛනයක් එන්නේ.
පැමිණිල්ලේ 70 වන සාක්ෂිකරු ජාතික රෝහලේ අභ්‍යන්තර ඖෂධාගාරයේ ඖෂධවේදී දිමුතු සුවප්නා බණ්ඩාර ආරච්චි සාක්ෂි දෙයි.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; හියුමන් ඉමියුනොග්ලොබ්යුලින් ඇනවුම් කිරීමට කී දෙනෙක් ඉන්නවද?
සාක්ෂිකරු ; 4 දෙනෙක්.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; ඔබේ කවුළුව කුමක්ද?
සාක්ෂිකරු ; 8 වැන්න.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; මේ ඖෂධවේදී 4 දෙනා හැරුණු විට තවත් ඉන්නවාද.?
සාක්ෂිකරු ; ඔව්.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; ශීතදාමය ගැන ඔබට වගකීමක් තිබේද ?
සාක්ෂිකරු ; ඔව්.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; ඉමියුනොග්ලෝබියුලීන් අදාල ශීතකරණයට දමද්දී ඖෂධ වේදියාට පැකට්ටුව ගැන වගකීමක් තියෙනවාද ?
සාක්ෂිකරු ; ඔව්. පළුදු නොවූ තත්ත්වයෙන් අරන් ශීතකරයට තැබිය යුතුයි...
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; ඒ ශීතකරණය භාර කාටද ?
සාක්ෂිකරු ; අවස්ථානුකූලව අපි 07 දෙනාට.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; මොන උෂ්ණත්වයද පවත්වාගෙන යන්නේ?
සාක්ෂිකරු ; 3-8 c° උෂ්ණත්වය.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; ඔබ නිකුත්කළ ඖෂධ ගෙනියන්නේ කොහොමද?
සාක්කිකරු ; වාට්ටුවලින් කූල් පැක් ගේනවා.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; ඔබේ කවුළුවේ සිට කොයිතරම් දුරකින්ද වාට්ටුව තියෙන්නේ?
සාක්ෂිකරු ; විනාඩි පහළොවකින් පමණ ඇවිදගිය හැකි දුරක.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; යම් ප්‍රමාදයක් විය හැකිද... එසේ වුවහොත් නැවත හරවා කවුළු වලට යවනවාද ?
සාක්ෂිකරු ; නැවත එවන අවස්ථා තියෙනවා.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; එවිට පරීක්ෂා කරලද ගන්නේ?
සාක්ෂිකරු ; ඔව්.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; යම් අවස්ථාවක ඇනවුම් කරන්නා ම නිකුත් කරන්න බැරි උනොත් මොකද වෙන්නේ?
සාක්ෂිකරු ; අනෙක් අය නිකුත් කරනවා. නිකුත් කිරීමට පෙර නෝට් එකක් ගන්නවා.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; භෞතිකව ශීතකරණ පරීක්ෂා කරනවාද ?
සාක්ෂිකරු ; ඔව්.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; එවැනි අවස්ථාද තියෙනවා ද?
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; (231/19 පොතෙහි 231පිටුව කෙරෙහි අවදානය යොමු කරවයි)මෙහි කොපමණ ඉමියුනොග්ලොබින් බාර දි තිබෙනවාද
සාක්ෂිකරු ; 26 /ක්
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; කවුද වැඩ කළේ?
සාක්ෂිකරු ; සුරංගනී .
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; ඇය පවත්වාගෙන ගිය පොත් පරිහරණය කර තිබේද ?
සාක්ෂිකරු ; ඔව්.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; අත් අකුරු දන්නවද?
සාක්ෂිකරු ; ඔව්.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; ඇය තවම සේවය කරනවද ?
සාක්ෂිකරු ; ඇය විදේශගත වෙලා.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; කොයි කාලයේද ?
සාක්ෂිකරු ; 2024 දී
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; 2023.09.21 නැවත ගබඩාවට ඔයා බාර දුන්නා ද?
සාක්ෂිකරු ; කටුපැලැල්ල
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; 2023.9.21 ලයිව්හෙල්ත් ෆාමා ඖෂධය ස්ටොක් එකක් එක්කද පටන් ගත්තේ?
සාක්ෂිකරු ; ඔව් එහි එකසිය 182 තිබුණා.එය ගබඩාවට භාරදී තව 128 කුත් භාර දුන්නා.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; ඉන්පසුවත් එම ආයතනයේ ඖෂධ තව තිබුණාද ?
සාක්ෂිකරු ; එහි. වාට්ටු වල තිබුනා නම් එවනවා.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය; නැවත්තු ඒවා කොහෙන්ද ලැබුණේ?
සාක්ෂිකරු ; වාට්ටු පහකින් ලැබුණා. 49 වාට්ටුවෙන් 28 ,NICU එකෙන් 12, 56/ A වාට්ටුවෙන් 32, 6 වාටුවෙන් 5 ලෙස ලැබුණා.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; ඒවාට මොකද කළේ?
සාක්ෂිකරු ; වෙනම ශීතකරණයක දමා වසා තැබුවා.
නඩු විභාගය සැප්තැම්බර් 07 වැනිදා යළි ආරම්භ වීමට නියමිතය...
Right to Reply
As a responsible media organization, we strictly uphold the "Right to Reply". If you or your organization are mentioned in any of our articles and wish to express an objection, share a different perspective, or provide a factual clarification, you have the right to do so. We are committed to fair and balanced journalism.
Please submit your responses or clarifications to:
[This email address is being protected from spambots. You need JavaScript enabled to view it. / whatsapp 0774945996]
Editor's mail - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

