SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දරුණු වන එල්නිනෝ තත්ත්වය සහ ජන ජීවිතයට බලපෑම

 

 

එල්නිනෝ කාලගුණික තත්ත්වයේ බලපෑම හේතුවෙන් මේ වනවිට

දිවයිනේ ප්‍රදේශ රැසක දැඩි වියළි කාලගුණයක් නිර්මාණය වී තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පෙන්වා දෙන පරිදි, දිස්ත්‍රික්ක 7 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 23 කට අයත් පවුල් 25,628 ක පුද්ගලයින් 81,865 දෙනෙකුට මෙමගින් දැඩි බලපෑම් එල්ල වී ඇත.

 

 

මොණරාගල, අම්පාර, බදුල්ල, මඩකලපුව, පොළොන්නරුව, රත්නපුර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලට මින් වැඩි බලපෑමක් එල්ල වී ඇති අතර, පවුල් 23,048 කට පානීය ජලය සැපයීමට ද පියවර ගෙන තිබේ.

 

එල්නිනෝ'' ලංකාවම රත් කරයි - Lankadeepa Online

 

මෙම දරුණු වියළි කාලගුණයත් සමඟ මෙරට අඛණ්ඩ විදුලි සැපයුමට ද දැඩි අවදානමක් මතු වී ඇත. මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මහාචාර්ය කේ.පී.එල්. චන්ද්‍රලාල් මහතා පෙන්වා දෙන්නේ, ජල විදුලි නිෂ්පාදනය අඩුවීම සහ විදුලි ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් සාමාන්‍යයෙන් මෙගාවොට් 450 ක පමණ බැටරි ගබඩා පද්ධතිවල හිඟයක් ඇතිවිය හැකි බවයි. මෙම තත්ත්වය පාලනය කරගැනීමට නොහැකි වුවහොත් විදුලි කප්පාදුවකට යාමේ අවදානමක් පවතින බවද ඔහු අනතුරු අඟවයි.

 

 

එල් නිනෝ' තත්ත්වය ගැන බය හිතෙන කතාවක් | Sri Lanka News | Ada Derana | Truth First

 

විදුලි කප්පාදුවක් කරා යාමේ අවදානම වළක්වා ගැනීම සඳහා පුනර්ජනනීය විදුලි නිෂ්පාදන ප්‍රභවයන් කඩිනමින් පද්ධතියට එක්කර ගැනීමට මේ වනවිටත් සැලසුම් කර ඇත. ඒ සඳහා දිරිගැන්වීමක් ලෙස පුනර්ජනනීය විදුලිය මිලදී ගැනීමේ නව 'පෝෂක අයක්‍රමයක්' හඳුන්වා දීමට මහජන උපයෝගිතා කොමිසම පියවර ගෙන තිබේ.

 

 

එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි කප්පාදුවකට යන්න වෙයි ද? | Sri Lanka News | Ada Derana | Truth First

 

 

මෙම නව ක්‍රමය යටතේ දිනයේ උපරිම විදුලි ඉල්ලුමක් පවතින රාත්‍රී කාලයේදී (පස්වරු 5.30 සිට රාත්‍රී 9.30 දක්වා) බැටරි ගබඩා පද්ධතියක් සහිත පාවෙන සූර්ය බලශක්ති නිෂ්පාදනාගාරයකින් විදුලි ඒකකයක් රුපියල් 57.64 කටත්, නාගරික ඝන අපද්‍රව්‍ය යොදාගෙන නිපදවන විදුලි ඒකකයක් රුපියල් 56.55 කටත් මිලදී ගැනීමට නියමිතය. දහවල් කාලයේදී බැටරි ගබඩා පද්ධතියක් සහිත පාවෙන සූර්ය බලාගාරයකින් විදුලි ඒකකයක් රුපියල් 27.50 කට මිලදී ගැනේ.

 

 

පුනර්ජනනීය විදුලි බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමේ මිල ගණන් ප්‍රකාශ කෙරේ | Sri Lanka News | Ada Derana | Truth First

 

මීට අමතරව වෙනත් පුනර්ජනනීය ප්‍රභවයන් සඳහා ද නව මිල ගණන් නියම කර ඇත.

  • කුඩා ජලවිදුලි බලාගාර - රු. 34.87

  • සුළං බලාගාර - රු. 25.73

  • ජෛව ස්කන්ධ (ඩෙන්ඩ්‍රො ක්‍රමය) - රු. 51.52

  • ජෛව ස්කන්ධ (කෘෂි/කර්මාන්ත අපද්‍රව්‍ය) - රු. 35.48

  • අපද්‍රව්‍ය තාපය මත පදනම් වූ බලාගාර - රු. 17.68

  • භූමිය මත සවිකරන සූර්ය බලාගාර - රු. 20.72

  • පාවෙන සූර්ය බලාගාර - රු. 27.50

 

මෙම කඩිනම් පියවරයන් හරහා, ඉදිරියේදී කාලගුණික විපර්යාස හේතුවෙන් මතුවිය හැකි විදුලි අර්බුදය සාර්ථකව සමනය කරගැනීමට බලධාරීන් අපේක්ෂා කරයි.

නවතම ලිපි